රැවුල බෑම සඳහා මුහුණේ කුරුළෑ ඉවත් කිරීමට යොදා ගන්නා ක‍්‍රීම් වාර්ගයක් මුහුණේ ගා අසාත්මිකතාවයක් නිසා මුහුණ පුරා බිබිලි මතුවූ සිද්ධියක් දකුණු පළාතෙන් වාර්තා වේ.
මොහු තම පෙම්වතිය සමග නගරයට පැමිණියේ සවාරියක් යෑම සඳහාය. පෙම්වතිය සමග යෑමට තියෙන කැමැත්ත නිසා මොහුට රැවුල කපා ගැනීමට තිබෙන කාලය ප‍්‍රමාණවත් නොවූ හෙයින් කමක් නෑ මම නගරයේ තිබෙන බාබර් සාප්පුවකින් රැවුල කපා ගන්නවයි සිතා නගරයට පැමිණ පෙම්වතිය බස් නැවතුම් පොළේ නවතා ඔහු රැවුල කැපීම සඳහා සැලූන් එකක් වෙත ගියේ බඹරයක වේගයෙනි.
ඔහු රැවුල කැපීම සඳහා පැමිණියේ ඔහුගේ යහළුවකුගේ බාබර් සාප්පුවකටය. රැවුළ කැපීම සඳහා විනාඩි දහයක පහළොවක පමණ කාලයක් ගත වන්න විය. රැවුල කපා අවසන් වී මුහුණට වතුර දා සෝදා අවසන් වනවාත් සමගම බාබර් සාප්පුවේ යහළුවාට දුරකථන ඇමතුමක් පැමිණියේය.
ඔහු දුරකථනයට උත්තර දෙන්නට පටන් ගත්තේ බාබර් සාප්පුවෙන් මඳක් එළියට ගොසින්ය. මේ මොන කරදරයක් ද කියා සිතූ මොහු තනියෙන්ම එහි තිබූ ටිෂුකඩදාසියක් ගෙන මුහුණ පිහිදා එහි තිබූ ක‍්‍රීම් වර්ගයක් මුහුණේ ගා ගෙන හරි මචං මම වැඬේ කර ගත්තා කියා ඔහුටද මුදල් දී සැලූන් හලෙන් නික්ම ගියේ විදුලි වේගයෙනි.
නැවත ඔහු තම පෙම්වතිය සමග බසයට ගොඩවී ඔවුන්ගේ සවාරියට පිටත් වූයේ මහත් උජාරුවෙනි. එදින නිමා වී ඊළඟ දවස උදා විය. උදෑසන අවදි වී මුහුණ බලන කොට ඔහුට අදහාගත නොහැකි දෙයක් සිදු වී තිබිණි.
මුහුණ පුරාවට රතු පාට බිබිලි මතුවී තිබිණි. මහත් කලබලයට පත්වූ ඔහු නැවත ගියේ ඔහුගේ යහළුවාගේ සැලූන් එකටය. එහිදී ඔහු යහළුවාට කාරණය පිළිබඳ පැහැදිලි කළේය.
එවිට ඔහු කීවේ උඹ මාර මිනිහෙක්නෙ ඒ උඹ ගාල තියෙන්නෙ කුරුලෑවලට ගාන්න තියන ක‍්‍රීම් එකක්නෙ. එසේ පැවසූ විට ඔහු ඔළුවේ අත ගහගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට පෙම්වතියගේ මුහුන රතු වෙලා තිබුනේ? ඒ පැටික්කි කා ළඟට යන්නද? (නි)
මම නම් අද අදහස් ලියන්නේ ලංකාදීප පුවත්පතෙන් සහ අපේ කවදත් හිත මිතුරු මිතුරියන් වන සරත්, දිසා, හේරත්, රූපවතී, චන්දි ඇතුළු සියලු දෙනාගෙන් අවසර අරගෙන, ඔයගොල්ලෝ හැමෝම කැමතිනම් කියන්න අර බිත්තර නානාගේ අලුත් කතාවක් තියෙනවා කොණ්ඩය කපාගන්න ගිහින් සිද්ධ වෙච්ච හුටපටයක් ගැන, කතාව අහන්න කැමති නම් කියන්න. හෙටම ලියන්නම්. (නි)
අවසර මොකටද ෂෙරිෆ්, උඹත් මමත් ලක් අම්මගේ දරුවෝ....දැකලත් නැහැ.දන්නෙත් නැහැ.හිනාවට කඳුලට,දුකට සතුටට නමේ ගැටළු නැහැ. (නි)
මේ කොල්ලා රැවුල එහෙම කපාගෙන ලකලැහැස්ති වෙලා ගියේ රූපවතී අක්කා එක්ක වෙන්න බැරිද? (නි)
ඔය වගේ වැඩක් මගේ යාළුවෙකුටත් උනා. රැවුල කපන ක්‍රීම් එකකින් දත් මැදල කියනවා දත් බෙහෙත් සබන් රසලු. මට නම් නෙමෙයි උනේ. කෝ මේ පහන්....දැන් පහන් එක්ක කතා ලියන්න ෂෙරිෆ් උත්සහ කරනවා . නියම කතා ටිකක බලා ගන්න පුළුවන් ඉස්සහරහට.
දවසක් පිස්සන් කොටුවේ පිස්සු මනුස්සයෙක් කණුවකට කන් තබා කිහිප සැරයක් මහත් විපරමින් ඒ දෙස බලන්න විය. මේ දුටු දොස්තර කෙනෙක් ඇවිත් කන තබා පරික්ෂා කරමින් කෝ මුකුත් ඇසෙන්නේ නැනේ කිවලු. පිස්සු මනුස්සයා කියනවලු එක තමයි මාත් මේ බැලුවේ සද්දයක් නැනේ කියලා. (අ)
ගුඩ් මොනින්ග් !! ෂෙරිෆ් ., ඔයා හිතුවද අපි ඔයා එක්ක තරහ වෙලා කියලා. ඔයා මටයි,රූපක්කටයි අහස ගොරවන විට එලියට එන්න එපා කියපු නිසා ගොඩක් කේන්ති ගියා තමයි ,''ඒත්'' ඒක දැන් ඉවරයි .. හා හා ෂෙරිෆ් .., කියන්න බලන්න දැන් ඔයාගේ කතාව (අපි ඔක්කොම එක මවකගේ දරුවෝ හොඳේ ) මං හිතන්නේ රූප අක්කත් දැන් තරහ නැතුව ඇති ඔයා එක්ක. මේ සමහර අයගේ හිත නපුරු කමින් පිරිලා කියා අදහස් දැක්කම හිතා ගන්න පුළුවන් ෂෙරිෆ් මල්ලියෝ...... (ස)
මටත් ඔහොම වැඩක් උනා මේ ලඟදී දවසක් !!! ජෙසිකලාගේ ගෙදර ගිහින් මං උදේ දත් මදින්න කියලා දත් බෙහෙත් ටිකක් බ්‍රෂ් එකට දැම්මා .., ඒක ටිකක් දියාරුයි වගේ.., බැලින්නම් වෙන ක්‍රීම් එකක්.., බ්‍රෂ් එක හොඳට හෝදලා අරන් දත් ටික මැද ගෙන පස්සේ තමයි මෙහෙම වැඩක් උනා කියලා ජෙසිට කිවුවේ (මැරෙන්න හිනා උනා එදා ) හැබැයි යාලුවනේ වැඩේ වැරදෙන්න කලින් දැනගත්තා (දියාරු නිසා) (ස)
හේරත් මමත් , සිරිලක් මාතාවගේ දුවෙක් තමයි (ඔයා කළුයි කොටයි කියලෙ තිබුනනේ )ඒකට මං තව ටිකක් එකතු කරන්නම් .!!! ම්ම් ම් ම් .., කළු, කොට, මහත, නපුරුම නපුරු කෙනෙක් (මං හරිනේ) (ස)
චන්දි, ඔයාගේ දත් බෙහෙත් කතාව ඇහුවම මට මතක් වුනේ මේ කතාව. ඔන්න එක ස්වාමි පුරුෂයෙක් ඉන්නවලු හැම තිස්සෙම නෝනට බනින.ඉතින් මේ මනුස්සයා දවසක් නෝනාගෙන් අහනවලු මම මෙච්චර බනිද්දීත් ඔයා මට කිසි දෙයක් නොකියා ඉවසගෙන ඉන්නේ කොහොමද කියලා.නෝනා ගානකට ගන්නැතුව කියනවලු ඔයා මට බනින හැමවිටම මම කරන්නේ බාත් රූම් එකට ගිහිල්ල ඔයාගේ බ්‍රෂ් එකෙන් කොමඩ් එක සුද්ද කරන එක කියලා. අත්හදා බලන්න නම් එපා. ඕක මම මගේ නෝනට කිව්වම... ඊයා අනේ කිව්වා. (ස)
ඔය වගේ සොඳුරු වැඩ කොලුකමට අපිත් කලා.මට මතකයි මම ක්‍රිකට් ගහන්න යන්නෙත් හොඳට රැවුල කපලා ආෆ්ටර් ෂේව් එහෙමත් ගහලා. මොකද අපි සෙල්ලම් කරනවා මම ට්‍රයි කරපු ගැණු ළමයා බලන නිසා.මුණ ලස්සනට ඉන්න කවුරුත් කැමතී.මේ ළමයා ස්කින් ස්පෙෂලිස්ට් කෙනෙක් ලඟට හරි හොඳ සිංහල බෙහෙතක් කර ගත්තනම් හරි. (ස)
ඊයේ පුවත්පත් සිරස්තල ."'උද්‍යානයේ ව්‍යායාම කරමින් සිටි වයසක කාන්තාවක් දුෂණය කරයි ".අද පුවත්පත් සිරස්තල'' සිය ගණනක් වයසක කාන්තාවෝ ව්‍යායාම සඳහා උද්‍යානයට පැමිණ ඇත''. (ස)
පද්මේ, ඔයාගේ නෝනට විතරක් නෙමෙයි, මට කියවුනෙත් ''ඊයා'' කියලා තමයි. වැරදිලාවත් ඔන්න ඔයානම් නෝනට බනින්න හෙම එපා. එයත් ඔයාට මේ දේම කරයි.පද්මේ මල්ලි, මුහුණේ ලස්සන හදවතෙත් තිබේ නම් මේ මුළු ලොවම කෙතරම් ලස්සන වේවිද?(නි)
චන්දි ඔයා හරි.බැන්නට පස්සේ ගිහින් බලන්න ඕන නෝනා මොනවද කරන්නේ කියලෙ.හ..හා..ලස්සන කියන එක එක සාධකයක් පමණයි.අපි පෘතග්ජනයෝ නිසා ලස්සනට තැනක් දෙනවා.මිනිස්සු හදවතෙන් ලස්සනවීම තමයි නිවැරදී.ඔහොම හිතන ඔයගොල්ලෝ වගේ කිහිප දෙනෙක් හරි ඉන්න එක අගය කරනවා. (ස)
