කන්තෝරුවට අලුතින් ආ හාදයාට අලුත්ම ගැටයක් අඹරා අලුත්ම විනෝදයක් ලබන සේවකයකු පිළිබඳව අපූරු පුවතක් දකුණු පළාතේ කාර්යාලයකින් අසන්නට ලැබේ.
ගැටයාගේ මුල්ම පත්වීම මේ කාර්යාලයටය. අවිවාහකය. ආ සැනින්ම මෙහි පරණ සේවකයෙක් ඔහුට කිට්ටු කළේය. ඔහුගේ රුචිඅරුචිකම් ගැන සොයා බැලුවේය. එහි ප්‍රතිඵලය වූවේ අලුත ආ මල්ලී ගෑනු පරාණවලට දැඩි ඇල්මක් දක්වන අයකු බව දැන ගැනීමය.
මේ මල්ලීට මේ අයියා කාර්යාලයේ වෙන අංශයක සේවය කරන විවාහක කාන්තාවක ගැන කීවේය. ඕනෑනම් ඈ කාර්යාලය තුළදී පෙම් කිරීමට සෙට් කර දිය හැකි බවද මේ අයියා කී විට මලයා ඊට විරුද්ධතාවක් නොදැක්වීය.
දිවා පැයේ කාර්යාලය ඉදිරිපිට ඔවුන් දෙදෙනා සිටිනා විට තමන් ඉදිරියට සේවිකාවන් දෙතුන් දෙනාගෙන් කෙනකු පෙන්වා ‘මල්ලී මම අර කිව්ව කෙනා මෙයා තමයි’ කියමින් එයින් එක් සේවිකාවක මේ අයියා මේ මලයාට පෙන්නුවේය. ඒ සමගම මේ සේවිකාවන්ගෙන් වෙන්වූ ඇය ‘දවාලට කාලාද ඉන්නේ’ යයි මේ අයියාගෙන් ඇසුවාය. ‘හා මේ අලුත් යහළුවෙක් නේදැයි’ ඇය වැඩි දුරටත් අසා එතනින් ගියේ මේ මලයා දිහා ප්‍රේමවන්ත බැල්මක් ද හෙළමිනි.
‘මම බොරුද කිව්වේ මල්ලී ඒ ගර්ල් ඔයාට සෙට් කර ගන්න පුළුවන්, ඉතින් නිකන්නම් බැහැ’ යයි අයියා මලයාට කී විට ‘මම මොනාද කරන්න ඕන අයියා’ යයි මේ මල්ලී ඇසුවේය. ‘ඕවට ඉතින් දොළපිදේනි ඕන. හවසට අපි ඉතින් සෙට් වෙලා මේ ගැන කතා කරමු’ යැයි මේ අයියා මේ මලයාට යෝජනා කළේය.
තැළී පොඩිවී නැති මේ හාදයා නගරයේ අවන්හලකට ඔහු එක්ක ගෙන ගොස් හොඳට සැලකුවේය. දින කිහිපයක්ම මේ ආකාරයට මේ මලයාගෙන් මේ අයියා යටිතල පහසුකම් සපයා ගත්තේය.
තවත් දවසක් දිවා පැයේ මේ අයියා මලෝ කාර්යාලය ඉදිරිපිට සිටිනා විට ඒ පැත්තට එන අර සේවිකාවට ‘මෙන්න මෙයාට ඔයා මතක් වෙනවා’ යයි කියමින් විහිළු කළේය. ඒ සමගම ඇයත් එක් ඇසක් පොඩිකර ‘අනේ මටත් එහෙමමයි’ කියමින් ගියේ මේ ගැටයාගේ මුළු ඇඟටම අලුත් පණක් ලද්දා සේය. එදානම් මේ මලයා මේ අයියාට හොඳටම සැලකුවේය. ඒ විතරක් නෙමෙයි ඔහුගේ භාර්යාව ඇතුළු දූදරුවන්ට ද රාත්‍රී කෑමට මේ මලයා ඉස්තරම්ම කෑම බීම ජාති මිලදී ගෙන නිවෙසට ගෙන යාමටද දුන්නේය.
අලුත් ගැටයා සිය කාර්යාලයේ තවත් අයියා කෙනකුට තමන්ට අලුතින් ලැබීමට යන වාසනාව ගැන කීවේ එය තනිව සිත්හි දරා ගැනීමට තිබූ අපහසුතාව නිසාමය.
ඒ අයියා මේ කාන්තාවගේ වංහුන් ඇසුවේ ඇය පිළිබදව දැන ගැනීමටය. ‘යකෝ ඔය ගෑනි අර උඹේ අතිජාත අයියාගේ ගෑනී’ යයි කී විට අලුත් හාදයාට රෑ තරු දහවල පෙනෙන්නට පටන් ගත්තේය. ‘ඕකුන් දෙන්නා හරිම විහිළුකාරයෝ. අලුතින් මෙහාට එන කාවහරි අන්දලා සතුටු වෙනවා. අරූ දැන් ඔයාගෙන් කී දවසක් මේ වැඩේට බොන්න ඇත්දැයි’ ඇසුවිට ‘හතර පස් සැරයක් විතර තමයි’ මේ ගැටයා කීවේය. ‘පුදුමයි අරකි ඔයාගෙන් මුකුත් නොකාපු එක’ යයි මේ අයියා කී විට ‘අනේ අයියා මේ ගැන කාටවත් කටේ බිම හෙළන්න එපා’ යයි කීවත් පරණ අයියාට මේ ගැන ආරංචිවී ඔහු කාර්යාලය පුරාම අලුත් හාදයා ඇන්දූ හැටි කියමින් විනෝද වූයේ ගැටයාට කාර්යාල දිවියේ අලුත් අත්දැකීමක් ලබාදෙමිනි.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කන්තෝරුවේ අලුත් ගැටයාට අලුත් තාලේ ලණුවක් ගිල්වලා
දිමුත් Wednesday, 17 May 2023 10:01 AM
එහෙම තමයි. තරුණ වයසේදී ඔය වගේ දේවල් වලින් පාඩම් ඉගෙනගන්න ඕනෙ. එතකොට තමයි පරිණත වෙන්නේ.