බස්රථයක වැටී තිබූ මුදල් පසුම්බියක් පොලිසියට භාරදීමට ගොස් කොන්දොස්තරවරයකු ලැබූ තෑග්ගකි මේ. දිවුලපිටිය සිට පන්නල දක්වා දිවෙන බස්රථයකට සුරූපි තරුණියක් දිවුලපිටියෙන් ගොඩවූවාය. ඇය පන්නල අවසාන බස්නැවතුමට පෙර බසයෙන් බැස නොපෙනී ගියාය. ඇය සිටි අසුන අසල මුදල් පසුම්බියක් වැටී තිබී බසයේ සිටි කතක් කොන්දොස්තරට පෙන්වීය.
කොන්දොස්තර එය අහුලාගෙන පරීක්‍ෂා කර බලා රියැදුරු ද සමග එක්ව පොලීසියට භාරදීමට ගියේය. ඔවුන් පොලිසියට යද්දි කාන්තාව ද පොලිසියේය.
ඇය පොලිසියට ගොස් සිටියේ මුදල් පසුම්බිය නැතිවුණා කියාගෙනය. මොවුන් අහුලාගත් මුදල් පසුම්බිය පොලිසියට භාරදුන් විට ඒ සමගම ඇය ද කැඳවා මුදල් පසුම්බිය මෙයදැයි පොලිස් නිලධාරියෙක් ප‍්‍රශ්න කළේය. ”අනේ... මගේ පර්ස් එක තමයි...
ගොඩාක් තෑන්ක්ස්” කියා එය පිරික්සූ කාන්තාව ”මේකෙ තිබුණ රුපියල් විසිපන්දහස නැහැනේ” කීවාය. පොලිසිය කොන්දොස්තරගෙන් ප‍්‍රශ්න කළේය. ඔහු කීවේ තමාට එවැනි මුදලක් මෙහි තිබී හමුවූයේ නැත කියාය.
පොලිසිය ඔහුට කීවේ විසිපන් දහස ගෙවිය යුතු බවය. කොස්දොස්තර අන්තිමේ බැංකුවට ගොස් රුපියල් විසිපන්දහසක් ගෙන පොලිසියට භාරදී ආපසු ගියේ යළි කොන්දොස්තර රැකියාවට එන්නේ නැතැයි කියමිනි. සුරූපිනිය පොලිස් නිලධාරියාට තුති පුදමින් යන්නට ගියේ ලොවක් ජයගත්නා ලෙසය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම ඒ ගැහැණු කෙනා කිවුව පළියට 25000 ක් දෙන්න තරම් මෝඩද කොන්දොස්තර මහත්තයා? (නි)
අලුත්ම බිස්නස් ගැටයක් වගෙයි. (ර)
රූපවති , එහෙනම් ඉතින් ගැහනු දෙන්නා තාම කොන්ඩ වලු පටලවාගෙන පොලෝසියේ , (අ)
ඔය පොකට් කාරයෝ පොකට් එකට විද්ද ගමන් සල්ලි ටික අරන් පොකට් එක විසි කරනවා .. පව් අහිංසක කොන්දා (බ)
මේ කොමෙන්ට් වලින් පිළිගන්න පුළුවන් දෙයක් කියලා තියෙන්නේ ශාන් සවුදි විතරයි ඔව් ශාන් එහෙම වෙන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා. (ර)
පොලිසියෙත් ඉන්න ඇති ඔය ගෑනු කෙනාගේ කව්රු හරි. (ර)
යකඩෝ ඒක මාර පොලීසියක්නේ. අනේ පව් කොන්දොස්තර කොලුවා සමාජෙට තවම අලුත් කෙනෙක් වෙන්න ඇති. තවත් ගැහැණුන්ගේ සටකපට වැඩක්. (නි)
