(උණවටුන ඞී.ජී. සුගතපාල)
ඇය තිස් හැවිරිදි දෙදරු මවකි. සැමියා කුලී වැඩ කරමින් තම දරු පවුල පෝෂණය කිරීමට මහත් වෙහෙසක් දැරුවේය. ඔහු තම බිරිදට කොතරම් ආදරේද කිවහොත් බිරිඳගේ නමින් ගිණුමක් ආරම්භ කොට හැකි සෑම අවස්ථාවකම කීයක් හෝ ඉතිරි කිරීමටද පියවර ගත්තේය.
කාලය ගෙවී ගියේය. අහම්බෙන් ඇයට හමුවූ පුද්ගලයෙක් මේ සොඳුරු කැදැල්ල කනපිට හැරෙව්වේය. ඔහු එම ගමේ සිට කිලෝමීටර් විසි පහක් තිහක් තරම් දුරගමනක පදිංචි විවාහකයෙකි.
මෙයට මාස දෙකකට පමණ පෙර ඇය තම කැදැල්ල හැරදා ඔහුගේ කැදැල්ල වෙත ගියාය. ඒ ඔහුගේ යතුරුපැදියේ එල්ලී ගෙනය. දැඩිලෙස කනගාටුවට පත් සැමියා තමාගේ සහ දරු දෙදෙනාගේද මතු ආරක්‍ෂාව පතා ඇයගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිල්ලක් කිරීමට අමතක කළේ නැත.
ඇය තමාගේ කණකර බඩු සහ ජංගම දුරකථනය පමණක් ගෙන ගොස් තිබූ අතර ඇයගේ නමට තිබූ ඉඩමේ ඔප්පුව ගෙනගොස් නොතිබීම ඔහුට මහත් සැනසිල්ලක් විය.
අවුරුද්ද පසුවී දින තුන හතරකට පසු ඇය යළිත් ගෙදර ආවාය. ඇයගේ පැමිණීම දරුවන්ට සතුටක් වුවද ඔහුට සතුටක් නොවීය. ඇය නිවසින් යනවිට ගෙනගොස් තිබූ කණකර කිසිවක්ද නොවීය. ඇයගේ පැමිණීම ගැන සැක සිතූ ඔහු ඒ බව නොහැෙඟන පරිදි සිතීමට වගබලා ගත්තේය. වහාම ඔහුට ඉඩමේ ඔප්පුව සහ බැංකු පොත සඟවා තැබුවේය.
ඇය යළිත් පැමිණියේ හොඳට නොවන බව සිතාගත් ඔහු පසුදිනම ඇය සමග නොතාරිස් වරයෙකු ළඟට ගොස් ඔප්පුව තමාගේ නමට ලියා ගත්තේය. ඊළඟට ගියේ බැංකුවටය. ඇයගේ ගිණුම වසා එහි තිබූ මුදල් සියල්ලම ඔහු අතට ගත්තේය. ඉන්පසු යතුරුපැදියේ නැගී නිවසට යාමට බැංකුවෙන් පිටතට පැමිණියේය.
යතුරුපැදිය ප‍්‍රධාන මාර්ගයට පිවිසෙනවාත් සමග වේගයෙන් පැමිණි යතුරුපැදියක් එය හරස් කොට නතර කළේය. ඇය වහාම එම යතුරුපැදියට නැගී වේගයෙන් යළිත් පියඹා ගියාය.
ගෑණියේ උඹට මාව රවටන්න බැරිවුණා. උඹ ආවෙ බැංකු පොතයි ඔප්පුවයි ගෙනියන්නනේ දැන් ඉතින් ඔහොම පලයන්. ආයිත්නම් මා රවටන්න උඹට බැහැ කියු ඔහු ඔවුන් ගිය දේ මඳ වේලාවක් බලා සිට ගෙදර ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාමිණි මෙතන මොකක් හරි අවුලක් තිබෙනවා. මම කලින් චාන්දනිගේ ප්‍රතිචාර කියවල තිබෙනවා. එහෙම උඩින් පල්ලෙන් කියවල් ඔහේ ප්‍රතිචාර ලියන කෙනෙක් නෙවෙයි එයා. අනෙක් මට මීට කලින් පුවතක ලියපු දෙයකින් වැටහුනේ ඒ මහත්මිය බැංකුවක නැති නම් මුල්‍ය අංශයේ රැකියාවක නියුතු කෙනෙක් වගේ. බැංකුවක් සම්බන්ධ පුවතකට ඔහොම නිකම් භාගෙට කියවලා ප්‍රතිචාරයක් දමාවි කියල හිතන්න බැහැ. (බ)
සඳුන්, සෑම්, මෙතන ලියවිලා තිබෙන හැටියෙන් තේරෙනවා ඔහොම මුදල් දේපල කටයුතු දෙකක්ම තරහ වෙලා ගෙදරින් ගිය නෝනා එක්ක හිතපු සැනින් කරගන්න බැහැ කියලා. (බ).
