(තිහගොඩ - උපසේන ලියනගම)
දකුණු පළාතේ උප නගරයක් වූ පොලිස් ස්ථානයකට කාන්තාවන් දෙදෙනකු කැඳවා තිබුණේ එළදෙනක හා සම්බන්ධ සුළු පැමිණිල්ලකටය. පැමිණි දෙදෙනාම ඥාතීහු වූහ.
පැමිණිල්ල විභාගයට ගත්විට පොලිස් පරීක්ෂකවරයා ඉදිරියේදී පැමිණිලි කළ කාන්තාව “ මෙයාගෙ පොඩි එකාට පිටි කිරි දෙන්න එපා කියල දොස්තර මහත්තය කිව්ව කියල මගේ ගැබ්බර එළදෙන ඉල්ලගෙන ගියා. මාස පහකට පස්සේ ගියාම එළදෙන මස් කඬේට දක්කලා” කීමෙන් පරීක්ෂකවරයා විමතියට පත්විය. “කිරට ගෙනිහින් මසට දීලා” ඔහු කීවේ සිනාසෙමිනි. “ එතකොට වහු පැටියට මොකද කළේ?” ඔහු විත්තිකාරියගෙන් ඇසීය. “මොන පැටියෙක්ද සර් ගැබ්බර එළදෙනක් කියල අපිත් රැවටුණා. කප්පරක් තණකොළ කැව්ව විතරයි. පැටියෙක් ලැබුණේ නෑ. හරක වික්කේ නම් මම නෙමෙයි. ගෙදර මනුස්සයට තරහ ගිහිං” ඇය කීවේ කෝපයෙනි. කෙසේ වෙතත් එළදෙන විකුණන ලද මුදල පැමිණිලිකාරියට දීමට එකඟ වීමෙන් ගැටුම සමථයට පත්වුණාලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවුකාරයෝ. කිරට ගෙනිච්ච අම්මාවත් මස් කඩේකට දීලා. (නි)
මිනිස්සු පිරිහිලා තියෙන තරම! (නි)
පුදුම කාන්තාවක්නේ. කිරි නැහැ කියලා එළදෙන මසට දීලා. අනික තමන්ගෙත් නෙමෙයි සතා. මේ වගේ අම්මණ්ඩිලාටනේ “අම්මා“ කියලා කතා කරන්නේ (නි)
පුදුම අම්මෙක්. එයාගෙ දරුවට කිරි දෙන්න එළදෙන පැටියෙක් වැදුවෙ නැහැ කියලා ඒ සතාව මසට විකුණලා. හිරේ දාන්නයි තිබුනේ. (නි)
මෙහෙමත් ගැහැණු! මේ අය මොකට අම්මලා කළාද දෙවියනි. තමන්ගෙ දරවා ගැන විතරයි දුක. මේ වගේ දරුණු ගැහැණු උල තියන්න ඕනෑ. රටේම වැහිවැහැලා ඉන්නෙ මේ වගේ දරුණු හිතක් පපුවක් නැති අම්මණ්ඩිලා තමයි. (නි)
කර්මය, කර්ම ඵල නොදන්නා අවිද්‍යාවෙන් වැසුනු මිනිසුන්, තමන් ලද මිනිස් භවය කොපමණ වටිනවාද නොදැන පවු කර, කල්ප ගණන් අපා දුක් විඳින්න හේතු හදාගන්නවා. ඔය මසට විකිණුනු එළදෙන මීට පෙර ඔය කාන්තාව මෙන් අකුසල් කර ඇතිබව නිසැකයි. (නි)
දකුණු පළාතේ වුණු සිද්ධියක්නේ. අරුමයක්යැ.(අ)
කිරි අම්ම කෙනෙක් තවත් කිරි අම්ම කෙනෙක් මරණයට දක්කයි , අවාසනාවට මේ ගැහැණිය දකුණේ වුණානේ , දකුණේ මොන තරම් කරුණාවන්ත අම්මලාද ඉන්නේ ? (බ)
මිනිසුන් මොනතරම් නම් පිරිහිලාද? (නි)
පිටබැද්දර ජයා, ඔබ දකුණේ මිනිස්සු ගැන අහලාවත් නැද්ද? අපේ මුතුන්මිත්තන් "බෙන්තර ගඟෙන් මෙහාට බළල් පැටියෙක්වත් ගෙනෙන්න එපා" කියන්නේ කට කහනවටද? ඔය දකුණේ මිනිස්සු ගිය තැන විනාශයි. (නි)
ඔය දකුණේ මිනිස්සු කටින් නම් මහා පින්වන්තයෝ. එ්ත්, කරන තරමක් කරන්නේ මහා කැත වැඩ. (නි)
දකුණේ ගැහැණු විතරක් නෙමෙයි, පිරිමිත් ඔහොම තමයි. මුදල් ලැබෙනවා නම් ඕනෑ දෙයක් (නි)
නිමාලි හරියට මෙතන කතා කරන්නේ ලංකාවේ කෙනෙක් නෙමේ වගේනේ. අනුන්ගේ වැරදි මහා ලොකුවට දැක්කට ඔය කරන්නෙත් ඕකම තමයි. ලියලා තියන විදිහෙන් හිතාගන්න පුළුවන් ඔයාගේ තරම. අපේ ගොඩක් අයට "අනුන්ගේ ඇහේ තිගෙන රොඩ්ඩ හොඳට පේනවා තමුන්ගේ ඇහේ පොල් පරාලේ තියාගෙන ". අනේ, අපි නොදන්නා උපාසක අම්මණ්ඩිලා? (නි)
ප්‍රීති,විකුම්,රොෂාන්, ඔයා කරපු මොකක් හරි ගොන් මෝඩ වැඩකට හොඳ කනේ පාරක් හම්බවෙලා වගෙයි. ඒ දකුණේ කෙනෙකුගෙන්. වැරද්දක් කළොත් ඒක වැරද්දක් විදියට දකින්න පුරුදුවෙන්න. උතුරද දකුණද කියල බලන්න එපා. අපේ රට දියුණු කරන්න බැරි එකතැන පලවෙන්නේ ඔයාල වගේ අය නිසයි. (බ)
ගමගේ වැරැද්ද කරලා තියෙන්නේ උතුරේද දකුණේද කියලා පිළිගන්න බැරි ඔබටද? මටද? කර්මය කවදා හෝ පසුපස එනවා කියලා දැන්වත් අවබෝධ කර ගන්න හරිද? (බ)