සිටි තැන අමතකව ආයතනයේ ලොක්කෙකු වීමට ගිය කම්කරුවකුට රැකියාවෙන් වන්දිගෙවීමට සිදුවූ බව කියවෙන කතා පුවතකි.
සිද්ධිය මෙසේය.
රජයේ ආයතනයක කම්කරුවෙකි. සේවා කාලයේ දී පවා මත්පැන් පානයකොට අශෝභන අයුරින් හැසිරීම් නිසා වරින්වර චෝදනා ලැබූවෙකි.
පසුගිය දිනෙක හොඳ හැටි සප්පායම් වූ ඔහු මිතුරකු ද සමග සවස් යාමයේ ආයතනයට ගොඩ වූයේ කිසියම් කටයුත්තක් සඳහාය.
ආයතනයේ සියලු_ දෙනා සේවය නිමවී නිවෙස්වලට ගොසිනි. ඒ වන විටත් විවෘතව තිබූ කාර්යාලයට ඔහු රිංගාගත්තේ තම අවශ්‍යතාව ඉටුකරගන්නටය.
නෙතට හසුවූයේ හිස්ව තිබූ තම ප්‍රධානියාගේ මේසය හා පුටුවයි.
ආයතන ප්‍රධානියා කැරකෙන පුටුවේ වාඩි වී ගාම්භීර අයුරින් තමා ඇතුළු ආයතනයේ සේවකයින්ට අණ දෙන ආකාරයත් ගැටලු_ විසඳන ආකාරයත් ඔහු ඉදිරියේ මැවී පෙනෙන්නට විය.
ඒ වන විටත් පදමට වැදී සිටි ඔහුට උන්හිටි තැන් අමතක විය. ආයතන ප්‍රධානියා හිසට ආරූඩ වුණි.
දෙවරක් නොසිතුවේය. ප්‍රධානියාගේ කැරකෙන පුටුවේ වාඩි වූ හෙතෙම වට දෙක තුනක් කැරකුනේය. තමුන් සමග ආ මිතුරාටද ප්‍රධානියා අනුකරණය කරමින් සද්දයක් දැම්මේය.
ඉන් නොනැවතුනු ඔහු ලොක්කාගේ මේසය මත වූ සේවකයින් කැඳවන බෙල් එකද කීප විටක්ම නාද කළේ උජාරුවෙන් පුටුවේ ඒ මේ අතට කැරකෙමිනි.
සීනුවේ නාදය ඇසුණ ආයතනයේ ආරක්ෂක නිලධාරියා කලබලයට පත්වූයේ හවස් යාමයේ තමා පරීක්ෂා කිරීමට ලොක්කා පැමිණ ඇතැයි කියාය.
එහෙත් ඔහුට දක්නට ලැබුණේ ලොක්කාගේ ආසනය මත උජාරුවෙන් වාඩි වී සිටින කම්කරුවාය.
ඔහු සමග තිබූ පැරැණි වාඩුවක්ද ගැනීමට කල් යල් බලමින් සිටි ආරක්ෂක නිලධාරියා ලුණුමිරිස් ද එක් කරමින් සියල්ල ආයතන ප්‍රධානියාගේ කන තැබුවේ සියල්ල අතටම හසුකර දෙමිනි.
සියල්ල නීතියට බාර කෙරිණි. චෝදනා ගණනාවක් යටතේ ඉහළ නිලධාරීන් දැනුම්වත් කෙරිණි. විනය පරීක්ෂණයක් පැවැත්වෙන්නටත් පෙර ඔහුගේ සේවය තාවකාලිකව අත්හිටුවන්නට නිර්දේශ කෙරිණි. වැටුප්ද අත්හිටුවිණි.
ලොක්කා තවමත් ඔහුගේ සුපුරුදු පුටුවේය. ලොක්කා වෙන්නට ගිය සොක්කා කිසිත් කරකියාගත නොහැකිව ජීවත්වන්නට නගරයේ මුට්ට කර ගසන බව ආයතනයේ පිරිස් පවසති. එහෙත් මත්පැන් පානයේ අඩුවක් වී නැතැයිද ඔවුහු කියති.
(වියලුව වාර්තාකරු)
පරණ ක්‍රමයටම නිෂ්පාදනය කරනු ලබන ගමේ බඩු අලුත් ක්‍රමයට සිය මිතුරු තෙමේට සප්පායම් වීමට ලබාදුන් අම්බලන්ගොඩ අයකු පිළිබඳ අපූරු කතාවකි මේ.
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කන්තෝරුවේ ‘ලොක්කා’ වෙන්න ගිහින් ටවුමේ මුට්ට කරගහයි