යමකුට හරිමඟ කියාදිමේ වගකීම පැවරී ඇත්තේ ගුරුවරයාටය. එසේ වුවද අබුද්දස්ස කාලේ ගුරුවරුන්ටත් දැන මුතුකම් කියාදීමට සිදුව තිබේ. වයඹ ගමකින් වාර්තාවන කිරිගොවියකු විදුහල්පතිවරයකුට හරිමඟ කියාදුන් පුවත සැකෙවින් මෙසේය. මේ දිනවල පාසල් දරුවන් ගේ කායික හා මානසික පෝෂණය වර්ධනය කිරීමට දියරකිරි වේලක් ලබාදීමේ රජයේ වැඩපිළිවෙලක් ඇරඹී ඇත. දේශීය කිරි ගොවියාගේ ආර්ථිකය සාර්ථක කිරීමටත් මේ වැඩපිළිවෙල වැදගත් වෙයි. අදාළ උපදෙස් විදුහල්පතිවරුන්ට ලැබී ඇති නිසාදෝ විදුහල්පතිවරු කිරිගොවීන් කරා ගොස් කිරිමිලට ගැනීමට සොයා බලති. එක්තරා විදුහල්පතිවරයෙක් ප‍්‍රදේශයේ තරුණ කිරිගොවියකු මුණ ගැසීමට ගියේය. ස්කෝල ළමයින්ට කිරි දෙන්ට යනවනෙ. ඒක හරි හොඳයිනෙ. මගෙන් මොනවද කෙරෙන්න ඕනෑ. කිරිගොවියා ඇසීය. මලේ කිරි ලීටරේට රුපියල් පනහක් විතර ගෙවන්න පුළුවන් අපේ පාසලට කිරි ලීටර් හැටක් විතර ඕනෑ. පුළුවන්ද ඒ කිරිටික දෙන්න. අපෝ දෙන්නම් කෝ කිරි ගොවියා කිවේය. කිරි ලීටර් හැටක් වුණාට හැටම එපා ලීටර් පනහක් දෙන්නකො. මං ඒක හැට කරගන්නම්. ලීටරේට රුපියල් පනහ ගානේ ගෙවනවනේ. ඒක අපි දෙන්නා ලීටර් පහ ගානේ බෙදාගෙන දවසට රුපියල් දෙසිය පනහ ගානේ බෙදාගමු. විදුහල්පතිවරයා කීවේය. ”දෙයියෝ සාක්කි” කියා නළලේ අත ගසාගත් ගොවි මහතා ”අනේ! පි‍්‍රන්සිපල් උන්නැහේ මට නම් බෑ ඒ පාප කර්මෙට කර ගහන්ට දරුවන්ට දෙන දේත් ගසාකාලා හම්බකරනවට වඩා හොඳයි වහකාල මැරෙනවා. ඔහේ ඔය බලූ වැඬේට වෙන කවුරුවත් අල්ල ගන්නවා. ඔයවගේ සල්ලි පෙරේතයෝ තවත් ඇති. මං හිතාන හිටියේ මගේ ගානේ කිරි ලීටර් දෙකක් ගුරු මණ්ඩලයටත් දෙන්න. මට දෙන්න කිරි නෑ. කිරිගොවියා මූණටම කීවාලූ”.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලන්කාවෙ කොහෙද කිරි ගොවියන් ඉන්නේ? ලංකාවෙ ගොවියා කියන වචනෙට හරක් බලන අයයි , මස් වෙළදාම් කරන අයයි ඇතුලු කිරීම හොද නැහැ. ඒ කියන්නෙ ඒ ගොල්ලන්ට සළකන්න එපා කියන එක නොවේ. ලංකාවෙ ගොවියා කියන වචනෙ තියෙන අවිහිංසාව රැකගන්න. (නි)
අයියෝ! ලොකු සර්. (නි)
මොනවාද මේ වැඩ
තරුණ කාලෙ හැමෝම වගේ අවංකයි. දුසිරිත් පුරුදු වෙලා ඇට්ටර වෙන්නෙ මැදි වයසට යද්දි බව සමාජයේ වෙන දේවල් වලින් පේනවා. විවාහ වුනාට පස්සෙ අඹු දරුවන්ට කන්ඩ බොන්න දීලා යහපත් විදියට ඉන්න තරම් පඩියක් දෙන රැකියා නැතිකමත් මේකට බලපානවා. වැදගත්කම හොඳයි. ඒත් සල්ලි වලට දෙන තැන වැදගත්කමට ලැබෙන්නෙ නැහැ. (නි)
සිසිර ඔයා හරි මේවා මහා නරක වැඩ. බලාගෙන යනකොට කකුල් හතරෙ අය හොඳයි (අ)