මේ සිද්ධිය ඇත්තක් නම් මෙම කොන්දොස්තර පොලිස් කොමිසමට පැමිණිල්ලක් කළ යුතුය. මුදල් පසුම්බිය භාර දෙන්නෙක් මෙවැනි මුදල් ගැනීමක් සිදුනොකරන බවට වටහා ගත හැකිය. කෙසේ නමුත් මේ දිනවල අසන්නට හා දකින දේවල් අනුව මෙය ඇත්තක් යයි සිතා ගත හැක.....(රේ)
රූපවති හෝ චන්දි ගියා නම් පොලිසියෙනුත් සල්ලි දෙනවා, කරන කරච්චලේ ඉවසන්න බැරුව.....(රේ)
"පොලිසිය ඔහොමයි මොටද හඬලා, මල් දුටුවමයි එන්නේ බඹරු නටාලා" (නි)
මේක නිකන් කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේ. කිසිම හොයාබැලීමක් නැතුව පොලිස් නිලධාරියා තීන්දුව දුන්නා. තමා වැරදි නොකළත් තමා වැරදිකරුවකු බවට පත්කරන සමාජයක අප අද ජීවත්වන්නේ. පවූ අහිංසකයා. (නි)
අහිංසකයන් දෙස දෙවියන් බලන බවත් අපරාධකරුවන්ට නිසි දඬුවම් දෙන බවත් අත්දැකීමෙන් දනිමි. හැබැයි බොරුවට නම් අනුන්ට අවලාද කරන්න එපා. ඒක තමුන්ටම අනිත් පැත්තට එන බවත් පැහැදිලිවම එතැනදී කියනවා. (ර)
සහතික ඇත්ත සුධර්මා (රේ)
ගැහැණු ගැට වලට අහුවෙලා වගේ. (ර)
ටෙලි නාට්‍ය වලින් තමයි මේ ජිල්මාට් ඉගෙන ගන්නේ. පොලිසියට මේ ගැන පරික්ෂණයක් කරලා ඒ කාන්තාව ගැන. පැමිණිල්ලක් සටහන් වෙලානේ තියෙන්නේ. (බ)
දැන් චන්දිට හරියන දේවල්ද මෙතන ලියන්න ඕන. හැමදාම වගේ පුවත ගැන තමන්ගේ කිසිම අදහසක් නැහැ එ්ත් අනෙක් අයගේ ප්‍රතිචාර වල ගුණ අගුණ බලන්න මෙයා පත් වෙලා ! (බ)
මේ ගෑණු කෙනා සල්ලි සොයන්න කරන ක්‍රමයක් වෙන්න පුළුවන්. සල්ලි නැති පර්ස් එක බස් එකේ දාලා ගිහින් පොලිසිය ලවා සල්ලි හම්බකර ගන්නවාද මෙහෙමත් මෝඩ පොලිස් කාරයෝ ඉන්නවද දැන් රටේ (බ)
අමරකෝන්ගේ කතාව සහතික ඇත්ත (හේ)
පොලීසියෙන් සල්ලි දෙනවානම් ඒ ඉතින් අපි ගැන දුක හිතිලමයි අපේ මනුස්සකමට, අමරකෝන් ..!!!....(රේ)
පවු අහිංසක මනුස්සයා! (නි)
කොටදෙණියාව පොලිසියට නොදෙවෙනි වගේ.(ම)
ඔව් ඔව් අමරකෝන් ඒ දෙන්නම එකතු වුණොත් පොලිසියත් නවතින්නේ ඒ ක්ලිනික් එකේ (බ)
ගැහැණුන්ගේ මොලේ ඔය තියෙන්නේ. කව්ද කිව්වලු හැඳිමිටක් තරම කියල. මොන බොරුද. කාන්තාවන්ට ජයවේවා! (බ)