මැදපෙරදිග ගිය ගෘහ සේවිකාවක් ලංකාවට එනකොට අරන් ආව එයා එහෙදි ශරීරයේ අනවශ්‍ය රෝම ඉවත් කරන්න පාවිච්චි කරපු ප්ලාස්ටර් ජාතියක්. ඇගේ සැමියා කල්පනා කළා එයාගේ රැවුල ඉවත් කරලා මුහුණ සිනිදුවට මේක අපූරුයි කියාල. ඉතින් මිනිහ මුණ පුරා මේ ප්ලාස්ටර් ඇලෙව්වා. උපදෙස් පත්‍රිකාවේ කියලා තියෙන හැටියට විනාඩි දහයික් විතර ගලවන්න හැදුවමයි තරු පෙනුනේ. පිරිමි රැවුල කාන්තා රෝම කූප වලට වඩා ශක්තිමත් නිසා ගලවන්න ගියාම දැඩි වේදනාවක් දැනුනා. දැන් සැමියා අම්මෝ එපා එපා කියල කෑගහනවා අහල පහල අයටත් ඇහිලා දුවගෙන ආවා. මූණ පුරා ප්ලාස්ටර් ගහගෙන මොකද වුනේ කියලා ඇහුවම ක්‍රීම් එකක් විෂ වෙලා කියලා බොරුවක් කියලා. ඇත්ත කිව්වා නම් බිරිඳගේ කතාවත් හෙලිවෙනවනේ. ඒත් දැන් ගමම දන්නවා. ගමේ අය ඇය යන එන කොට කියන කතා අහන ඉන්න බැරි නිසා ආයෙත් රට ගියා. (ස)
චන්දි, මගේ මූණ නම් හරි කැතයි. ඒත් හදවත නම් හරි සුන්දරයි. මොකද අදහස. (ස)
පහන් ෂුවර් එකටම ඔය ව්‍යායාම කරන්න ගිය බවලත් උදවිය අතර අපේ රූපවතී අක්කයි, චන්දියි ඉස්සරහින්ම ඉන්න ඇති.උදේ පාන්දරම ගිහිල්ලා! නැතුව! නැතුව! (නි)
සරත්ගේ කතාවට මට කදුළු පනින්න හිනා උපහාසය හාස්‍යය උපරිමයි. (ස)
ඔය කතාව කෙසේ වෙතත්, රුපා අක්ක, චන්ධි අක්ක, සරත් ඇතුළු සෙට් එකේ අදහස් බලන කොට මට මගේ වැඩ කිරීමේ වෙගය දැනෙන්නේ නෑ.. මම අනිත් අයටත් කියල හිනා වෙනවා.. බොහොම ස්තුතියි!!! (අ)
තිලක්ගේ කතාවත් හොදයි. ඒත් ෂෙරිෆ්ගෙ කතාව තාම නැහැනේ. අනේ ඒකත් දාන්නකෝ. මේ යාලුවෝ ටික නිසා මට දැන් නිතරම ලංකාදීපේ බලන්න හිතෙනවා. ස්තුතියි සැමට (නි)
මේවට ප්‍රසිද්ධ ලංකාවටම තිබෙන්නේ එකම එක පළාතයි (නි)
පහන් අද බස් එක මිස් වුණාද? මිස් කළාද? රූපා, දිසා එහෙමත් පෙනෙන්න නැහැ. හොද කතා ටිකක් නම් කිව්වා කට්ටිය. ෂෙරිෆ්, කෝ ඔයාගේ එක. ලියන්න, ලියන්න. (නි)
පොඩ්ඩක් හිට පල්ලා කොල්ලනේ මම අද ටිකක් වැඩ ............ඇවිල්ලා දෙන්නම් රම්පෙට පොරි හැලෙන්න. (ස)
ඉතින් දෙයියනේ කුරුලෑ එන්නේ මුහුණේ නැතිව වෙන කොහෙද? ඒ ක්‍රීම් ගෑවේ මුහුණෙ නෙ. (ස)
අම්මෝ, පත්මෙගේ කතාව අහපු ගමන් මම හිතාගත්ත මගේ නෝනට නම් කවදාවත් බනින්නේ නෑ කියල. පහන්ගේ කතාව බලලද කොහෙද රුප අක්ක සද්දයක් නෑ. මොකද මම දැක්ක එයත් ව්‍යායාම කරනවා. පව් . (අ)
ඒ ක‍්‍රීම් වර්ගයට ඔහු අසාත්මිකතාවක් දක්වනවා වගෙයි. රූපලාවන්‍ය රසායන ද්‍රව්‍ය විස වී කිහිප දෙනෙක්ම මිය ගිය බව මතකද? ප්‍රවේශමෙන් පරිහරණය කරන්න. (ස)
ඔන්න මම අවා ...ඒක නෙමෙයි ළමයි, මෙතන කතා කියා කියා නටලා විතරක් හරියන්නේ නැහැ. ලංකාදීපේ අනිත් නිවුස් ටිකත් කියවන්න ....කතරගම දෙවියන් ජීවමාන වූ ප්‍රචාරයට ලක්ෂ ගණක ජන ගගක් කියලා( කාලීන )මේ නිව්ස් එක බලන්න. බලලා අපේ සමහර ගොන් බානවල් සහ නෑම්බියෝ ලියලා තියන අදහස් කියවන්න .කරුණාකර මේ අසරණයන් දැනුවත් කරන්න ඔබලාට පින් ...මම මගේ යුතුකම කලා ඒකත් හොඑඳට කියවන්න .ඉන් පසුව මා ඔබ සියලු දෙනා අමතන්නම්. (ස)
මැනිමෙල්, මීට වඩා වැඩ කරපු අය ඔය පළාතෙත් ඕන තරම් ඇති,මොකද මේක ලංකාවනේ........ (ස)
හිනා වෙලා පණ යනවා අනේ.මමත් වැඩ ටික කරලා ඉක්මනට දුවගෙන එන්නේ අපේ මේ සෙට් එකේ අදහස් ටික කියවන්න.රණ්ඩු වෙනවා යාලු වෙනවා.මරු අනේ.වැඩ කරලා ආවාට මහන්සියක් දැනෙන්නෙත් නැහැ. (නි)
ආ ..රූපද?ඔන්න බුරුසුවක් අරන් කොමඩ් එක මදිනවා.මහත්තයා පත්තරේ අතේ තියාගෙන දොර ළඟ මුර. දෙයියෝ දනියි ..මම නොදනියි....බුරුසුකාරයාත් ගේට්ටුව ළඟ. (නි)
"ඔයා කළුයි කොටයි" ඔව් චන්දි අහුවුනොත් බලාගෙන. සුදු කළු බේදයක් නෑ " කොටයි...කොරයි " (නි)
පහන්, ආරංචියේ හැටියට තවමත් දවල් වෙනකම්ම රූපවතී අක්කයි, චන්දියි පිට්ටනියට වෙලා ව්‍යායාම කරනවලු! ඒත් තවම කිසිම ප්‍රතිපලයක් නැතිලු. බැරිමතැන රූපවතී අක්කා චන්දිට කියනවලු "නංගි අපි තව ටිකක් බලමු නේද? එතකොට චන්දි කියනවලු" නැතුව! නැතුව රූපක්කේ! නැතුව! (නි)
සරත්, ඔයාට අද නම් රූපක්කාගෙනුයි චන්දිගෙනුයි ගුටි තමයි.ලැහැස්ති වෙලා ඉන්න.මටත් ගුටිකන්න වෙන පාටයි (නි)
ඒ කියන්නේ පහන්ගේ ලොකුමාමා පිස්සන් කොටුවේ ඉන්න කාලේ ළිද ළගට වෙලා ...දෙකායී.... දෙකායී ...කියා කියා කෑගහනවලු .ලොකු දොස්තර මහත්තයා මේ යකා මේ ළිද ඇතුලට අත දික් කර කර කෑගහන්නේ මොකක්ද කියලා බලන්න ගිහින් එබුනලු ලිදට.පිස්සා දොස්තර මහත්තයව කකුල් දෙකෙන් උස්සලා ලිදට දැම්මලු. ජබොක් ගාලා ....දැන් කෑගහනවලු තුනායී ....තුනායී .... කියලා (නි)
එතකොට දිසෝ ඔයත් එතන හිටියද? කොහොමද 'ජබොක් ගාලා' සද්දේ ඇහුනේ.?. (නි)
දැන් මම කාටද මුලින්ම උත්තර දෙන්න ඕනෑ?හරි. මං ඉස්සෙල්ලාම සරත්ගෙන් පටන් ගන්නම්. අයියෝ සරෝ, ඔයා තාමත් මෙතනද? මමයි රූපා අක්කයි අරහේ බලා ඉන්නවා ව්‍යායාම කරන්න. අනේ සරත් ..!! ලියන්න බැහැ හලෝ, මට තාමත් හිනා. මේක හරි පුංචි රටක්නේ (නි)
අනේ රුපා අක්කේ, මට නම් බැහැ ඔන්න සරත්ට උත්තර දෙන්න. හිනාවෙලා බඩත් කොරවෙලා. අයියෝ මේ සරත් මාර පිස්සෙක්නේ ඔයා (නි)
ඇයි බන් හේරතයෝ උබ හිතුවද මම බීරෙක් කියල මට හොදට කන් ඇහෙනවා.(නදී)
තිලක් මල්ලි .!! ඔයාගේ හදවත ලස්සනද කියල ඉස්සෙල්ලම මට බලන්න ඕනි .!! ඔයා ඉරිදට ඒක ගලවා තැටියක දාලා මට එවන්න .., මන් බලලා ලස්සන නම් මගේ අදහසත් එක්ක ආපසු එවන්නම් (මොකද රෑ වැටිච්ච වලේ දවල් වැටෙන්න මන් කැමති නැහැ ).(නදී)
එතකොට ඔය ක්‍රීම් එක කුරුළෑ එන්න ගාන එකක්ද? (නි)
මේ සරෝ ,දිසෝ,හේරෝ,පහන්, තිලක් ,ඉන්දු,ලන්දු බින්දු ,ඔක්කොමල එක්ක වීඩියෝ දර්ශන බලන්න විකාර කියා කියා හිටියා හොදටම ඇති අපිට කරන්න ලොකු රාජකාරියක් තියෙනවා කෝ මේ අපේ රුපක්ක ඉක්මනට එන්න පින් අතේ වැඩක් තියෙනෝ (ලතෙත් ගුණයෙන් මෙය නරබන්න .., මතුගම කන්දෙහේන දහම් පාසලේ කතාව )අනේ කට්ටිය එකතුවෙලා කියවල මොනවා හරි කරමු ඕන් මන් ගියා මොනවා හරි බඩට දාගන්න.(නදී)
මෙතන කුණුහරප කියා කියා ඉන්නවා .කව්රුවත් හැරිලා බලල නැහැ මම කියපු නිව්ස් එක දිහා. අර කතර ගමට ගලපු සෙනග ගැන (කාලින )කොටස කියවන්න අදහස දාන්න ..අර බලන්න ගියපු අයට වඩා පෙරේතයෝ ටිකක් මෙතන ඉන්නවා. මට යකා නැගල තියෙන්නේ නහුතෙටම .(නදී)
මදැයි මමත් බලා හිටියා ෂෙරිෆ්ගෙ කතාව දානකම්. කමක් නැහැ. මම පද්මෙගෙ කතාව අහලා තියෙනවා. මට කේන්ති ගියාම ඕක මතක් වෙලා හිත හදාගන්නවා (නි)
