වෙළෙඳ සැලකින් කරුංකා කිලෝ 20 ක් සොරකම් කළ පුද්ගලයකු අල්ලා පහරදී ගස්බැඳ ඔහුගේ අඹුදරුවන්ට බාරදුන් පුවතක් ගලගෙදරින් වාර්තාවේ.
වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.
දෙදරු පියකු වන මොහු පසුගියදා ගලගෙදර නගරයේ වෙළෙඳ ද්‍රව්‍ය මිලදී ගන්නා ස්ථානයකට ගොස් ඇත. එම ස්ථානයට වෙළඳ ද්‍රව්‍ය ගෙන එන ලොරියක වූ භාණ්ඩ බෑමද ඔහු සියකැමැත්තෙන්ම කර භාණ්ඩ හිමියන් තේපානය සඳහා ඉවත්ව ගිය පසු කිලෝ 20 ක් පමණවූ කරුංකා ගෝනියක් රැගෙන පළාගොස් ඇත. එය දුටු වෙනත් අයකු වෙළෙඳසල් හිමියාට දැන්වීමෙන් පසු ලූහුබැඳගොස් කරුංකා ගෝනිය සමග මොහු අල්ලාගෙන විත් ඒ අසල වූ දුරකථන කණුවක බැඳ තැබීය.
ඔහු පොලීසියට රැගෙන නොයන ලෙස බැගෑපත් වූ හෙයින් බිරියට පණිවුඩ යවා ගෙන්වා ඇයට භාරදී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුන්කා ගෝනියක් හොරකම් කරන්නේ බඩගින්නට නොවේ. ඔය වගේ දේවලට එවෙලේම දඬුවම් නොලැබුනොත් ඒක අසල් වැසියන්ට සාපයක් වෙනවා. ඔය අදහස් දමන අය තමන්ගේ දෙයක් ගත්ත හොරෙක් අල්ල ගත්තොත් කොහොම හැසිරෙයිද ?(නදී0
විමලින්ද්‍ර, බෞද්ධ දර්ශනයේ හොරකම අනුමත කරන්නෙ නෑ... එය ලොකු හෝ කුඩා වේවා.. හොරකම පවක්... පවට පින්දෙන්න බෑ.... ඔයාගේ ආගමේ ඒක වෙනස් වෙන්න පුළුවන්.... (දී)
විමලින්ද්‍ර කියන්නෙ අබෞද්ධ කෙනෙක්... එයාලට අවශ්‍ය බෞද්ධ දර්ශනයට මඩ ගැසීම..... (දී)
හොරුකියනේ සුඛෝප භෝගී දේවල් තියෙන ස්ථාන කඩලා බඩු සොරා ගන්නා අයටයි. මේක ඕනෑම කෙනෙකුට තේරෙනවා අහිංසක කමට ගෙදර දරුවන්ට කන්න බොන්න නැති කමට එහෙමත් නැත්නම් හදිසි අසනීපෙකට බෙහෙත් ටිකක් ගන්න සල්ලි නැතුව ඔය කරුංකා මල්ල ගත්තද දන්නේ නැහැ. දුප්පත් වුනත් හැමෝටම ආත්ම ගෞරවයක් තියෙනවා. මේ දොස් කියන අයත් ඒ තත්වෙට පත්වුනාම තේරෙයි.(නදී)
පහන් මඩුගල්ල මහත්තයා වගේ හිතන උදවිය ඉන්නවා නම් අපේ රට මීට වැඩිය හොඳ වෙනවා. කොච්චර හොඳ අර්ථ දැක්වීමක්ද? අතිවිශිෂ්ටයි (නි)
ලෝක සංවිධාන වලින් ත්‍රස්තවාදීන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරනවාද කියල සෝදිසියෙන් ඉන්නවා .අලුත්ම මෝස්තරය ලංකාවේ හොරුන්ගේ මානව හිමිකම් රකින්න හදනවා , අනේ කාලේ වනේ වාසේ කිව්වලු. (ස)
