කොන්දේ අමාරුකට ප‍්‍රතිකාර ගන්න වෙද මහතකු හමුවීමට ගොස් පෝලිමේ සිටි කාන්තාවක් එතැන සිටි වෙනත් කාන්තාවකගේ කීමකට බියට පත්වී ප‍්‍රතිකාර නොගෙනම ආපසු ගිය බව කියන පුවතක් වයඹ පළාතේ පුරාණ ගමකින් අසන්නට ලැබුණි.
ගෘහණියක වන ඇය කාලයක සිට කොන්දේ අමාරුවකින් පීඩා විඳිමින් සිටින්නීය.
මේ සඳහා ඇය දන්නා කියන බොහෝ තැන්වලින් කළ ප‍්‍රතිකාර ගඟට කැපූ ඉනි මෙන් විය. සිදුවූ එකම දෙය නම් ඇගේ අතමිට හිඟවීමත් ඒ නිසාම පවුලේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ලවීමත් පමණි. අවසානයේදී ඇය තවදුරටත් තමාගේ කොන්දේ අමාරුවට ප‍්‍රතිකාර නොකර සිටීමට තීරණය කළාය. මෙසේ ටික කලක් ගතවිය. දිනක් මෙම රෝගී කාන්තාවගේ සැමියාට ඔහුගේ මිතුරකුගේ මාර්ගයෙන් වයඹ පළාතේ දක්ෂ ආයුර්වේද වෙද මහතකු පිළිබඳව විස්තර දැන ගැනීමට ලැබී ඇත.
එම විස්තරයට අනුව අදාල වෙද මහතා කැඩුම් බිඳුම් වෙදකමට විශේෂඥයෙකි. ඊට අමතරව ස්නායු රෝගාබාධවලට ද ප‍්‍රතිකාර කරයි. ඒ සඳහා ඔහුට රෝගියා විසින් බුලත් අතට තියා දෙන කීයක් හෝ සතුටින් පිළිගන්නවා හැර වෙන කිසිඳු මුදලක් ද අය නොකරයි. මෙම තොරතුරු රෝගී කාන්තාවට මෙන්ම ඇගේ පවුලේ අයට ද මහත් අස්වැසිල්ලක් ගෙන දෙන කරුණක් විය. ඒ අනුව කතිකාකර ගත් දිනක උදෑසනම සිය සැමියා ද සමඟ රෝගී කත යතුරු පැදියකින් අදාළ වෙද ගෙදරට ගියාය.
ඔවුන් වෙද ගෙදරට යන විටත් රෝගීහු විශාල පිරිසක් තම අවස්ථාව එන තෙක් පෙළින් පෙළට අසුන් ගෙන සිටියහ. ඊට අනුව කටයුතු කළ අප රෝගී කත ද පියවරෙන් පියවර ඉදිරියට යමින් පැය කීපයකට පසුව වෙද මහතා සිටින කාමරයේ දොරටුවට ආසන්න වූවාය. ඒ වන විට වෙද මහතා හමුවට ගොස් සිටියේ ඇයට ඉදිරියෙන් වූ පුටුවේ වාඩිවී සිටි කොන්දේ අමාරුව වැළඳුණු තවත් කාන්තාවකි. ඇතුළේ සිටි ඇය එක් වරම ‘අනේ... අම්මෝ...’ යැයි කියා මෙහිදී මහ හයියෙන් කෑ ගසා ඇත.