ඔන්න මම ආයේ කාගෙවත් හිත රිදවන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා, බිත්තර නානාගේ උපන් ගම පුත්තලම, ඔහුගේ එකම අදහස ගමේ ඉඳලා කවදත් දියුණු වෙන්න බැහැ ,ගමෙන් පිටවෙලා ගිහින් බිත්තර වෙළදාම හොඳින් කරන්න හිත අදිටන් කරගත්තේය.දිනක් නානා ඔහුගේ හිත මිතුරාවූ ජයදරා සමග මහියංගනයට ආසන්න ගමක්වූ පගරගම කියන ගමට සේන්දුවිය, නානාගේ මිතුරාවූ ජයදරා දක්ෂ බාබර් කෙනෙකි. දෙදෙනාම එම ගමේ පුංචි කඩ කාමර දෙකක තම තමන් දන්නා රැකියාව ආරම්භ කළහ. මේ කඩවල් දෙක අසල පොඩි තේ කඩයක් දාගෙන සිටි තරුණියක් වූ නමින් සුද්දීගේ කඩයට නානා සහ ජයදරා නිතරම වාගේ තේ බීමට ගොඩවිය.කාලය ගෙවී යද්දී නානාගේ හිතේ සුද්දී ගැන ආදරයක් ඇතිවිය. සුද්දීද බිත්තර නානාට පණමෙන් ආදරය කළාය. දිනක් සුද්දී නානාට යෝජනාවක් කළේ අපි හෙට කසාද බඳිමු යනුවෙනි. නානා කියාසිටියේ හෙටවෙනකම් ඉන්න ඕනෑ නැහැ අදම බඳිමු යනුවෙනි. ඒ අනුව දෙදෙනාම කසාද බැන්දහ. ජයදරා බාබර් නම් හිටියේ ටිකක් හිතේ අමාරුවෙනි. මාස පහක් ගතවෙද්දී නානාට හා සුද්දිට දරු සුරතල් බැලීමට වාසනාව උදාවිය. එක දවක් නානා යකා වාගේ ගෙට ගොඩවිය. සුද්දී මට ඇත්ත කියපන් අපිට කොහොමද මාස පහකින් දරුවෙක් ලැබුණේ? එවිට සුද්දී නානාට මෙන්න මෙහෙම කීවාය, දැන් බලන්න.. නානා මාව කසාද බැඳලා කොච්චර කල්වෙනවද? නානා කියා සිටියේ මාස පහක් යනුවෙනි, නැවතත් සුද්දී හඬ අවදිකරමින් මම නානාව කසාද බැඳලා කොච්චර කල්වෙනවද? නානාගේ පිළිතුර මාස පහක් යනුවෙනි, සුද්දී නානාගේ මෙසේ ඇසීය පහයි පහයි කීයද යනුවෙනි ? එවිට නානා කියා සිටියේ හැබෑ නේන්නම් මාස දහය හරිනේ කියමින් දරුපැටියව නලවන්න පටන්ගත්තාලු, (නි)
"හිනා වෙලා පණ යනවා අනේ" ශානිකා,අනේ වස්තුවේ, මේවා කියවලා ඔයාගේ පණ නම් යවා ගන්න එපා අනේ....මගේ පපුව දනවෝ. (නි)
සරත් අම්මෝ.!! මොනවද අනේ මේ අපි වගේ ගැටිස්සියන්ට එක එක පද හදන්නේ? කොහොමත් අපි දන්නවා ඔයාලා වගේ වයසක සීයලාගෙන් බේරෙන්න බැරි බව. ඒකයි මමයි රෑපක්කයි පිට්ටනියට නොගිහින් වැල්ලට ගියේ (නි)
ඔන්න මමත් ආවෝ ...!ෂෙරිෆ්,පිස්සුද අනේ? අපි ඔයා එක්ක තරහා වෙනවද? අපි ලංකාදීපේ පුරවැසියෝ. ඔය වචන පිටි පස්සේ දිව්වොත් ෂෙරිෆ් අපේ දිසාලා සරත්ලා හම ගහන්න ඉස්සරලම අල්ලගන්නේ කොහෙන්ද කියලා හිතාගන්න බැරිවෙනවා.හරි හරි දැන් කියන්න ඔයාගේ අර රහස ...හැබැයි ඔච්චර අගය කරපු රහස අන්දරේ අතුරේ ගියා වගේ නම් වෙලා බැහැ හොදේ (නි)
මගේ යාලුවෙක් හිටියා කුවේට් වල, ලස්සන කොල්ලා. කොන්ඩේ දිගට වවලා හිටියේ. නිවාඩුවට ලංකාවට යන දවසට කලින් දවසේ රෑ කොන්ඩේ තඹ පාට කරගන්න ක්‍රීම් එකක් ගාලා නිදියගෙන උදේම නැගිටලා නාන කාමරේට ගිහින් ඔලුව හෝදලා කොන්ඩේ ඔක්කොම ගැලවිලා ගිහින්.මෙය ගාලා තියෙන්නේ රෝම ගලවන ක්‍රීම් එකක්. ඒකේ ලියලා තියෙන්නේ ඔක්කොම අරාබි වලින්.ක්‍රීම් වර්ගය මාරුවෙලා අරන් තියෙන්නෙ.ලංකාවට ගියේ තට්ටේ පිටින් (නි)
මමත් දැක්කා උදෙන්ම අද සරත් මල්ලි සරම කැහැපොට ගසාගෙන හොරෙන් හොරෙන් කිට්ටු වෙනවා ඔය වයසක ආච්චිලා ව්‍යායාම කරන දිහාට, අනුමානයක් නැහැ, ඔය අලකලන්චිය කරලා පැන්නේ ඕකම වෙන්න ඕනෑ (නි)
"ඒකයි මමයි රෑපක්කයි පිට්ටනියට නොගිහින් වැල්ලට ගියේ" රුපෝ සහෝදරි, ඉහේ ඉඳලා කන කනවෝ. (නි)
ඉස්සර කාලේ මාල වළලු කද බැදන් මනි බඩු වෙළදාමේ යන නානා කෙනෙක් හිටියාලු, දවසක් මෙයා යන පාරේ පාර අවහිර වෙන්න කකුලක් දමාගෙන හිටියා. අහංකාර කොලු ගැටයෙකුට නානා යටහත් පහත් ලීලාවෙන් ශත පනහක් දී ගියේය. ශත පනහක් ලොකු ගානක් ඒ දවස්වල, මේක හිතටගත් කොලුවා තව කෙනෙකුට චන්ඩි කමට මග හරස් කර කප්පන් ගන්න හදලා හොදටෝම ගුටිකාලා අඩු බඩු කඩාගෙන ඉන්නවා පස්සේ දවසක දැක්ක නානා කියනවලු, "මගේ ෂේත පනහ ඔදට වෙඩ කොරලා තියිනවා" කියලා.(නදී)
ෂෙරිෆ්ගේ, කතාවත් නරක නෑ. රූප අක්කේ, අර අන්දරේ අතුරේ ගිය කතාව ලියන්නකෝ. අහලම නෑ වගේ. (ස)
අනේ සරත්,මම හීනෙනුත් හිනාවුනේ ඔයාගේ අදහසට. කෝ ඔයගොල්ලන් මං කියපු දේ බැලුවද..?අනේ පන්සල හදන්න උදව් කරමු ,පන්සල් හදනවා කියන්නේ විශාල පුණ්‍ය කර්මයක්.මොකද කියන්නේ කට්ටියම දෙමුද හොද සහයෝගයක් (නි)
ෂෙරිෆ් ඔයාගේ කතාව හොඳයි.ඔන්න සැලුන් එකක තවත් කතාවක්. ""එක සැලුන් එකකට තරුණයෙක් ඇවිල්ල බාබර් ගෙන් අහනවලු කොණ්ඩේ කපන්න වෙලා යයිද කියලා .බාබර් කියනවලු ඔව් තව පැයක් විතර යයි කියලා.ඇත්තද මම පස්සේ එන්නම් කියල මිනිහා යනවලු.ආයිත් පැයකින් දෙකකින් ඇවිල්ලා අහනවලු කොණ්ඩේ කපන්න වෙලා යයිද කියලා.බාබර් කියනවලු ඔව් තව වෙලා යයි කියලා.මෙහෙම මේ මනුස්සයා හැමදාම ඇවිල්ලා අහනවලු කවදාවත් කොණ්ඩේ කපන්නේ නැහැලු.දවසක් මේ මනුස්සයා ඇවිල්ලා බබර්ගෙන් කොණ්ඩේ කපන්න වෙලා යනවද කියල ඇහුවම, ඔව් වෙලා යනවා කියලා. සාප්පුවේ වැඩ කරන කොල්ලට කිව්වලු ගිහින් බලපන් අර යකා කොහෙද යන්නේ කියලා.කොලුවා ඇවිල්ලා කියනවලු "මිනිහ බාබර් ගේ ගෙදරට රිංගනවා කියලා" (ස)
උදේම ටිකක් හිනා උනා.....හිටපල්ලා මම අපේ ආච්චියි සීයයි කිරි බීපු හැටි කියන්න. (ස)
චන්දී, අපි පන්සලට හැකිලෙස දායක වෙමු. ඒවා කෙරෙන්නම ඕනෑ. (නි)
ගොඩක් හොඳයි සරත් !! අනෙක් අයත් කියන්නකෝ මගේ හිත හදා ගන්න කෝ මේ රූපක්කගෙන් කිසි පිළිතුරක් නැත්තේ මොකෝ මගේ අදහස දැක්කේ නැතුවාවද්ද..!! දිසෝ ., හේරෝ ., තිලක් ., ඉන්දු . මෙකි නොකී සියලු දෙනාම කියන්නකෝ .., හාද -බෑද (ස)
"චන්දී, අපි පන්සලට හැකිලෙස දායක වෙමු" හොඳ අදහස. පන්සල කොහෙද ...හදන්නේ ... (දී)
අය්යෝ මටත් උනා ඔය වගේම වැඩක් , හෙයාර් ක්‍රීම් එකක් මුණේ ගෑව නේ .කුරුලෑ ආවා ගොඩක්.... අයියෝ..... (ස)
මොකෝ මේ රෙද්දක් ඇදගෙන,කොන්ඩෙත් කඩගෙන්, හැන්ඩ් බෑග් එකක් එල්ලගෙන. - මම යනවා බං සුනිල් හම්බවෙන්න.එයා ලියුමක් එවලා තියෙනවා අපි ප්‍රේම ගගේ නාමු කියලා නාන්න ලැස්ති වේලා මම යනගමන් මේ (අ)
ඔන්න එක රටක ජනාධිපතිවරයෙක් කොණ්ඩය කපාගැනීමට ඔහු දන්න බාබර් ලඟට ගියාලු, ජනපති වරයාගේ හිසේ හිසකෙස් එතරම් නොවිය, ඒ වනවිට රටේ ත්‍රස්තවාදීන් ප්‍රචණ්ඩත්වය හසුරමින් සිටියේය, දිනක් බාබර් ජනපතිගේ කොණ්ඩය කපන ගමන් මෙසේ ඇසිය.. සර් කොහොමද දැන් රටේ ත්‍රස්තවාදී ප්‍රශ්නය? ජනපති වරයා ටිකක් තිගැස්සී කීවේ එයට පිළියම් සොයමින් සිටින බවයි, මෙලෙස තව දවසක් බාබර් ජනපතිගේ කොණ්ඩය කපන ගමන් පෙර ප්‍රශ්නය නැවතත් ජනපතිගෙන් ඇසීය.. ජනපති වරයාගේ පිළිතුර පෙර පරිදිමයි, ඔන්න ටික දවසක් ගෙවෙද්දී ජනපති වරයා බාබර් වෙත පැමිණ නැවත කොණ්ඩය කපන ගමන් බාබර් අර ත්‍රස්තවාදී ප්‍රශ්නය මතුකළේය, ජනපති වරයා ටිකක් කේන්තියෙන් පෙර පිළිතුර දුන්නේ පෙර පරිදිමයි, අවසන්වරට ජනපති කොණ්ඩය කැපු දින රාත්‍රියේ බාබර් සොයා ජීප් රථයේ පැමිණි නිලධාරීන් හතරදෙනා බාබර්ව පැහැරගෙන ගොස් බාබර්ට හොඳට ගුටි පුජාවක් සංග්‍රහ කළේය, බාබර්ගේ මුවින් පිටවුනේ ගහන්න එපා සර්.... ගහන්න එපා සර්.... යනුවෙනි, පසුව බාබර් අසලට පැමිණි නිලධාරියෙක් ඇත්ත කියපන් උඹටයි ත්‍රස්තවාදීන්ටයි තියෙන සම්බන්ධය මොකක්ද? යනුවෙනි... එවිට බාබර් පැවසුවේ අනේ සර් මට ගහන්න ඉස්සර ඔය ප්‍රශ්නය අහන්න තිබුනනේ.... මම ජනපති තුමාගෙන් කොණ්ඩය කපන ගමන් ත්‍රස්තවාදී ත්‍රස්තවාදී ප්‍රශ්නය අහන වෙලාවට එතුමාගේ හිසකෙස් කෙලින් වෙනවා එතකොට කපන්න පහසුයි යනුවෙනි. (නදී)
