සබරගමුව පළාතේ ප‍්‍රධාන බස්නැවතුමකි. ගමට යන මේ පෞද්ගලික බසය උදේ ගමන් වාර දෙකක්ම ගියත් එකතුවූයේ සුළු මුදලකි. නගරයේදී බසයට ගොඩවූ මගියකු රුපියල් විසි දෙකක ටිකට් පතකට රුපියල් දහසක නෝට්ටුවක් දීම නිසා කොන්දොස්තර තැන එය මාරු කිරීමට මුදල් නැති බව කීවේ තරමක කෝපයකිනි. ඒ මොහොතේම බසයට නැගගත් විරිදුකරුවකු රුපියල් දහස මාරුකරදීමට සමත් විය. කොන්දොස්තර තැන ඊට ස්තුතිකරන විටම විරිදු කරුවා රබාන හැඬවීය. ”පුරුදු වෙන්න අමාරු නෑ ඒ බව ලොක්කට දන්නා විරිදු කියල හම්බකරමු වරෙන් මචං අපි දෙන්නා.” කියා යළි රබාන හඬවන විට බසයේ සිටි කීපදෙනා සිනාසුනත් බසයේ කොන්දොස්තර තැනට නම් තරු පෙනුණාලූ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක සාධාරණ රැකියාවක් නේ (දී)
ඊළඟට විරිදු කියන්න එන්නේ ඇමතිවරු කියලා පත්තරවල තිබුනා (දී)
ව්‍යාපාරයක් කරන කෙනෙක් තමනට මුහුණ දිය හැකි බරපතලම අවස්ථාවට සුදානම් වී සිටිය යුතුයි. ""මාරු සල්ලි නැහැ"" කියා කීම ලංකාව වගේ රටකට හරි ගියාට දියුණු රටවල එහෙම නැහැ, ඒක නිසා තමා ඒ රටවල් ""දියුණු"" රටවල් වෙලා තියෙන්නේ. (දී)
අතටම විරිදු කියන එකශෝද ආදායම් මාර්ගයක්ද? එකට දක්ෂ කමත් තියෙන්න ඕනනේ (දී)
බස් රථයට නැගීමට පෙර රුපියල් 1000 මාරු කරගෙන නැගීමට මගියකු බුද්ධිමත් වියයුතුයි . සමහරු මේවගේ සුළු දෙවල් හිතන්නේ නැහැ . (දිල්)
මේ සිද්ධිය වුණේ රත්නපුරේ නේද?(දිල්)
බොහෝ "දියුණු" රටවල බස්වල කොන්දොස්ටරලා නෑ. මගියා මැෂිමට නියමිත මුදල දමා ටිකට් ගත යුතුය. සමහර රටවල ඉතිරි මුදල් දීමක් නැත. නියමිත මුදල රැගෙන ඊම මගියාගේ වගකීමයි. (අ)
බස් කාඩ් ආවහම ඔය ප්‍රශ්න ඉවරයි(දිල්).
විරිදු කීමේ වටිනාකම දන්නා නිසයි එක ඇමතිවරයෙක් කීවේ එයත් විරිදු කීම පටන් ගන්නවා කියලා. එයා දැනගත්තා බයිලා කියල වැඩක් නැති බව.(නදී)
"බස් කාඩ් ආවහම ඔය ප්‍රශ්න ඉවර" මොකද විරිදු කියන්නත් කාර්ඩ් එකෙන් සල්ලි එකතු කරන්න පටන් ගනීවිද? (නදී)