නොබෝදා පත්වීමක් ලැබූ ආරක්‍ෂක නිලධාරියෙකි. ඔහු ඇමතූ කාර්යාලයේ උසස් නිලධාරියෙක්, ‘‘එස්. ඕ. මට අලි ලොකු පේර ගෙඩියක් කපලා මිරිස් කුඩු ලූණු කුඩු දාලා ගේන්න තවත් ගෙඩි හතරක් කපන්නේ නැතිව ගෙන්න” යැයි පැවැසීය. ආරක්‍ෂක නිලධාරියා පලතුරු කඩයකට ගොඩවී ඉදුණු ලොකු අලිගැට පේර ගෙඩියක් කපාගෙන, ඇටය ඉවත් කර, මිරිස් ලූණු යනාදිය එයට දමාගෙන බාගෙට ඉදුණු ගෙඩි හතරක් ද මිලට ගත්තේය.
මිරිස්, ලූණු දැමූ අලි ගැට පේර ගෙඩිය දුටු නිලධාරියා, ”මේ මොනවද ගෙනත් තියෙන්නේ” මම කීවේ මේ පේර නෙමෙයිනේ” යැයි කීය. ‘‘ ලොකු අලි පේර තමයි සර් ඔය තියෙන්නේ’’, ආරක්‍ෂක නිලධාරියා පිළිතුරු දුන්නේය. ”නැහැ ළමයෝ මට ඕනෑ අලිගැට පේර නෙමෙයි. ලොකුවට තියෙන පේර’’. නිලධාරියා පැහැදිලි කළේය. ”සර්ට ඕනේ කිලෝ පේරද?’’ ආරක්‍ෂක නිලධාරියා විමසූ විට ‘‘අන්න හරි ඒවා තමයි” අනෙක අලිගැට පේරවලට මිරිස් ලූණු දාලා කන්නේ නැහැනේ. නිලධාරියා පැවැසීය. ආරක්‍ෂක නිලධාරියා ආපසු පලතුරු කඩයට ගියත් එහි කිලෝ පේර නොවීය. වෙනත් පලතුරු කඩයකින් කිලෝ පේර පහක් තම වියදමින් මිලදී ගත් ඔහු එකක් කපා මිරිස් ලූණු කුඩු ආදිය දමා ආපසු පැමිණියේ ”මේවාට තමයි කියන්නේ අතින් කාලා හරක් බැලූවා වගේ”යැයි තමාට කියා ගනිමිනි. බොරැුල්ල නගරයේ ඉංගිරිසි නමක් ඇති තැනකින් මේ කතාව අසන්නට ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද මේ රන්ඩු? මේ වගේ ලංකාවේ තියෙනවද කියා හිතා ගන්න අමාරුයි. පිට රට වල සෝස් වගේ අලි ගැට පෙර මිශ්‍රණය හදල ගොඩක් දේවල් සමග අහාරයට ගන්නවා. එ්කට කියන්නේ ඩිප් කියල. පාන් වගේ දේවල් වලට පිරවුමත් හදනවා. (ස)
නෙලුම්, ඔයා ඉන්නේ පුත්තලමේද? (නි)
චන්ද්‍රා, දැනට ලෝකයේ තිබෙන්නේ අලිගැට පේර වර්ග පහකි (නි)
පාඨකයෝ බොහෝ දෙනෙක් හිස් බස් දොඩවනවා (නි)
ඇයි පිටරට උදවිය මෙතන ලියන කොට තරිඳුගේ අර්ශස් අමාරුව උත්සන්න වෙනවද ? (නදී)
මම හිතන්නේ සමහර උදවිය මොකද්ද හීන මානයක් තිබෙනවා මෙතන පිටරට ඉන්න කෙනෙක් අදහස් ලියනකොට. මම මේ මුනටම කියන්නේ නෙලුම් මහත්මිය ඉඳල හිටලා ලියන්නෙත් තමන්ගේ ස්වාධීන අදහසක්. අනුන්ගේ ලියපු අදහස් වල ඇද කුද සොයන්නේ නැහැ. ඇගේ උගත්කම ලියන හැටියෙන් පේනවා. අමු කැවුණු කීප දෙනෙක් ගේ කතා ඔයා ගණන් ගන්න එපා නෙලුම්. (නදී)
මෙතන පුවතට අදාලව තමන්ගේ අදහස් ලියනවා වෙනුවට පිටරට ඉන්න මිනිස්සුන්ගේ ඇද කුද අල්ලාගෙන දඟලන කට්ටිය දෙතුන් දෙනෙක් ඉන්නවා. ඒකෙන් වෙන්නේ මෙතන පුතාට අදාලව හරවත් අදහස් ලියන උදවිය අඩු වෙලා අදාල නැති දේවල් ඔස්සේ උපහාස අපහාස විතරක් ලියවෙන එක. (නදී)
හේවාවිතාරණ මෙතැන් හිස් බස් දොඩන්නේ ඔබයි. වෙන රටක ඉඳල ලියපු කෙනා ගෙන් අහනවා ඉන්නේ පුත්තලමේද කියා. (නදී)