එම හඬින් භීතියට පත් අප රෝගී කත එක්වරම ඒ අසන්නයේ රොගියකු සමඟ සිටි කාන්තාවකගේ මුහුණ දෙස බලා ඇත. එවිට එම කාන්තාව ‘කොන්ද කඩලලූනේ හදන්නේ ඒකයි ඔය’ යැයි අප රෝගී කතගේ කනට ළංවී පවසා ඇත. එම කතාව විශ්වාස කළ රෝගී කත තව තවත් භීතියට පත්වී ඇත. ඒ අනුව බිම බලාගත් ඇය වෙද මහතා හමුවීම පසෙක ළා හිමින් සීරුවේ තම අසුනින් නැගිට සැමියා සොයා පිටතට ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩ කාලෙකින් සතුටු වුණේ අදහස් කියවලා. ස්තුතියි කතෘතුමනි. මෙවැනි සතුටක් නැති කරන්න එපා කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා (නි)
අනේ මේ ඔයාලගේ අදහස් බලලා හිනාව නවත්වා ගන්නේ ගෙදරින් බැනුම් ඇහුවාමයි. (නි)
අපි දන්නේ නැති ඒවා රූපවතී,පිටබැද්දර ජයාට විතරක් කියලා ගිය එක ගැන නම් මගේ හිතේ මනාපයක් නැහැ.ඇයි ඉතින් අපිත් පාඨක සභාවේ සාමාජිකයෝනේ, නැද්ද මං අහන්නේ? (නි)
ඇත්තටම කෝ මේ රූපා? එසැණට ගොඩනොවී පිට පාරේම කොහෙද ගියේ? ඔයාගේ සහෝදර සහෝදරියන් බලාගෙන ඉන්නවා. ඉක්මනට එන්නකෝ (නි)
කොන්දේ අමාරුවට බෙහෙත් ගන්න ඕනිද? අර නිළිය ගාන ආලේපය ගෑවානම් ඉවරයිනේ. (බ)
සුජා , කට කට , බෙල්ල ගහලයන කතානේ ඔයත් කියන්නේ (බ)
ඒ ගැණූ කෙනා බය වෙන්න ඇති ගෙදරින් හොදට ඇවිත් කොන්දත් කඩාගන කොහොමද ගෙදර යන්නේ කියල (බ)
දැන් නම් මෙතන අර ඉස්සර හිටිය දිසානායකලා වගේ අය හෝ ගාල ඉන්නවා වගෙයි. අර මීට කලින් දවසක වජිර කිව්වා හරි. (බ)
මම එන්න පරක්කු වුනේ ..මම මොටර්සයිකලේ පදින්න ඉගන ගන්නවා ..ඒ ඇයි දන්නවාද ..ලයිසන් එක කෙසේ වෙතත් මේ පාටක තීරේ .. උඩ ඉදන් පහලට ..මට ඕනේ අට ගහන්න ..ඇස්දෙක පියාගෙන ..? එතකොට කව්රුවත් කියන එකක් නැහැ අර කුරුල්ලාගේ නමක් ඇති ගමේ බවලතී මගේ කොන්ද කැඩුව කියල..? (බ)
වජිර,දැන් මහදැන මුත්තයි ගෝලබාලයෝ ටික දෙනාගෙයි කතා ටික අහගෙන ඉමු.වෙන මොනවා කරන්නද ඉතින්..? (අ)
රූපවති, මොනවා කිව්වත් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන කෙනෙක්..කාගෙන්වත් කතාවක් අහන්නෙ නැතුව..(බ)
මේ 2015- 10- 18 15:05:24 එක නම් මගේ නොවේ.මගේ නමින් කෙනෙක් ලියලා.ඒවා තමයි ලැජ්ජා වෙන්න ඕනෑ දේවල් (නි)
තමන් ගැන ස්වවර්ණනාවන් කරන අය ගැන මගේ නම් සත පහකට විශ්වාසයක් නැහැ.ඒවා කියන්න ඕනෑ අනෙකුත් අයයි.කොන්ද කෙළින් නම් හැංගී,හැංගී ඉන්නේ ඇයි රුපවතී.....? (නි)
අනේ මෙහෙමත් මෝඩ කාන්තාවෝ? (නි)
රූපවතීගේ කොන්ද කෙළින් වුණත්, වකුටු වුණත් පාඨක සභාවේ ඇත්තන්ගෙන් කතා නම් අහගන්නවා අඩුවක් නැතුව.මා සමඟ බොහෝ දෙනෙක් එකඟ වේ යැයි සිතමි. (නි)