ගැනිව ඕනවට වඩා විශ්වාස කළ මෝඩ මිනිහට මඩු වලිගෙන් තලන්න ඕන , තව දිගෙන් වෙන්නේ මහා විනාසයක් නේද ? දරුවොත් එක්ක මහපාරට බහින්න වෙනවා , පස්සේ හරි ටිකිරි මොලේ පැදුනාට දෙවියන්ට ඉස්තුති වෙන්නෝන !(බ)
හැමෝම කතාවෙන්නේ අර දේපල බෙදාගත් විදිහ විතරනේ. තනිවූ දු දරුවන් ගැන අැයි මේ අමතක වෙලා. (බ)
පිදුරු සෙවිකල පැල්පතේ ඇති සාමේ නැත මහා මන්දිරේ (අ)
මේ වගේ පිරිමි අයත් ඉන්නවා, හැමෝටම හොද පාඩමක් මේක, මෝඩ ගැනියෙක් ..(බ)
ආදර ගනු-දෙනු (ස)
මේ කතාව හුදෙක් විනෝදය සැමයීමට උණවටුනේ ඞී.ජී. සුගතපාල මහතා ගොතපු එකක් බව පේන නිසා අපි මේක ගැන වාද විවාද කරන එකේ තේරුමක් නෑ කියල මට හිතෙන්නෙ (බ)
නෙළුම්ට හරියට හිත රිදිලා වගේ පව් (බ)
දිලිපා ඔයා බැරි වෙලාවත් අර මිට කලකට පෙර මෙතන ලියපු කවුදෝ බවලතෙක් එක්ක කෙහෙවලු අල්ලා ගත්තු කෙනා නෙවෙයි නේද ? (බ)
නෙලුම්, චාන්දනී, විස්තරය හරියට කියවන්න. ඔහු නොතාරිස් කන්තෝරුවට සහ බැංකුවට ගිහින් තියෙන්නේ මෙම කාන්තාව සමඟයි. කොහොමටත් ඇය නමට තිබෙන ඉඩමේ ඔප්පුව ඔහු නමට හැරවීම කළහැක්කේ එයාට පමණනේ. ඔහු හොඳ ඥානාන්විත පුද්ගලයෙක්. ඔහුට කිසිදා වරදින්නේ නැහැ. (නි)
පහන්, ඔයාගේ අදහස් අපි ආශාවෙන් කියවනවා. නමුත් මෙතන පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනෑ. ඔයා කියපු ගීතයේ අරුත මේ පුවතට ඒ තරම් ගැළපෙන්නේ නැහැ. ඒකෙන් කියවෙන්නේ අම්මාගේ අණට ගිහින් අකීකරුවෙලා ආපසු එන දියණියක් ගැන. මේකට හරියට ගැළපෙනවා සනත්ගේ "මගේ කැදැල්ලෙන් පියා සලාගෙන පලාගියේ ඇයි කිරිල්ලියේ " කියන ගීතය (නි)
ඔව් සෙනෙවි, මේ වගේ " පුවත් " පුවතක් විදියට රසවිඳින්න පුළුවන් හරියට අවුරුදු ආස්මියක් වගේ (නි)
හොඳ සැමියෙක්. එයාට ඇල්ලූ අත්තත් පයගැසූ අත්තත් දෙකම නැතිවෙන්න තව මාස දෙක තුනයි යන්නේ. ආයේ බාරගන්න එපා. අනාචාර චෝදනාවක් කියලා නඩුවක් පවරන්න (නි)
හොඳ පාඩම! (නි)
නෙලුම් සහ චාන්දනී ඔබ දෙපොළ නැවත ප්‍රවෘත්තිය කියවිය යුතුයි කියල මම යෝජනා කරනවා.(බ)
මං කලින් හිතන් හිටියෙ දෙයියෝ සාක්කි වල බොරු කියනවද දන්නෙ නෑ කියල.වෙන සිද්ධි අනුව.මේ කතාව ඇත්තක්.මේක අපේ ගමට අල්ලපු ගමේ වෙච්ච සිද්දියක්. (බ)
අරුම පුදුම දේවල් සිදු වෙන පැත්තකනේ ශ්‍යාමා ඉන්නේ (දිල්)
මේකටම හරියන සිංදුවක් තමා ‘මගෙ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක් මෙග පෙම්බරී සමග හාදව දුන්න ගින්දරක්‘ (බ)