නියම වැඩේ හෝ ගැහැණුන්ගේ මොළේ හෝ කියලා මේ දේවල් වලින් සතුටක් ලබන්න එපා, අපේ කාන්තාවෝ. අපි වගේ හොඳ කාන්තාවන්ට සමාජයේ තිබෙන ගෞරවය මේ වැඩ වලින් නැතිවෙනවා නේද? (නි)
ඔහොම අවුල්සහගත දේවල් කොහෙත් වෙන්න ඉඩ තිබෙනවා. පව් කොන්දොස්තර කොලුවා. (නි)
ගැණු දෙන්නගේ අලුත් වැඩක් වගේ ! කොන්දොස්තොර සල්ලි ගත්තනම් කිසිදිනක පොලිසියට යන්නේ නැ.මේ සල්ලි ඇයට ලැබුණු ආකාරය ගැන විමර්ශනයක් නොකළාද ? (බ)
කළ හොඳ පස්සෙන් එළවලා නේද? (නි)
එහෙම ගෙවන්න ඕනෑ කියලා එකක් තියෙනවද? කොන්දොස්තර 25000 ගත්තා කියලා ඇසින් දුටු ශාක්ෂි නැත්නම්... පොලීසිය අහිංසක මිනිහාට බලපෑම් කරන්න ඇති හොරකම් කළා කියලා උසාවි දානවා, රිමාන්ඩ් කරනවා කියලා... (නි)
පණ්ඩිතකම් කරන්න යනවට හොඳ පාඩම... (නි)
කාට උදවු කළත් කාන්තාවන්ට උදවු කරන්න යාම නම් තරමක් භයානකයි කියන්නේ මේ නිසයි (නි)
රැවටෙන්න ඇති කාන්තාවගේ මායම් වලට, පව් නේද... (ර)
පන්නලම හින්ද හොදයි.කොළඹ පැත්තේ වුනානම් ,කොන්දස්තර් මලයට පොඩි වැඩි තිබෙන්නේ .ගැට කපන්නෙක් අල්ලලා නංගිව පෙන්නනෙකයි. දුන්න වගේ තෙගුණයක් නංගි නැති කර ගන්නවා.මල්ලිලා දෙන්නම ගොඩ.කොහොමහරි නංගිගේ සිවුසැට මායම් වලට පොලිසියත් යටවුනා (බ)
ඒක තමයි නුවන් වෙලා තියෙන්නේ. පොලිසියේ ලොක්කන්ගේත් පුරුෂ ධෛර්යය දියවෙන්න ඇති කාන්තාව ඉස්සරහා. (නි)
පොලීසියෙ අයත් කිසිම දෙයක් සොයාබලන්නේ නැතුව කාන්තාව කිවුව එක පිළිගත්ත එක නම් වැරදියි (නි)
අනේ මන්දා! ගත්තේ නැත්නම් ඇයි 25000 දුන්නේ? (නි)
කෝ අද රූපවති සද්දයක් නැත්තේ මොකද? (නි)
හිත හොඳ වැඩිවුණාම ඉල්ලගෙන කනවා කියන්නේ ඕවට තමයි. ඔය වගේ කුඩා සිද්ධියක් මටත් වුණා. එක දවසක් මගේ වාහනය පිටුපසට ගැනීමේදී මෝටර් සයිකලයකින් වේගයෙන් පැමිණි කෙනෙක් කිසිම අනතුරක් සිදුකර ගන්නේ නැතුව නවත්වා ගත්තා. අවසාන මොහොතේ මමත් ඔහුව දුටු නිසා මමත් පිටුපසට ගැනීම නතර කළා. දෙදෙනාටම කිසිම ගැටළුවක් සිදුවුණේ නැහැ. නමුත් මගේ වරද කියා හැඟුන නිසා "සමාවෙන්න" කියලා මම කිවුවා. ඒ වචනය මම කියපු ගමන්ම බයිසිකලයෙන් බැස ඔහු මට ගහන්න පැන්නා. එවිටම මම "මොකද ඩෝ කියන්නේ උඹ දන්නවද මම කවුද කියලා?" ඇහුවා. එවිටම ඔහු "සොරි සර්" කියලා යන්න ගියා. කොච්චර හොඳ වැදගත් වචනයක් වුණත් අනවශ්‍ය තැන්වල හා අනවශ්‍ය පුද්ගලයින් සමග භාවිතා නොකළ යුතුයි කියලා මම එදා ඉගෙනගත්තා. මොකද මේ ශ්‍රී ලංකාව නිසා. (නි)
