කාන්තාවන් තිදෙනකු අඹුකමට තබා ගත් බස් කොන්දොස්තරගේ නීත්‍යානුකූල අයිතිය ඉල්ලා පොලිසියට පැමිණි කතුන් තිදෙනා නිසා මහත් කළබැගෑනියක් ඇති වූ පුවතක් හතර ලියද්ද පොලිසියෙන් වාර්තා විය. සිද්ධිය මෙසේය. හතරලියද්ද ප‍්‍රදේශයේ පදිංචි බස් කොන්දොර එම ප‍්‍රදේශයේම සැමියා නොමැති කතක් සමග ද ගලගෙදර ප‍්‍රදේශයේ සැමියා සිටින කාත්තාවක් හා උඩිස්පත්තුවේ දෙමළ ජාතික ගුරුවරියක සමග ද සමීප ඇසුරක් පවත්වා ඇත. පසුගියදා 16 දා එක් කාන්තාවක් ඔහුට දාව උපන් කිරිකැටියා ද තව කාන්තාවක් වස කුප්පියක් ද ගෙන පොලිසියට පැමිණ ඇත. අදාළ කොන්දොස්තර ද පොලිසියට ගෙන්වා පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක රසික සම්පත් මහතා නඩුව විසඳීමට ඉදිරිපත් වූ විගස එක් කාන්තාවකගෙන් කොන්දොස්තරට කම්මුල් පහරක් ද එල්ල විය. කතුන් තිදෙනාගේ රැවුම් ගෙරවුම් මධ්‍යයේ සිවු දෙනාම නිහඬ කරවූ ස්ථානාධිපතිවරයා මිනිස්කමට හා පිරිමිකමට නිගාදෙන නොමනා කටයුතු කළ කොන්දොස්තරට තරයේ අවවාද කරමින් තමා කළ හපන්කම්වලට අධිකරණයෙන් දඬුවම් ලැබේවි යැයි පවසා ගැටලූව නිරාකරණය කර ගැනීමට සිවිල් අධිකරණයේ නඩුවක් පවරණ ලෙස උපදෙස් දී සිවුදෙනාම පොලිස් ස්ථානයෙන් පිටත් කළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම එකම බෝට්ටුවෙ අය නේද? කවදා නම් හැදෙයිද මන්දා.. කාටවත් දොස් කිය කිය ඉන්නේ නැතිව තමන්ගේ අඩුපාඩු හදාගත්තනම් හරිනේ.. මදැයි ඔයින් ගියා..!(නු)
විනෝද චාරිකා බස් එකක්ද? (නි)
ඉතින් මොකද පුලුවන් නිසා නේ කළේ.(නදී)
ඉතිං මොකෝ? එයාට පුලුවන් නිසානේ කළේ. (නි)
ඉතින් මොකෝ පුළුවන් නිසානේ කරේ . කිසිම අමාරුවක් නැතුව කම්මුලපාරකුත් කෑවා..මොන සනීපයක්ද අප්පා..(ස)
පුළුවං නිසානේ කළේ. පේනවානේ එක අඹුවකගෙන් කිසිම අපහසුවක් නැතිව කම්මුල් පාරකුත් කෑවෙ.. මොන සැපක්ද?(නු)
මේ අහිංසකයන්ට ඇයි නඩු දාන්නේ? (නි)
මේකට සම්පූර්ණයෙන්ම වදර ඔය ගැහැණු තුන්දෙනාගේ.. මම කියන්නේ ඕවා කරන්න කලින් හොයලා බලන්න තිබුණෙ නැද්ද?(නු)
කාන්තාවො තුන්දෙනා එක්ක එක ගෙදර තියන්න තිබුණෙ රටේ තේරෙන්න..!(නු)
කාන්තාවො මේ තරම් මිනිසුන්ට රැවටෙන්නේ ඇයි..? මෙච්චර දෙයක් වෙලත් මේ තුන්දෙනාම මෙයාට අයිතිය කියන්නත් ඇවිල්ලා..(නු)
