අනධ්‍යයන සේවකයකුගේ විවාහ මංගල උත්සවයට ගොස් උසස් පෙළ පන්තියේ ළමයින් සමග නර්තනයක යෙදෙන විට ඇද වැටී කකුල තුවාල කරගත් නියෝජ්‍ය ආයතන ප්‍රධානී නිලධාරිනියක පිළිබඳ පුවතක් දුෂ්කර ප්‍රදේශයකින් වාර්තාවේ.
ශ්‍රී ලංකාවේ රමණීය ප්‍රදේශයක පිහිටි පාසලක සේවය කරන අනධ්‍යයන සේවකයකු සිය විවාහ මංගල උත්සවයට පාසලේ ප්‍රධානීන්ට සහ අධ්‍යයන අනධ්‍යයන සියලුම දෙනාට ආරාධනා කළේය.
තරුණ වයසේ පසුවන සේවකයා පාසලේ උසස් පෙළ පන්තියේ සියලුම දෙනාගේ කලන මිතුරකු වූ නිසා ඔවුන් කිහිප දෙනෙකුට ද මගුල් ගෙදරට ආරාධනා කළේය. මගුල් උත්සවය සිය නිවසේම යොදාගත්තේ සියලුම පහසුකම් එහි ඇති බැවිනි. මනාළ යුවළ දහවල් වෙද්දී නිවසට පැමිණි අතර ආරාධිත අමුත්තන්ගෙන් නිවස පිරී ඉතිරී යන්නට විය.
නිවස පිටුපස කොටස මධ්‍යසාර පානය සඳහා වෙන්කර තිබූ අතර ටික වේලාවක් ගතවන විට ඩී.ජේ. සංගීත නාදයට අනුව නර්තනයද ආරම්භ විය. පදම වැඩි වූ බොහෝ පිරිසක් නටමින් සිටි අතර ඔවුන් සමග තරුණියෝ සහ කාන්තාවෝද වූහ.
සංගීත නාදය වේගවත් වූ අතර ළමයිද නටන පිරිස සමග එක්වූහ. තරුණ බව පෙන්වීමට නිතරම උත්සාහ දරණ මෙම නිලධාරිනියද නටන පිරිස අතරට පැමිණ නටන්නට වූ අතර සෙසු නිලධාරීහු වටපිට බලමින් එම ස්ථානයෙන් ඉවත්වූහ.
පාසලේ ළමයින්ගේ අත් අල්ලා ගනිමින් නටමින් සිටි ඇය හිටි හැටියේම පය පැටලී ඇද වැටුනාය. නටමින් සිටි පිරිස ඇය පුටුවක වාඩිකර නැවත නටන්නට පටන් ගත්හ. සිය කාර්ය මණ්ඩලය පිළිබඳව ඇය විපරම් කරන විට සියල්ලෝම පිටව ගොස් තිබුණි. මනමාලයා විසින් සපයා දෙන ලද ත්‍රිරෝද රථයේ නැගී ඇය නිවසට ගියාය.
සිද්ධිය පිළිබඳ කතාව ප්‍රදේශය පුරා පැතිර යාමට වැඩි කාලයක් ගත නොවූ අතර එම සිදුවීම සම්බන්ධයෙන් සහෝදර සේවකයින්ගෙන් ඇයට එල්ල වූයේ දැඩි දෝෂ දර්ශනයකි.
විභාගයක් ඇති බව කියා ඇය දින කිහිපයක් නිවාඩු ලබාගෙන ප්‍රතිකාර ගත්තද කකුලේ අමාරුව හේතුවෙන් වෙනත් ප්‍රදේශයකට ස්ථාන මාරුවීමක් ලබා ගෙන ගියද එම ප්‍රදේශයටද කතාව ආරංචි වීමට වැඩි කාලයක් ගත නොවීය.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොල්ලො කෙල්ලො අස්සේ ජෝගි නටන්න ගිය ‘ලොක්කී’ අණ්ඩ කඩාගෙන