ෂෙරිෆ්, ඔයත් නියමයි. තව ලියන්න... (ස)
ඔන්න දැනුයි පත්තරේ ලගට ආවේ ..හරියට හරි ..චන්දි නංගි මම තවම ඒ නිව්ස් එකට ගියේ නැහැ ..ඒ කෙසේ වෙතත් ..මමත් උදව්වට සහබාගී වෙනවා කියල ඔන්න පොරොන්න්දු වෙනවා ..පසුව නිව්ස් එක කියවල වැඩි විස්තර දැන ගන්නම්...? (නදී)
ෂෙරිෆ්ගෙ, කටා මාමගේ, පද්මේ, ලාල් ඔයාලගේ කතාවල් නියමයි. මට තාම හිනා. චන්දියෝ මම ඔයාගේ අදහසට එකඟයි. අපි හැකි පමණින් උදව් කරමු. මම මේ සැරේ ලංකාවට ආවම ඔය පන්සල බලන්න යන්න හිතාගත්තා. දිසා අයියේ මමත් ඕවා විශ්වාස කරන්නේ නෑ. ඒත් මම හිතන්නේ ඒවා විශ්වාස කරන අයට අනුකම්පා කළ යුතුයි නේද. මිනිස් ශිෂ්ටාචාරය බිහිවුනේ විශ්වාසයන් සමඟයි. (ස)
ෂෙරිෆ්, පද්මේ, ලාල් අලුත් කථා කට්ටියගේ කතාවල් නියමයි.දිගටම ලියන්න. (ස)
ෂෙරිෆ්, මට හිනාව නවත්ත ගන්න බැහැ. තව ලියන්න. ලස්සන කතා. (ස)
ඉන්දු, කොහොම හරි හිනාව නවත්ත ගන්නම වෙයි. නැත්නම් මොනවත්ම කන්නවත් බැරිවෙයි.(නදී)
සකල බුජන් !! පන්සල හදන තැන දැනගන්න. මේ තිරයේ පහලින් 'වීඩියෝ දර්ශන '' කියල තියෙන්නේ අන්න එතන තියෙනවා''ලතෝ ගුණයෙන් මෙය නරබන්න '' මතුගම කන්දෙහේන දහම් පාසලේ කතාව කියලා. ඒ වීඩියෝ පටිය බලන්න විස්තර ඔබටම බලා ගන්න පුළුවන්. මන් කැමතියි කතෘ තුමාගෙන් දැනගන්න මේ කළුතර ,මතුගමද කියලා.(නදී)
මම දැනගෙන හිටියෙ නෑ තව ඉන්දු කෙනෙක් (ඉන්දු - මෙල්බන්) "ලංකාදීප යාළු කදේ" ඉන්නවා කියලා. මම මින් පස්සේ ඉන්දු - ලන්ඩන් කියලා දාන්නම්. අද දෙයියෝ සාක්කියක් ලංකාවේ වෙලා නැත්ද? (අඩුගානේ අපේ යාළුවන්ටවත්)(නදී)
ඒක තමා ඉන්දු-ලන්ඩන් ., මාත් මේ සැරින් සැරේ බලනවා .., අලුත් දෙයියෝ සාක්කියක් ඇවිත් නැහැනේ (දිසාට බයවෙලාද මන්දා) අපේ දිසාට දෙයියෝ අරහන් නේ. (ස)
චන්දි, ඔබ වැරදි. මට අරහන් බොරුකාරයෝ විතරයි.මම පැහැදිලි කලේ දෙවියන් කවුද? ඔවුන්ට කල හැක්කේ කුමක්ද? නොහැක්කේ කුමක්ද ?කියා විතරයි (කාලීන) කොටස බලන්න.... (ස)
අනේ මාත් සවසක පව්ඩර් කියලා පාන්පිටි ගාගෙන පෝතකයා බලන්න ගියා. ඒ පාර ඌ අන්දරේ සීනි කෑව හැටි කියලා මාව සිපගෙන යනකොට කිව්වා ෂර්ට් එකේ ඇලිලා තියෙන පාන්පිටි වලින් අද ගෙදර ගිහින් පොල් ගාලා රොටියක් හදාගෙන එන්නම් හෙට උදේ හමුවෙමු කියලා. (නි)
අනේ හේරත් අයියේ,සිද්ධාලේප ටිකක් අරගෙන එන්නද පපුවේ ගාන්න.පපුව දනවට (නි)
තැන දැනගන්න (නි)
නැතුව ..නැතුව ..අපි එහෙම නැහැ (නි)
හොඳ කතා ටිකක්. දිගටම කතා ලියන්න.අද ටිකක් හිනා වුණා. (නි)
ශානිකා බුදු නංගියේ ඉකි...ඉකි ..ඉක්මනට වරෝ .....(නදී)
ෂෙරිෆ් ඔබේ කතා හරිම රසවත්. ඔබට ස්තුති.
ජයාවෙවා.........ජයාවෙවා.........
අයියෝ සල්ලි
ඔය තියෙන්නේ වැඩේ කරගෙන (දී)
ෂෙරිෆ්ට ජයවේවා
පුදුම හදිස්සියක්නේ තියෙන්නේ කියව්වෙවත් නැද්ද (දී)
හොද වැඩේ ...හොද වැඩේ ...
ගොඩාක් අය ඔහොම තමයි
හරිම මෝඩයි
කවුරුත් මොකුත් කියන්න එපා (දී)
වෙලාවකට හිතෙනවා හොද වැඩේ කියලා (දී)
ෂෙරිෆ් ඔබේ කතා හරිම රසවත්. ඔබට ස්තුති. (දී)
ලස්සන වෙන්න බැරි වෙලා කතා වෙලා (දී)
ලස්සන වෙන්න ගිහිල්ලා
අයියෝ සල්ලි
අනේ හොදයි ....
ඒක තමයි ඉන්දු - ලන්ඩන් මමත් හිත හිතා හිටියේ කොහොමද මේක කියන්නේ කියලා. ඔයාවයි මාවයි අනික් අයට පැටලෙනවා ඇති නේද කියලා. තව ඉන්දු කෙනෙක් අවොත් එයාටත් ගමක නමක් දාගන්න කියමු. මම හරි ආසයි මේ යාලු කතා වලට. කටා මාමගේ ශත පනහේ කතාවත් ෂෝක්. (නි)
සරත් මම කෑම කන වෙලාවට ලංකාදීප ප්‍රතිචාර අමතක කරනවා. ඔයා කිව්වා වගේ නැත්නම් මට කන්න වෙන්නෙත් නැහැ , හිනාවෙනවා මිසක්. (නි)
රූපවතී අක්කේ ,චන්දි අක්කේ, ඕවා ඔහොම තමයි. දුක් වෙන්න එපා. දැන්වත් තේරුම්ගන්න ඔයාලගේ තත්වය. පිට්ටනි වලට වෙලා බලාගෙන හිටියත්. වැව් ළඟ පශ්චාත් බාගය රගදක්වමින් රෙදි සේදුවත් කව්රුත් අහුවෙන්නේ නැහැ (නි)
ඔයා කොච්චර පණ්ඩිත කතා කිවත් .,සරෝ..!! මම හරි ,රුප අක්ක හරි දැක්කනම් අපේ දැලේ ඉස්සෙල්ල වැටෙන්නේ ...!! කව්ද ..,?කියන්න පුලුවන්නම් ..!ඒ වෙන කවුරුත් නෙවේ සරෝ .., ඔයාම තමයි (හොද වෙලාවට දකින්න නැත්තේ ) පණ්ඩිතය ...!!! (දී)
වදකහ සුදිය බිවුව මිනිස්සු හිටපු රට මේ (දී)
මෙවන් මිනිසුන් ගැන ලැජ්ජයි
සේනක, වෙලාවට අවේ. (අ)
මට පේන්නේ අද කතාවල් ටික දෙය්යෝ සාක්කියක් විදියට තමයි ලංකාදීපට පේනවා ඇත්තේ (ඒ තරම් රසවත් නිසා). ඉතින් වෙනම දෙයියෝ සාක්කියක් ඕන නෑ කියලා හිතෙන්න ඇති. ස්තුතියි අපට මෙහෙම අවස්ථාවක් දීම ගැන. සරත් හැබැයි මම අහලා තියෙන්නේ රූප අක්කගෙයි චන්දිගෙයි ලස්සනට ගොඩක් අය පස්සෙන් එනවා කියලා. මදුරංගී ගඟේ නාන්න රෙද්දක් ඇඳගෙන යනවා නම් හැන්ඩ් බෑග් එකක් මොකටද? (අ)
ෂෙරිෆ් ඔබේ කතාව හරිම රසවත්. ඔබට ස්තුති..... මට තනියම හිනා ඒක අහලා.(නදී)
ඉන්දු ළමයෝ මේ අහන්න .., ඔය කවුරු පස්සෙන් ආවත් ., මගේ මොකෝ (අ)
ඔව් ඔව් ඉන්දු ඇස් වහක් කට වහක් නැහැ. රූපවතී අක්කයි චන්දිගෙයි ලස්සනට ගොඩක් අය පස්සෙන් ආවලු. ඒත් දැන් නම් නෙමෙයි දැනට වසර 40ක් 45 කට විතර කලින්! බේරගන්න බැරිම තැන තමයි එයාලගේ අප්පච්චිලා දෙන්නම රට පටවලා තියෙන්නේ.(නදී)
මගේ කතා කෙටි කර හදලා දාන නිසා නිතරම කුකුසක් එනවා කාටවත් හිනා නොයයිදෝ කියලත්. (නදී)
ඔව් චන්දි මමත් හිතන්නේ එහෙමයි. අපට ඕන කෙනා ලඟ ඉන්නව නම් එච්චරයිනෙ. සරත් ඒ කාලේ පස්සෙන් ආපු අය දැන් එහෙනම් මැරිලත් ඇතිනේ. ඹයත් එහෙම ගියපු කෙනෙක්ද ඔච්චර හොඳට ඕව දන්නේ. කටා මාම දුක් වෙන්න එපා. අපි ඔයාගෙ කතා වලට හිනා නොගියත් කිති කවාගෙන හරි හිනා වෙන්නෙම්කො. අනේ මම කියන ඒවට ඔයාල තරහවෙන්න නම් එපා හොඳේ. මේ රටවල ඉන්න සුද්දන්ට අපේ විහිළු තේරෙන්නේ නෑ. මට නිකම් කෑවෙ නෑ වගේ කාටහරි මඩක් ගැහුවෙ නැත්නම්.(නදී)
" මම හරි ,රුප අක්ක හරි දැක්කනම් අපේ දැලේ ඉස්සෙල්ල වැටෙන්නේ ...!! කව්ද " ඔයාලගේ දැල් නයිලෝන් ද හිල් කීයද? රිකොන්ඩීසෝන් ද? දැන් සේල් පටන් ගෙනද?(නදී)
