(මොරගොල්ලාගම - සිසිර නන්දන කැලේගම)
උඩින් ගිය ඉබ්බකු දැක එයට පිරිසක් හූ හඬ නගද්දී ඉබ්බා පොල්පිතිගම නගරය මැදට ඇද වැටීමේ පුවතක් එම ප‍්‍රදේශයෙන් අපට අසන්නට ලැබිණි.
කොක්කු ජෝඩුවක් ගුවනින් ඉබ්බකු රැගෙන ගිය කතාව අපි අසා ඇත්තෙමු. එම ඉබ්බා බිමට වැටුණේ ඉබ්බාගේම වරදිනි. එහෙත් මෙම ඉබ්බාගේ වාසනාවකට මෙන් ඌ බිමට වැටී ඇත්තේ රැුගෙන ගිය කොකාගේ වරදකිනි.
එදින සවස් යාමය අධික වර්ෂාව පැවති මොහොතකි. වැස්ස නිසා මග දෙපස වෙළෙඳසල් අවට ද විශාල පිරිසක් රැඳී සිටියහ.
මේ අතර වැස්සේ තෙමි තෙමී මාවත ඔස්සේ පැමිණි යතුරුපැදියකි. ඔහු කාපට් වෙළෙඳාම් කොට ආපසු තම නිවෙස කරා යමින් සිටියේය. යතුරුපැදියේ පිටුපස කාපට් රඳවා තිබිණි. එහි සඟවා සිටි ඉබ්බකු කෙසේ හෝ එළියට විත් කාපට් මත එහෙ මෙහෙ අපහසුවෙන් සැරිසරනා අයුරු රැස්ව සිටි පිරිසකගේ නෙත ගැටුණි.
හූ..... හූ..... අන්න ඉබ්බෙක් උඩින් යනවෝ..... රැස්ව සිටි පිරිස අතරින් කිහිපදෙනෙක් ඔච්චමට මෙන් කෑගැසූහ.
ලැබෙනා අපවාදයට වඩා ඉබ්බකු අතැතිව නීතියට කොටු වුවහොත් ඉන් හිමිවන දඬුවමේ බරපතළකම දත් ඔහු ඔවුන් අතරින් මිදී පලා යාමට මෙන් යතුරුපැදියේ වේගය වැඩි කළේය.
ඔහුට යාමට හැකි වූයේ ටික දුරකි. ඉබ්බා මහ මගට ඇද වැටුණි. වැස්ස නිසා ගලා යන දිය පහර ඔස්සේ ඌ යාබඳ වැවකට ඇදී ගියේය. යතුරුපැදිකරුවා පලා ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැහැ,ඉබ්බා වෙනයි,කුකුළා වෙනයි. දෙන්නාම එක වාගේ වෙන්නේ කොහොමද? (නි)
වාසනාවන්ත ඉබ්බා! පහන්ගේ කතාවට ස්තුතියි (නි)
කෑවේ නැත්නම් දැන් ඉබ්බා ඉන්නේ කොහෙද? (නි)
මමත් පාර්ලිමේන්තු පාරේ ඉඳල ඉබ්බෙක් අල්ලාගෙන ගෙදර ගෙනිච්ච. මගේ යාලුවෝ මට කියන්නේ මම ඉබ්බව කෑවලු. මට ඉබ්බා කිව්වහම තරහ යන්නේමත් නැත්තේ නැහැ (නදී)
සහන්, ඉබ්බා අන්තිමට කිවේ තව ඩින්ගෙන් බිම බන් කියලලු ! මොනවා උනත් කතාව රසවත් (නදී)
ඉබ්බා වාසනාවන්ත ඉබ්බෙක් (නි)
තව ඉබ්බෙක්ව වතුර විල පේන මානයටම ගෙනල්ල වැටිලා මැරුනා. කාටහරි කියන්න පුලුවන්ද මොකද වුණේ කියලා? (නි)
ප්‍රසන්න, කුකුළා පක්ෂියෙක්. ඉබ්බා උරගයෙක්. (ර)
ප්‍රසන්න, ඉබ්බා තදයි කුකුලා සැහැල්ලුයි. (ර)
