කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
කැන්දාගෙන යන්න වගේ වගක් නැතැයි පවසා පරණ යකඩ බඩු වෙළෙන්දකු සමග පැන ගිය හිටපු පෙම්වතියගේ උපන් දිනයකට දී තිබුණු බලු පැටවා සොරාගෙන ගොස් ඇතැයි කියන තරුණයෙක් පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ දුෂ්කර ග්‍රාමයක 26 හැවිරිදි තරුණයෙක් සිටී. මෙම තරුණයා තමාටම කියා සමාන්‍ය වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන ද යයි. මව්පියන් සහෝදර සහෝදරියන් සමග මහ ගෙදර නිවසේ පදිංචිව සිටින මෙම තරුණයා තමාටම කියා නිවසක් තනාගැනීමට නගරයට ආසන්නව ඉඩම් කැබැල්ලක් ද මිලට ගත්තේය. නිවස තැනීමට ගන්නා අමුද්‍රව්‍ය මිල වර්තමානයේ අධික වීම නිසා ඔහුගේ ඉඩමේ නව නිවස ඉදි කිරීම ටික කලකට නතර කර තිබේ.
මෙම තරුණයා අරණායක ප්‍රදේශයේ තරුණියක් සමග වසර කිහිපයක සිට සම්බන්ධතාවක් පවත්වාගෙන යයි. සම්බන්ධතාවට දෙපාර්ශවයේ මව්පියන් සහෝදර සහෝදරියන් කැමැත්ත ද දී තිබෙන අතර ලබන වසරේ ඉඩමේ නව නිවසක් තනා ජයටම මංගල උත්සවයක් ගෙන කැන්දාගෙන යන තෙක් සිටින ලෙස තරුණයා පෙම්වතියට අවස්ථා ගණනාවක දීම ප්‍රකාශ කර තිබේ.
තරුණියගේ 23 වැනි උපන් දිනය ඉකුත් ජනවාරි මසට යෙදී තිබුණි. උපන් දිනයට ඇඳුම් පැලඳුම් කෑම බීම ද ගිහින් දී තිබුණු තරුණයා ඊට අමතරව වටිනා මාස දෙකක් වයසැති බූල් සහිත සුදු බලු පැටවකු ද තෑග්ගක් ලෙස පරිත්‍යාග කර තිබේ. තරුණිය බලු පැටවා හදා වඩාගෙන නිවසේ සිටින අවස්ථාවේ දී ඉකුත් මැයි මස දිනෙක නිවෙස්වලට පැමිණ පැරැණි යකඩ බඩු එකතු කරන ගිරිඋල්ල ප්‍රදේශයේ තරුණයෙක් ඇගේ නිවසට පැමිණි අවස්ථාවේ දී ඔහු සමග තරුණිය සම්බන්ධතාවයක් ඇති කරගෙන ද තිබේ.
මීට මාස තුනකට පමණ ඉහතදී තරුණිය ව්‍යාපාරයක් පවත්වාගෙන යන පෙම්වතාට කියා ඇත්තේ නිවස සදා රැගෙන යන තෙක් සිටිය නොහැකි බවත් පියා මත්පැන් පානය කර පැමිණ කෑ කෝ ගසන නිසා ජීවිතය පවා එපා වී ඇති බවත්ය. එහිදී ව්‍යාපාරයක් පවත්වාගෙන යන තරුණයා කියා ඇත්තේ නිවස සාදා කැන්දාගෙන යන තෙක් සිටිය නොහැකි නම් ලබන වසරේ මැයි මාසයේ විවාහ මංගල්‍යය ගෙන කැන්දාගෙන යන තෙක් සියල්ල ඉවසා දරාගෙන සිටින ලෙසය.
මීට මාසයකට පමණ ඉහතදී තරුණිය කාලයක සිට සම්බන්ධතාව පවත්වාගෙන යන තරුණයා අතහැර දමා පරණ යකඩ බඩු එකතු කරන්නා සමග ත්‍රිරෝද රථයකින් පැන ගියාය. ත්‍රිරෝද රථයෙන් පැන යන අවස්ථාවේ දී තරුණිය තරුණයාට කියා ඇත්තේ කැන්දාගෙන යන්න වගේ වගක් නැති නිසා තරුණයෙකු සමග තමන් පැන යන බව පවසා දුරකතනය ද විසන්ධි කර තිබේ. මවට පරණ යකඩ බඩු එකතු කරන්නාගේ දුරකතනයෙන් ඇමැතුමක් ගෙන පැන යන බව දන්වා සිටියාය. පසුව මව විමසා ඇත්තේ කෑගල්ලේ ව්‍යාපාරික දරුවාට තමා මොකක්ද කියන්නේ යනුවෙනි. වහාම යන ගමන නතර කර දුර දිග බලා ආපසු හැරී නිවසට පැමිණෙන ලෙස මව හඬා වැලපෙමින් ඉල්ලීමක් කළද තරුණිය පරණ යකඩ බඩු වෙළෙන්දා සමග ගියාය.
පසු දින තරුණියගේ මව්පියෝ දියණිය බැලීමට ගිරිඋල්ලේ නිවස සොයා ගියහ. පදිංචිව සිටින නිවස දැක ඇති මව්පියෝ කම්මුලේ අතගහගෙන කල්පනා කරන්නට වූහ.
එම අවස්ථාවේ දීම තරුණියගේ මව කෑගල්ලේ තරුණයාගේ දුරකතන අංකය ඉල්ලා ගෙන දියණිය ගැන ඉදිරි බලාපොරොත්තුවක් තබා නොගන්නා ලෙස ඇය වෙනත් තරුණයකු සමග පෙරදා දහවල් පැන ගොස් ඇති බවත් දන්වා තිබේ.
පසුව තරුණයා තරුණියගේ දුරකතනයට ඇමතුම් කිහිපයක් ගත්ත ද පිළිතුරු දී නැත. පසුව තරුණිය දුරකතනය විසන්ධි කර ඇත.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කැන්දා ගෙන යන්න වගක් නැති පෙම්වතාට පොල්ල තියා පෙම්වතිය මාරු වෙලා