(කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත)
කොරෝනා රෝග ලක්ෂණ තමාට ඇතැයි මුසා බස් පවසා නිවාඩු නොදමා සිය හිතවතකුගේ මංගල උත්සවයකට සහභාගීවෙමින් සිටි අයකු ආයතන ප්‍රධානියාගේ අතටම හසුවී අලි ජංජාලයක් වූ අපූරු පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.
මේ ආයතනයට සේවකයින් කැඳවන ලද්දේ කොටස් වශයෙනි. දින බෙදාගෙනය. ඒ ආයතනයේ සෙනඟ ගැවසීම වැළැක්වීමේ අරමුණක් ලෙසය. නැතහොත් කොරෝනා මර්දන නීතියට අනුවය.
එදා සිය කාර්යාලයට යාමට නියමිතව තිබුණේ ඔහුටය. එදිනටම ඔහුගේ භාර්යාවගේ ළඟම ඥාතියකුගේ විවාහ මංගල්‍යයක්ද යෙදී තිබුණි. තමාගේ මංගල්‍යයකට නොගොස් සිටියද භාර්‍යාවගේ ඥාතියෙකුගේ මංගල උත්සවකයට නොගොස් සිටියහොත් වෙනදේ දන්නේ ඔහුත් උඩ ඉන්න දෙවියනුත් පමණක් නිසා රාජකාරියට නොගොස් එම මංගල උත්සවයට සහභාගීවීමට ඔහු සිතා ගත්තේය. ඊට තවත් හේතුවක් වූයේ එම විවාහ මංගල උත්සවයේ සාක්කිකාරයකු වශයෙන් අත්සන් කිරීමට ඔහුට පැවරී තිබීමය. එමෙන්ම මංගල සභාව මෙහෙයවීමටද පැවරී තිබුණේ ඔහුටවීම තවත් හේතුවකි.
මේ විවාහ මංගල උත්සවයට කල් ඇතිව නිවාඩු ලබා ගැනීමට ඔහු උත්සුක නොවූවේ නිවාඩු ඉතිරි කරගැනීමේ වෑයමක් හැටියටය. එදා උදේ ඔහු සිය කාර්යාලයේ ප්‍රධානියාට දුරකතනයෙන් කතා කොට උගුර රිදෙන බවත් කැස්සත් ටිකක් තිබෙන බවත් ඇඟද රත්වී ඇති බවත් කීවේ තමා දැන සිටි කොරෝනා රෝග ලක්ෂණ තමාටද ඇති බව ඇඟවීමටය.සිය ආයතනයෙන් කොරෝනා ආසාදිතයන් කිහිපදෙනෙකුම වාර්වීතාමත් සමගම ආයතන ප්‍රධානියා ඔහුට සේවයට නොආවාට කමක් නැතැයි පැවසුවේ ඉබ්බා දියේ දැම්මා ඇන්නෑවේ යැයි කියන්නාක් මෙනි.
ඔහු නොපැමිණීමෙන් ආයතනයට හා ජනතාවට සිදුවන පාඩුව අවම කර ගැනීමට එකදිගට දින කිහිපයක් වැඩකර ගෙදර නැවතීමට සිටි සේවකයකුගේ සේවය ලබා ගැනීමට ආයතන ප්‍රධානියාට සිදුවිය . ඒ සඳහා ඔහුට සිදූවූ වෙහෙස අපමණය.ඒ සේවකයා සේවයට අනුයුක්ත කර ගැනීමට ආයතන ප්‍රධානියාටවූයේ ඔහුට වැදීම නොපමණි. ඒ තරමටම ඔහු ඉදිරියේ ආයතන ප්‍රධානියාට බැගෑපත්වීමට සිදුවිය.
තමාගේ කූට උපක්‍රමය හරි ගියා යැයි සිතූ ඔහු භාර්යාව සමග මංගල උත්සවයට සහභාගීවීමට ගියහ. ගතවූයේ ටික වේලාවකි තමන් මංගල උත්සවයට සහභාගී වූ හෝටලය ඉදිරිපිට තමන් හොඳින් දැක පුරුදු මෝටර් රථයක් නතර කෙරිණ. ඒ මෝටර් රථය සිය ආයතනයේ ප්‍රධානියාගේ බව ඔහුට හඳුනාගැනීමට වැඩි වේලාවක් ගත නොවූයේ ඒ තරමටම එම රථය ඔහු හොඳින් දැක ඇති නිසාය.
