විදේශගතව සිට පැමිණි පුද්ගලයකුගේ නිවසේ වත්තේ තණකොළ කැපීමට පැමිණි අයකු ගෙහිමියා පිටරටක සිට ආ බව දැන ගැනීමෙන් පසු තණකොළ කපන මැෂිම ද වත්තේ දමා බයිසිකලයේ නැගී පණ එපා කියා ආපසු ගිය සිද්ධියක් දකුණේ වළල්ලක් සමග විටත් ඇති ගමක යන අරුත් දෙන නමක් ඇති ප්‍රදේශයකින් වාර්තා වේ.
වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.
විදේශගතව සිටි නිවැසියා පැමිණියේ දින 21 ක් නිරෝධායනය වීමෙන් අනතුරුවය.
කෙසේ වුවද ඔහු වෙනදා නිවසට පැමිණෙන විට නිවස පිරී යන නෑ හිතමිතුරන් කිසිවකු නොපැමිණි අතර වෙනදා රට බීමවලින් සප්පායම් වී එලවා ගත නොහැකිව සිටි මිතුරන් පවා නොපැමිණීම ගැන ඔහු පුදුම විය.
කෙසේ වුවද වත්ත පිටිය වල් බිහිවී තිබූ බැවින් තණකොළ කපා ගැනීමට කෙනෙකු සොයා ගැනීම සඳහා වෙහෙසුන ද එය ද අසාර්ථක විය.
පසුව දුරකථන අංකයක් සොයාගෙන අමාරුවෙන් තණකොළ කැපීම සඳහා පුද්ගලයකු සොයා ගත්තේය. ඔහු බයිසිකලයක මැෂිමද බැඳගෙන පැමිණ තණකොළ කැපීමට සූදානම් වනවාත් සමගම සතුට වැඩි වූ ගෙහිමියා රටින් රැගෙන ආ ටොපි කීපයක් අතට දී විදේශගතව සිට නිරෝධායනය වී පැමිණි බව පවසා ගෙතුළට ගියේ බීමට යමක් රැගෙන ඒම පිණිසය.
එහෙත් ආපසු පැමිණ බලන විට තණකොළ කපන යන්ත්‍රය පමණක් ඉතිරි වී තිබූ අතර පැමිණි පුද්ගලයා දකින්නට නොවීය. පුදුමයට පත්වූ ගෙහිමියා ඔහු ගැන සොයා බැලීමේදී බයිසිකලය ද නොතිබූ බැවින් කඩයට යන්නට ඇතැයි සිතා නිවස තුළට ගියේ ආපසු පැමිණ කාර්යය පටන් ගනු ඇතැයි සිතමිනි.
ටික වේලාවක් ගිය පසු පැමිණි ඔහු දියර වර්ගයක් ද මැෂිම පුරා ඉස යන්ත්‍රයද බයිසිකලේ තබා බැඳගෙන ආපසු ගියේ ගෙහිමියාටද නොකියාමය.
ඔහු පිටත්ව යන අයුරු ගෙහිමියා බලා සිට අනේ අපිටමයි ඔක්කොම වෙන්නෙ. කොරෝනාව කළ හදියක් යනුවෙන් පවසා සුසුමක් හෙලූ අතර තණකොළ කැපීමට ගිය පුද්ගලයා වහාම නිවසට පැමිණ නැවත තණකොළ කපන යන්ත්‍ර පවා නිරෝධායනය කර සිත සැහැල්ලු කර ගත්තද දරුවන් අසලට පවා නොයාමට වග බලාගත්තේය.
ඔහු පසුව තම මිතුරන්ට සිද්ධිය විස්තර කළේ බැරිවෙලාවත් කොරෝනා තිබුනොත් ගමම ඉවරයි යනුවෙන් පවසමිනි.
මෙය දැනගත් මිතුරන් පැවසූවේ පරෙස්සම ඉතා හොඳ බවත් වැඩි පරෙස්සම නිසා ලැබෙන්නට තිබූ මුදලද අහිමි කර ගත් බවත්ය.
(රත්ගම විශේෂ - ධර්මදාස සිරිවර්ධන)
මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවෙන් පොඩ්ඩාට අවමඟුලක් උදාවූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කොරෝනාව පස්සෙන් එතැයි තණකොළ කපන්නා බ්යවෙලා