ඔහු මාතරට නුදුරු ප‍්‍රදේශයක පදිංචි බැංකු ක්ෂේත‍්‍ර නිලධාරියෙකි. ඔහුට කොන්දේ අමාරුවක් සෑදී පෞද්ගලික රෝහලකින් බෙහෙත් ගත්තද අසනීපය සුව වුණේ නැත.
යළිත් වෛද්‍යවරයා කරා ගොස් බෙහෙත් රැුගෙන එන අවස්ථාවේ වෛද්‍යවරයා ඔහුගෙන් විමසා ඇත්තේ කරන රස්සාව මොකක්ද කියාය.
ඔහු පවසා ඇත්තේ ‘මම බැංකුවක ක්ෂේත‍්‍ර නිලධාරියෙක්. මම කරන්නෙ යතුරු පැදියකින් ගොස් මුදල් එකතු කරන’ බවය. පසුව වෛද්‍යවරයාට කාරණා පැහැදී පවසා ඇත්තේ ‘මේ බෙහෙත් ටික ඉවර වෙනකම් බොන්න. ආයෙත් කොන්දෙ අමාරුවක් හැදෙන එකක් නැහැ. බයිසිකලයේ පිටුපස ෂොකැබ් ෂෝබර් දෙකත් මාරු කරගන්න.’ ඒ වෛද්‍ය උපදේශය අනුව ඔහු ගෙදර ගොස් නැවත ගරාජයකට පැමිණ පසුපස ෂොකැබ් ෂෝබර් දෙක අලූතින් දමා ගත්තේය. වෛද්‍යවරයා කියූ ආකාරයටම යළිත් කොන්දෙ අමාරුව හැදුණේ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තර මහතා රෝග නිධානයටම බෙහෙත් කරලා.දක්ෂ පළපුරුදු දොස්තර මහතෙක් (දිල්)
කාටත් මේ තුළින් හොඳ ආදර්ශයක් ගතහැකියි (නි)
මට හිතෙන්නේ බයිසිකලට විතරක් ප්‍රතිකාර කළා නම් ඇති. අපරාදේ බෙහෙත් බිව්වේ. (නි)
දොස්තර ගේ හැකියාව ගමපුරා පැතිරගිහින්.බෙහෙත් සාප්පුව අසලම මෝටර් සයිකල් සාප්පුවකුත් දාගත්තානම් දොස්තරට හොඳ තල්ලුවම තමා ! (අ)
ගාමිණී- සිරිවර්දන, මොළයට බෙහෙත් ගත්තොත් නරකද? (නි)
ශරීරයට මෙන්ම පාවිච්චි කරන භාණ්ඩ වලටද දිනපතා ප්‍රතිකාර කළයුතුයි (නි)
අනේ සමන්ති, කෑ නොගහා ඉන්න (නි)
තමන්ගේ වාහනේ තත්ත්වයවත් තේරුම් ගන්න බැරිද මන්දා? (නි)
අද හුඟක් දොස්තරලාගෙන් නොවෙන්නෙත් මේ ටිකම තමා. නියම දොස්තර මහත්තයෙක්. සමහර දොස්තරලා දැනගත්තත් එහෙම කරන්නේ නැහැ. ඒ වගේම වයසක එහෙම නැත්නම් දුප්පත් ලෙඩුන්ට නොමිලේම බෙහෙත් දෙන දොස්තර මහත්වරුත් ඉදලා හිටලා ඉන්නවා. (නි)
හරියට හරි සමන්ති. පාවිච්චි කරන භාණ්ඩ වලට හොඳට ප්‍රථිකාර කරන්න ඕනෑ තමා. (නි)
අනේ මෙහෙමත් වැඩ! (නි)
මෙහෙමත් මිනිස්සු! (නි)