(හක්මණ විශේෂ දෙනගම යසන්ත ආරියසේන)
අනියම් පෙමක පැටලී සිටි රජයේ සේවක යුවළකට කොවිඩ් වයිරසය හේතුවෙන් මුහුණපෑමට සිදු වූ අපූරු අකරතැබ්බයක් පිළිබඳව දකුණු පළාතේ ග්‍රාමීය පෙදෙසකින් වාර්තා වේ.
විවාහක තරුණ නිලධාරි දෙපළක් එකම කාර්යාලයේ රාජකාරි කරමින් සිටියදී අසම්මත පෙම් හබයක් පටන් ගත්හ.
පෙම්වතියගේ සැමියා රජයේ සේවකයකු නොවන අතර පෙම්වතාගේ බිරිය එම ආයතනයේ වෙනත් කාර්යාලයක සේවය කරයි. දෙදෙනාටම දූ දරුවන් ද සිටින අතර ඒ අයගේ කටයුතු නොපිරිහෙලා ඉටුකිරීමට ද දෙදෙනාම වගබලා ගත්හ.
පෙම්වතිය දිනපතා සිය පෙම්වතාට ද උදේ සහ දිවා ආහාරය රැගෙන එන අතර දෙදෙනාම ආපනශාලාවේ තබාගෙන අාහාර ගන්නා බව එම කාර්යාලයේ කා අතරත් නොරහසකි.
සංචරණ සීමා පැනවීමත් සමග දෙදෙනාටම සිය අවශ්‍යතා සිත්සේ සපුරා ගැනීමට අවස්ථාව උදා වී ඇති අතර, ආහාරපාන ගැනීම ද එකටම සිදු කළහ. පෙම්වතියගේ සැමියා සිදුකරන රැකියාව අනුව ඔහු විශාල වශයෙන් ජනතාව සමග ගැටීම හේතුවෙන් කොවිඩ් ආසාදිතයකු බවට පත්විය. සැමියා කොරෝනා ආසාදිතයකු හේතුවෙන් පෙම්වතිය නිරෝධායනයට යොමු කළේය.
කාන්තාවට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් ඇය ද ආසාදිතයකු වීම හේතුවෙන් ඇයගේ සමීපතමයකු ලෙස පෙම්වතා ද නිරෝධායනය කළේය. ඔහුට සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් ඔහු ද අසාදිතයකු බවට පත්ව සිටියේය.
පෙම්වතාගේ බිරිය දැඩි ලෙස සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් දරුවන් සහ නිවෙසේ අය ආරක්ෂා කළ පසුබිමක සැමියාට කොවිඩ් වැළඳීම ගැටලුවක් වීම නිසා ඒ පිළිබඳව ඇය විපරම් කර බැලුවාය. තම සොයුරියක මාර්ගයෙන් සැමියාගේ කාර්යාලයේ ඒ පිළිබඳව සොයා බැලීමේදී ඇයට සියල්ල හෙළි විය.
සැමියා කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට නිවෙසට පැමිණෙන විට බිරිය දරු දෙදෙනා සමග මහගෙදර ගොස්ය. මේ වෙද්දී පෙම්වතා තනිවම නිවෙසේ ජීවත්වන අතර සිද්ධිය පෙම් යුවළගේ කාර්යාලයට ආරංචි වීමත් සමග ආයතන ප්‍රධානියා දෙදෙනා අවස්ථා දෙකකට සේවයට කැඳවීමට ක්‍රියා කළේය.
කොරෝනා බත කෑවා නම් දිරවාපන් සුදෝ කියා කතාවක් කාර්යාලය තුළ නිර්මාණය වීම නිසා සිද්ධිය වැඩි කාලයක් නොගොස් ප්‍රදේශය පුරා පැතිර යාම සිදු වූ බව ද පැවැසේ.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කොරෝනා බතට හොර ජෝඩුවක් මාට්ටු