නැහැ නැහැ. මේකටම හරියන සිංදුව තමා “ එහෙම කලොත් ඹබ කියාවි මෝඩ ගැණි මං“ සිංදුව. (ම)
මේ ඉඩම අයිති පිරිමියට වෙන්න ඇති. ආදරේට තෑගි ඔප්පුවකින් බිරිදගෙ නමට ලියන්න ඇති. ඒ නිසා නැවත කොහොම හරි කරලා ලියව ගන්න ඇති. ඒක ඔහුගේ දක්ෂ කම. බැංකු පොතේ සල්ලිත් දැම්මේ මේ මනුස්සයම නිසා ඒකත් කොහොම හරි ගන්න ඇති බිරිදගෙ කැමැත්ත ඇතුවම. හොද වැඩේ මේ වගේ අයට (බ)
අපේ ගමේ ගැහැනු කෙනෙක් හිටියා . එයාගෙ අනියම් සම්බන්ධයක් ස්වාමියට අතටම අහුවුනා. රන්ඩු වෙලා අම්මලාගෙ ගෙදර ගිහින් මෙන්න මේ කෙනා ඊලග සතියෙම ගිහින් නඩත්තු නඩුවක් දාලා සැමියට හොර ගෑණියෙක් ඉන්නවා. එයාව ගෙදරින එලෙව්වයි කියලා. දැන් නඩු සැහෙන කාලෙක ඉදලා. අනේ පව් අර මනුස්සයා. (බ)
“අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමි නසි“ (බ)
හුඟක් කතා වල ඇත්ත නැත්ත හෙව්වොත් පිරිමි අය හරි. නමුත් අපේ සමාජයේ පුරුදු වෙලා තියෙනනේ හැම වැරැද්දම පිරිමියට විතරක් පටවලා ගැහැණු සුද්ධ කරන්න. (බ)
අනේ සම්පත්, ඔය වගේ අම්මලා පොල්පිත්තෙන් කපා ගන්න පුවවන්. ළමයි දාලා බයිසිකලේ නැගලා වෙන මිනිහෙක් එක්ක ගිය මරු අම්මා. ළමයි වදපු පමණින් හැමෝම අම්මලා වෙන්නෙ නැහැ සම්පත්. (බ)
අපේ පහන් කොලුවට නම් ඔය වගේ අත් දැකීම් ගොඩක් තියෙන්න ඇති ලංකාවේ රාජකාරි කරන විට (බ)
ඉෂානි ඔයා හිතාගෙන ඉන්නේ ඔය කියපු අර එක "සින්දුවක් " කියලද ?(බ)
මේ මෝඩ මිනිස්සු කතාව කියවලා නැතුව නීති කතා කරනවා. පැහැදිලිවම තියෙනවා ඔහු එම කාන්තාව සමඟ නොතාරිස් සහ බැංකුවට ගියා කියලා (නි)
ඔහු පසුදිනම ඇය සමග නොතාරිස් වරයෙකු ළඟට ගොස් ඔප්පුව තමාගේ නමට ලියා ගත්තේය. ඊළඟට ගියේ බැංකුවටය. ඇයගේ ගිණුම වසා එහි තිබූ මුදල් සියල්ලම ඔහු අතට ගත්තේය. ඉන්පසු යතුරුපැදියේ නැගී නිවසට යාමට බැංකුවෙන් පිටතට පැමිණියේය. යතුරුපැදිය ප‍්‍රධාන මාර්ගයට පිවිසෙනවාත් සමග වේගයෙන් පැමිණි යතුරුපැදියක් එය හරස් කොට නතර කළේය. ඇය වහාම එම යතුරුපැදියට නැගී වේගයෙන් යළිත් පියඹා ගියාය. (බ)
ගෑනි නැති උනාට ඔහුට තව ගෑනියෙක් ගන්න පුළුවන්. එත් අර අහිංසක දරුවන්ට තමන්ගේ අම්මා වගේ ආදරේ කරන කෙනෙක් ගන්න බැහැ නේද? (ස)
සරත්ගේ අදහස ඉටුවේවා! (නි)
