IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


කොන්දොස්තර බලෙන් ටිකට් පරීක්ෂක පට්ටම අරන්

පෞද්ගලික මගී ප‍්‍රවාහන සේවයට අයත් බසය පසුගියදා මරදාන බස් නැවතුම්පොළේ නැවැත්වීය. ”පුංචි බොරැල්ල, බොරැල්ල, නාරාහේන්පිට, කොන්දොස්තර යටිගිරියෙන් කෑ ගැසීය.” බසයට ගොඩවීමට පැමිණි මඟීන්ට, ”සල්ලි දීලා නඟින්න යැයි ඔහු පැවැසුවේ ආඥාදායකුගේ විලාශයෙනි.”
පිටුපස දොර අසළ රැඳී සිටි කොන්දොස්තර මුදල් රැගෙන සෑම මඟියකුටම ටිකට්පතක් නිකුත් කළේය. බසය පිටත්වන විට පැමිණි හෙතෙම ඉදිරිපස දොරින් ගොඩවූ මඟීන්ගෙන්ද මුදල් අය කරගෙන ටිකට් පතක් නිකුත් කිරීමට තරම් කාරුණික විය. බසය බොරැල්ලට ළඟාවී නැවත ධාවනය ආරම්භ වූ අවස්ථාවේදී ”කට්ටිය ඔක්කොම ටිකට් ළඟ තියාගන්න” දැන් ටිකට් චෙක් කරන්නැයි හදන්නේ යනුවෙන් බසය තුළින් හඬක් ඇසිණි. ටිකට් පරීක්ෂකවරුන් පැමිණ ඇතැයි සිතූ මඟීහු තම ටිකට්පත් අතට ගත්හ. ටිකට් පත් පරීක්ෂා කරමින් පැමිණෙන බසයේ කොන්දොස්තර දුටු ඔවුහු මවිතයට පත්වූහ. ”කෝ අම්මේ ටිකට් එක” කොන්දොස්තර වැඩිහිටි කාන්තාවකගෙන් විමසීය. ඇය ටිකට් පත පෙන්වන ලද අතර පාසල් ළමයකු වෙත පැමිණි හෙතෙම ඔහුගේ ටිකට් පතද පරීක්ෂා කර බැලීය. කොන්දොස්තර තමාට සැක හිතෙන අයවලූන්ගේ පමණක් ප‍්‍රවේශපත‍්‍ර පරීක්ෂා කිරීමට පටන් ගත්තේ ටිකට් පරීක්ෂකයකු ටිකට් පරීක්ෂා කරන පරිද්දෙනි. ”මෙයා නම් මං හිතන්නේ ගිය ආත්මේ ටිකට් චෙකර් කෙනෙක් වෙන්නැති” රියදුරා ඔහු අසල රැඳී සිටි මගියකුට පැවැසීය.



අදහස් (0)

කොන්දොස්තර බලෙන් ටිකට් පරීක්ෂක පට්ටම අරන්

හේරත් Friday, 07 June 2013 11:05 AM

හොඳ වෙලාවට උපාලි මේ මිනිහව දේශීය ආදායම් එකට නොගත්තේ. නැත්නම් මිනිහ හිරේ. රුපියල් කොටි ගානක් අතුරුදහන් වෙලා කියාල.(නදී)

:       0       0

රංජනී Saturday, 08 June 2013 03:44 AM

එකත් එකටම බස් එකේ හිමිකරු එයා වෙන්න ඇති කියලා මට හිතෙනවා (නි)

:       0       0

දුලාජ් Wednesday, 12 June 2013 11:27 PM

බුදු බව අත් වෙනවා මේ කොන්දොස්තරට (නි)

:       0       0

ඩලස් Friday, 07 June 2013 12:05 PM

වැඩියෙන්ම ඉන්නේ ටිකට් නොදී සල්ලි අරන් යටි මඩි ගහන අයනේ.(නදී)

:       0       0

සුජානි Saturday, 08 June 2013 08:55 AM

හොද පුතෙක්. තමන්ගේ රාජකාරිය හරියට කරලා. සමහරවිට කාට හරි ටිකට් දෙන්න අමතක වුනා නම් වරද ඔහුටම පවරන්න බැරිකමක් නැහැ. පුතේ සුබ අනාගතයක්! (නි)

:       0       0

වරුණ Friday, 07 June 2013 12:38 PM

බස් හිමිකරු බස් එකේ සියලු වගකීම් පවරන්නේ කොන්දොස්තරට නේ? ඒනිසා හවසට ලොක්කට අදායම් පෙන්නන්න ඕනා කොන්දොස්තර මිසක් රියදුරු නෙවෙයි. දවසෙම බස් එක රියදුරු පැදෙව්වත් රියදුරුව මෙහෙයවන්නෙත් කොන්දොස්තරම තමා. නැත්තම් ඩ්‍රය්වර් ගේ ජොබ් එක ගහල යවන්නත් කොන්දොස්තරට පුළුවන්.(නදී)

