මහ දවල් ගිනි අවි රැගෙන බැංකුවට කඩා වැදුණු කොල්ල කරුවන් දෙදෙනකුගෙන් එක් අයකු එහි වූ නිලධාරිනියකගේ මුද්දක් ගලවා ගෙන එය ආපසු ඇයට දීමේ අපූරු පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ. මෙය සණස ප‍්‍රාදේශීය බැංකුවකි. ගමේ හුදකලා ස්ථානයක පිහිටි මේ බැංකුවට කොල්ලකරුවන් ඇතුළු වී මුදල් කොල්ලකෑමට උත්සාහ ගත්තත් එම මුදල් සේප්පුවක දමා ඇති හෙයින් කළමනාකරු හා ක්‍ෂේත‍්‍ර නිලධාරිනිය අත තිබූ මුදල් හා ඔවුන් පැළඳ සිටි මාල, වළලූ හා මුදු ද ගලවාගෙන පලායාමට සූදානම් වූහ. ක්‍ෂේත‍්‍ර නිලධාරිනිය දැඩි සේ වැළපෙමින් ආයාචනා කළේ අනිත්වා ගෙන ගියත් තම ඇඟිල්ලේ දමා තිබූ මංගල මුද්ද ආපසු දෙන හැටියටය. එය ගලවා ගත් සොරා මංගල මුද්ද යළි ඇගේ අඟිල්ලටම ඔබා ආපසු දිව ගියේ සොරකු වූවත් මිනිස්කම හදවතේ ගැවී ඇති බව ප‍්‍රදර්ශනය කරමින් ලූ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සු හැදෙන හොරෙක් නේද ??(ස)
හොරකම් කරන්නේද මනුෂ්‍යයෝය (නි)
මාරයි නේ අපේ රටේ හොරු... (ස)
අනුකම්පා සහගත හොරෙක්.. (ස)
මොනවා වුණත් හැමෝම මිනිස්සුනේ. ඒ නිසයි කරුණාවක් පහළ වෙන්න ඇත්තේ. (නි)
හිත හොද වැඩි නිසා දිගටම හොරකම් කරන්න වෙයි. (නි)
ඉමිටේෂන් නිසා දෙන්න ඇති. (නි)
ඕක තමයි කියන්නේ ගෑනු මායම් වලට හොරු උනත් යටයි කියලා...(ස)
හොඳ හොරෙක් !!! ආදරේ හිතෙනවා (ස)
ලංකාවෙ මිනිස්සු ළග මාර අනුකම්පාවක්නෙ තියෙන්නේ...!!(නු)
නෝනගේ ඇගිලි පහම තියෙනවද කියලා බලන්න. දැන් කාලේ ඉන්න හොරුන්ව විශ්වාස කරන්න අමාරුයි. (නි)
ශෝයි හොරා.. (ස)
ගෑනු අඩන ඇඩිල්ලට සිංහල මිනිස්සු අහුවෙනවා හැමදාම.. (ස)
ඇයි මුස්ලිම් ගැහැණු අඩන්නේ නැද්ද? (නි)
කතාවට වඩා කට්ටියගේ ප්‍රතිචාරවලටයි හිනා යන්නේ (අ)
ඒ හොරා එයාගේ සැමියද ? (ස)
ඒ මුද්ද වෙන කවුරු හරි උගස් තියාපු එකක් වෙන්න බැරිද? (නි)
හොරා එයාගෙම අදුරන කෙනෙක් වෙන්නත් පුලුවන්. (නි)
මාර හොරෙක්නේ.. (ත)
ෂෝක් හොරෙක් (නි)
ඔහොම තමයි ගැහැණු අයගේ වැඩ. ඇයි ඉතිං මායම් 64ක්ම තියෙනවනේ. (නි)
මිනිස්කම දන්න හොරෙක්. (ත)
පුදුම හොරෙක් ?? (ස)
නෙළුම් පිපෙන්නෙත් ජරා මඩ ගොහොරුවලනේ.(ත)
