සිංහල අලුත් අවුරුද්දට සිය ගම් රට බලා පැමිණි හෝටලයක වේටර්වරයකු සිය මිතුරන්ගේ උපදෙස් පරිදි වැටුප වැඩි කර ගැනීමේ අරමුණින් ගැසූ ගැටය කණපිට පෙරළීමෙන් රැකියාවද අහිමිකරගෙන හෝටල් හිමියා වේටර් කොලුවා කිරීමේ අපූරු සිද්ධියක් පිළිබඳ දකුණේ කුරුඳු බහුලව ඇති ප්‍රදේශයකින් වාර්තා වේ.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
දකුණේ පිටිසර ගමක විසූ දුප්පත් තරුණයකු රැකියාවක් ඉල්ලමින් දුක කියමින් තැන තැන ගිය අතර ඔහු ගැන අනුකම්පා කළ හෝටල් හිමියකු හෝටලයේ සේවය කරන ලෙස ඔහුට පැවසුවේ ප්‍රමාණවත් සේවක පිරිසක් සිටියද මෙම තරුණයා පත්ව ඇති තත්වය ගැන පිහිටවීමේ අරමුණ ඇතිවය.
පසුව සියලු පහසුකම් දී තම නිවසේ කාමරයක් පවා වෙන්කර නවත්වා ගත් අතර හිතවත්ව හා කාර්යක්ෂමව සේවය කර හෝටලයේ වේටර් කටයුතුවලට පමණක් සීමා නොවී මුදල් ලාච්චුව පැවරීමට තරම් මේ තරුණයා හෝටල් හිමියාගේ සිත දිනා ගත්තේය.
එමෙන්ම මෙතෙක් සේවය කළ සේවකයන් අතරේද මත භේද ඇතිකර ඔවුන්ගේද රැකියා අහිමි කළ ඔහු හෝටලයේ ප්‍රධාන හා එකම වේටර් වූයේ තනි ගේමක් දෙන බව පවසමිනි. හෝටල් හිමියා ද මොහු කරන සේවය ගැන හා ඔහුට ඇති ආර්ථික ප්‍රශ්න ගැනත් සිතා වැටුප් දෙගුණ කර තමාගේ සුවච කීකරු ගෝලයා බව තම මිතුරන්ට පවා හඳුන්වා දුන්නේ මහත් අභිමානයෙනි.
කෙසේ වුවද පසුගියදා සැලකිය යුතු මුදලක් ද රැගෙන අලුත් අවුරුදු සැමරීමට සිය නිවසට ගොස් යහළුවන් වෙනුවෙන් අතපය දිගහැර වියදම් කළ අතර මිතුරන් හා සප්පායම් වන අතරතුර දී ඔහුගේ වැටුප් ඉතා ඉහළ බවත් තමා නොමැතිව මුදලාලිට කිසිවක් කරගත නොහැකි බවත් පවසමින් පාරම් බෑවේ මඳ සිහියෙනි.
එවිට එ් පණ්ඩිතකම ඉහවහා ගිය මිතුරකු තවත් පඩි වැඩිකර ගත හැකි බව පවසමින් කදිම උපායක් යෝජනා කළේය. එනම් නව වසරේ පළමුව හෝටලය විවෘත කරන දා පාන්දරින්ම පැමිණෙන බව පවසා හෝටලයේ කෑම බීම පිළියෙල කළ පසු පඩි වැඩිකරන ලෙස ඉල්ලීමක් කර එසේ නොකරන්නේ නම් නොපැමිණෙන බව පවසන ලෙසය. එවිට හෝටල් හිමියාට එම ඉල්ලීම ඉටු කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවද මිතුරන් පැවසුවේ ගණදෙවි නුවණ පහළ වූ විලසිනි.
එය හොඳ උපක්‍රමයක් බව සිතූ ඔහු මිතුරන්ටද ස්තුති කර මිතුරන් පැවසූ පරිදි හෝටලය ආරම්භ කරන දා උදෙන්ම ඇමතුමක් ගෙන පැවසුවේ නව වසරේ රු. 5000 කින් පඩි වැඩි නොකරන්නේ නම් පැමිණිය නොහැකි බවය.
හෝටල් හිමියාට දෙලොව රත් විය. දවසේ ආහාර සියල්ල පිළියෙළ කර හමාරය. හෝටලය වසා දැමුවත් මෙවැනි දුදනන් නැවත නොගන්නා බව පවසමින් වහාම තම බිරිඳ අයකැමි ලෙස යොදවා හෝටල් හිමියා වේටර් කොලුවා වශයෙන් කටයුතු කළේය.
දින දිවා කාලය වන විට කඩහිමියාට තේරුම් ගියේ හෝටලයේ ලාභයට වඩා මුදලක් ක්‍රමයෙන් තමා අතට පත්වන බවයි.
එදින රාත්‍රී වැඩ අවසන් වන විට තෙහෙට්ටුවක් දැනුනද සන්තෝසම (ටිප්) සඳහා ලැබුණ මුදල් රැස් කළ පෙට්ටියේ එකතු වී තිබූ මුදල ගැන බලන විට සියලු අමාරු තුරන් විය. එහි රුපියල් 5560.00 ක් තිබුණි. හෝටලයේ ලාභයට වඩා වේටර් රැකියාව හොඳ බව තේරුම් ගත් හෝටල් හිමියා මොහුගේ සේවය අනවශ්‍ය බවත් නැවත කිසිදා හතර මායිමටවත් නොපැමිණෙන ලෙසත් පවසමින් ඇමතුමක් දුන්නේය.
එය ඇසූ වේටර්වරයා පිස්සකු මෙන් උපදෙස් දුන් මිතුරන්ට බැණ වදින විට වැඩිහිටියකු පැවසූවේ කාපු පතේ පහරන අයට මෙය හොඳ පාඩමක් බවය.
රජ්ගම විශේෂ ධර්මදාස සිරිවර්ධන
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කාපු පතේ පැහැරූ වේටර්ගේ ජොබ් එකට තට්ටු