වෙළෙඳසලකින් වැඩි මිලට ගත් කුකුළු මස් පාර්සලයක් ශීතකරණයේ දමා තිබිය දී එතුළින් කුකුළකු හඬලනු ඇසීමෙන් බියට පත් ගෘහ සේවිකාවක් පිළිබඳ පුවතක් අසන්නට ලැබුණේ කළුතර ප‍්‍රදේශයෙනි. ගෙදරට කුකුළු මස් ගෙනාවේ පසුදා පැවැත්වෙන සාදයක් සඳහා පොඩි පුතා විසිනි. ඒවා ශීතකරණයේ දමා ගෙදර වැඩකරන සේවිකාවට ඒ බව කියා ඔහු කාමරයට ගියේය. මොහොතකට පසු ශීතකරණයෙන් කුකුළකු හඬලන්නට විය. ගෘහ සේවිකාව දුවගෙන ගොස් ගෙදර නෝනාට මේ බව කීවේ බියෙන් ගැහෙමිනි. එතැනට ආ ඇයට ද පැහැදිලිව කුකුළු හඬ ඇසිණ. ඇය ශීතකරණයේ දොර ඇරියේ බියෙනි. ඒ සමගම කුකුළු හඬ නැවතිණ. ඇය පසුපසම දිව ආ පොඩි පුතා කීවේ අපූරු කතාවකි. ”මට මතක නැතුව මස් පාර්සලයත් එක්ක මගේ හෑන්ඞ් ෆෝන් එකත් ෆ‍්‍රිජ් එකේ තියලා. හැම තැනම හොයලා නැති තැන රිං එකක් එව්වා. ඒකෙ තියෙන්නේ කුකුළා හඬන සද්දෙනේ” කී ඔහු ශීතකරණයට එබී කුකුළු මස් පාර්සලය ළඟ තිබූ ජංගම දුරකථනය රැගෙන ගියේ තවමත් කට ඇරගෙන බියවී සිටින සේවිකාවටත් අම්මාටත් ඔච්චම් කරමින්ලූ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම එකක් මම මේ ඇහුවමයි. (නි)
අනේ බොරු පුතා.... (ස)
අබුද්දස්ස කාලෙනේ! (නි)
නියම වැඩේ තමයි. (නි)
මහ ලොකු සිංහල බෞද්ධයෝ... ගිලින්නේ කුකුළ් මස්. (නි)
මම කිතිකවාගන්නද ? (ස)
කෑම කන්න පවා එපා වෙනවා
බොරුව වුණත් ඇත්ත වගේ තමයි දාන්න ඕනෑ හොදේ. (නි)
හරි හිනා. ෂෝක් කතාව. (නි)
අනේ කාලේ වනේ වාසේ
කුක්කු කූ කූ කුකුළා හඩනවා කුකුළගෙ මස් ටික, ශීතකරණේ තියෙනවා... (නි)
ෂෝක් කතාව අප්පා... (නි)
කෑම පාර්සලේ ළග බිත්තරයක් තිබුණේ නැද්ද? (නි)
කුකුල් මස් නැතුව බත් කන්න බැහැ වගෙයි. (නි)
අනේඅනිච්චං.....! සංසාරෙක හැටි.....(ස)
මේවා ඇත්තද? (නි)
විළිලැජ්ජාවේ සන්තෝසේ බැහැ අප්පේ. (නි)
ඉතිං දුරකතනයත් එක්කම සාදයට ගත්තා නම් ඉවරයිනේ. (නි)
සිනහා නොවී සිටිය නොහැකි කතාවක් . (නි)
අද කතාව හෙඳෙයි (ස)
කුකුළා හඬන රිගින් ටෝන් එක දුරකථනයට දැම්මේ පොඩි පුතාගේ පෙම්වතියද?(ස)
ඒකත් දමන කුකුලා වගේ එකෙක්ද දන්නෙ නැහැ..!(නු)
නියමයි (ස)
ෆෝන් එක සීතලට ගල් ගැහිලා නැද්ද ?(ස)
අනේ මේ දුරකථනය අමතක වෙලා හරි ශ්‍රීතකරණයේ තියයිද? (නු)
හොද වෙලාවට තොයිලයක් නොකර බේරුණේ. (නි)
කුක්කු කූ කූ................(ස)
හොඳ කතාවක් (ස)