ඉරිදා උදේ අටට රාගම ඉඳන් කොළඹ යන පෞද්ගලික බසය පිටත් වුණා. කොන්දොස්තර මල්ලී ඇඳන් හිටියේ ටී ෂර්ට් එකක්. ඩ්‍රයිවර් අයියාටත් එච්චර වයසක් පෙනුණේ නැහැ. කොන්දොස්තර මල්ලී බහින්නේ කොහෙන්දැයි අහමින් සල්ලි අර ගත්තා. හැබැයි ටිකට් එකක් දුන්නේ නම් නැහැ. මහබාගේදී බස් එකේ සෙනඟ බාගයක්ම බැස්සා. බස් එක කොට කොට යන්නට ගත්තේ ඊට පස්සෙයි.
වත්තල පහු කරද්දී කොන්දොස්තර මල්ලිට දුරකතන ඇමතුමක් ආවා. හදිස්සි කෝල් එකක් වාගේ. කලබල වුණු මල්ලී ඩ්‍රයිවර් අයියා ළඟට ඇවිත් බඩු හෑව් කියලා කියන ගමන්, අයිනක ගුලි කරලා තිබුණු කිළිටි නිළ ඇඳුම ඇඳ ගත්තා. පස්සේ එයා බස් එකේ ඔක්කොටම ටිකට් දීගෙන දීගෙන ගියේ ගංවතුර ආධාර බෙදනවා වගේ.
ඉස්සරහට ගිය බස් එක ටික වේලාවකින් පාරේ හිටපු බස් රථ පරීක්ෂක මහත්තුරුන් විසින් නවත්වනු ලැබුවා. මල්ලිගේ නිල ඇඳුම දැකපු ගමන් යන්න කියලා අතින් කීවා. බස් එක පිටත් වුණා. ඩ්‍රයිවර් අයියා දිහා බලපු කොන්දොස්තර මල්ලී ඇහැක් ගැහුවා. දෙන්නම කොක් හඬලා හිනා වුණා.
ක්‍රිස්ටෝපර් සීපියන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හෑල්ලු වෙන්නේ රටේ නීතිය නේද? (නි)
මෙය දිනපතාම සිදුවන සාමාන්‍ය දෙයක්. කොට්ටාව සිට කොළඹ යන සමහර බස්වල ටිකට් දෙන්නේ නැත. ‘ඇහින්දාස්‘ කට්ටිය තමා සේවකයෝ. ගරාජයේ මජං ඇඳුම, කණේ කරාබුව, කොණ්ඩෙ විච්චූරන. පිටින් බැලුවාම තණමල්විල ගිහින් ආ රජ කුමාරවරුන්ගේ බස් වගෙයි (නි)
බස් මගීන් විඳින කරදර ගැන හොයන්නේ නැතිව වෙන මොන හොයන්නද? (ම)
මේ ප්‍රවෘත්තිය පෞද්ගලික බස් සංගමයේ සභාපතිට දැන්නුවොත් ඔහුගේ අදහස කුමක්ද කියලා දැනගන්න කැමති. හැම තිස්සෙම ඉල්ලීම් පමණයි. බස් සේවකයන්ගේ විනය ගැන තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැහැ. (නි)
මේවායින් අන්තිමට රැවටෙන්නේ තමන්මයි (නි)
මේ හෑල්ලුවෙන්නේ රටේ නීතිය. හොඳම වැඩේ රියදුරන්ට පොඩි වැරැද්දටත් බලපත්‍රය අහෝසි කරන එක. එතකොට හරියට යයි. එ් වගේම නැවත බලපත්‍රය ගන්නකොට එය තෙගුණ කරලා එයින් 50%ක්වත් පරීක්ෂා කරපු නිලධාරීන්ට ගෙවන්න ඕනෑ. එතකොට බයටම විනය හැදිලා එයි. (නි)
ඉතින් කවුද රැවටෙන්නේ අන්තිමට? (නි)