මා දන්නා ඔස්ට්‍රේලියානුවෙකුගේ බිරිය වෙනත් මිනිහෙක් සමග සම්බන්ධයක් ඇතිකර ගත්තා. ඇය දරු දෙදෙනා සමග ස්වාමියාගෙන් දික්කසාද වීමට ඉල්ලුවා ඔහුට වෙන විකල්පයක් තිබුනේ නැහැ මුදලින් ඩොලර් ලක්ෂ තුනක්, (මෙය සිදුවූ 1990 දශකයේ විශාල මුදලක් ) ඇතුළු වෙනත් දේවල් සහ මසකට ඩොලර් දහසකට වැඩි නඩත්තු ගෙවීම් සහිතව ඇය දරු දෙදෙනාත් සමග අලුත් පෙම්වතා සමග ගියා. ඇයගේ මුදල් සියල්ලම වියදම් කර ඇයට තවත් දරුවෙකුත් ලබා දී ඒ මිනිහා මාරු උනා. රස්සාවක්, ආදායමක් නැති කෙනෙක් නිසා ඔහුට නඩත්තු ගෙවන්න උනෙත් නැහැ. ඇයගේ පළමු ස්වාමියා ඒ තුන්වෙනි දරුවාටත් තමන්ගේ දරුවන්ට වගේම සමානව සැලකුවා . මෙතරම් හොඳ මිනිහෙක්ව දාලා ගිහින් බොරුකාරයෙකුට අහු උන ගෑණු කෙනා දැන් තනියම කාමරයක් කුලියට අරන් ජීවත් වෙනවා. (බ)
විදුලිය එළිය දැක ගිනිහුල දියේ හොවා... මගවරදීලා දිව්වේ මංමුලා වෙලා... පැනගිය මුවන් ළඟ හැලුනයි නෙලූ පලා(ඉන්ද්‍රානි බෝගොඩ මහත්මියගේ ගීතයක කොටසක් ) (නි)
මෝඩ ගැහැණියක් (නි)
වසන්තගේ ආශිර්වාදයට සෙතක්ම වේවා...! (නි)
එක මනුස්සයෙක්ගේ ක්‍රෙඩිට් කාර්ඩ් එක හොරකම් කරලලු.ඒත් ඒ මනුස්සයා ඒක කැන්සල් කළේ නැතිලු.මොකද දන්නවද හොරා ඒකෙන් වියදම් කරන්නේ බිරිදට වඩා අඩුවෙන්ලු (නි)
යාලුවෝ දෙන්නෙක් කතා වෙනවලු. "'මගේ බිරිද ඒන්ජල් කෙනෙක් '' එක්කෙනෙක් කිව්වලු .අනෙකා පිළිතුරු දුන්නලු ,තමුසේ හරිම වාසනාවන්තයි මගේ වයිෆ් තාම ජීවතුන් අතර කියලා. (නි)
සරත්ගේ සහ වසන්තගේ අදහස් ඉටුවේවා! (නි)
ඔයා හරි සරත් (නි)
හොඳ ස්වාමි පුරුෂයෙක් නැතිකරගත් මෝඩ බිරිදක්. දරු දෙදෙනාටත් පියාටත් ලස්සන හෙට දවසක් උදාවේවා! යලි කිසි දිනෙක ඇයව මොනම හේත්වක් නිසාවත් බාර නොගැනීමට ඔහු වග බලා ගත යුතුයි. (ස)
වසන්තගේ අදහස ඉටු වේවා (බ)
මේ කතාවේ ඔක්කොම ඇත්තක්ද කියල සැකයි. සාමාන්‍යයෙන් තනි පුද්ගල බැංකු ගිණුමක් වහන්න පුළුවන් ගිණුමේ අයිතිකරුට විතරයි. මුදල් තැන්පත් කළා කියල තැන්පත් කරුවන්ට (ගිණුම් අයිතිකරු නොවේ නම් ) ඒ මුදල් බැංකුවකින් ආපහු දෙන්නේ නැහැ . නමුත් බද්ධ ගිණුමක් නම් එක් කෙනෙකුට තනි නියෝගයකින් මුදල් ගන්න පුළුවන් මුලින්ම ඒ විදියට ගිණුම අරඹලා තිබේනම්. නමුත් කතාවේ තියෙන්නේ තනි ගිණුමක් බිරිඳගේ නමට . ඒ නිසා බැංකු පොතේ සල්ලි ගත්ත හැටි නම් බොරුවක් කියල මට හිතෙන්නේ. (බ)
බැංකුවක ඒක පුද්ගල ගිණුමකින්( බාල වයස්කාර නොවන ) අදාළ ගිණුම් හිමියා ජීවත්ව සිටියදී වෙනත් කෙනෙකුට සල්ලි ආපසු ගන්නවත් ගිණුම වසා දාන්න වත් බැහැ.බැංකු පොත තමන් සන්තකයට ගත්ත කියල එහෙම කරන්න බැහැ. බැංකු නීතියට අනුව. ඔය කියන බැංකුව කොයි එකද කියල දැන ගන්න වටිනවා. එතන සල්ලි තිබෙන ඔක්කොම අමාරුවේ මේ පුවතේ හැටියට ඇත්තට එහෙම වුණා නම්. (ස)