මටත් මේ කතාවට වඩා කට්ටිය දාල තියෙන ප්‍රතිචාර වලට ඉල ඇදෙනවා. කොහොම වුණත් මම "සුපුන්"ගේ කථාවට එකගයි. (නි)
අවංක හොරෙක්..!!(නු)
හොරා උනත් හොදයි..!!(නු)
අන්න හොරු
අයියෝ සල්ලි
එහෙම තමයි දකුණෙ කොල්ලො! පව් කොල්ලට නෝන මතක් වෙන්නැති.හොරකම් කලත් සිතකින් නොවේ. අනිත් නිලධාරිනියනුත් මුදු ඉල්ලුවනන් කොල්ලට හිස් අතින් ගෙදර යන්න වෙයි. (දී)
මොනවා උනොත් හොඳ හොරෙක්.(ස)
ගොඩක් නරක මිනිස්සු ගාව හොඳ ගති තියෙනවා , ගොඩක් හොඳ මිනිස්සු ළඟ තියෙන හොඳම ගුණයටත් වඩා හොඳයි කියලා මම අහල තියෙනවා...(ස)
නියම හොරෙක්. නමුත් හොරකම් කිරීමනම් කැතයි හොදේ.(ස)
නරක සොරා....(ස)
කවුද දන්නේ හොරාගේ පරණ පෙම්වතියක්ද කියලා..(ස)
හොරෙක් උනත් අනුකම්පාවක් තියනවා වගෙයි පේන්නේ (ස)
හොරා එයාගේ මහත්තයද දන්නේ නෑ..(ස)
මිනිස්සුන්ට ජීවත් වෙන්න හරිම අමරුයි. රටේ අර්ථිකය හොදටම පිරිහිලා. ඒ නිසයි මේ අපරධ වැඩි වෙලා තියෙන්නෙ.(ස)
ඉතින් ඊට පස්සේ හොරු ඇල්ලුවද ??(ස)
මගුල් මුද්දේ තිබුණු සළකුණු වලින් විකුණද්දී අහුවෙයි කියලා හිතලා ආපසු දුන්නා කියන එකයි මගේ අදහස. (නි)
මරු හොරා (ස)
මුද්ද ගැන විතරනේ කතාව. කෝ හොරු? (නි)
අනිවාර්‍යයෙන්ම මේකට නෝනගේ සම්බන්ධයක් ඇති...(ස)
කාන්තාවකගේ කදුලු වලට හොරෙකුගේ හදවත වුවද උණූකළ හැක. (නි)
මේ ඔක්කොටම පිස්සු. (නි)
තවත් ටිකක් මිනිස්කම හදවතේ තිබුණා නම් හොරකම් කරන්නෙත් නැතිවෙයි. (නි)
ඒ ඇවිත් තියෙන්නේ පෙර භවයක පෙම්වතා....(ස)
එයාගේ මහත්තයා ද දන්නේ නෑ හොරකම කෙළේය (අ)
පෙරේරා හරි. ගැහැනුන්ගේ කඳුළුවලට අහුවුණාම හොරෙක් වුණත් නිදහසේ හොරකම් කරන්න බෑ. ඉතින් මේ අහිංසක අපි ගැන මොන කතාද (අ)
ඒක රත්තරං මුද්දක් නෙමෙයි බබෝ. (නි)
ඇත්තද, මිනිස්කම තිබුණද? අපරාදේ. නළවන්නයි තිබුණේ. (අනේ මගේ කට) (නි)
ඔය ගැහැණු ළමයා ලවා ඔය හොරාව අල්ලාගන්න පුළුවන් (නි)
එයාගේ නෝනව මතක් වෙන්න ඇති. (අ)
කරුණාවන්ත කොල්ලකරු (අ)
කඳුලුවලින් හරි පාඩුව අවම කරගත්ත එක ලොකු දෙයක් (අ)
හොරා එයාව හොදට දන්න කෙනෙක් වෙන්න ඇති. (නි)
අවංක හොරෙක් :D (නි)
මේක හරියට චිත්‍රපටියක කොටසක් වගෙයිනෙ. මොනවා වුණත් නියම හොරෙක් වගෙයි. (නි)
හොරා දන්නවා ඇති මුද්ද ඉමිටේෂන් කියලා. හොරුන්ට මොන මිනිස්කමක්ද? (නි)