තවත් බක් මහ උළෙලකි. ජන ක‍්‍රීඩා අතරට අමුතු අමුතු අලූත් ක‍්‍රීඩා ද එක්කොට තිබිණි. බැලූම් පුම්බා බැලූම් නළල මත තබා නටන තරග ද දිගම හූව තැබිය හැකි තරගකරු තේරීම ද ඒ අතර විය. ඒ අතර සුපුරුදු පරිදි අලියාට ඇස තැබීම, කනා මුට්ටි බිඳීම ද තරග ඉසව් අතර සූදානම්ව තිබිණි. සුළු සුළු තරග ඉවර විය. ලිස්සන ගසට තවමත් ජයග‍්‍රහයකු නැත. ඒ අතර කනාමුට්ටිය බිඳින තැන උණුසුම් විය. තරග කරුවන් මුට්ටි දෙකක් බිඳ තිබුණ ද ජයග‍්‍රාහි මුට්ටිය තවමත් ලණුවේය. අවට සිටි සියල්ලෝම කනා වටා රොක් වූහ. පිරිසගේ දිරිගැන්වීමේ ඝෝෂාව මැද කනා මුට්ටිය අසලට සමීප විය. වෙර ගත්තේය. වේගයෙන් පහරක් එල්ල කළේය. මුට්ටිය බිඳෙන හඬින් ක‍්‍රීඩා පිටිය දෝංකාර දෙද්දී යටි ගිරියෙන් කෑ ගසමින් තරුණියක් දඟලන්න වූවාය. කුමක් සිදු විනිදැයි බලා සිටි අය පුදුම විය. කනා විසින් බිඳිය යුතු ජයග‍්‍රාහී මුට්ටිය පාන්පිටි පිරවූ මුට්ටියකි. එය බිඳී ගොස් තිබුණි. ඒත් සමගම කුමක්දෝ විසිවී යනු ද බොහෝ දෙනා දැක තිබුණි. කිසිවකු විසින් පිටි මුට්ටිය තුළට ගෙම්බකුද දමා තිබිණි. ගෙම්බා මුට්ටියෙන් නිදහස්ව ගොස් ඊළඟට වැටී තිබුණේ යටිගිරියෙන් කෑ ගැසූ තරුණියගේ ළැම අතරටය. තරග අතරට නොහොබිනා දේ සිදු කළ කෙනා කවුදැයි බොහෝ දෙනා දොස් කියද්දී තරුණියගේ ළයට පතිතවූ ගෙම්බා ඉවත් කිරීමට සංවිධායක මණ්ඩලයේම තරුණියෝ කිහිප දෙනෙක් එක්ව සිටියහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ..ගෙම්බා හරි පවු නේද?
සත්ව හින්සාව හෙලා දකිමු....
ගෙම්බා පොලු පහර වැදිලා මැරුනා නම් කොච්චර පවුද?
බොහෝ විට නොකිව්වට අන්තිමට වෙන්ඩ ඇත්තේ ගෙම්බා මරන්ඩ ඇති ..කාටවත් හානියක් නැතිව අවුරුදු කෑවනම් කොයතරම් හොදද ...කාටවත් හිංසා නොකර
අසරණ ගෙම්බට මොනව උනාද?
අනේ මේ ගෙම්බටත් තියෙන විසේ
ඕක තමයි කියන්නේ ගෙම්බන්ටත් රජ සැප තියෙනවා කියලා
නරක මිනිස්සු, පවු අසරණ සතා.
පවි අහිංසක සතා...
ගෙම්බාට රජ කාලේ දඩුවම් දී තරුණිය සරණපාවා දිය යුතුයි
ගෙම්බා ගෙන් අහන්න ඕනි කෙල්ල ගැන විස්තර
ගෙම්බා පොලු පහර වැදිලා මැරුනා නම් කොච්චර පවුද?
මේක නොහොබිනා වැඩක් නෙමෙයි.ඔය වගේ විහිළු වැඩ අවුරුදු උත්සව වලදී වෙන්න ඕනි.
ඔය තරඟයට "ගෙම්බාට කිරි පෙවීමේ තරඟය" කියල නම දාල තිබුණ නම් ඔය ප්‍රශ්න නෑනේ...
නිරපරාදේ සත්තුන්ට හිරිහැර කරන්න නරකයි
මමත් සංවිධායක මණ්ඩලේ හිටියනම්...
ගෙම්බට රජ කාලේ දඩුවම් දෙන්න ඕනි
කවුරු උනත් ගෙම්බා දාපු කෙනා මෝඩයෙක්
මොනවා උණත් ගෙම්බත් අවුරුදු කෑවා එහෙනම්...
අනේ... මම ඒ ගෙම්බා වුණා නම්...
මෙයා ගෙම්බෙක් වෙච්ච හින්දම හොදයි
ඒ මුට්ටිය ඇතුළේ හිටපු ගෙම්බා මම වුණානම් කොච්චර එකක්ද?
අවුරුද්දට කරපු ලස්සන විහිළුවක් හැමදාම මතක තියේවි
ගෙම්බට තියෙන සැප...