නිවෙසක රාත‍්‍රී කාලයේ පැවැති මංගල සාදයකි. කටගැස්මට බැදපු මාළු කූරියකු බැගින් මේස මත තබා තිබිණි. හැම මේසයකට එකා බැගින් වූ මෙම කූරියකුගේ බර කිලෝ බාගයක් පමණ විය. කාන්තාවක වාඩි වී සිටි කෑම මේසයේ මාළු කූරියකු නැත. සංග‍්‍රහ කමිටුවේ සාමාජිකයකු අඩුපාඩු විමසමින් මේසයෙන් මේසයට ගියේය. එක් මේසයක මාළුවා නැති බව ඔහු දුටුවේය. ඔහුගේ ඉරියව් ගැන එතැන සිටි සගයෙක් විමැසීය. ‘නෑ මොකුත් නෑ’ කියමින් ගෙහිමියා වෙත විගසින් ගිය ඔහු කීවේ මේසය යට බෑගයක මාළු කූරියකුගේ වලිගයක් දක්නට ඇති බවයි. මාළු කූරියකු නිසා කිසිවකුගේ ආත්ම ගෞරවයට කැළලක් නොවිය යුතු යැයි සිතු ගෙහිමියා සිය සගයා අමතා මෙසේ කීය. ‘හරි කමක් නැහැ. අපි හරියටම දන්නේ නෑනේ කොහොමද ඕක වුණේ කියලා. සමහරවිට කවුරුහරි විහිළුවටත් කළාද දන්නෙත් නැහැ. කොහොම වුනත් ඔයා ඒ ගැන හාර අවුස්සන්නේ නැතිව තව මාළුවකු එතැන මේසයට යවන්න. මොහොතකදී තවත් මාළු කූරියෙකු මේසයේ දැකගත හැකි වූයේ සගයා එම උපදෙස් අකුරටම පිළිපැදීම නිසාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරත්, ඔයා හිතාගෙන ඉන්නේ දෙයියෝ සාක්කි තියෙන්නේ හිනා වෙන්න විතරයි කියලද? ඒකට ඔය විනෝද සමය වගේ එකක් බලන්න. (නි)
දැං ලංකාවෙ අයට පාන් රාත්තලක්වත් ගන්න බැරි කාලෙ බැදපු මාලු කන්න හිතන්නෙත් නැහැ..! (නු)
අද කාලේ බැදපු මාලු කූරියෙක් කොයි තරම් ගාණක් වටිනවාද? (නි)
දැන් ඉන්න මිනිසුන් බොහෝ දෙනෙක් හට කන්න නැති නිසා ගෙදර ඉන්න දරුවෙක් වත් මතක් වෙලා ඔහොම කළාද කියලා කවුද දන්නේ? (නි)
මොලේ තියෙන මිනිස්සුත් ඉන්නවා ලංකාවෙ...(නු)
අනේ පවු. මාලු කන්න තියෙන ආසාවනේ.කන දේවල් වලට මොනවට කෑ ගහනවද? (නි)
මොනවා හරි කෑවයි කියලා ඇයි මෙච්චර කෑ ගහන්නේ? (නි)
මාළුවට පණ ආව වෙන්න බැරිද ???
අමිලගේ උපදේශයට ගොඩක් ස්තූතියි. (නි)
මේ ගෙහිමියා වගේ අය තව තවත් වැඩි වෙනවනම් හුඟක් ප්‍රශ්න අඩුයි.......(ස.වි)
මලු බබෙක් වෙන ඇති (දී)
මොනවා වුණත් ඒක සාදයක්.එහෙම එකකදී මෙහෙම දේවල් සුළු දේවල්නේ. (නි)
සමහරවිට ගෙදර බඩගින්නේ ඉන්න දරු පැටවුන්ට කන්න දෙන්න ගත්ත වෙන්න බැරිද???? ඒ වගේම ගෙදර යනගමන් හොරපොට් එකෙන් මදි පාඩුවට කාලක් ගහන්න බයිට් එකට ගත්ත වෙන්නත් පුළුවනි නේද??? (නි)
අද සමාජය දිහා බැලුවහම මෙම ගේ හිමියා ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් ...සසරේ හොඳ ගති පැවතුම් තියෙන කෙනෙක්......(ස.වි)
ආත්ම ගෞරවය ගැන කියන මොහු මෙහෙම දාන එක හරිද ඉතින්...(ස.වි)
ගේ හිමියගේ ආදර්ශය ශ්‍රේෂ්ඨයි.....(ස.වි)
දැන් මොකටද හානාවෙන්න ඕන.........(ස.වි)
ඇත්තටම නිහමානී ගැහැණියක්.....(ස.වි)