මෝටර් රථයෙන් බැස ගත් ආයතන ප්‍රධානියා දුටු සැකසහිත කොරෝනා රෝග ලක්ෂණ පවසා නිවාඩු ලබාගත් ඔහුගේ දෙපා වෙව්ලන්නට විය. තමා මේ දකින්නේ හීනයක් දැයි සිතෙන තරමටම ඔහු තැති ගත්තේ තද ගති ඇති කට හොඳ නැති සිය ප්‍රධානියාගේ තරම දන්නා නිසාය. ඔහු මෝටර් රථයෙන් බසින විටම තමාගේ දෑස් ඔහුගේ දෑස් සමග නොපැටලුණේ නම් මංගල උත්සවයේ තමාට මොන රාජකාරී පැවරී තිබුණත් හීන්සැරේ මාරුවීමටවත් ඉඩ තිබුණේ යයි ඔහුට සිතුණු වාර අපමනය.
ඔහු ළඟට පැමිණි ආයතන ප්‍රධානියා මම හිතුවේ තමුසෙට කොරෝනා කියලා නැත්නම් කීයටවත් මම තමුසෙට බොරු කියලා නිවාඩු ලබා ගන්න ඉඩ තියන්නේ නැහැ යැයි ඔහු භාර්යාව ඇතුළු පිරිසක් ඉදිරියේ පැවැසුවේ ජැන්ඩියට හැඳ සිටි ඔහුගේ ඇදුම් ටික ගැලවෙන ලෙසය.කාරණාව තේරුම් ගැනීමට එතැන සිටි පිරිසට වැඩි වේලාවක් ගත නොවීය.
ඒ අවස්ථාවේදීම ආයතනයේ ප්‍රධානියා සිය ආයතනයට දුරකතනයෙන් කතා කොට ඔහුට නිවාඩු දමන ලෙස එහි සිටි නිලධාරීන්ට උපදෙස් ලබාදුන් අතර මේ කළ වංචාවට එකදිගට සති දෙකක්ම ආයතනයට පැමිණ සේවය කිරීමටද ඔහුට ගෝරනාඩු කළේ එතන සිටි සෑම දෙනා දෙසම ඔහු අහිංසක ලීලාවෙන් බලමින් සිටියදීය. මෙම මංගල උත්සවයට මටත් ආරාධානා නොලැබුණානම් තමුසෙගෙ ලණුව මම තවමත් ගිලලා යැයි ආයතන ප්‍රධානියා කී විට පුපුර පුපුරා සිටි භාර්යාවගේ මුහුණ දෙස ඔහුට බැලුණේ ඉබේටම මෙනි. නිවෙසට ගිය විට සිදුවෙන දේ තේරුම් යාමෙනි.
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනා පිටින් දාලා මගුල් ගෙදරක ගිහින් ‘හොඳට නාලා’
දිමුත් Tuesday, 15 December 2020 03:58 AM
ඔය වගේ මිනිස්සු හැම ආයතනයකම ඉන්නවා. එකම පිරිසක් එක දිගට වැඩ කරද්දී සමහරු ගෙවල්වලට වෙලා සැප ගන්නවා. නොදකින්!
sampath Tuesday, 15 December 2020 04:51 PM
ඔය වගේ නරුම කෙනෙක් ආයතන ප්‍රධානියෙක් විදිහට කොහොම මොනවා කරනවා ඇද්ද? බලයෙන් හිස උදුම්මාගත්තු කාට හරි ගොට්ට අල්ලලා ආපු ඊනියා ප්‍රධානියෙක් වෙන්න ඔනෙ කෙනෙක්ගේ පුද්ගලික ජීවිතයට පුරුෂයාට හානියක් වෙන්න ක්‍රියා කරන්න කාටවත් බැහැ.