අනේ ඔව් ඉන්දු මම අපේ අම්මගේ කුසේවත් නැහැ එතකොට (දැනට වසර 40ක් 45කත විතර කලින් ) ඒ කාලේ ඉදලම සරත් මගේ පස්සේ (ඔව් අනේ දැනුත් බලන්නකෝ එක එක කතා කීවට එයා මටයි රුපක්කටයි ගොඩක් ආදරේ බව අපි දෙන්නම දන්නවා .(නදී)
කටා මාමේ,තව කතා දාන්න අපි හරි ආශාවෙන් කියවන්නේ ..!! හිනා නොගියොත් කිති කවා ගෙන හරි හිනා වෙන්නම් අපි..(නදී)
" ඔය කවුරු පස්සෙන් ආවත්" - අනේ පව් අනේ.....අපි සල්ලි එකතු කොරල ඔය පස්සෙන් එන කෙනාට වීල් චෙයාර් එකක් ඩොනේටේ කොරමුද?(අ)
අනේ හේරත් පැටියෝ,ඇයි,රත්තරනේ ඔයා මාත් එක්ක ඇටෑක් එකටම එන්නේ? පොල්සම්බලුයි බතුයි කාලා හරි, සමගියෙන් එසැණට අදහස් ලියමුකො (නි)
අයියෝ පනේ,මම ලංකාදීපෙට ලියන වා.ඒක බොහෝම පරණ කතාවක් නගෝ.කෝ මේ ගිනි නිවන හමුදාව.... (නි)
මෙහි අදහස් පලකරන රූපවතී වගේ උගත් නැණවත් අයයි, බෑනල, දුවල පුතාල ඇයි මේ තමන්ගේ වටිනා කාලය වල්පල් දොඩවන්න මිඩංගු කරන්නේ? තමන්ට ,ගමට, රටට, ලොවට වැඩක් ඇති දෙයක් ගැන විවාද කරන්නකෝ. ඔබටත් යමක් ඉගන ගතහැකියි. අන් අයටත් යමක් ඉගනගත හැකි වන්නේ එවිටනේ. තරුණ ඔයාලගේ අදහස් ලෝකයට කොච්චර නම් වටිනවද? සමා වෙලා ටිකක හිතල බලන්න.නීල්-රණ වගේ කිහිප දෙනෙක් ඉන්නවා හැප්පෙන්න එයාලත් එක්ක. මම නීල් රනට කැමති බොහෝ වෙලාවට ඔහු තනිව සටන් කරනවා. අතාරින්න එපා රනා. (නදී)
ටෙනිසන් හොද විහිළු කාරයෙක්! (නදී)
ටෙනිසන් අන්කල් ඔයා කියන දෙය ඇත්ත වෙන්න පුළුවනි. ඒ වගේම ඔබ කියන දෙය අපි ඉතාම නිහතමානිව පිලිගන්නවා. නමුත් මට කියන්න තියෙන්නේ ඔයා ඔයා බලාපොරොත්තුවන මට්ටමේ සේවයක් අපි ලෝකයට කරමින් ඉන්නේ. ( මම කියන්නේ මා ගැන ,මෙහි අදහස් දමන අනිත් බොහොමයක් අයත් එසේ විය හැකියි!) අපි මිනිත්තු කීපයක් පරිගණකය බාවිතාකරන ගමන් මේ සදහා යොදවන්නේ එම ඒකාකාරී බවෙන් මිදී අපට සුපුරුදු වචන වලින් සුපුරුදු භාෂාවෙන් සහුර්දයන් හා දොඩමලු වෙන්න. මා දන්නා තරමින් වටිනා අදහස් හුවමාරු කරගන්න පලකරන්න ලිපි ලියන්න විවිද පුවත්පත්වල විවිද තීර වෙන්කරලා තියනවා. එසේම අපි ඒවාටද ලිපි ලියනවා.(නදී)
ටෙනිසන්ට මම ලේ රත් වෙනකන් කෑ ගහන එක අමතක උනා. විනෝදය සමග තමන්ගෙන් යමක් වෙන්න ඕනේ කියන එක මම හැම තිස්සෙම කියනවා.(නදී)
"උගත් නැණවත් අයයි" මේ සර් ලංකාදීප පත්තරේ බලන පාඨකයන්ට අපහාස කරන්න එපා. බාල මහලු උගත් නුගත් උස මිටි කාටත් සමාන ඡන්දයක් තිබෙනවා. කියන්න ලියන්න අයිතිය ගැන අවලාද කලොත් අපි යු එන් එකට යනවා. ""මා හරි උගතා මා හරි ජගතා සිතනා හරකා මෝඩයෙකි."(නදී)
සරත් පුතා,ඔය වගේම මමත් පරිගණකයට එන්නේ ඔලුවේ තියන බර ටිකක බිමින් තියන්න. ටිකක් හිතන්න ලාංකික අපි බස් නැවතුම් පොලේදී දුම්රිය පොලේදී බස්රියේදී දුම්රියේදී විතරක් නොවෙයි ඉස්සර ලිද ලගදී දොල ලගදී දොඩමලු වුනා. ඒ හැම දෙනාම එසේ දොඩමලු වුනේ මම හිතන්නෙ නම් එදිනෙදා තියන බරින් ටිකක් නිදහස් වෙන්න. මම එයට දොස් කියනවා නොවෙයි. ඒක වැඩක් ඇති විදිහට කරගත්තොත් වඩා හොදයි නේද? නාමල්ට මාව පෙනෙන්නේ විහිලු කාරයෙක් විදිහට. අදුරු පාරක වැටෙන්න යන්නේ වලකට. වැටුන මිනිස්සු දැකල අත්දැකීමෙන් කියන්නේ. අපි ඉතින් චමින්දලානේ? කොහොම වුනත් ටිකක් කල්පනාවෙන් ගියොත් හොදයි.(නදී)
හේරත් කියන විදිහට මමත් හරකෙක්. ඕන දෙයක් ලියාගන්න මම ආයෙත් එන්නේ නැහැ.(නදී)
හේරත් කාට ලිව්වද දන්නේ නැහැ. හැබැයි මම නම් බොහොම කලින් අදහස් පළකරද්දී කියල තියනවා මම උගතෙක් හෝ නැණවතෙක් නොවෙයි කියලා. බහුශ්‍රුතතාවය විතරයි තියෙන්නේ. ඒ වගේම ඉපදී මිටියක් ඔලුව උඩ තියාගන හිටියත් ඒක නැණවතෙක් හෝ උගතෙක් වෙන්නේ නැහැ. සමාජ ඇසුරෙන් උගත යුතු දේ ගොදයි. කනගාටුයි, අද නැත්තෙත් එයයි. අද පොදි අයට සෙල්ලම් කරන්න වෙලාවක් නැහැ. උන් සෙල්ලම් කරන්නේ පරිඝනකයේ විතරයි. රංචු ගැසිලා සෙල්ලම් කරද්දී උගත හැකිදේ එමටයි. තද පොළොවේ සෙල්ලම් කරලා වැටිලා හම ලෙලි ගියාම කුරුම්බැට්ටියක් ගලගාල තිය ගන්න අද උන් දන්නවද? තව මොනවද කතා.(නදී)
ටෙනිසන් මහත්තයා අන්තිමට කියපුදේ නම් මරු ,ඇත්ත ., අද ඉන්න පොඩි දරුවන්ගේ සෙල්ලම් බාන්ඩය වෙලා තියෙන්නේ පරිගණකය ., වැටිලා ලෙලි ගියාම කුරුම්බට්ටියක් ගලගාලා තියා ගන්න අපේ ළමයි දන්නේ නැහැ (සහතික ඇත්ත ) දැන් ඉතින් අපිට මොකක්ද කරන්න කියන්නේ අපිත් උදේ ඉදන් රෑ වෙනකම් වැඩ කරලා මහන්සි වෙලා ඇවිත් මේ පිටුවට ලියලා පොඩ්ඩක් හිතේ තියෙන පාලුවයි,කාන්සියයි..,ගතේ තියෙන විඩාවයි නිවා ගන්නවා මේ අපේ යාලුවොත් එක්ක ,රණ්ඩු වෙලා.., යාළුවෙලා හිනාවෙලා සතුටක් ලබනවා පුංචියට හරි (ඒක වරදක් විදියටද ටෙනිසන් මහත්තය දකින්නේ ).(නදී)
ටෙනිසන් මහතා ඔබට ගරු කරමි. ගාල කඩාගත් වස්සෝ වැස්සියෝ නිතැතින් සිහියට එනවා ඇතැම් දෙබස් කියවනකොට මටත්. (නදී)
අනේ දිසෝ එහෙම කරන්න එපා ඉතින් හොද දරුවනේ ....!!! ඔන්න රස කවියක් ලියනවා ඒකට පිළිතුරු නම් ඕනෙමයි හොදේ ..! සම්මා සම්බුදුන් හට පළමුව වදිමි.., හැදු වැඩු දෙමාපියනට දෙවනුව වදිමි .., නැණ නුවණ දුන් ගුරුවරු හට වදිමි .., දිසෝ ඔන්න මේකට පිළිතුරු බලා ඉමි.(නදී)
ගිනි නිවන හමුදාව හෙව්වේ .., හේරත්., අම්බලන්ගොඩ ගින්න නිවන්න යන්නද..?නැත්නම් ඔයාගේ හදවතේ තියෙන ගිනි නිවන්නද...?මම දැක්ක ටීචර් කතාවක් දාල තියෙනවා මටයි,රුපක්කාටයි .. අහුවෙයන්කෝ වැරදිලාවත් මට ......?(නදී)
දිසානායක. අයි මේ තරහ ගිහින්. බලන්න ඉවසීම ඉගනගන්නත් හොද තැනක්නේ මෙතන. තව තව ලියන්න එතකොට කවුරුත් තේරුම් ගනී කවුද හරකා කියලා.(නදී)
මේ මොකද අද ඔයාලට වෙලා තියෙන්නේ. රණ්ඩු වෙන්න එපා. අපි ජාති බේද ආගම් බේද නැතුව උගත් කම් ගැන බේද නැතුව හොඳින් ඉමු. අපි එකිනෙකාට හැකි මට්ටම්න් ලෝකෙට සේවය කරන ගමන් (බොහෝ විට දුරු රටවල සිට) විඩාව කාංසිය දුරුකරගන්න මෙතනට ඇවිත් කතාකරන්නේ. වල්පලුත් කියවෙනවා ඇති. ඒත් ඉතින් හරබර අදහස් වලටම වෙන්වූ තැනක් නෙවෙයි මෙතන (ජාතික පුවත්පතක්නේ). ලංකාවේ උගත් නූගත් ඕනකෙනෙකුට විනීතව අදහස් දාන්න පුළුවන් තැනක්. අනේ තරහවල් නිවාගෙන යාලු කමින් ඉමුකෝ.(නදී)
අහසක් තරන් නැණ ගුණ සාගරයෙන් .......................දිය දෝතක් ගතිමි පුදනට ආදරයෙන් ......................ඒ දිය දෝත පිදුවට හිත අදාරයෙන් .............නැහැ කිසි දොසක් ටෙනි අයියේ ආදරයෙන් .,,(නදී)
හරකෙක් කවදාද කිවේ හරක කියා ...................ඒ කි මමත් මම හරකෙක් කිඋවේ මෙදා..............................දැම්මොත් මෙවැනි වදනක් හරකෙක්ය කියා ................. එන අදහස් බලා තනිවම වෙමිය හිනා ......