මටත් පේන්නෙ සමහරුන්ට මොකද්දෝ අකමැත්තක් තිබෙනවා වෙනත් රටවලින් කවුරු හරි අදහස් ලියනකොට . මම නම් කැමතියි වෙනින් රටවල ලාංකිකයන්ගේ අදහස් , ඒ රටවල විස්තර ලියවෙනවට. අපිට නොදන්නා දේවල් දැන ගන්න ලැබෙනවා. දැනුම හුවමාරු වෙනවා. මොකද්ද මේ සමහරුන්ට තියන කුහකකම ?(අ)
ධම්ම මහත්මයා , මම ඉන්නේ යුරෝපීය රටකවත් මැද පෙරදිගවත් නෙවෙයි. ජයනි මහත්මිය ඔබේ අවංක අදහස් වලට ස්තුතියි. (අ)
ඇත්තටම මෙයා ලංකාවේද? (නි)
එළකිරි කතාවක්නේ...අපි කාටත් වරදින තැන් තියනවා. හොදට ඇහුම් කන් දුන්නා නම් වරදිනවා අඩුයි. (නදී)
ඔන්න ඕක නිසා තමයි මම කිසිම අවස්තාවක මම ජීවත් වෙන රට ගැන, මෙම තීරයෙන් කිසිවක් නොකියන්නේ. කිව්වොත් ඉවරයි. ඊට පස්සේ සමහර කට්ටිය අහනවා "ඉන්න රට ලොකුද "," ඇයි නයි අරින්නේ ? "යනාදී දහසක් උපහාස,අපහාස. ඉන්න රට ගැන නොකියා සද්දේ වහලා ඉන්න තරමට ඇගට ගුණයි. (නදී)
මෙතන වෙලා තියෙන්නේ පිටරට උදවිය ගැන නෝක්කාඩු කියන හැමෝම ඉල්ලුම් කල රට කොහෙන් හරි විසා ප්‍රතික්ෂේප වුන උදවිය. ඕක තමයි තිත්ත ඇත්ත. බැරි වෙලාවත් ඕස්ට්‍රේලියාවට විසා දෙනවා කිව්වා නම් ඔය භුමි පුත්‍රයෝ උදේ හතරේ ඉඳල ගාලු පාරේ පෝලිමේ ඉඳීවි. මම නම් ඉන්නේ ලංකාවේ . අපේ ඔෆිස් එකේ අසහන කාරයෙකුත් ඔස්ට්‍රේලියාවට යන්න ඉල්ලුම් කරල වීසා ලැබුනේ නැහැ. දැන් මුළු ලෝකේ වටේම රටවල් වලට ගිය අපේ මිනිස්සුන්ට බැන බැන ඉන්නවා. (නදී)
තරිඳු වගේ කට්ටිය නම් කොයි රටකටවත් හරි යන්නේ නැහැ. අභ්‍යාවකාශයේ ඉඳන් අනිත් මිනිස්සු ඉන්න රටවල් වලට දත නියව නියව ඉන්න නම් හොඳයි. ඔබ කවදාවත් මේ තීරයට කිසිම හරවත් අදහසක් ලියනවා මම දැකල නැහැ. (නදී)
මම හිතන්නේ ඔය තරිඳු කියලා ලියන්නේ අර පිටරට ඇලජික් සංජය ද කොහෙද ? අන්තිමට මෙතන කවුරුවත් පලක් ඇති වැදගත් අදහසක් ලියන එකෙන් වලකිනවා. ඉතිරි වෙන්නේ නුගත් පහත් අපහාස උපහාස ටිකක් විතරයි. (නදී)
කීයෙන් කීදෙනාද මෙතන ස්වාධින අදහස් ලියල තියෙන්නේ. සමහරු නෙලුම් ගේ වාසස්ථානය අල්ලාගෙන මැරෙන්න යනවා. (නදී)
අපේ කාර්යාලයේ පියන්ටත් පුවතේ සඳහන් වෙන ආකාරයේ අත් වැරදි ඉඳහිට වෙනවා. නමුත් කවුරුවත් කිසි දෙයක් කියන්නේ නැත්තේ නැහැ බැහැ නොකියා එලියට ගිහින් අරන් එන්න කියන පොඩි පොඩි දේවල් ගෙනත් දෙන නිසා. තව දෙයක්. මේ තීරයේ පුද්ගලික උපහාස නිසා පලක් ඇති යමක් ලියන කට්ටිය පැත්තකට වෙලා මෝඩ ජෝකර් ලා ඉස්මතු වෙනවා. ඒ නිසා තමන්ට ලියන්න දෙයක් නැතිනම් අනුන්ගේ අදහසට උපහාස කිරීමේ පහත් පුරුද්දෙන් වත් කරුනාකර වලකින්න. (නදී)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
ආරක්ෂක නිලධාරියා කඩේ ගියාම ආරක්ෂාවට මොකද වෙන්නේ?? (නි)