අද රටේ අන්තිම කැත වැඩ කරන්නෙ ගුරු හොරු (අ)
මොකද්ද අනේ ඒ කතාව
ගොවි මහතාණෙනි, ඔබට ජය වේවා! (නි)
අයියෝ සල්ලි
කිරි අප්පට පිනා පැනපි කිවුවලු. (නි)
හොද මනුස්සයෙක්. ජය වේවා! මමත් ඔහොම තමයි, කියලා දානවා මූණටම. පවු පොඩි ළමයි. අනෙක් පාසල් වලත් මෙහෙමද කියලා හොයලා බැලුවොත් නේද හොද? (නි)
මෙය මේ රටේ සිදුවන ඉතාම සාමාන්‍ය සිද්දියකි. ඉහලට යනවිට ප්‍රමාණය වෙනස්වීම පමණක් සිදුවේ. කිරි වීදුරුව, බව්සරය, කන්ටේනර් , නැව් දක්වා ආදී ලෙස පරාසයක් පවතී.(ස)
මේ කතාව මෙහෙම හොඳ ආදර්ශමත් එකක් වුණාට මේ ගුරුවරයා විතරක් වැරදිකාරයා කරලා අනික් ඔක්කොම සුදනෝ වෙන්න හදනවා. ඒක වැරදියි. (නි)
සැබැම මිනිසෙක්. නියම ලාංකිකයෙක්ත. මෙන්න ආචාරය.(වි)
අයියෝ සල්ලි කියුවලු
අයියෝ සල්ලි ! සර්ව හරක් පට්ටියට දාන්න තිබුණේ. (නි)
මඩ සෝදාගත් කළ රජකමටත් සුදුසුයි කියන්නේ මේවගේ ගොවියන්ට. (ත)
සුනේත්‍රා..ඔයා හරියටම .. හරි..(ස)
මේ වගේ ගුරු තක්කඩියන්ට පාඩමක් කියා දුන් අපේ ගොවි මාමාට අපේ උපහාරය! (නි)
හැමෝම මේ ගොවියා වගේ කෙලින් වැඩකරනවානම්... අල්ලස දූෂණය ඉවරකරනඑක ලොකු දෙයක් නෙමෙයි..!! අපේ ආචාරය ගොවි රාජාට...!!(නු)
ගොවියෝ ඔහොම තමයි
අන්න...! නියම මිනිස්සු මෙම ගුරුවරු වගේ අයත් එක්ක කොහොමද රටක් ජාතියක් හදන්නේ...(ස)
ඔබනම් ශ්‍රේෂ්ඨ ගොවියෙක්, මෙහෙමත් ගුරු හොරු..මෙයාලටත් හරියනවද ඇත්තටම (ස)
ඇත්තටම මෙහෙම අවංක කෙනෙක්ගැන අහන්න ලැබීමත් සතුටක්. ඔබට තව වැඩි වැඩියෙන් කිරි ඉතිරේවා!!! (ස)
කිරි විදුරුවටත් මාටියා ගහනවා
රු .250 ටත් නැමෙනවා..අනේ මෙහෙමත් මිනිස්සු..(ස)
විදුහල්පතිවරු ඉගෙන ගත්තට මනුස්සකම් දන්නෑ, ලැජ්ජාවේ පණයනවා..(ස)
කාලෙකට පස්සේ අහන්න ලැබුණු සතුටු හිතෙන කතාවක්. මේ කිරි ගොවියා වගේ අයට ධර්මයේ පිහිට තියනවා. (ස)
මේ වගේ අවංක කෙනෙක් මේ රටේ ඉන්නවා කියන එකත් අහන්න සතුටුයි. (නි)
මේ විදුහල්පති වෙනුවෙන් ගත් තීරණය පලකරන්න...(ස)
අවංක හිතක් ඇති අහිංසක ගොවීන්...ඔබ වැනි අයයි රටට අවශ්‍ය වන්නේ..(ස)
ගොවි රජෙකුයි ගුරු හොරෙකුයි...(ස)
'කිරි' අප්පට බල්ලො පෑනපි කිව්වලු (ස)
නියමයි
මේ වගේ ධාර්මිකව හරිහම්බකරන අයට තව තවත් හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා..(ස)
250 x 22 = 5500/- මාසෙකට 5500/-ක් උපයන්න හදලා තියෙන්නේ..(ස)
මේ විදුහල්පතිතුමාගේ නමත්, පාසලත් සදහන් කරන්න. (නි)
මොනවාද මේ වැඩ
විදුහල්පති මව් කිරි බීලා නැතුව ඇති. ඒකයි මනුස්සකම නැත්තේ...(ස)