:       0       0

ධනංජය Friday, 07 June 2013 12:45 PM

ටිකට් දුන්න නම් ඒක බලන්න ඒයාට අයිතියක් තියනවා, ගොඩක් වෙලාවට වෙන්නේ ඕකේ අනිත් පැත්ත, ටිකටුත් නෑ ඉතුරුත් නෑ.(නදී)

:       0       0

දයා අළහකෝන් Saturday, 08 June 2013 09:46 AM

ඔහු නිවැරදියි මම හිතන්නේ. තමන්ගෙ රාජකාරිය අකුරටම කරලා (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Friday, 07 June 2013 06:12 PM

නියම මහත්මයෙක්. (නි)

:       0       0

ශිරාණි Friday, 07 June 2013 01:05 PM

තම රාජකාරිය හරියට කරන කෙනක්. ඇත්තටම පෞද්ගලික බස්වල හොරෙන් යන්න බැහැ. සීයක් නැග්ගත් සල්ලි ගන්නවා. ඒකට ලංගම බස්වල කෝචිචියේ වැඩි හරිය හොරෙන් යන්නේ. ඉතින් කෝමද ලාබ ලබන්නේ.(නදී)

:       0       0

රුවන් Friday, 07 June 2013 01:18 PM

රැකියාවට ගරු කරන මහත්මෙයක්.(නදී)

:       0       0

මර්සි ලංකා Sunday, 09 June 2013 09:48 PM

අනේ මම දන්නේ නැහැ මේක හරිද වැරදිද කියන්න. කොටසක් හොරෙන් යනවා කොටසක් සල්ලි දීලා යනවා. පෞද්ගලික බස් කාරයන්ට අවශ්‍ය සේවයට වඩා තමන්ගේ මුදල් වැඩියෙන් හම්බ කර ගන්න. කොහොම වුනත් මේ කොන්දොස්තරලට ආචාර ධර්ම ගැන නම් හැගිමක් ඉගෙනීමක් නැහැ කොහෙත්ම (නි)

:       0       0

දිසානායක Sunday, 09 June 2013 01:22 AM

හැමෝම ගත්තේ කොල්ලගේ පැත්ත. රියදුරා පවු නේද? (නි)

:       0       0

සදුනි Friday, 07 June 2013 08:53 PM

සැබෑ දක්ෂයෙක්. සුබ අනාගතයක් තියේවි.(නදී)

:       0       0

උපාලි Friday, 07 June 2013 09:54 AM

බස් එක මගේ නම් මම මිනිහව මැනේජර් කරනවා. මම ඊට වැඩිය ලොකු තැනක හිටියා නම් මෙයාව දේශීය ආදායම් එකේ ලොකු ලොක්කෙක් හැටියට පත් කරනවා. (නි)

:       0       0

ස්වර්ණා ජයතුංග Sunday, 09 June 2013 04:21 PM

බස් එකට නැග්ගම ඉතුරු සල්ලිවත් හරියට නොදෙන රටේ මෙවන් මහත්තුරු තව බිහිවේවා!(නදී)

:       0       0

සරත් ඩු Friday, 07 June 2013 10:10 AM

ඇත්තටම ඔහු දක්ෂ කෙනක්. (නි)

:       0       0

ස්වර්ණා-මොනාකෝ Sunday, 09 June 2013 04:29 PM

බස් එකකට නැග්ගම ඉතුරු සල්ලි වත් හරියට නොදෙන අපේ රටේ මෙවන් මහත්මයන් තව බිහිවේවා .(නදී)

:       0       0

රංජිත් Friday, 07 June 2013 10:44 AM

මොලේ තියන කොල්ලෙක් දිගටම කරගෙන යමු හොරෙන් යන මගීන් ට හොද වැඩේ.(නදී)

:       0       0

දිසානායක Friday, 07 June 2013 03:31 PM

ප්‍රස්නයක් නැහැ. කොල්ලා දක්ෂයා (නි)

:       0       0

ජෙෆ් Saturday, 08 June 2013 12:39 AM

ලංකාවේ ඉන්න තරමක් ඉන්නේ පුදුම මිනිස්සු . මුදලට ටිකට් පත නිකුත් නොකළත් වැරදියි. නිකුත් කළත් වැරදියි. හොද කොන්දොස්තර වරයෙක්. ඔහොම යමු. ඔබට ජය ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 394 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 548 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1042 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 886 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2335 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 812 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 140 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 226 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 394 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site