ටෙනිසෝ! මම කිව්වේ ටෙනිසන් කූරේ ගැන! (නදී)
'කෙල ගන්නට' එපා ලිව්වට අවලාද... කියවන ලියන හේරත් උඹලගෙ නේද... සතුටින් සෙමින් වීලා අපි නොවි බේද... තව තව හදවතින් එක් වෙමු හා නේද? (නි)
චන්දි ටීචර්, මොකද අනේ තුවාලෙට ලුණු වැටුනා වගේ සද්ද දාන්නේ? ඔයාලා ඒක ඉගැන්නුවා කියල දිසා සරා ටෙරා කව්රුත් කියලා හිනා වුණාලු.ඔන්න මං කට වහ ගත්තා. (නි)
චන්දී දුවේ, නැවත කියවලා බලන්නකෝ මම වරදක් කියලා තියනවද කියලා. මම කිවුවේ බාල විදිහට නැතුව ටිකක් උගත් විදිහට විවාදේ කරන්න කියලා.ඒක වරදක් ලෙස කාටම හරි පෙනෙනවා නම් හිත හොදින් කියන්නේ සමාවෙන්න මම පාසල් ගියේ ඇස්,ඇස් ,සී පන්තියට විතරයි . (නි)
ටෙනිසෝ,මම ඇස්,ඇස් ,සී පන්තියට ගියෙත් නැහැ. ඒ වුණාට අපි දෙන්නා හොරට අඹ කඩන්න ගියා මතක නැද්ද? අපි ඒ කාලයේ ලෝක ගෝලේ අල්ලේ නැලවූ ලොකු වීරයෝ...ගණන් ගන්න එපා. තව තව අදහස් නිදහසේ ලියමු. ලංකාදීප පත්තරේට මම අපි ආදරේ ඒකයි. ගලා යන අදහස් වැඩි වුණහම අපේ බැඳීම් තව සවි වෙනවා මාමේ. (නි)
රූපා ටිචර් එකතු කළ මිනී ඔලු පරීක්ෂණ වාර්තාවේ කියනවලු එයාලා මැරෙන්න කලින් යම් තැනක් උලා කාලා කියලා....කව්ද හොරා...චන්දී හොරා.... (නි)
අහක යන තොප්පි දාගෙන කෑ නොගහ ඉන්න දිසෝ! (නි)
ආ! මම මේ මෙතෙක් කල් හොරගල් ඇහිද ඇහිද හෙව්වේ ඔය 'හේරව' තමයි. එදා මම 'බූරුවා' වගේ කඩලා බිමට දමපු අඹ ටික එකතුකරගන උඹ 'ආසියා 'වෙන්ම පැන්නා නේද? අහුවෙන්න නම් එපා. එදා දාලා ගිය 'පොරව' තවම මගේ අතේ.. (නි)
"ටෙනිසන්, ඔය ලස්සන වචන .. ගලපලා උපමා පද ඇතුව දින දින මෙහි දැමුවොත් අපි අයියට රූපක්කව දෙනවා... " "රූපක්කේ පොඩියක් එන්න.. ඇවිදින් මෙතනින් ඉදගන්න.. ටෙනිසන් අයියගේ අත පිරිමදිමින් ආදර බස් දෙන්න..." ටෙනිසන් අයියේ අහගන්න ... අපේ රූපක්කව රැකගන්න... දෙන්නම එකතුව කවි පද ගොතමින් අප හද සනසන්න..! (නි)
දවස් දෙකක් තිස්සේ ගවුමකුයි ටයි එකකුයි මැහුවා.මට ඒ නිසා බලන්න බැරි වුණා මෙයාලගේ මූනු ටික. අපේ පාටියක් තිබුනා හැමෝටම සහබාගි වෙන්න. හැබැයි තම තමන් පාසල් ගිය යුනිෆෝම් එක ඇදගෙන.මම මගේ පාසල් දිවියට නැවත ගියා වගේ සතුටක් දැනුනා. මම මහපු යුනිෆෝමය ඇගලා ගත් පසු හරිම විනෝදබර දවසක් වුණා (නි)
ටෙනිසන් අයියේ, තියෙන දෙයක් කාලා,සරම පොරෝගෙන නිදා ගන්නවද? කරදර නොකර.අපේ බුද්ධිය අපි ළග තිබුනාවේ.අපිට හොදයි මේ අපේ පැල් කවි ,කරත්ත කවි. අපි ඔය රටේ ලෝකේ වෙන දේවල් ඉවසන්න බැරුව, ඒවා අමතක කරලා දමන්න තමයි මෙහෙමවත් කියවන්නේ , ඒ තරමට කලකිරිලා තමයි ජීවත් වෙන්නේ.පෑරුණු තුවාල වලට අපිට බැහැ ඇගිල්ලෙන් ඇන ගන්න.ඔයාට ඕනෑම නම් දේශපාලනේ ගැන ලියන්න.අපි කියවන්නෙ නැහැ (නි)
"සරත් මල්ලි මේ අහගන්න... හැකිනම් ඔබේ අදහස දෙන්න... රූපද.. චන්දිද .. මේ දෙන්නගෙන්, කවුරුද හොද කියනු.....! (නි)
අනේ රූපා නංගියේ, ඒකා උබව දාලා ගියාට මං මක්කරන්නද ?නුඹ ගේ ඇතුලේ කාන්තා අයිතිවාසිකම් ඉල්ලුවලු.නුඹලට විතරද හතරක් පුළුවන් අපිට බැරිද ඇහුවලු. (නි)
අයියෝ! ටෙනියෝ (නි)
සෑහෙන වෙලා ගියා කට්ටියගෙම කතා කියවන්න. හැබැයි පාඩු නැහැ. රසවත්. ෂෙරිෆ්ගේ කතාවට මටත් අපේ දිවංගත එම්. එස්. ප්‍රනාන්දු ශුරින්ගේ ගීතයක් මතක් වුණා. "සයිමන් අයියායි, මාටින් අයියායි හොඳම යාලුවෝ දෙන්නා...හරි ලස්සන කෙල්ලෙක් උන්නා..ඒ ගෙදර ලස්සන කෙල්ලෙක් උන්නා.." (නි)
ගවුමකුයි ටයි එකකුයි දාලා යුනිෆෝම් එක ඇදගෙන රූපා බස් හෝල්ට් එකේ හිටියා. ලංසි බෝනික්කා වගේ... (නි).
'රූප හොඳයි කිවුවත් වැරදියි! ( හූ! හූ!) චන්දි හොඳයි කිවුවත් වැරදියි! එබැවින් ටෙනිසන් අංකල් පවසමි දෙන්නම හොදය කියා......" (ස)
අනේ ටෙනි අයියේ, ඔයයි රූපා අක්කයි එකතුවෙලා අපිට අයිති කසාද හතරක් බදින්න පුළුවන් ලයිසන් එක නැති කරන්නද හදන්නේ? අනේ පින්සිද්ද වෙයි ඒකට නම් අත තියන්න එපා.... (නි)
සරත් ., අනේ ඇත්තටම අපිට බැරිද කවදාවත් එක තැනකට වෙලා මේ වගේ සතුටින් හිනා වෙන්න !!! ඔයා ලියන්නේ රසවත් දේවල් මයි. ස්තුතියි සරත්.., ටෙනිසන් සහෝදරයෝ ..!! මෙහි සිටින හැම කාන්තාවක්ම (එසනට අදහස් ලියන ) සේරමල්ල හරි හොඳයි. නින්ද ගියාම ඊටත් වඩා හොඳයි. වතුර ටිකක්වත් ඉල්ලන්නේ නැහැ... (ස)
හැමෝම රූප අක්කවයි චන්දිවයි බෙදා ගන්න රණ්ඩු කරන්නේ නැතුව උද්ගෝෂණය කරන්නකෝ අලුත් දෙය්යෝ සාක්කියක් නොදාන එක ගැන. (ස)
අනේ මන්දා දැන් මෙතන ටෙනිසන් ලා දෙන්නයි.මින් ඉදිරියට මම ව. ගො.ටෙනිසන් වෙන්නම්. මොකද වලපයයි ගොඩ පයයි නේ .අනෙක මම කවි ලියන්න දන්නෙත් නැහැ. නන ලල දන්නෙත් නැහැ. ගොනා කන්නේ මොන ත-ද දන්නෙත් නැහැ .එනිසා සම වෙලා ඒ වත් ඔගොල්ලොම හරිගස්ස ගන්න .රූපට මම ලෙලි කිව්වා .එකී මට අයියලු. සමාවෙයන් උබට හට පැනලා කියලා මම දැනගන හිටියේ නැහැ.මින් ඉදිරියට තරුණ ගැටයෝ ගැටිස්සියෝ රුපට නැන්දේ කියුවට නැන්දා තරහ වෙන එකකුත් නැහැ. (ස)
මේකනේ ව.ගො. ටෙනිසන් වැඩේ .. දැන් අපිට කට්ටිය කියන්නේ අක්කා, නැන්දා කියලනේ ., ඉතින් මේ පිටුවේ ඉන්න වැඩිමල්ම දෙන්න තමයි ., මමයි රූප අක්කයි !! ඒකෙත් හොඳම වැඩේ කියන්නේ මුන් ලියන තරමක් අපහාස ලියන්නෙත් මේ අපි දෙන්නටමනේ (මට දුකේ බැහැ ටෙනියෝ )ඔන්න අපි තරහ නම් නැහැ හොඳේ... (ස)
රූපා ටිකක් ඉන්නකෝ... ඇවිදින් ඉඩගන්නකෝ.. පුංචි කතාවක් කියන්න තියනවා . සරත් නිකන් ඉන්නකෝ මට ඉන්නට දෙන්නකෝ ගෙදර දොරේ වැඩපල ටෙනිට තියෙනවා.චන්දි හරිම දගකාරයි කියන කිසිත් දේ නාසයි.දිසා හරිම කටකාරයි ආදරයක් නැති ගානයි.. (ස)
හෝ ඕ.. හෝ ඕ ..!! හිදින්න අම්මා එනතුරු කරවන්නම් හොඳ වැඩක් ., !කටා මාමා හිමින් ඉඳන් ., හැදුවානේ මට පදයක් .., අතන මෙතන හැම තැනකම ඕප දූප හොයනවා .., ඒ මදිවට මෙතන ඇවිත් අපිටත් පද හදනවා ..!! (ස)
ඔයාලගේ ..විහිළු වලින් ඇස් රතු කර ගන්න විතරක් ඔට්ටු නැහැ හොඳේ.... (ස)
අයියෝ! මොකද මේ කට්ටිය එක එක්කෙනාට ආඩපාලි කියන්නේ? වෙනසකටත් එක්ක ඔන්න කතාවක් ""ඔන්න එක කැලයක සත්තු ටික අඬ අඬා සිංහයාට ඇවිල්ලා කියනවලු අනේ රජතුමනි, අපිට හැමදාම එකම විදිහට ඉන්න බැහැ.පිරිමි සත්තු කියනවලු ගැහැණු සත්තු එක්ක ඉන්න බැහැ ගැහැණු සත්තු කියනවලු පිරිමි සත්තු එක්ක ඉන්න බැහැ කියලා.වෙනසකටත් එක්ක ඒ අයව මාරුකරන්න කියලා.ඉතින් අපේ සිංහයා කිව්වලු පිරිමි සත්තුන්ට එක පෝලිමකටයි ගැහැණු සත්තුන්ට තව පෝලිමකටයි ඉන්න කියලා.හැබැයි නැවත්ත ඇවි්ලලා අනන් මනන් කියන්න එපා කිව්වලු. ඔන්න දැන් පෝලිමේ පළවෙනියට ඉන්න සත්තු දෙන්නා අරගත්තලු.හිටියේ මුවෙකුයි එළදෙනෙකුයිලු. ඉතින් දෙන්නා සතුටින් ගියාලු. ඊළඟට හිටියේ වලහෙකුයි වැඳිරියෙකුයිලු.ඒ දෙන්නත් ෂා මරුනේ කියො ගියාලු.දැන් පෝලිමේ අන්තිමට ඉන්නේ හාවෙකුයි ජිරාෆ් නෝනා කෙනෙකුයිලු.හාවත් මරේ මරුනේ කියලා ගියාලු. ඔන්න දැන් සත්තු ඔක්කොම සතුටින් ඉන්නවලු.හැබැයි පහුවෙනිදම හාවා අඬාගෙන ඇවිල්ලා සිංහයාට කියනවලු අනේ රජතුමනි මට මේ ජිරාෆ් හාමිනේ එක්ක ඉන්න බැහැ.මම කිස් එකක් එහෙම දීලා බෙල්ල දිගේ මැදක් හරියට එනකොට හැමදේම අවසානයි කියලා" (නි)
අනේ චන්දියෝ, උඹටත් හැට පැනලා කියලා මම දැනගෙන හිටියේ නැහැනේ.හැබැයි තවම විසේ නම් අඩුවෙලා නැහැ වගේ. (නි)
මේ, ඔයගොල්ලන් මේවට පැන,පැන,අදහස් දාලා! ඒත් බලන්න අර අන්ධ සහෝදරයන් ටිකක් ක්‍රිකට් ගහනවා කිසි කෙනෙක් ඒ ගැන අදහස් ලියලා නැහැනේ. කැතයි ,කැතයි වැඩේ නම් හරිම කැතයි. අපි එයාලට ශක්තියක් ,එළියක් වෙන්නම ඕනෑ (නි)
චන්දි ඉතින් අපිට මොකෝ.... රූපා ඉතින් අපිට මොකෝ....පහන් නැතත් අපිට මොකෝ.....එත් අපේ පහන් කොකෝ....(නදී)
ටෙනිසන් අංකල්, මේ අපට ව.ගො. ටෙනිසන් කියා කියා ලියන්න වෙලාවක් නෑ. අපි කෙලින්ම ඔයාට "ටෙනිස්" කියන්නම්! ඔයත් මීට පස්සේ ඒ විදිහට ලියන්න! ඔයාටත් ඒක ලේසියි! (ස)
හු..හු..හු....මම නැහැ බය වෙන්නේ අක්කේ දොර පොල්ල ඇත හංගලා. අම්ම අදරෙයිනේ මට මොනවා කලත් අක්කලා. (2)වැටී වැටී ඇවිදින මගේ කටා මාමා දොට්ට ගියෝ ඔන්න මම හෝදන්නට එනවා දැන් ඔට්ටුඉදෝ තලලා තලලා (නදී)
