(වැල්ලම්පිටිය ශාන්ත සෙනෙවිරත්න)
අඹුසැමියන් ත‍්‍රීරෝද රථයකින් කුලී ගමනක් යන අතරතුරේ ඇතුළේ බහින් බස්වෙමින් ගුටිබැට හුවමාරුවක යෙදීම නිසා රියදුරා ගමන නවත්වා යුවළ පොලිසියට බාරදුන් සිද්ධියක් කොළඹට ආසන්න ප‍්‍රදේශයකින් අසන්නට ලැබුණි. උදේම හොඳ කුලී ගමනක් බලාපොරොත්තුවෙන් සිටි අතරතුරේ ත‍්‍රීරෝද රථය අසලට පැමිණි තරුණ යුවලක් මල්ලි හදිසියි ඉක්මනට යමු කියා රියැදුරාට කතාකර එයට ගොඩවී ඇත.
පෙනුමෙන් වැදගත් අය බව වැටහුණු නිසා කිසිදු පැකිලීමකින් තොරව රථය පණ ගන්වා ඔවුන් කියූ දෙසට ගමන් කරද්දී යුවළ එක්වරම බහින් බස්වීමට පටන්ගෙන තිබේ.
තව ටික දුරක් එද්දී දෙන්නගේ බහින්බස්වීම ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් ඇත.
දෙන්නගේ ගැටුම නිසා රථය පාලනය කර ගැනීම අසීරුවී දබරය නවත්වන්නැයි කළ ඉල්ලීමට ද ඔවුන් කන්නොදුන් නිසා ඒ අවස්ථාවේ පාරේ ගිය පොලිස් රථයක් නවත්වා සිද්ධිය ඔවුන්ට පවසා රියැදුරා යුවළ පොලිසියට බාරදී ඇත.
මහ පාරේ යන වාහන ඇතුළේ මේ ලෙස ගහ ගත්තම රියැදුරා පමණක් නොව පාරේ යන අනෙක් අයත් අමාරුවේ වැටෙන්න පුළුවන්. ඒ නිසා කරුණාකරලා ගෙවල් ඇතුළේ තමන්ගේ ප‍්‍රශ්න විසඳගන්න පුළුවන් නම් හොඳයි කියා පොලිසිය ඔවුන්ට තදින්ම අවවාද කර මුදාහැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බවලත් කෙනෙකුට ඉතින් තැන නොතැනක් උවමනා නැහැනේ කච කච ගාන්න, බෙලිකටු මල්ල හොලවන්න (නි)
මේ,සන්ඩු කියන වචනය අහලා අහලාම මට නම් එපා වෙලා.ඉඳහිටලා ලංකාවට කතා කරාමත් අහන්න වෙන්නේ සන්ඩුම තමයි.ගෙවල් ඇතුලේ,වත්ත පිටියේ,මහා පාරේ,වාහන ඇතුලේ ඇයි පාර්ලිමේන්තුවේ ,සන්ඩු! සන්ඩු!සන්ඩු!! (ස)
ඉනෝක නෝනා ඉන්න රටේ නයි පොළොංගු එහෙම නැද්ද? (නි)
ඉනෝකා, අහිංසක රණ්ඩුවක සොඳුරු පැත්තකුත් තිබේ. (නි)
මේක ගෙවල් ඇතුළේ විසඳාගන්න බැරි ප්‍රශ්නයක් වෙන්න ඇති නේද? නැත්තම් ඉතින් මඟතොටේදී සණ්ඩු සරුවල් කරගන්න ඕනෑයැ? (නි)
ටිකිරි සොයුර,මම ලීවේ මගේ හිතේ නැගෙන නිදහස් අදහස් පමණයි.එයින් කිසිවකුත් අවමානයට පත් කිරීමට නොවෙයි.මම ඉන්න රටේ නයි,පොළොඟුන් ඉන්නවාදැයි ඇසුවේ කුමකටද කියා නොදනිමි. සමහරවිට එංගලන්තයේ කැලෑවල ඉන්නවාදැයි නොදනිමි. (බ)
කතාවේ එන යුවල ගැන කතා නොකරමි. රටේ ඉහළ සිට පහලට තියන අසමගිය,ක්‍රෝධය මිනීමැරුම් දැන් ලංකාවේ මිනිසුන්ට සාමාන්‍ය දේවල්. අපි ඉන්න රටේ නම ලියන්නත් දැන් ටිකක් කල්පනා කරන්නයි වෙලා තියෙන්නේ.,මොකද ටිකිරි කටවල් එනවනේ දෂ්ට කරන්න. (බ)
පිටරට නෙවෙයි ලංකාවේ සිටියත් මෙතන අදහසක් ලියන්න බැහැ නිමල් . අර මහානාම කියන කුලියට ලියන ගොයියා අපේ පැටිකිරිය අහනවා. (බ)
බෙලිකටු වෙන්නේ බැන්දාට පසුවනේ .. ඊට කලින් මේගොල්ලන්ට බවලතුන් මුතු කැට විදියට තමයි පේන්නේ . කොයි වෙලේ අමුණලා බෙල්ලේ දාගන්න ලැබේවිද වගේ තමයි කතා කරන්නේ .(ම)
මම මේ කල්පනා කරන්නේ ජයාගේ බෙලිකටු මල්ලත් මේ වගේද කියලා . (ම)
මට පේන්නේ පිටබැද්දර ජයා මහතාට එසේ මෙසේ කන්දොස්කිරියාවක් නෙවෙයි වගේ තියෙන්නේ. (ම)
පිටබැද්දර ජයා මහතා බොහොම අප්‍රසාදයෙන් බවලතුන් ගැන කතා කරන්නේ මේ වගේ අලකලංචියක් වත් සිද්ධ වෙලා වද්ද ? (ස)
පව් අනේ පිටබැද්දර ජයා....(බ)