වජිර සහ අජිත් අනෙකුත් පාඨකයන්ගේ අදහස් ගැන වැඩිය ප්‍රසාදයක් නැති බව පේනවා. ඔබතුමන්ලා අකමැති නම් නොබලා හිටියාම ඉවරයිනේ. මිනිස්සුන්ගේ රුචි අරුචි කම් වෙනස්. අපිට ඕන විදියේ අදහස් අපි කැමති ක්‍රමය ට අනෙක් උදවිය මෙතන ලියන්න ඕනකියලා නීතියක් නැහැනේ. (අ)
වජිර කියන කෙනා එයාටම ආමන්ත්‍රණය කරගෙන තිබෙන්නේ. නම් කිහිපයකින් මෙතන ලියන්න ගිහින් පැටලිලාද කොහෙද? ඔයාට මෙතන අනෙකුත් පාඨකයන්ගේ අදහස් ඉවස්නන අමාරු නම් ඉතින් ඒවා කියවන්නේ නැතුව ඉන්නකෝ. (නි)
මොකද මේ වජිර වජිරටම අදහස් ලියාගන්නේ? මට පෙනෙන්නේ අජිත් සහ වජිර යන දෙන්නාම එක්කෙනෙක්ද කොහෙද? ඔයා මෙතන අනෙක් අයගේ අදහස්වලට කැමති නැත්නම් ඒවා කියවන්න ගිහින් තමන්ගේ සිහිය නැති කරගන්න එපා. (නි)
අර බවලතිය බෙරිහන් දීලා තිබෙන්නේ අතේ ලෙඩකට සර්වාංග පරික්ෂාවක්වත් සිදුවෙන්න ගිහිල්ලාවද්ද? (නි)
කාන්තාවන් , වෙදුන් කට්ටඩියන්, සාත්තරකාරයන් , කපුවන් හමුවෙන්න යනවිට පරිස්සම් වෙන එක කොහොමටත් හොඳයි. වැඩි පරිස්සමට අපේ රූපවති අක්කා වගේ දැනුම් තේරුම් ඇති හිතවතියක් එක්ක යනවා නම් වැඩිය හොඳයි. (නි)
මෙච්චර මෝඩ වුණාම මදැයි (නි)
මට නම් පෙනෙන හැටියට වජිර නමින් ලියලා තියෙන්නෙත් අර රූපවතිගේ නම පාවිච්චි කළ කෙනාම තමයි. තමන් අකමැති නම් සංවාදයට එකතුනොවී සිටියාම ඉවරයි. අනෙක් අයගේ ප්‍රතිචාර ගැන මොකට තරහා ගන්නවද? (නි)
හා,හා,කට්ටිය කලබල වෙන්න එපා.චිත්‍රපටියක් ගත්තත් ,වීරයෝ,දුෂ්ටයෝ,විහිළුකාරයෝ කියලා කී දෙනෙක්ද..?සමහර විට අජිත්ටයි,වජිරටයි තමන්ගේ පරණ යාලුවෝ අදහස් දාන්නේ නැති නිසා හිතේ අමාරු ඇති.මාතෘකාවට පිටින් ගිහින් එක එක්කෙනා කැපී පේන්න දඟලන කොට නම් ගොඩක් දෙනෙකුට අල්ලන්නේ නැතුව ඇති.එසැනට හැම දෙනාම ආදරෙයි.හැම කෙනාම ඒක මතක තියා ගත්තොත් හොඳයි. (බ)
අරව මේවා කියලා මෙතන සාමය කඩාකප්පල් කරන කැකණදුර සහෝදරි නම් මේ පැත්තට වැද්ද ගන්න එපා (බ)
චාන්දනී සොයුරිය,මම ජීවිතේ කවදාවත්ම හොල්මන් විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා ඔය කට්ටඩියෝ කරන ප්‍රෝඩාවන්ට තරයේ විරුද්ධයි.මම කවදාවත් ඒ මිනිසුන්ට මම දුක් මහන්සියෙන් උපයන සතයක් දෙන්නේ නැහැ. හොරට ඉඳගෙන නිකම් කන්න. ඒ නිසා ලෙඩක් වුණොත් යන්නේ වගකිවයුතු වෛද්‍යවරයෙක් ළඟට. (නි)
යන්නේ කොහෙද?මල්ලේ පොල්.(ම)
කෝ මේ රුපවති. (ර)
වයඹ පළාතේ අර කුරුල්ලෙකුගෙ නමින් ප්‍රසිද්ධ ගමේ එක්කෙනෙක් වෙන්න ඇති ඔය බවලත් කෙනා. (නි)