පොලිසියට කිව්ව නම් මනුතාපයට එහා දේවල් වෙන්න තිබ්බා (අ)
විමලින්ද්‍ර ,ඔක්කොම හොරු අසරණද?(අ)
ටිකිරි.... .කරුංක බඩගින්නට කන්න බැහැ. කරුන්කා ටික විකුනලා පාන් අරන් ගෙදර යන්න හිතාගෙන කලාද දන්නේ නැහැ. අනික බඩු බාන්නත් උදව් කළා නම් කීයක් හරි දෙන්න මුදලාලිට යුතුකමක් තිබුනා නේද? පව් අසරණයා.. මිනිස්සුන්ව ගස් බඳින්න නීතියෙන් තහනම්. මිනිහෙකුගේ මුලික අයිතිවාසිකම් බිඳීමක්.(අ)
සමහර අය අදහස් දක්වමින් හොරකම, ආගම සහ දුපත්කම පටලවාගෙන, වැරැද්ද සාධාරණීය කරන්න යනවා. (නි)
රූපවති අක්කේ, ඔබ හරි. (නි)
පව්! දුප්පත් හොරා ගැන දුකයි තමා. ඒත් අපිට කළයුතු දෙයක් නැහැ. ලංකාවේ දැන් මිනිසුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ.රැකියා නැහැ ආදායමක් නැහැ, ඒක නිසා ෂණික දේවලින් අපරාද වලින් මිනිසුන් මුදල් හොයන්න පෙලබිලා ඉන්නේ. බඩගිනි දැනෙන විට රට ජාතිය ගැන හීතෙන්නෙ නැහැ. ලොකු මිනිසුන්ට මේවා කිවුවට තේරෙන්නෙ නැහැ.ඒ වුනාට වාර්තා නම් දෙනවා ලෝකෙට, ලංකාවේ ඒක පුද්ගල අදායම ඇමරිකන් ඩොලර් 3000ය් කියලා. දවසට එක ඩොලරයක් අදායමක් නැති අන්ත දුප්පත් අසරණයෝ ලංකාවේ ඉන්න වග ලෝකය දන්නවා. (නි)
මනුතාපයේ ජනවර්ජන කුසගින්නට හොරකම් කලේ පාන් ගෙඩියක්. අනුන්ගේ කරුංකා හොරකම් කරන්නේ කුසගින්නට නෙවෙයි. ඔහොම කට්ටිය හොරකම් කරලා කුඩු ගහනවා.(නදී)
මනුතාපයේ ජනවර්ජන පාන් ගෙඩියක් හොරකම් කරලා හිරේ යනවා.ජන්තු ඉන්ස්පැක්ටර් මුලුජීවිත කාලයම ඔහුපසුපස හබා යමින් ඔහුට සමාජගත වීමට ඉඩ දෙන්නේ නැහැ.ඉතිහාසය නැවත නැවත සිද්දවෙනවා. (නි)
ඔය හොරකමට ගල්කටස් එකක් හරි කඩුවක් හරි අරගෙන ආවා නම් බලන්න තිබුනා මුදලාලි මුළු සේසතම දීලා පවුලත් දෙනවා. පොඩි වුනත් ලොකු වුනත් හොරකම හොද නැහැ. (නි)
ගස් බැදපු කෙනා හොදයි අපේ අර ඇමතිතුමාගේ ලේකම්කමට (නි)
හොරකම් කරන එක වැරදි තමයි! ඒත් අපේ ලොකු මහත්තුරු හොරකම් කරන්නේ කරුංකද? නැත්නම් අපේ අනාගත පරපුරේ රීරී මාංශයද? (නි)
මේ මනුස්සයා පවු! (නි)
