(කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත)
නිරෝධායනය වන තම මිතුරාට ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් යැවූ වියළි ආහාර ද්‍රව්‍යවලින් බාගයක්ම පිල්ලි ගැසූ ත්‍රිරෝද රථ රියැදුරකු පිළිබඳ පුවතක් දකුණේ කොනේ ගම්මානයකින් අසන්නට ලැබේ.
තමාගේ හිතවතා කොරෝනා ආශ්‍රිතයකු බව දැනගත් ඔහු නිරෝධායනය වන හිතවතාගේ කෑම බීම සඳහා රුපියල් දසදහසක පමණ වියළි ආහාර තොගයක් යැවීමට සිතා ගත්තේය.
තමාට ඒ සඳහා ඔහුගේ නිවෙසට යාමට වේලාවක් නොතිබූ බැවින් ඔහු තමා හොඳින් දන්නා හඳුනන ත්‍රිරෝද රථ රියැදුරකුට එය බාර කළේ ඒ සඳහා අවශ්‍ය මුදල් හා බඩු ලැයිස්තුව ද සමගය. ඒ සඳහා ත්‍රිරෝද රථ ගාස්තුව ද ගෙවා දැමූ ඔහු බඩු මිලදී ගැනීමෙන් ඉතිරි වන මුදල් ද ත්‍රිරෝද රථ රියැදුරාට ගන්නා ලෙස කීවේ එය වඩාත් හොඳින් කරාවි යන ඒකාන්ත විශ්වාසයෙනි.
ත්‍රිරෝද රථයකින් තමා බඩු ටිකක් එවන බවත් සිය හිතවතාට දුරකතන ඇමතුමක් දී ඔහු කීවේය. එමෙන්ම එවන ලද බඩු ලැයිස්තුව ද වට්ස්ඇප් මාර්ගයෙන් හිතවතාට ලැබීමට සැලැස්සුවේය.
කියූ පරිදි ත්‍රිරෝද රථ රියැදුරකු හිතවතාගේ ගේට්ටුව ඉදිරිපස බඩු තොගයක් ගෙනත් දැම්මේය. ත්‍රිරෝද රථ රියැදුරු ඒ බව දැන්වීමෙන් අනතුරුව ඔහු හිතවතා එවූ බඩු තොගය නිවෙසට ගෙන ගියේය. ඒත් සිය හිතවතා තමාට වට්ස්ඇප් මාර්ගයෙන් එවූ බඩු ලැයිස්තුවේ බඩු නැති බව බැලූ බැල්මට ඔහුට පෙනුණේය.
ඒ අනුව ඔහු තමාට හිතවතා වට්ස්ඇප් මාර්ගයෙන් එවූ බඩු ලැයිස්තුව පරීක්ෂා කර බලන විට ත්‍රිරෝද රථ රියැදුරා ගෙනත් දුන් බඩුවලින් බාගයක පමණ අඩුවක් දුටුවේය. සම්බා හාල් කිලෝග්‍රෑම් දහයේ කොට්ට දෙකෙන් තිබුණේ එකකි. කිරිපිටි පැකැට්ටු හතරෙන් තිබුණේ දෙකකි. ජෑම් බෝතල් දෙකෙන් තිබුණේ එකකි. චීස්, බිස්කට්, සීනි, පරිප්පු ආදී බඩු පැකට්වලින් ද තිබුණේ බාගයකි.
“අනේ මොකකටවත් නෙමෙයි මේ කතා කරන්නේ. උඹ මට එවනවයි කියපු බඩුවලින් භාගයකුයි මට ත්‍රීවිල් රථ රියැදුරා ගෙනත් දුන්නේ. මම හිතන්නේ නැහැ උඹ මට බොරුවක් කළා කියලා.” ඔහු දුරකතනයෙන් කතා කර හිතවතාට කී විට ඔහුට විශාල ලැජ්ජාවක් ඇතිවූවේය.
ඒ සමගම ඔහු ත්‍රිරෝද රථ රියැදුරාට දුරකතන ඇමතුමක් දී හොඳටම දෝෂාරෝපණය කළේය. “කෙනෙක් අසරණ වෙලා ඉන්න කොටත් මේ වගේ ජරාවැඩ කරන මිනිස්සු ඉන්න බව දැන ගත්තේ අදයි” යයි කියමින් ඔහු ත්‍රිරෝද රථ රියැදුරුට තවදුරටත් දෙහි කැපුවේය.
ත්‍රිරෝද රථ රියැදුරාත් පරාජය බාර ගැනීමට අකමැති වූයේය. “පොඩ්ඩක් ඉන්න මහත්තයා. මම පොඩ්ඩක් හොයලා බලන්නම්” කියමින් ත්‍රිරෝද රථය නතර කරනවා ඔහුට ඇසුණේය. ඒ සමගම “අනේ සමාවෙන්න ඕනෑ මහත්තයා. මට බඩු ටිකක් අර නිවසේ බාන්න අමතක වෙලා. ඒ බඩු ටික තියෙනවා. මම ගිහිල්ලා ඒක ආයෙත් බාරදීලා එන්නම්” කියමින් කීවේය.
“හා හා බඩු ටික දීලා එනවකෝ. ආයෙත් මේ වගේ කොන්ත්‍රාත් තමුසෙට දෙන්නෙත් නැහැ. ආයෙත් ත්‍රීවිල් එකේ හයර් යන්නෙත් නැහැ” කියමින් ඔහු දුරකතන ඇමතුම විසන්ධි කළේය.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කොෙරා්නා ජරමර අස්සේ බඩු මල්ලටත් විදලා
beau Wednesday, 28 July 2021 01:22 PM
බඩු ලැයිස්තුව මිතුරාටත් දුන්න බව කිවුවා නම් ත්‍රී වීල් ඩ්‍රයිවර් ඔය බලු වැඩේ නොකරන්න තිබුණා .