ඇත්තටම ගොඩක් වෙද ගෙවල් වල බෙහෙත් ගන්න එන රෝගීන්ට හරි පහසුකම් නැහැ..ගොඩක් අපහසුවෙන් තමයි වාරය එනකම් ඉන්නේ..ඉතින් කව්රුත් බලන්නේ අනික් කෙනාට කලින් කොහොමද බෙහෙත් අරන් යන්නෙ කියලා..ඉතින් රටේ නැති බොරු කියනවා...(ම)
මෙහෙම බය වෙලා ලෙඩ හොද කරගන්න පුලුවන්ද.? (ර)
ඕය වගේ ඒවා ඕන තරම් වෙනවා. (ර)
අපි මේ බලාගෙන ඉන්න රුපවතී මේකට ලියාවිද කියලා.? එයාට තියෙන්නෙත් කඩලා හදපු කොන්දක් කියාවිද දන්නේ නැහැ. (ර)
දෙයියෝ සාක්කි පුවතට වඩා වටින මලිත්ගේ කතාවට මට හිනාව නවත්ත ගන්නත් අමාරු වුනා. (බ)
වයඹ නම් ඉතින් අහන්නත් දෙයක්ද? එක්කෝ හදනවා , නැත්නම් කඩලා හරි හදනවා (නි)
හැමදේටම රූපවතීව අල්ලගන්නේ ඇයි? රූපවතීද දැන් ඔයගොල්ලන්ගේ පාලු මකන්න ඕනෑ? ඒ අසරණීට කොච්චර වැඩපල ඇද්ද ගෙදරදොරේ......? (නි)
මෙන්න නිම්මිට ඩෝං ගිහිල්ලා. මෙතන බේත් ගන්න ගිය මහිලාව ඔයාද මෙච්චර තදවෙලා තියෙන්නේ? රූපවතිට හැම පුවතටම අදාළ පුද්ගලික අත්දැකීමක් ගැන එයා ලියන නිසා වෙන්න ඇති මලික් අරෙහෙම අහන්නේ. (නි)
කලබල නොවී ඉන්න ටිකක් තාම රුපවතිට වැඩ ඇති ඇවිත් ලියයි අපිට ටිකක් හිනා වෙන්නත් එක්කම ,මම නම් හරි ආසයි රූපගේ පරණ කතන්දර අහන්න. (ර)
කොන්දේ අමාරුවට තෙල් ටිකක් හොදට ගෑවත් අඩු වෙනවා අත් ගුනේ තියනවානම්. (ර)
මේ සරත්, කාගෙවත් තෙල් ගාන්න එහෙම යනවා නෙවෙයි ඔන්න හොදේ.. (ර)
මේ වගේ තැන්වලට එන ඈතෑම් කාන්තාවන් දොස්තර මහත්වරුන්ටත් වඩා හොඳට අනුන්ට උපදෙස් දෙන්න දන්නවා. ඉතින් ඒවා අහන අනිත් කාන්තාවනුත් දොස්තර මහත්තයා කියනදේට වඩා පිළිගන්නෙ අර එතනදි මුණගැහුණු යාලුවා කියපු ගොඩ වෙදකම්. මේ වගේ වගේ ප්‍රශ්න වලට ඈතම් අවස්ථාවල මාත් මුහුණ දීලා තියෙනවා. ඇත්තටම හරිම කරදරයක්. (නි)
අපිත් ආසයි... අහන්න චන්දි... එක වදනක් හෝ රූපා අක්කා මුවින්... (ර)
අනේ මෙහෙමත් මෝඩ ගැහැණු? (නි)
අපේ කාන්තාවෝ බිමට පහත්වෙද්දී කොන්දෙන් නැමෙනවා. දණහිස් වලිනුයි නැමෙන්න ඕනෑ. බර උසුලද්දීත් දණහිස් නමලයි නැගිටින්න ඕනෑ (නි)
රූපවතී කොහේ ගිහින්ද? (නි)
රූපවති තවමත් පාඨක සභාවට ආවේ නැත්තේ මේ වෙදා ළඟට ගිහිල්ලා හින්දාවද්ද? (නි)
අනේ මන්දා මේ කාන්තාව අම්මෝ කියලා බෙරිහන් දුන්නේ මොකද කියලා. (නි)
ඔව් පද්මිණි, ඔයා හරි (නි)
කිමද නාවේ ඇයි නාවේ තරහා වී, කව්ද කීවේ, බොරු කීවේ මගේ දයා...? (ර)
රුපවති ඉන්නේ ඒරොප්පේ නිසා සති අන්තේ ජර්මනියට යනවද කොහෙද කිවා මට මතක හැටියට. (ර)
ඔව්.. ඔව්. මම සති අන්තෙට යනවා ජර්මනියට. (ර)
රුපවති මෙතනට බෙහෙත් ගන්න ගියා නම් කෑගහලා පැනලා දුවන්න වෙන්නේ වෙදාට. (බ)