(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
කොරෝනා පොසිටිව් වූ අල්ලපු ගෙදර පුද්ගලයා තමන් ආශ්‍රිතයකු බව සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නොපැවැසීමෙන් එය ආරවුලක් බවට පත් වූ සිද්ධියක් එක්තරා ගමකින් වාර්තා වෙයි.
සිද්ධිය මෙසේය,
ඔවුන් දෙදෙනාගේ පවුල් අතර අමනාපයක් තිබුණ ද එය බිරින්දෑවරුට පමණක් සීමා විය. ඔවුන්ගේ සැමියන් සිය බිරින්දෑවරුන් නොමැති තැන්වලදී කතාබස් කරන අතර ඉඳහිට මත්පැන් පානය කිරීමද සිදුවේ. ඔවුන්ගේ බිරින්දෑවරුන් එකිනෙකාට ඊර්ෂ්‍යා කරමින් ආරවුල් ඇති කරගත් අතර එක ගෙදරකට විදුලි උපකරණයක් ගෙන ආවොත් අනෙක් ගෙදර කාන්තාව සිය සැමියාට කියා ණය වී හෝ එය රැගෙන ඒමට කටයුතු කරයි.
ඇතැම් විට ගෙදරට අවශ්‍ය ආහාර පාන මිලදී ගැනීමට එක් ගෙදරක කාන්තාවක යනවා දුටුවහොත් අනෙක් ගෙදර කාන්තාවත් බඩු රැගෙන ඒමට යන අතර වෙළෙඳපොළ තුළ ඇති බඩු ඕනෑවටත් වඩා මිලදී ගෙන අතේ පිච්චිය නැතිව ආපසු ගෙදර පැමිණෙයි.
මොවුන්ගේ ක්‍රියා කලාපය සැමියන් අනුමත නොකරන අතර එයට විරුද්ධව කටයුතු නොකළේ ඔවුන් සුළු දෙයකට පවා විරසකව සිය මාපියන්ගේ නිවෙස් වෙත යන බැවින් හා බැඳ ගත්ත බෙරේ කෙසේ හෝ ගැසිය යුතු බැවිනි.
පසුගිය දිනක දී ඔවුන් දෙදෙනා බිරින්දෑවරුන්ට හොරෙන් මත්පැන් පානය කළ අතර එක් පුද්ගලයකු සේවය කරන ස්ථානයේ පුද්ගලයකු වෙත කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග සිදු කළ පී.සී.ආර් පර් යේෂණයේදී ඔහුට ද කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
සිය බිරිඳ සමග අකැමැත්තෙන් වුවද අල්ලපු ගෙදර පුද්ගලයා සමග තමන් මත්පැන් පානය කළ බව ඔහු පැවසුව ද බිරිඳ ඔහුට තදින් බැණ වදිමින් පවසා ඇත්තේ ඔහු නිරෝධායනය කළත් තමන්ට එය ගැටලුවක් නොමැති බවත් එහෙත් නිරෝධායනය හේතුවෙන් එම නිවෙසට ලැබෙන දස දහසේ බඩු මල්ල ලැබීම අනුමත නොකරන බවය.
අල්ලපු ගෙදර පුද්ගලයාට කොරෝනා ආසාදනය වී ඇති බව දැනගත් එම නිෙවස් හිමියාට හීන් දහඩිය දමා ඇත්තේ නිරෝධායනය කෙසේ වෙතත් දින දහ හතරක් බිරිඳ සමග ගෙදර ගෙවන ජීවිතය ගැන ඇඟේ හිරුගඬු පිපෙමින් සිතන විටය.
කෙසේ වෙතත් ඔහු අකැමැත්තෙන් වුව ද ඔහුගේ බිරිය සමග කාරණය පවසා ඇති අතර බිරිඳ ඔහුට දොස් පවරා සෞඛ්‍ය පරීක්ෂකවරුන්ව දැනුවත් කර ඇත. සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසා ඇත්තේ ඔවුන් අමනාපයෙන් පසුවන බවත් එම නිසා ආශ්‍රිතයන් ලෙස ඔවුන්ගේ නම් නොපැවසුව බවය.
කෙසේ වෙතත් කාරණය පිළිබඳව කියූ විට ඔවුන්ට ස්තූති කරමින් සෞඛ්‍ය පරීක්ෂකවරු ඔවුන්ව නිරෝධායනයට ලක්කළ අතර කාරණය අවබෝධ වූ ඔහුගේ බිරිඳ දින දහහතර තුළම සිය සැමියාට හා අල්ලපු ගෙදර කාන්තාවට බැණ වදිමින් ගත කර තිබේ.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කාන්තා හුටපටයකට අල්ලපු ගෙදරට කොරෝනා පාඩමක් උගන්වන්න ගිහින්