ඔහොම හරි බේරගත්ත එක ලොකු දෙයක්. (නි)
එඩිතර කාන්තාවොත් ඉන්නවානේ..!(නු)
කොනකින් හරි දොස්තරලනේ. ඒකයි මේ. (නි)
ඕක මොකද්ද සෙන්චරි ගහපු අපිට (ස)
ඉතාලිවල ඉන්න ලංකාවෙ මිනිස්සුත් කරන්නේම මේ වගේ වැඩ..!(නු)
හැබැයි ගෑනු තුන්දෙනත් හොඳ අය නෙමෙයි ....(ස)
අනේ ඔවු ලාල්, ජපානයේත් ඒ වගේ තමයි. කොන්දොස්තරලාට හැමතැනම කාන්තාවන් ඉන්නවා. හැබැයි එයාලා පොලිසි යන්නේ නම් නැහැ. ඔහේ උඩ බලාගෙන ඉන්නවා. (නි)
මේ ගැහැණු තුන්දෙනාගේ නම ගම ලිපිනය දාන්න තිබුණෙ..!(නු)
මනම්පේරි, කොන්දොස්තර කෙනෙක් වෙලා ජපානයට එන්න හිතෙනවා මේවා ඇහෙනකොට. (නි)
අනේ මේ නංගිලාගේ ලිපින පළකරන්නකෝ. (නි)
මේ සුරූපිනියන් තිදෙනා භාරගන්න කෙනෙක් නැත්නම් ඉතාලියට එවන්න. (නි)
මට මේවට ලියන්න වචන නැහැ.(නදී)
දැන් මේ කොන්දොස්තරට කියන්න බැරිස " මට මතක නෑ " කියලා හරි " ඒ මම නෙමෙයි " කියලා හරි.. (ස)
ඇති තුනකින් බේරුනා (දී)
පුදුම කතාවක් නේ (දී)
කොහොමහරි දොස්තර වැඩේ කරානේ...ප්‍රීති ,ප්‍රීතී (ස)
තම තමන්ගේ පවුල් පන්සල බලාගෙන හිටියානම් ඉවරනේ. නොගැළපෙන සම්බන්ධකම් පවත්වන්නේ. හතරදෙනාම වැරදිකාරයෝ (ස)
අශිෂඨ සාමාජීය පැතිකඩක්, පව් අර අසරණ කිරිසප්පයා.....! (ස)
මෙයත් අර ලෝයර් වගේ වෙන්න ගිහින්ද ? (ස)
කොහොමද එහෙම උනේ (දී)
ලංකාවේ හැටි ඔහොම තමයි (දී)
අයියෝ කොන්දොස්තර
මෙයාලා හිතාගෙන ඉන්නේ දොස්තර කෑල්ලක් අගට තියෙන නිසා එයාලට වඩා ලොකු කෙනෙක් නෑ කියලයි..මිනිස්සුන්ට සද්දේ දාන්නේ ඒ නිසයි. (ස)
මේ වගේ තාත්තලා තමයි කවද හරි දරුවන්ගෙන් ගුටිකන්නේ.. (ස)
මේ මොකක්ද කාන්තාවෝ තුන්කොන් සටනක් දියත් කරලද ?.(ස)
නියමයි.... (ස)
මෙයත් ස්වාසිලන්තයේ කෙනෙක් වගේනේ..!(නු)
මතකද අර අප්‍රිකාවෙ මනුෂ්‍ය යෙක්ව තවත් කාන්තාවක් ගෙනවා කියලා අනිත් කාන්තාවන් එයාව දූෂණය කරලා මැරැවෙ.. අන්න ඒවගේ දෙයක් මෙයාටත් කරන්න තිබුණෙ..(නු)
මේකට 'සමකෝණී ත්‍රිකෝණයකි...." සිංදුව හරියන්නෙත් නැහැ. මල්ලිගේ පිනම තමයි. (නි)
ඊළග ඡන්දෙදි සභාපතිකෙනෙක් වෙන්න තව 97යි මදි..!(නු)
පොලිසියෙදිත් කම්මුලට ගැහුවනම් ගෙදරදි කොහොම ඇතිද?(නු)
හැබැයි අර මේජර්ටවඩා නම් මේ කාන්තාවො එඩිතරයි වගේ .. පොලිසියෙදිම කම්මුලට ගහන්නේ..!(නු)