පොල්ගස්ඕවිට එස් . වික්‍රමආරච්චි
ඉන්දියානු සම්බා හාල් කිලෝ පහක්, දුඹුරු සීනි කිලෝ එකක් සහ පරිප්පු ග්‍රෑම් 500 ක පැකේජයක් මේ දිනවල සහන මිල ගණන් යටතේ සතොස වෙළෙඳසල්වලින් පාරිභෝගිකයන්ට ලබාදෙන අතර ඒ සම්බන්ධ අපූරු ගනුදෙනුවක් පසුගිය දිනෙක අගනුවරට ආසන්න සතොස වෙළෙඳසලකදී දක්නට ලැබිණි.
කඩිමුඩියේ එම වෙළෙඳ සලට පැමිණි පාරිභෝගිකයෙක් බඩු කිරන ස්ථානයට ගොස් ඒ වන විටත් කිරා බෑග්වල අසුරා තිබූ සහල් කිලෝ පහක් රැගෙන මුදල් ගෙවන කවුන්ටරය අසලට පැමිණ මුදල් ගෙවීමට සූදානම් වූයේය.
එවිට මුදල් අයකැමිවරිය කීවේ ‘‘මහත්තයා, හාල් කිලෝ පහක් විතරක් බිල් කරන්න බෑ, තව මොනව හරි ගන්න වෙනව” යනුවෙනි.
එවිට මහත්තයා ගොස් දුඹුරු සීනි කිලෝවක් කිරවාගෙන පැමිණ අයකැමිවරියට දුන්නේය. එවිට “සීනි නෙවෙයි මහත්තයා, වෙන දෙයක් ගන්න වෙනවා” ය කීවාය.
යළිත් හැරී ගිය මහත්තයා “පරිප්පු ග්‍රෑම් 500ක්” කිරවාගෙන පැමිණියේය.
එවිට අයකැමිවරිය සිදුවූ අපහසුතාව පිළිබඳව මහත්තයාට සිය කනගාටුව ප්‍රකාශ කරමින් කියා සිටියේ “මෙහෙමයි සර්, මේ වර්ග තුන විතරක් බිල් කරන්න එපා කියල තියෙන්නෙ, සර්ට අමතරව වෙන මොනව හරි ගන්න වෙනවා”
මහත්තයා තම මුදල් පසුම්බිය විවෘත කර බැලුවේය. මේවාට වැඩි යමක් ගැනීමට ප්‍රමාණවත් මුදලක් එහි නොවීය.
පාරිභෝගිකයා පත්ව ඇති අසීරුතාව තේරුම් ගත් අයකැමිවරිය “මොනව හරි සුළු දෙයක් ගත්තත් ඇති සර්” යනුවෙන් කීවාය.
එවිට ඔහු “එහෙනම් මට ගිනි පෙට්ටියක් දෙන්න” යැයි කීවේය.
සතුටට පත් අයකැමිවරිය එම බඩු වර්ග හතරට බිල්පත ලබාදී මුදල් රැගෙන, සිදු වූ අපහසුතාව ගැන යළිත් කනගාටුව ප්‍රකාශ කොට ‘මේවා අපි දාපු කොන්දේසි නෙවෙයි සර්’ යනුවෙන් ද කීවා ලු.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කිලෝ පහේ මල්ලට ගිනිපෙට්ටියක කොන්දේසියක්