චන්දි, රූප අක්කට අක්කා කියනවට ඔයාට දුකයිද?. ඔයාට අපි නංගි කියන්නම්. (ස)
අපි බලන්න ගත්ත විතරයි, දැන් "දෙයියෝ සාක්කිත්" නැහැ. කතෘ තුමෝ මොනවා හරි දාන්ඩෝ.(නදී)
අනේ එහෙම දෙයක් නැහැ සරත්, මට ආච්චි කිව්වත් කමක් නැහැ , කවදා හරිම එහෙම වේවිනෙ අපි මොනවා හරි කිවම ඇයි තරහ ගන්නේ ඔයාල අපිට කියන ඒවාට අපි තරහ ගන්නේ නැහැනේ (නදී)
"මා දන්නේ එක් දෙයක් පමණි ඒ මා කිසිවක් නොදන්නා බවය." (සොක්‍රටීස්)(නදී)
අනේ ඔව් සරත් .., දැන් මේකට ලියල ලියල එපා වෙලා ඉන්නේ ..,!! අනේ අපිට අලුත් දෙයියෝ සාක්කියක් දෙන්නකෝ !!! (නදී)
චන්දි නංගි, ඔයගොල්ලෝ කියන ඒවාට අපි තරහ ගත්තනම්, අර කොහිල ගාලේ කතාවෙන් පස්සේ අපි නැත්තටම නැහැ. මතකනේ මාව නැතිම කලා.(නදී)
දැන් මේක නිකම් අර ෆේස්බුක්, ට්වීටර් වගේ වෙලානේ. (නි)
මෙන්න තවත් ''දෙයියෝ සාක්කියක් ''. සරත් මට චන්දි නංගි කියලා. (නි)
" මට චන්දි නංගි කියලා", මගේ දෙයියෝ, පෙරලි පෙරලි වදින්නයි හදන්නේ... (නි)
අනේ මන්දා, රූපක්කත් නැහැ ., පහනුත් නැහැ ,ගාමිණි කියල ගොයියෙක් ආවා ඒකත් නැහැ,, අලුත් ''දෙයියෝ සාක්කියකුත්'' නැහැ හේරත් ආඩපාලි කියන එකේ ඉවරෙකුත් නැහැ කට්ටිය අපේ වයස ගැන හොයන එකත් තාම ''ඉවර ''නැහැ ..!!! ටෙනිස් අයියේ 60 පැන්නත් අර කව්ද බිම යන්නේ නැතිලුනේ !!! මට කියපු කතාව අපේ අම්මට ඇහුනානම්., හෙම ඔයාව ටෙනිස් බොලේ වගේ අරහෙටයි මෙහෙටයි ගහනවා ෂුවර් එකට (නදී)
ටෙනිස් අන්කල්,ඔයාගේ තනි නොතනියට අපේ ආච්චි කෙනෙක් ඉන්නවා.ඇවිල්ලා එක්කගෙන යන්න පුලුවන්ද? (නි)
වඳින්න ගිය දේවාලේ මගේ ඔලුවටම පාත් වෙලා...කෝ මේ දෙයියා? "අපේ අම්මට ඇහුනා නම්" නෙමෙයි යෝදියේ, අම්මා දැක්කා නම්.... (නි)
ඕකනේ පද්මේ මම කියන්නේ,කමක් නැහැ ඉල්ලලා ගත් දේ නිසාත් අවසානයක් තිබෙන නිසාත් ඔහොම යමුකෝ....නේඳ චන්දී (නි)
විටකදි සිනා, විටකදි හැපී ඉහිරුණ කිරට බළල්ලුත් ඇත සාක්කි.... ඇස් රතු කරගෙන සමහර අය ගොරවද්දී සමහරු කූල් වෙයි. දෙයියෝ සාක්කි! ඉල්ලගෙන කද්දී සහ ඇදගෙන නාද්දී තව අය ඉන්නවා පෙරලගෙන බාල්දී.... කොතරම් වාද කරගත්තත් ගිගුම් දී සාමෙන් ඉන්නවා... (නි)
ලොංඩොන් නෝනා දන්නා දේවල්? ඉන්දුවාට පැල -හීතලෙ නැහැ පල...? (නි)
අනේ මගේ හීන ලොවේ නැන්දම්මත් රැකට් එක නැතුව ටෙනිස් ගහනවලු නේ? දෙයියෝ සාක්කි පුතේ... (නි)
මට හිතෙනවා රූපාගෙන් දික්කසාද වෙලා ඉන්දුව කැන්දගෙන එන්න (නි)
''මගේ හීන ලොවේ නැන්දම්මා''එතකොට හැබෑ ලොවේ නැන්දම්මා, මොකද කරන්නේ හේරත් මාමේ? (නි)
හේරත්, මම ලංකාවේ ඉන්න කාලෙත් නම තියපු කිවිඳියක්. ගොඩක් කාලෙකට පස්සේ ලංකාදීපේ යාලු හමුව රසවත් නිසා මගේ කවි සිතිවිලා අවදි වුණා. අනේ දිසා මාමේ මම ඔයාට වඩා ගොඩක් බාල කෙළිපොඩ්ඩියක් තාම. ඔයා රූප නැන්දත් එක්කම ඉන්න. මට පුලුවන් නම් ඔයාලගේ පුතාව දෙන්න. (ස)
එක් ස්වාමියෙක් බිරිඳගේ දැඩි ඉල්ලිම නිසා ඇයට මිල අධික වූ සර්පිනාවක් ගෙනත් දුන්නා. එදින සිට ඇයගේ එකම කාර්යය වූයේ එය වාදනය කරමින් ගීත ගායනයයි. ටික දිනකින් ඔහු තම බිරිඳට යෝජනා කරන්නේ සර්පිනාවක් විකුණා ඒ මිළට ගැලපෙන බටනලාවක් ගෙනෙන්නටය. පසුව එය ක්‍රියාවට නැංවූ අතර ඒ පිළිබඳව ඔහුගේ මිතුරකු විමසූ විට ඔහු කියා සිටියේ,"බටනලාව ගහනකොට සින්දු කියන්නන බැහැනේ ඒ නිසා මං නෝනට බටනලාවක් ගෙනත් දුන්නා යනුවෙනි". (නි)
රූපා ගැනියේ මෙහෙ වරෝ ...මෙන්න අපේ කොල්ලට ලන්ඩන් සමයමක් බැල්ම දානවෝ .....අපි නැහැ බය වෙන්නේ ඉන්දු කොල්ලව ඇත හංගලා...............කොල්ලා ආදරෙයි අපිට මොනවා කලත් ඉන්දුලා............. (ස)
අනේ ලංකාදීප, මේක මේ විදියටම ආයෙත් දානවද? විටකදි සිනා විටකදි එන්නේ හැප්පී.... ඉහිරුණ කිරට බළලුත් ඇත සාක්කී....ඇස් රතු කරන් සමහර අය ගොරවද්දී....සමහරු කූල් වෙයි දෙය්යෝ සාක්කී..... ඉල්ලන් කද්දී සහ ඇදගෙන නාද්දී.....තව අය ඉන්නවා පෙරලන් බාල්දී.....කොතරම් වාද කරගත්තත් ගිගුම් දී.....සාමෙන් ඉන්නවා දෙය්යෝ සාක්කී.... (ස)
අනේ අනේ දිසා මාමේ, මම බැහැ කිව් නිසා ඔබෙ යෝජනාවට.. රූපත් එක්ක දැන් එනවද සටනකට.. ඔබේ පවුල් ජීවිතේ රැකලා දෙන්ට.. පුතු ඉල්ලුවේ මගේ ඕනෑ කමට නොව.. (ස)
මෙහෙට වරෙව් කොල්ලනේ ..!! මෙන්න මෙහෙ වරෙව් ..! ඉන්දු ,දිසා පැටලිලා ලිහන්නට වරෙව් !! මේක , අපිට වාසියක්ය නට නටා වරෙව් ..!! නට නටා වරෙව් කොල්ලනි මෙන්න මෙහෙ වරෙව් ..!! (ස)
චන්දි අක්කේ, මගෙ හිත හොඳ නිසා මම කිවු දෙයක් නිසා.. උරණව මාත් සමඟින් දැන් මාමා දිසා.. නොසිතා මෙය යමක් යයි හඬ තළනු සිනා.. එන්නකො මගේ සහයට දැන් කල් නොයවා.. (ස)
කවි පදවලට අමුණා ලන්ඩන් කෑලි ... ...මොනවට කියනවද මේ පද හෑලි........ඇදගෙන නාන්නත් මම කැමති බාරි..........පුතා මක්කටද මම එන්නද රෑ වී ........... (ස)
කොට කලිසමක් ඇදගෙන පටි තද කරලා.... පාරේ යනවා ඉන්දුලා සමයන් දාලා.... වෙන අය රැවටුනත් වන දෙවිලියෝ කියලා ..... අපි දන්නවා අක්කද නන්ගිද කියලා.. (නි)
ඔක්කොම ටික බලාගෙන ආවා. ටෙනිසන් මහත්මයා පොඩි අන්කල් කතාවක් දාලා හිත පොඩ්ඩක් අප්සට් ගියා. දෙයියනේ කියල වැඩ ඉවර වෙලා ඇවිල්ලා කාන්සියට බලන ලංකාදීපේ... මේකෙත් විවාද කරන්න ගියොත් අයියෝ මම නම් යනවා යන්න. ජීවිතේට හැමවෙලේම වැදගත් දේවල් ඕනෑ නැහැ.පොඩ්ඩක් විනෝද වෙන එකත් අත්‍යවශ්‍යයි. ඇයි ටෙනිසන් මහත්තයා ඔහොම කතා කියන්නේ? (නි)
ප්‍රබාත්, සමාවෙයන් මගේ පුතේ උබලගේ විනෝදයට බාධා කළාට. (නි)
ඉන්දු නංගියේ පවසමි ආදරයෙන්... ලියනෙමි රසකරලා මේ දෙය කවියෙන් ... දිසා සමග එල්ලුනොතින් ඔබ කවියෙන්... බේරෙන්නට බැරි බව පවසමි මෙලෙසින් ..!! (නි)
ඉන්නා තැන කිවුවෙ වෙන්කර හඳුනාගන්න. මගෙ කවි වලට රස වැටිලා උඩ පැන්න... නාකි විසේ ගහලා ඔබ ඇදගත්ත... මඩ ටික නාලා මාමේ ඔබ සැනසෙන්න... (නි)
කිබුලන් බනිස් කෑවත් උන් වතුරෙනෙ ඉන්නේ ..... උම්බෑ හඬ අසාලයි උන් ගොඩ එන්නේ ... කොල්ලා මෙය දනී අනෙ නැහැ රැවටෙන්නේ... ලන්ඩන් දෝනිගේ පුතු හොඳ දීගෙක දෙන්නේ ..... (නි)
කොට කලිසමක් දැක්කට - කොට කොට පයින් යනවට - කොට කකුල කපනට - කොටෙක් වත් අනේ නැතිද වටපිට.... (නි)
දිසා මාමේ, මම බෑ කිවුව මුත් ඔබට, තරහක් ගනු එපා මා වෙනුවෙන් හිතට... පුතා දෙන්න බැරි බව කිව්වත් මාහට... තරහක් හිතේ නෑ මගෙ නම් මාමාට... (නි)
කිවුවත් මහට මොනදේ යහළුන් යෙහෙළී.. මා නම් තරහ නෑ ගැන මේ ආදර දෙඩිලී... සවිමත් කරන් අප අතරේ ඇති බැඳිලී.. යමුද අපිත් දැන් මේ පිටුවට සමු දී.. (නි)
එන්න කැමති නම් ඔබ ගගකින් එගොඩට ... කොල්ලෙක් සොයා දෙන්නම් දකුණෙන් ඔබට... කවියෙන් ගොතා කියපන් වයසත් මෙමට... සත්තයි ..!! ඉන්දු කොල්ලෙක් දෙනවා නුබට (කැමතියිදෝ) (නි)
හිටියත් මෙමා සීතල දුරු රටක වෙලා... ඉපදුනේ දකුණේ ඔය කියනා ගඟෙන් එහා... සතුටුයි චන්දි අක්කෙ ඔබත් එහේ නිසා... දෙනවද ඉතින් ඔය කියනා කොල්ල සොයා.. (නි)
හිටියත් මෙමා උණුසුම් දුරු රටක වෙලා... ඉපදුනේ දකුණේ ඔය කියනා ගඟෙන් එහා... සතුටුයි චන්දි මා ගැන ඔබ සොයන නිසා ... චන්දි කියන ඒ කොලුවා මමයි සරා..... (නි)
වකුටුයි කොන්ඩෙ සුදු පාටයි උසත් නැහැ..... පෙනුමයි අනේ උඩු රැවුලත් ඇවිත් නැහැ.... පපඩම් කන්න යටි හක්කේ දතුත් නැහැ... තවමත් දහතුනයි කොල්ලට ඉඩක් නැහැ // කැමති නම් ට්‍රයි එකක් දාන්නම් (නි)
ඉපදුනෙ මමත් බෙන්තර ගඟ එහා කොනේ -කල් යල් බලා ආවනෙ මම මෙහා කොනේ - ප්රිජ් එක ඇරන් අවනය තුල වඩා පෙමේ - තවමත් මමත් දකුණට ආ වඩමි සෙනේ....(නදී)
වෙහෙසෙන මනස නිරතුරු ආදරය ගැන .....වෙහෙසෙන කෙනා ඒ ගැන දත යුතුය සැම........ජීවත් උනත් ජීවිතයක දෙදන ඇන...............සරතා ඇඹලයෙකි කෑදර පැණි රසට එන .... (ස)
මට කැමති කිවූ අය ගැන සිතන කොට... බය හිතෙනවා හා කියනට දීගෙකට.. බෑ කියලත් බෑනේ තරහ වේවි යැයි බයට... ආලෙන් ඉඳිමු අපි හැමදෙන මේ ලෙසට... (ස)
දිසා මාමේ,,,, ඔබ මිදි ඇඹුල් වූ නරියකු වූවාට... තාමත් ආදරේ බව පෙනෙනව මහට... සරතගෙ ඇඹල ගති ගැන මට කීවාට.. ස්තුති මාමෙ පිළිගමි ඔබෙ අවවාද..(නදී).
