කාක් කූඩුවකින් වැටුණු කාක් පැටියෙකි. ඌට පියෑඹීමට නොහැකි නිසා කාක්කි සහ කාක්කා උගේ ආරක්‍ෂාවට අසලට වී සිටියහ. ඒ අසලින් ගමන් ගන්නා සෑම දෙනාටම කාක්කෝ දෙදෙනා කොටන්නටවූහ. කාක්කන්ගේ පහරකෑමට ලක්වූ පාරේ ගමන් කරන්නෝ හිස හැරුණු අත දුවන්නට වූහ. මෙම දසුන අසල තරුණයින් හට විනෝදය ගෙන දෙන්නක් විය.
තරුණයින් කාක්කන් කොටන බව කිසිවෙකුට පැවසුවේ නැත. මේ අතර ඒ අසලින් යෑමට පැමිණි මවක් සහ දරුවෙකි. ඔවුනට එතැනින් ගමන් කරන අයට කාක්කන් කොටන අයුරු දැකගන්නට ලැබිණි. තරුණයෙක් කුඩා දරුවා අමතා, ”පුතා ඒ මයින් පැටියෙක් කාක්කෝ ඌට කොටනවා” යනුවෙන් පැවසීය. කුඩා දරුවා එය විශ්වාස කර, ”අම්මේ අපි ඌව ගෙදර අරන් යමු” යි පිංසෙන්ඩු විය.
පිස්සුද පුතා අපි ඌ අල්ල ගත්තොත් කාක්කෝ ටික අපට කොටයි. යනුවෙන් පැවසූ මව දරුවාද රැුගෙන අනෙක් පසින් ගමන් කළාය. පැය භාගයක් ගතවිය. දරුවා තම පියා සමඟ එතැනට පැමිණ ”අර ඉන්නේ මයින් පැටියා” යැයි පවසා කාක් පැටියා පියාට පෙන්වීය. පුතා පාරේ එහා පැත්තෙන් ඉක්මනට ගෙදර දුවන්න. යැයි පැවසූ පියා කාක් පැටියා තම දෑතට රැුගෙන යන්නට විය. කාක්කන් කෑ ගසන ශබ්දයක් ඇසිණි. කාක්කෝ විසි පහකට අධික සංඛ්‍යාවක් පැමිණ කාක් පැටියා අල්ලාගත් අයට කොටන්නට වූහ. කාක්කන්ගේ ප‍්‍රහාරය මැද ඔහු කාක් පැටියා ද රැුගෙන වේගයෙන් ඉදිරියට දුවගොස් හිතවතෙකුගේ මෝටර් රථයකට නැගී නොපෙනී ගියේය. නාරාහේන්පිට නගරයෙන් අසන්නට ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොලඹ කොල්ලොයි ,කෙල්ලොයි , කාක්කොයි ඔක්කොම එකයි කොටන්නමයි බලන්නේ විශේෂයෙන්ම කපුටියෝ.(නදී)
කොළඹ කපුටෝ ගමේ කපුටෝ වගේම ද ? ඒ කියන්නේ මේ පාට සහ හැඩ රුව (ස)
කොළඹ කපුටෝ ඕන තරම්. (ස)
බලන්න ඒ කපුටු අම්මයි තාත්තායි තමන්ගේ දරුවා රැකගන්න හදන හැටි (නි)
අනේ පවු කාක් පැටියා! (නි)
ඔව් අනුෂ්කා, ඒක ඇත්ත. කුසුම්, මගෙන් ඔබට තුති කුසුම් මිටක්....!!!! (නි)
කපුටු සාස්තරය හරි. (ස)
කොහේ හරි තියන තීන්ත බාල්දියකට පැනලා මොන විදිහට පාට වෙනස් කරගෙන ආවත් කට ඇරපු ගමන් කියන්න පුළුවන් මේ කෑ ගහන්නේ අර පරණ හිටපු ලෙඩ කපුටම තමයි කියලා. (නදී)
අනේ! මම දැනුයි දැක්කේ, නිතර කුණු ගොඩ අසල සිට සද්දේ දමන, මහ කළු කපුටා, ලඟදි දරුණු ප්‍රහාරයකට ලක් වුවත්, ආයෙත් වැටිලා තියෙන්නේ කුණු ගොඩටමයි. තටු දෙක කැඩී ඉගිල්ලෙන්න බැරි උනත්, කටේ සද්දේ නම් පොඩ්ඩක් වත් අඩුවෙලා නැහැ වගේ. පව් ඉතින් හැමදාම කුණු ගොඩේ තමයි. කවුරුත් අරන් යන්නෙත් නැහැ මහලු කාක්කා නිසා. (අ)
මනෝජ් මල්ලි ඇත්තක් කිව්වේ..මටත් කෙටුව කපුටියෝ ටිකක් ..කට උත්තර නැහැ..වෙනසකට තියෙන්නේ උන් පිට රට ලැජ්ජා බයට හැදිච්ච කපුටියෝ..(නදී)
කපුටන් ඇති කිරීම නීතියෙන් තහනම්. ඒ නිසා මේ ගැන සොයා බලා ඒ සතා නිදහස් කල යුතුයි කියා මා සිතනවා.(ස)
කපුටෝ ටික වටකරගත්තම බේරිලි බොරු. හරියට අපේ ගමේ ගොඩේ ලැජ්ජා බයට ගෙයි මුල්ලේ හැදුනු බවලතියෝ ටික වටකර ගත්තා වාගේ තමයි. ඇපත් නැහැ.(නදී)
හරියට හරි සුනිල් (නදී)
මෙයාට පිස්සු.(නදී)
සුනිල් එ්ක නම් හරියටම හරි (නදී)
ඔන්න කොළඹ තරුණයන් ගේ මට්ටම.(නදී)
මට නම් කාක්කෙක් කොටලා තියනවා. තරුණයින්ගේ විහිලුව නම් එච්චර හොඳ නැහැ පොඩි ළමයෙකුත් හිටිය නිසා.(නදී)
මෙයා කාක්කෝ කන කෙනෙක් වෙන්න ඇති.(නදී)
අනුන්ට හිංසාවක් වෙනවා දැකල සතුටු වෙන්න පුරුදු වෙන අපේ තරුණයන්ට ( මෙහි සදහන්) තමන්ගේ කෙනෙකුට මෙය සිදු උනා නම් කියල හිතන්න බැරි උනේ ඇයි? අනික ඔතනින් වයසක් හෝ ආබාදිත හෝ පුද්ගලයෙක් ගියානම් එ්ත් ඔවුන් හැසිරෙන්නේ මෙහෙමද? මොනවා වෙතත් මයිනා හෝ කාක් පැටියා වෙනුවෙන් ඒ දරුවා කල දේ හොද දෙයක්! පේනවා නේද සතෙකුගේ උනත් දරු සෙනෙහස! එ්ක අපේ මතු පරපුරට කවදා තේරුම් යයිද ? (නදී)
කාක්කා තමාගේ පැටියාට ආදරෙයි. මිනිසුනුත් තමන්ගේ දරුවන්ට ආදරෙයි. මනසින් උසස් යැයි සම්මත මිනිසා ඒක තමන්ගේ දරුවන්ට පැහැදිලිව තේරුම් කර නොදී අම්මෙක් තාත්තෙක් ගෙන් පැටව් සොරකම් කිරීම ළමයින්ට දෙන වැරදි ආදර්ශයක්. (අ)