මේ මනුස්සය සිය කැමැත්තෙන් බඩු බාන්න උදව් වෙන්න ඇත්තේ කියක් හරි දෙයි කියලා. සමහරවිට ළමයින්ට කන්න දෙන්න පාන් ගෙඩියක් ගන්න වෙන්න ඇති. ඉතින් මුදලාලි කියක්වත් නුදුන් නිසා මෙහෙම කරන්න ඇති. කොහොම උනත් හොරකම් කරන එක වැරදියි. ඒත් අපේ රටේ ලොක්කෝ කරන වැඩ ගත්තම මේක මොකක්ද.? දැන් ගමේ ඉදල ඉවරයි.(නදී)
නෝනා ගෙන් නම් බේරෙන්න බැරිවේවි කාලාන්තරයකට. මොකද හැරුණත් "කරුංකා" කතාව නම් එලියට එනවාමයි. (නි)
මෙහෙම මිනිස්සුන්ට ගහන්න හෝද නැහැ. ආසාවට නෙමේනේ හොරකන් කරන්නේ. කරුණු කාරනා අහලා බලලා කරන්න පුළුවන් උදුවක් කරනවා මිසක්. තව මනුස්සයෙක්ට ගහන්න අපට අයිතියක් නැහැ. එහෙම කරන්න අපි කව්ද? ඔය වගේ වැඩ වලට ගහන්න ගියොත් ඉස්සරලම ගහන්න වෙන්නේ කොහාටද කියලා දන්නවනේ. ඒ ඔක්කොම හොරු නෙමේද?උන් හොරකන් කරන්නේ..හෙට උපදින දරුවාගේ සතුට නෙමේද?.(නදී)
අනිවාර්‍යෙයන්ම මිනිහට ගෙදර ගියහම හිතෙයි පොලිසියට බාර දුන්නා නම් මීට වැඩිය හොඳයි කියලා. දැන් ඉතින් කාරුංක කරගන්න තමයි වෙන්නේ.(නදී)
අපරාදේ පොලිසියට ගන්න තිබුනේ.(නදී)
හරිම දුක හිතෙන කතාවක් උදේ ඉදං රෑ වෙනතුරු බුදුදහම ඇහෙන අපේ රටේ මනුස්සයකුගේ අසරන කම දුටුවහම මොනතරම් උදව් කරන්න ඕනද? මේ තරම් අසරණ උන මනුස්යෙකුට මොන තරම් හිත් වේදනාවකට කලකිරීමකට පත්වෙන්න ඇද්ද. අපේ රටේ මිනිස්සුන්ට බුදු දහම ඉගෙන ගන්න කලින් මිනිස් කම මොකක්ද කියලා කියල දෙන්න. ඊට පස්සේ පන්සල් අරින්න ඕන ඇත්තතටම කියනවනම් මේ දුප්පත් මනුස්සයට හිරිහැර කරපු අය මිනිසුන් නෙමෙයි තිරිසන්නු. (නදී)
මට පේන්නේ මහාචාර්ය වෙළෙන්දෙක් හා සමෘද්ධියේ සංකේතයක්...වැරදිද මන්දා. ජංජාලයයි.(නදී)
මනුෂ්‍යත්වය පිලිබඳ කරුණු රාශියක් කියවෙන පුවතක්. මිනිහ අන්ත දුප්පතෙක්. දෙදරු පියෙක්. කීයක් හරි හොයාගන්න කැමැත්තෙන්ම බඩු බෑමටත් ඉදිරිපත්වෙලා තියෙනවා. කරුංකා ගෝනියක් අරගෙන පැනලා දුවන එක ලේසි නැහැ අහුවෙනවාමයි. ඒ කියන්නේ මිනිහා පුරුදුකාර හොරෙක් නෙමෙයි. වෙළඳ සැල් හිමියාත් ප්‍රශ්නය හරිහැටි තේරුම් ගෙන අනුකම්පා කලා. මිනිහව පොලිසියට බාර දුන්නේ නැහැ. නමුත් වැරැද්දක් කලබව මතක හිටින්නත් එක්ක බිරිදට බාර දුන්නා. (ඌණ පූරණය: 1. මම වෙළෙන්දා වුනා නම් සල්ලිත් කීයක් හරි අතට දීලයි යවන්නේ. 2. පොලිසියට බාර දුන්නා නම් මීට වැඩිය හොඳයි කියලා මිනිහට හිතුනද දන්නේ නැහැ ගෙදර යන අතරෙ) (නි)