කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
ලාබාළ තරුණියකගේ පහස විඳ ගැනීමට ගිය අම්බලන්ගොඩ ව්‍යාපාරියකුට වූ අලකලංචියක් අම්බලන්ගොඩ පොලීසියෙන් අසන්නට ලැබේ.
ඔහු මාළු ව්‍යාපාරිකයෙකි. ගැටවරියන්ට ඔහු දැක්වූයේ දැඩි කැමැත්තකි. මේ තරුණිය ගැන දැන ගන්නට ලැබුණේ මිතුරකු මාර්ගයෙනි. ඇයගේ දුරකතන අංකයද ලැබිණ. තමා අසවලා යැයි හඳුන්වා දෙමින් ඔහු ඇය මුණ ගැසීමට වුවමනා බව දැනුම් දුන්නේය.
තැන, වේලාව, දුරකතනයෙන්ම ඔවුහු කතා කර ගත්හ. ඒ අනුව සියල්ල සූදානම්ය.
ව්‍යාපාරිකයා අදාළ ස්ථානයට එන විටත් තරුණිය කාමරයේ සිටියාය. දොරට තට්ටු කෙරිණ. දොර ඇරිණ. ලාබාළ තරුණිය දුටු සැණින් ඔහුට උන්හිටි තැන් අමතක විය. ඇය බදා ගන්නට පැන්නේ එහෙයිනි. ඒ එක්කම ඇඳ යටින් මතුවූවේ පිහියක් අමෝරගත් යක්ෂයෙ වන් කළු කොල්ලෙකි.
’’අද මම තොපි දෙන්නාම කම්බස් කරනවා... මේ හොරේ අල්ල ගන්න තමයි මමත් හිටියේ....” කියමින් කොල්ලා ව්‍යාපාරිකයාගේ කමීස කොලරයෙන් අල්ලා ගත්තේය. අනේ මල්ලී එහෙම කරන්න එපා... මම ඉල්ලන ගාණක් දෙන්නම්... මට යන්න දෙන්න... යැයි කියමින් ඔහු කොල්ලාට බැගෑපත්වූයේය.
පේන්නත් එක්කම කමිසයේ උඩ සාක්කුවේ දමාගෙන සිටි මොනර කොළ තිහ හතළිහක්ම කොල්ලාට දී ඔහු මාරුවී ගියේය.
මේ මුදලින් කෙල්ලත්, කොල්ලාත් එකට එකතුවී කුඩු ගසමින් දින කිහිපයක්ම සුදියේ ගත කළහ. පවුල් ආරවුලක් සම්බන්ධයෙන් මොවුන් දෙදෙනා පොලීසියට ගෙන ආ අවස්ථාවේදී තරුණිය ඔවුන් දෙදෙනා සමග එකට එකතුවී අම්බලන්ගොඩ ව්‍යාපාරිකයාට දුන් මේ අපූරු ගේම වැමෑරුවේ පොලීසියද නම කියූ සැණින් ඔහු හඳුනා ගනිමිනි.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කෙල්ලක් දිහා බලලා තිස් දාහකුත් පුදලා