මට නම් හිතෙන්නේ මෙතැන ඊට වැඩි දෙයක් වෙලා තියෙනවා. බිරිඳ අනියම් සැමියා එක්ක ගියාට පස්සේ තේරුණා ඔහු හොඳ කෙනෙක් නොවන විත්තිය .ඒ නිසා සැමියාට ඕන විදිහට වැඩේ කරලා දීල ආයේ ගිය එකා පස්සෙම යන්න ගීයා. (ස)
හොඳ ස්වාමි පුරුෂයෙක් නැතිකරගත් මෝඩ බිරිදක්. දරු දෙදෙනාටත් පියාටත් ලස්සන හෙට දවසක් උදාවේවා! (නි)
බැංකුවෙන් සල්ලි ගත්ත හැටි නම් බොරුවක් බව මගේ අදහසයි. ඒක පුද්ගල ගිණුමකින්( ගිණුම් හිමියා ජීවතුන් අතර ඉන්දෙද්දී ) ඔහොම හිතුමතේට වෙනත් කෙනෙකුට සල්ලි ගන්නවත් ගිණුම වසා දමන්නවත් බැහැ. බැංකු නීතිය උල්ලංගනය කල ඔය බැංකුව මොකද්ද කියල අපිටත් දැන ගන්න ආසයි. (ස)
මට පේන්නේ මේක ගොතපු කතාවක් වගේ. විශේෂයෙන් අර බැංකු ගිනුමින් සල්ලි ගත්තු හැටි . තනි ගිණුමකින් වෙනත් කෙනෙකුට එහෙම සල්ලි ගන්න ඉල්ලපු ගමන් බැංකු ඉඩ දෙනවද ? (ස)
ඇය කළ දෙය හරියි කියනවා නොවෙයි. නමුත් ඇයට අයත් ඉඩම බලෙන් ලියවා ගත්තා නම් නීතියේ පැත්තෙන් බැලුවොත් සැමියාත් වැරැද්දක් කර තියෙනවා. (ස)
ඔය තියෙන්නෙ ඇයත් සමග නොතාරිස් කෙනෙක් ලඟට ගිහින් ඊළඟට බැංකුවට ගියා කියල.ඉතින් සල්ලි අරන් ගිණුම වහල තියෙන්නෙ එයාමනේ. (ස) .
හිත හොඳ ගැහැණියක්. කැමැත්තෙන්ම සල්ලියි ඔප්පුවයි දෙකම දීලා. දාලා ගියාට දරුවන් මතක්වෙලා බලලා යන්න එන්න ඇති. (නි)
රස ආහාර කවලා , රන් කුඩුවේ දැම්මත් , කිරිල්ලි වෙලාව ආවහම පැනලා යනවා. ඒ වෙනත් රස ආහාර පලතුරු රස බලන්නට. එයයි ලෝක ස්වභාවය. නුවණැති මිනිසෙක් මොහු (නි)
ඉඩමේ ඔප්පුව හරවාගත් විදියයි, බැංකුවෙන් සල්ලි ගත් විදියයි මට නම් සැකසහිතයි (නි)
කොහොම වුණත් බැංකු පොතට සහ ඔප්පුවට ඇහැ ගහගෙන ආපසු ගෙදර ආ නෝනා මෙච්චර ලේසියෙන් ඒ ඔක්කොම මහත්තයාට දේවිද ? (නි)
අන්න නියමයි (නි)
බලහත්කාරයෙන් ගිණුම වහන්න නෝනාව බැංකුවට එක්කගෙන ගියා නම් බැංකු නිලධාරීන්ට ඕක නිකමට හරි තේරෙනවා. අනෙක එහෙම සන්තකේම පවරාදෙන්න ඔය බවලතිය ලේසියෙන් කැමතිවෙයිද? (නි)
අන්න ඉවසීමත් තාත්තා කෙනෙක්. ඔබටයි දරුවන් දෙදෙනාටයි අල්ලහ් දෙවියන්ගේ පිහිටයි (බ)
නෙලුම්, චාන්දනී ,ඔය දෙන්නම මේ පුවත හරියට කියවලා නැහැ. (ර)
ආනන්ද දොඩම්ගොඩ මහත්මා ඔබගේ කීම මසුරන් වටිනවා (දිල්)