මම ඉන්න රටේ අලි පේර නම් හරිම පොඩියි. ඒ වුනාට ඒවායේ මිල නම් පොඩි නැහැ. මට නුවර අපේ මහගෙදර අලි පේර ගස් මතක් වෙනවා. ඒවායේ ගෙඩි කොච්චර ලොකුද. අපේ අක්කා ඉස්සර ගෙඩි දෙකකින් මුළු පවුලටම රසවත් බීම හදනවා. මෙහෙ තියන ගෙඩි වෙරළු ගෙඩියකට වඩා ටිකක් ලොකුයි. හම ගැහිලා ඇකිලිලා. දැක්කහම හිනා. (නි)
ඕස්ට්‍රේලියාවේ සැන්විච් පාන් සමග අලිගැට පේර ජනප්‍රිය පිරවුමක්. ලුණු ගම්මිරිස් ටිකක් දාගන්න පුළුවන් කැමති පමණට. සමහරු ඒ සමග කුකුල් මස් මැදට දමලා පාන් රෝල් හදනවා. අලි ගැට පේර සලාද වශයෙන් ඉතා ගුණයි. ඒකට ඔලිව් තෙල් පොඩ්ඩක් ඉහගත්තම පෝෂණය වැඩිලු. (නි)
කළුවා මාරපන් ගියා වගේ.. (නි)
මේක කියවන විට මගේ කටට කෙළ ඉනුවා ? අපිට කොහෙන්ද ඉතින්.. පේර..?(දිල්)
මෙයා නම් තේ එකට මිරිස් කුඩුයි, ලුණු කුඩුයි දාලා ගෙනත් දෙන්න කිව්වත් කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතිව ඒකත් කරයි. (නි)
ලොක්කන් කියන දේ පොඩ්ඩන් සිහි බුද්ධියෙන් ඇසිය යුතුය. මොකද සමහර ලොක්කන් ඉංග්‍රීසියෙන් හිතුවට සිංහලෙනුයි කතා කරන්නේ (නි)
මේක සන්නිවේදන ගැටළුවක්. ලංකාවේ ආයතන ගොඩක සන්නිවේදන ප්‍රශ්න තිබෙනවා.ආයතන ප්‍රධානීන් කියන ඒවා සේවකයින් තේරුම් ගන්නේ වැරදි විදියට.සේවකයින් කියන දේ ප්‍රධානීන්ට තේරෙන්නේ බාගෙට (නි)
මෙතන වැරැද්ද ආරක්ෂක නිලධාරියාගේ නෙමෙයි, ලොක්කාගේ. ආරක්ෂක නිලධාරියා ඉන්නේ කාර්‍යාල ලොක්කාගේ වේටර් වැඩේ කරන්න නෙමෙයිනේ. ඔහු ඉන්නේ ආරක්ෂක රාජකාරි වලට. (නි)
අලිගැට පේර බොහොම ගුණ පළතුරක්. මම ඉන්න රටේ සැන්විච් පාන් එක්ක ජනප්‍රිය පිරවුමක්. යන්තම් ඉදුණු අලිගැට පේර කෑලි කපලා ඔලිව් තෙල් ටිකක් ඉහලා සැලඩ් වලට භාවිතා කරන්නත් හොඳයි. බීම හදන්නත් හොඳ පළතුරක්. ඒ වුණාට මෙහෙ අලි පේර ලංකාවේ ඒවාට වඩා පොඩියි. මිලෙනුත් වැඩියි. (නි)
ඕකට තමයි කියන්නේ "කියන්නා කොහොම කීවත් අහන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියලා" (දිල්)
ඉස්සර වගේ මෙහෙම මෝඩ මිනිස්සු තවමත් ලංකාවේ ඉන්නවද? (නි)
ලොක්කන්ට කඩේ යාම ලංකාවේ හැමතැනම තියෙනවා වගේ. (නි)
මේක රාජකාරියට අදාල දෙයක්ද? (නි)
අපේ කාර්යාලයේ පියන් දහවල් කෑම පැයේ එළියට යනවිට කවුරුත් ඔහු ලවා පොඩි පොඩි දේවල් ගෙන්වා ගන්නවා. දවසක් ලොක්කාගේ රට ඉඳි පාර්සලයත් ගැබිණි ලිපිකාරිනියකගේ අඹ අච්චාරු පාර්සලයත් මාරුවෙලා දීලා. ලොක්කා පියන්ට කියලා මට තවම නම් මෙහෙම තත්ත්වයක් නැහැ ඉදිරියේදීවත් ඇති වෙයිද බලමු කියලා. (නි)
සම්පත්, ඔයාගේ අදහසට මම එකඟයි. ආයතන විතරක් නෙමෙයි මේක මුළු ලංකාවේම තිබෙන ප්‍රශ්නයක් (නි)
නෙලුම්, දැනට ලෝකයේ අලි පේර වර්ග එකසිය පනහක් පමණ තිබෙනවා.හැඩය,ප්‍රමාණය, පාට අනුව. (නි)
නෙළුම්, ඔයා පිටරට ඉන්නවා කියලා කියාගන්නද ඕනෑ වුණේ? (නි)
නෙළුම් ඉන්නේ සයිප්‍රසයේ වගේ. මොකද සයිප්‍රසයේ ඔලිව් තෙල් මිශ්‍ර නොකළ කෑමක් නැති තරම්. (නි)