කඩෙන් ගෙනා කරවල කෑල්ලක් නිසා පරණ කෝන්තරයක් ඉස්මතු වීමෙන් පවුල් දෙකක් අතර මහා ගැටුමක් නිර්මාණය වීමේ අපූරු පුවතක් පසුගිය දා අනාවරණය වූයේ දකුණු පළාතේ වියළි කලාපයට ආසන්න උප නගරයකිනි. ඔහු නිවෙසට අවශ්‍ය සිල්ලර බඩු සමග කරවල කෑල්ලක් ද ගත්තේ නිවෙසට ආසන්න උපනගරයකිනි. ගෙදරට ගෙනා පසු පරණ පුල්ස්කැප් කොළයක ඔතා තිබූ කරවල කෑල්ල බාස්කට් එකකට දැමුවේ කඩදාසිය ඉවත්කොටය. අසලට ආ පොඩි දුව කරවල කෑල්ල ඔතා තිබූ කඩදාසියේ වූ සටහන් කීපයක් නිකමට කියවූ අතර එහි තිබූ දෙයින් ඇයට තරු පෙනිණ. මීට වසර කීපයකට පෙර තම ලොකු අයියා විදේශීය රැකියාවකට යාමට කටයුතු සූදානම් කරන අවදියේ කිසිවකු ඔහුට එරෙහිව නිර්නාමික පෙත්සමක් යැවීම නිසා රැකියාවට යාම ප‍්‍රමාද වි තිබිණ. කරවල කෑල්ල ඔතා තිබුණේ ඒ පෙත්සම ලියූ කටුසටහනේය. දැන් පෙත්සම්කරු හඳුනාගෙන ඔහු සමග මහා ගැටුමකට පවුලේ අය සූදානම් වෙනවාලූ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි දුවලත් ඕන්නැති වැඩක්නේ කරන්නේ. :D
අර කෙල්ලට වෙන කරන්න දෙයක් තිබුණෙම නැති හටි නේද ?
ගැටුම් ඇතිකරගන්න එකනමි අනුමත කරන්ඩ බැ. ඒත් විමසිලි මත් භාවයකින් තොරව ඉවත දමන සැමදයකම වටිනාකමක් ඇතිබව ඒ කුඩා දරුවාගෙන් උගතහැකි පාඩමක්.
අනේ දරුවනේ පරණ කෝන්තර අමතක කරමු.
.. සැබැවින් ම ශ‍්‍රී ලාංකික යි. කාටද ආඩම්බර...????
අනේ දරුවනේ පරණ කොන්තර අමතක කරමු
අහඹු සිදුවීමක්
පරණ පුල්ස්කැප් කොළයක ඔතා තිබූ කරවල කෑල්ල ......
මනුස්ස ලෝකේ දැන් හැටි ඔහොම තමයි. ඔන්න ඕවා අමතක කරලා දාන්න දැන්
ඔක්කොම කියයි අමතක කරන්න කියල.. එත් ඉරිසියා කමට කරපු වැඩේ හොඳද?? එකෙන් අර කොල්ල කොච්චර කරදර වෙන්න ඇතිද? රට යන්න කලින්.. ගහගන්න එකනම් වැරදි තමා.. ඒත් අඩුගානේ මෙහෙම වැඩ කරන ඉරිසියා කාරයන් ගැන ලෝකෙටම කියල තියන්න ඕනා.. අනෙක් යටත් දැනගන්න..
ෂර්ලොක් හෝම්ස් වැඩක්...
දෙන්න තියෙන්නෙ හොඳ සබ්බුවක් දැන්...
අපූරු පුවතක් ? මේක කොහොමද අපූරු පුවතක් වෙන්නේ....???
ගැටුම් ඇතිකරගන්න එකනමි අනුමත කරන්ඩ බැ. ඒත් විමසිලි මත් භාවයකින් තොරව ඉවත දමන සැමදයකම වටිනාකමක් ඇතිබව ඒ කුඩා දරුවාගෙන් උගතහැකි පාඩමක්.
මොනව කරන්නද මන්දා
ඕන ප්‍රශ්නයක් සාකච්ඡා මාර්ගයෙන් විසද ගන්න පුළුවන්නේ