(දූනගහ බටේපොල විජයසිරි)
මීගමුවේ සිට දිවුලපිටිය හරහා මීරිගමට දිවෙන ශ්‍රී ලංගම බස්රථයක් දිවුලපිටිය නගරයට පැමිණියේය.
බසයේ මගීන් කිහිප දෙනකු දිවුලපිටිය නගරයෙන් බැසගත් අතර මීරිගම දෙසට යන මගීන් කිහිප දෙනකු බසයට ගොඩනැගුණි.
බසය දිවුලපිටිය පසුකර බාඳුරාගොඩ මංසන්ධියට යද්දී මගියකු කොන්දොස්තර කෝ යි ඇසීය.
ඔහු බසයේ නැත.
එවිට බසයේ රියැදුරුට කොන්දොස්තර දුරකථන පණිවුඩයක් දුන්නේය.
”මචං මම දිවුලපිටියෙදී බිමට බැස්සා. උඹ බස්එක ඇදල ආවා. මම තී‍්‍රවීල් එකක් අරගෙන පස්සෙන් එනවා. නැවතිලා හිටපං”
බසය බාඳුරාගොඩ හන්දියේ නවතාගෙන සිටියදී කොන්දොස්තර තී‍්‍රවීලයේ පැමිණ බසයට නැගුණේ මගීන් සිනාසෙද්දීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් රියදුරන් කවදාවත්ම බසය ඉදිරියට ගමන් කරනවිට පිටිපස්ස බලන්නේ නැහැ පැති කන්නාඩියෙන්. මේ නිසා ජීවිත කීයක් අකාලයේ නැතිවුනාද ? (නදී)
කොන්දොස්තර ටිකකට ත්‍රීවීල් කොන්දොස්තර වෙලා (නදී)
මේවා අහල බඩ අල්ලන් හිනා වෙන්ඩ පුළුවන් (නදී)
පස්ස නොබලා ඉදිරියටම යමු. (නදී)
මෙය පළමු අවස්ථාවව නොව මීට වසර දෙකකට පමණ පෙර හදිසි කටයුත්තක් සඳහා කොළඹට යාමට හෝමාගමින් බසයකට ගොඩවූ මට කොට්ටාවටත් පැමිණිවිට ටිකට් එකක් නොලැබුණු බැවින් රියදුරුගෙන් විමසු විටයි ඔහු දැනගත්තේ කොන්දොස්තර නැති බව. පසුව වෙනත් බසයකින් ඔහු පැමිණ සැමට ටිකෙට් දෙනතුරු ඉන්නට සිදුවිය (නි)
මේ ගොල්ලන්ගෙන් බස් එකට වෙන සෙතක් තිබෙනවද? මඟීන්ගේ කන්බෙරය සිදුරු වෙන්න කෑගහනවා මිසක්. දියුණු රටවල් බොහොමයක බස් වල කොන්දොස්තරලා නැහැ. (නි)
මෙලනි, කටේ සද්දෙට වැඩිය ඉවසන් බැරි එයාලගේ කැසට් වල සද්දේ (නි)
මට නම් බය රියැදුරු නැති වෙලාවට කොන්දොස්තරලා පදවන බස් වලට ගොඩවෙන්න. අපේ පැත්තේ එහෙම දෙයක් සිද්ධවෙලා තාප්පයක් කඩාගෙන ගිහින් තමයි නැවතුනේ. (නි)
බස් එක අදිනවත් එක්කම කොන්දොස්තර කීපවතාවක්ම කෝල් කළා රියදුරාට. ඒත් පාරේ තිබුණ බැනර් බල බලා රිය පැදවු නිසා ෆෝන් එක බැලුවේ නැහැනේ එයා. (නි)
කොන්දොස්තරලා පදවන බස් වලට ගොඩවෙන්න පස්ස නොබලා ඉදිරියටම යමු.(හේ)
එක නම් පට්ට වැඩේ .........(අ)