මේ නිවුස් එක පත්තරේ වැටුනේ සැප්. 26, අද ඔක්. 2, තවමත් අපේ කට්ටිය මේකේ, හරි ෂෝක්. කවි ටික නම් කියල වැඩක් නැහැ. කුමුදුගේ කතාව ලස්සනයි, මමත් බටනලාව පිඹිනවා, මහත්තය කැමති ඇත්තේ එත් එක්ක සින්දු කියන්න බැරි නිසා වෙන්න ඇති කියල දැන් තමයි තේරෙන්නේ.(නදී)
චන්දි අක්කේ,, ඔබ මට කොල්ලෙක් සොයා දෙනවා කීවා.. එය දැක මෙතන කොල්ලන් රොත්තක් පිරුණා තෝරා ගන්න ඔබ සහයට නා හින්දා... හැමටම හා කියා මම බේරී ආවා...(නදී)
කැමතියි ඇති කිරීමට පොඩි නරි පැටියෙක් ලන්ඩන් වලින් ගේනවා මම පොඩි පැටියෙක්. ඉන්දු කියල නම දාගෙන ආදරයෙන් ගෙරි මස් කවනවා ඉන්දුට ආදරයෙන් (නදී).
මාතර ගගේ ඉන්නා හේරත් පැටියා .............. තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කිටියා........යන එන ඔරු පාරු නැවත ගෙන කොටියා ...........තණකොළ බුදි මාතර කිබුලිගේ පැටියා ........(නදී)
ඉන්දු මෙල්බන් අනේ ඉන්දු දන්නේ නැති නිසා අහන්නේ බට නලාව පිබිනකොට මහත්තය නටනවද ...මට බැරියෝ කියලා. ......(නදී)
ඉන්දු මෙල්බන් අනේ ඉන්දු දන්නේ නැති නිසා අහන්නේ බට නලාව පිබිනකොට මහත්තය නටනවද ...මට බැරියෝ කියලා. (නදී)
දිසා මාමේ,,,, හැදුවට කමක් නෑ මට ඔබ කැමති සතා.. ගෙරි මස් කැව්ව මුත් කම් නෑ ඌ කැමති නිසා.. ආදරයෙන් හැදීමයි මගෙ නමයි නිසා.. මට තේරුණා මෙය කලෙ ඔබ ඇයිද කියා....!! මගෙ නම කියවු විට වැරදී හරි නින්දෙන්... කිව හැකි නරියාව දුටු බව හීනෙන්.. වැළකිය හැකි පාරක් නැන්දගෙ හැන්දෙන්.. දුක මුත් ඔහොම ඉන්නකො මාමේ සාමෙන්..!! (ස)
ඉන්දු නංගියෝ අද මම ලෙඩ ගානේ .., හිත සනසන් ඉන්න හෙට දින එනවානේ කවියක් ගොතන්නට හොද මනසක් ඕනේ .. උන වැඩිවෙලා අද බෙහෙතුත් බිවානේ.. !! .// බැලුවම පෙනෙනවා අපේ සරතුත් දකුණේ.., වැටහුන ලෙසට නම් හේරතයත් දකුණේ ., ඉන්දු ඔබේ ගම කොයි හරියෙද දකුණේ.., දකුණු ලකේ අග නගරේ මගේ ගමනේ ..!!(නදී)
ඇසුමට දුකයි අක්කේ ඔබ ලෙඩ ගානේ.. සැනසී සිටින්නම් හෙට ඔබ එනවානේ... ලඟදී ගිනි ගත්ත නගරෙන් මං ආවේ.. ඉගෙනුම පසෙකලා ඔබ සැම දැකුමට ආවේ.. (ස)
ඉන්දු නංගි..!!! ඇවිදින් මෙමා ඒ ගිනිගත් නගරයට . කහව පසු කරන් විත් මිටියගොඩට.., ඒකත් පසු කරන් ගියවිට ''අලුත්වල''ට .., මගේ ගේ ලඟයි අම්පේගම මැදි විදුහලට..!! (ස)
ප්‍රීතියි චන්දි අක්කේ දැන ගත්තාට.. ඒ නගරෙන් එන විටදි මිටියගොඩ දෙසට.. මගෙ නිවසත් ඇත්තේ පොඩි පාසැලක් ලඟ..එමි ඔබ දැක ගන්න ආපසු සිරිලකට... (ස)
දෙයියෝ සාක්කි...! අද උදේ, ගොටුකොල බුදින මාතර හේරත් පැටියා... නැගිටලා බලනකොට මගෙ පැදුරෙම සිටියා... (නි)
චන්දි අක්කාගේ කවි වලට ස්තූතියි (නි)
චන්දිට උණ ගැනී හීතලේ ගැහෙනවලු ... සරා තුටින් රුපට බත් කවනවලු.... හේරත් අන්න නිල්වලා ගගෙ නටනවලු.... දිසා කන්න තණකොළ තව සොයනවලු... (නි)
ස්තුති කරල මදි නංගෝ කවි වලට .. ආසයි ඔබෙන් රස කවියක් දකින්නට . අරගෙන හොදින් අදහස් දී පද වලට.., රස කර ලියා දාපන් ''නිලූ'' මගෙ නමට...!!! (දී)
උණ වැඩි නිසා මම නින්දේ සිටින විට.., පෙරේරා ඇවිත් මුමුණයි මගෙ කනට .. සරා ගිහින් බත් කව්වලු රූපාට.., අනේ බොලන්.., එකේ වගක් බොට මොකට...?(දී)
සතුටුයි අප්පා දකුණේ අය දකිනකොට තනිවම දුන්නා රම්පෙට පොරි හැලෙන්නට බෙන්තර පසු කරන් ඇල්පිටි යනෙන විට උරගහ ටවුමේ මදුකත් මතකෙට ගන්න......(දී)
යන්නට දෙන්නේ නැහැ දෙයියෝ සාක්කිට....! දිසා ගෑවේ චන්දිගේ තෙල් ඉහේ සිට ..!එපා කියද්දීත් කවනවා සරත් මට .. !හේරත් අයියේ නෑවා ඇති වර ගොඩට ... (දී)
මේ හොර පෙම් පළහිලව්වක් හින්දා... දිසා මාමා මා හා උරනද මන්දා.. සරත් පෙත්තා හේරත් මට ලැදි හන්දා... වෙන කොල්ලන් එපා චන්දී මෙහෙම හොඳා... (නි)
තරගෙට පාටියක් ඇත මේ ඉරිදාට... විසි හය දෙනෙක් එනවා රස බලන්නට.... ගරුසරු ඇතුව නම්බුව රැක මගේ රරට ... සිලෝන් මෙනු මම දෙනවා ඒ හැමට ...! (නි)
ඌරගහ ඉදන් ඇවිත් ඇල්පිටිය බස් පොලට.... නැගපන් මදුකා ගාලු යන බසයකට.. අරගෙන ටිකට් එක වැලි බෝක්කුව ලගට.. බැහැලා වරෙන් නුබ ගිය පසු ලක්බිමට... (නි)
සරා ගිහින් බත් කැව්වලු රූපාට... රුපා විකුවාලු සරත්ගේ දකුණු අත... ඇසුවම කොහොම වාවන්නද නොවී දුක.... ලියැවුණ අනේ කවියක් නැහැ හිතේ සැක (නි)
හේරත් අයියා ගොඩවීලා බැලූ විට.... සරමයි කමිසයයි නැහැ බොල පෙනෙන්නට... සෙල්ලම් නොවෙයි රූපෝ මගේ ඇදුම් ටික... දුන්නේ නැතොත් මෙහෙමම එමි කරලියට... (නි)
දිසා මතක් කළ ඔය කවි පදය.. බැරි නොවැ තාමත් හරියට ගලපන්ට.. නොහොබිනා මිතුරු ඇසුරෙන් වුනු හදිය.. කියවෙන්නෙම නොසරුප් අරුත.. (නි)
ස්තූතියි චන්දි. ඔබ දුන් ඒ ලිපිනයට එන්නම් දිනෙක... ඔබලා දැක තුටුවෙන්න ඉන්නකම් මේ කොල්ලා පන කෙන්දෙන් දිනෙක... දෙන්නේ නැ විරිත්තන්න රිලවුන්ට....(දකුණට) (නි)
ආවොත් ඉතින් හේරත් ඔබ කරලියට... රූපලා දුවයි ඇඳී වත බිම හැලෙන්නට... ඊට පස්සේ වෙයි ජවුසන් බලන්නට.... මං පොඩි වැඩි ඕවා දැන් බලන්නට.... (නි)
මධුක, දැන් නිදාගන්න. ටී.වී බලන්න එපා.හෙට විබාගේ නේ. (නි)
ඉරිදට රූපගේ "සිලෝන් මෙනු"කන්න එන්න.26 දෙනෙක් විතරයි. බේබි ජැක් රයිස් ෆ්ල්යිස් බෑන්ඩ් ඩොක් - වට් ටක් - කොක් නොට් සෑම් බෝල්, කාර් වීල් ගොට කොළ හා අරක්කු බි වැඩි වුණ අයට ඩොන්කි බෙඩ් එකක යෙලෝ යෙලෝ ඩොයියන්ට පුළුවන් (නි)
"දෙන්නේ නැ විරිත්තන්න රිලවුන්ට " මටත් කියන්න තියෙන්නේ ඕකම තමයි රිලවුනේ ...(අ).
හේරත් අයියේ දෙපයට ගෙන ඇති විරිය ... ඇවිදන් වරෙන් වෙල මැද පාරෙන් එගොඩ ... මම සොහොනට හොරෙන් සොහොනේ නිදි වැරුව... මොනවා කියනවද මදුකගේ කයිවාරුව ..? (නි)
හානේ! දැනුයි වැටහුනේ.... අසරණ චන්දිට නේද කිව්වේ! (නි)
දෙපයට නැත වාරූ .... පාර මැද නැත පාරූ .... නොගහ කයි වාරූ... ඔහොම ඉන්නකෝ නොවී මාරූ.... (නි)
මේ දෙන්නගේ ආලේ මෝරා එනවා වගෙයි ලීලේ. නොකර බාධා මෙවෙලේ යනවා මං ඔන්න රූපේ .... (නි)
බොහොම ස්තුතියි අයියා. හෙටත් මොනවා හරි ලියන්න... (නි)
ඌයි...මගේ කන...ආයි මගේ කම්මුල... (නි)
තවත් මෙවැනි දේ දාන්න. බොහොම ස්තුතියි! (නි)