අර පසුම්බිය පෙන්වූව කාන්තාවත් සමඟ පොලිසියට යන්න තිබුණේ...? (ම)
එහෙම ඇසින් දුටු සාක්කි නැතිව විමර්ශනයක් නැතිව බය කරලා සල්ලි ගෙන්න ගත්තේ මේකත් අර පසුගිය කාලයේ ලෝක ප්‍රසිද්ධ වුන පොලිසිය වගේ තැනක් වෙන්න ඇති. (බ)
කොහමත් ඉතින් පොලිසිය කාන්තාවට සලකනවනේ (බ)
මේ වග වැඩ හින්ද පොලිසිය තවත් පස්සට යනවා (බ)
මේක මුදල් පසුම්බිය අමතක වීමක් නොවේ මේක බිස්නස් එකක් මේ ගැනී මේක හිතලම අමතක කරලා යන්න ඇති අනෙක් ගෑනු කෙනා මෙයාගේ සහායකයා වෙන්න ඇති කොන්දොස්තරට මේක පෙන්නුවට පසු එය පොලිසියට බාරදීමට සිදුවන බව හොදින් දන්නා මේ දෙන්න හොදට ප්ලැන් කරලා මේක කරන්න ඇත්තේ හොදට හොයල බලන මුදල් පෙන්වූ කෙනා සහ මුදල් නැතිවූ කෙනා හොදට හදුනන අය නොවේද කියල ,මේවගේ දේවල් හඬ තමයි මිනිස්සු මේවා හිමිකරුවන් නොසොය ලැබුන දේ අරන් යන්නේ (බ)
එහෙම මිනිස්සුන්ගෙන් කිසිම සාක්ෂියක්වත් නැතිව පැමිණිල්ල හරිහමත් විදියට විභාග නොකර සල්ලි ගෙන්න කියන්න පුලුවන්ද ? (ර)
උදව් කරන්න ගියාම අද කාලේ ඔය වගේ ඒවා වෙනවා. (ර)
අනේ මෙහෙමත් ගැහැණු මායම්. (ර)
මේ කතාව ඇත්ත නම් පොලිසියට විරුද්ධව නඩු දාන්න පුළුවනි (බ)
කියපු පලියට මේකේ මෙච්චර තිබුනා කියලා ඔප්පු කරන්නේ නැතුව කියන්න බැහැනේ. කතාව ඇත්ත වෙන්න පුළුවන්, නමුත් අහිංසකයෙක්ගේ මහත්මා කමටයි ඔවුන් ගැරහුවේ. මේ මනුස්සයා අනිත් දවසේ ඇත්තටම උදව් ඕන කෙනෙකුටවත් උදව්වක් කරන එකක් නැහැ. (ර)
අවංක උදවියට මෙහෙම සලකන්නත් ලැබුනොත් ඉතින් අයිතිකාරයෝ නැති භාණ්ඩ දැක්කම මිනිස්සු ඉස්සර අර බෝම්බ පුපුරපු කාලේ පන එපා කියලා දුවපු විදියට දුවාවි. (හේ)
කල හොඳ පස්සෙන් එලවනවා කියන්නේ ඕවාට තමයි. කොන්දොස්තර කියන්නේ ධනවත් මනුස්සයෙක් නොවෙයිනේ. කොහෙවත් යන කෙනෙකුට නිරපරාදේ තමන්ගේ සල්ලි පුජා කරන්ඩ සිද්ධ වෙච්ච එකට නම් කියන්නට තියෙන්නේ පුරුවේ තිබිච්ච ණයක් ගෙව්වා කියලා තමයි. (ර)