අලුත් පරම්පරාවේ ඉබ්බාගේ කතාව ඔයාල දන්නවා නේද ?මම කලිනුත් ලිව්වා හැබැයි ඔන්න ඉබ්බෙක් වතුර හිදිගෙන යන වලක ඉන්නවලු (අර උඩින් ගිහිල්ල කටපරිස්සම් කරගත්තේ නැති ඉබ්බා මෙයාගේ මුත්තා )කොක්කු දෙන්නෙක් ආවලු මාළු කන්න .ඉබ්බා කියනවලු අනේ යාලුවනේ වතුර හිදිගෙන යන්නේ මාව වෙන වතුර තියන විලකට ගෙනියන්න කියල කොක්කු දෙන්න කිව්වලු අපෝ අපිට නම් බැහැ ඔයාලගේ මුත්තා ට අපේ මුත්තල උදව් කරන්න ගිහිල්ල කටපරිස්සම් කරගන්න බැරුව ඔයාලගේ වැටිලා මුත්තා මරුන අපෝ අපිට නම් බැහැ කියල .අපෝ එහෙම කියන්න එපා මම අලුත් පරම්පරාවේ ඉබ්බෙක් මම කටවගෙන ඉන්නම් කිව්වලු .ඉතින් හරි අමාරුවෙන් කොක්කු දෙන්න කැමති කරගෙන කොටුව කටින් අල්ලාගෙන දැන් අහසට නැග්ගලු .අර ඉස්සර කොල්ලෝ කෑ ගහපු වෙලේ අලුත් පරම්පරාවේ කොල්ලෝ ක්‍රිකට් ගහනවලු .මේක දැක්ක විතරි කොල්ලෝ කෑගහන්න ගත්තලු අන්න කොක්කු දෙන්නෙක් ඉද්බෙකුට කඩේ යනවෝ කියල .කොක්කු දෙන්නට හොදටම කේන්ති ගියාලු .ඇහුවලු කොක්කු කවද්ද බොලව් ඉබ්බන්ට කඩේ ගියේ කියල ?දැන් කොක්කුන්ගේනේ කට ඇරුනේ ඉබ්බා හෝ ගාල වටෙනවලු .දැන් කොක්කුන්ට තේරුණා ලු වෙච්ච වැරැද පටස් ගාල පහලට කර නම් දෙකක් ගහල අර කොටුව කටේ තියාගෙන වැටෙන ඉබ්බාගේ කොටුවේ දෙපැත්තෙන් අල්ල ගත්තලු .ඉබ්බා කිව්වලු තැනක් යු මචන් කියල .ආයෙත් ඉබ්බා බිම . (අ)
උදේ පාන්දරම කටට කෙල ඉනුවා...........(ස)
අනේ! අසරණ සතා බේරුන එකට නම් හරිම සතුටුයි.සමහර අය පව්කාර කතාත් කියනවා. (නි)
ඇයි ඉබ්බා කන එකද ප්‍රශ්නය කට්ටියටම? ඉබ්බත් එකයි කුකුළත් එකයි.. (නි)
ඉබ්බෝ වලක් හදාගෙන ඉබ්බෝ කාපු මනුසයෙක් හිටිය අන්තිමේ වයසට ගිහින් ලෙඩ වෙලා රෝහල් ගිහින් ප්‍රතිකාර කරන්න ගියාම ඉන්ජෙක්සෝන් ගහන්න බැරි වුණ මස් තද නිසා , අන්තිමට ඉතින් මරුන ඔන්න ඔහොමයි ඉබිමස් කැමේ ආදීනව ! (අ)
සිරිපාල හරිම පවුකාරයෙක්! (නි)
ඉබ්බාගෙ වාසනාව. (ර)
ඉබ්බාගෙ වාසනාව! (නි)
සිරිපාලගේ අැගේ වැදිලා හමාගෙන යන හුලංපොදක් වදින මිනිහටත් ..සැනසීමක් ලැබෙන්නෙ නැහැ ඒ තරමට පව්කාරයි..! (බ)
අනේ පව් අහිංසක ඉබ්බා,පෙර කරපු පිනක්වත් තියෙන්න ඇති ඔය වාගේ ගැලවෙන්න. (ස)