IMG-LOGO

2025 අප්‍රේල් මස 15 වන අඟහරුවාදා


කෘෂිකර්ම නිලධාරිනියගේ පම්පෝරියට දෙයියෝ මතක්වෙලා

දිවි නැඟුම වැඩ සටහන යටතේ වයඹ පළාතේ උපදේශනාත්මක රැස්වීමකි. කාන්තාවන් රැසක්  එක්ව සිටි එහි උපදෙස්  සැපයුයේ විෂය පිළිබඳ දැනුම ඇති උපදේශකවරියකි. ඉස්සර අපේ ගෙවතුවල මිදුලේ ඉඟුරු, කහ, මිරිස්, සේර, කරපිංචා,රම්පේ වගේ දේවල් වවල තිබුණා. මේවාට පෝර  ඕනෑ නෑ. ගොම ටිකක් දැම්මම ඇති. අපට මේ ගැන හොඳ  අත්දැකීමක් තියෙනවා. ඒ පුරුද්ද අද නෑ. අපි මේ ගැන ලජ්ජා වෙන්න  ඕන.  කිවේ සැබෑ වේදනාවකිනි. ”ඒක නං ඇත්ත”කවුරුත්  කීහ. රැස්වීම අවසන්ව ගෙදර එන ගමන් ගෘහණියන් දෙදෙනකු කතා කර ගත්තේ ගෙවත්ත ඒ ආකාරයට සකස්කර ගැනීමටය. පසුදා උදෑසනම කෘෂිකර්ම නිලධාරිනිය හමුවීමට  ඔවුන් ගියේ  රම්පේ, සේර පැළ කීපයක් ඉල්ලා ගැනීමටය. එහෙත් ඇය නිවසේ නොවීය. ඔවුහු තමා පැමිණි කාරණය ඇගේ සැමියාට කීහ. ”අනේ එයාගේ කයිවාරුව. මේ ගෙදර එක මිරිස් පැළයක්වත් නෑ” ඔහු කීවෙන් මේ දෙදෙනාට දෙවියන් සිහිවුනාලූ.



අදහස් (0)

කෘෂිකර්ම නිලධාරිනියගේ පම්පෝරියට දෙයියෝ මතක්වෙලා

ආනන්ද පිටබැද්දර Friday, 05 October 2012 10:18 AM

ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට (ස)

:       0       0

කටුවන Friday, 05 October 2012 10:28 AM

කටින් බතල හිටවනවා කියන්නේ ඕවට තමයි (ස)

:       0       0

අමිල කටුනායක Friday, 05 October 2012 10:22 AM

උඩින් ඔපේ යටින් හපේ

:       0       0

දුලාර Saturday, 06 October 2012 09:10 PM

විශ්වාස කළ නොහැකිය..!(නු)

:       0       0

දයා සෞදි Saturday, 06 October 2012 11:52 AM

ලොකු මිනිහාගේ ඉදලා පොඩි මිනිහා දක්වාම ඔය විදිය තමයි.. සේරම කටින්..කෙරුවාව බිංදුවයි.. පොඩි මිනිහාට වවන්න කියනවා..!(නු)

:       0       0

උදයංග Friday, 05 October 2012 12:37 PM

කොහොම නමුත් මිනිහා අවංකයි (ස)

:       0       0

ලිනා Friday, 05 October 2012 12:40 PM

චොර කේස් එකක් (ස)

:       0       0

සමන්ති Tuesday, 09 October 2012 03:53 AM

පූජිගේ කතාව හරි (ස)

:       0       0

ලලිත් කටාර් Saturday, 06 October 2012 01:19 PM

පූජි ඔබ හරි.. සමහර විට මේක එයාගේ අලුත් ගෙදර හෝ සැමියාගේ නිවස වෙන්න ඇති.. නමුත් මේ නිලධාරිනියගේ මහ ගෙදර තත්ත්වය මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබුණා.. පොඩ්ඩක් අර ගෘහණියන් දෙදෙනාට ඒ පැත්තට ගිහිං බලන්න කියන්න. (නු)

:       0       0

ප්‍රගිත් Friday, 05 October 2012 01:06 PM

ෂුවර් එකටම ගෑනි ගැන ඉරිසියා ඇති. ඔහොම මිනිස්සු ඉන්නවා. (ස)

:       0       0

අසෝක Friday, 05 October 2012 01:12 PM

කොහොම උනත් එයා වැවුවෙ නැති උනාට අනිත් අයට හරි එහෙම වවාගන්න හිතුණ එකත් ලොකු දෙයක්නෙ. ඇයි අපි හැමෝගෙම වැරදිපැත්ත විතරක් දකින්නෙ. හැම දෙයකම හොඳ පැත්ත බලන්න පුරුදු උනානම් ඉබේම මේ වැරදි හරියනව.(ස)

:       0       0

නලින් Friday, 05 October 2012 11:30 PM

හරියටම අපේ ඇමතිතුමා වගෙයි. (නි)

:       0       0

ජයී තිසර Friday, 05 October 2012 01:39 PM

වත්තෙ වැඩට බිය වී දහඩිය දාන රට නගවන අයුරු මනසින් මවාගෙන ඉදිරියෙ ඉඳන් දේශනයන් ඇද බාන කවුරුත් වැටේ ඔය ගණයට වෙස් පාන... (නි)

:       0       0

කේ.ටී.ඕමාන් Friday, 05 October 2012 01:44 PM

ඒ මහත්මිය කිව්වේ ඉස්සර අපේ ගෙවල්වල මිදුලෙ තිබුණා කියලනේ එයා ගෙ ගෙදර දැං තියෙනවා කියලා කිව්වේ නැහැනේ.. ඒ පුරුද්ද අද නැහැ කියලත් කිව්වනේ.. ඉතිං එයා එයාට ඔයවගේ කතා කියන එක වැරදිනේ.. හැමෝම ටිකක් හිතන්න..!(නු)

:       0       0

ප්‍රියලත් Friday, 05 October 2012 01:48 PM

අනේ මේ ‍බොරු කියන්න එපා (ස)

:       0       0

රාජා Saturday, 06 October 2012 03:42 PM

පූජි විතරයි හරියට ප්‍රවෘතිය කියවල තියෙන්නේ. ඒ නිලධාරිනිය කියල තියෙන්නේ ඉස්සර අපේ ගෙවල්වල කියල මිසක් දැං ගෙවල්වල කියල නොවෙයි. (ස)

:       0       0

වසන්ත Monday, 08 October 2012 06:53 PM

එයාගේ රාජකාරිය අකුරටම කරලා තියෙනවා. ඉතා හොද නිලධාරියෙක්. (නි)

:       0       0

යොහාන් Saturday, 06 October 2012 07:50 AM

ලෝකෙට පරකාසී ‍ගෙදරට මරගා‍තේ (ස)

:       0       0

මනම්පේරි Monday, 08 October 2012 10:14 AM

ඔයාලා මේක හරියට කියවලා නෑනේ .ඉස්සරනේ ගෙදර වවලා තියෙන්නේ . දැන් වවන්නේ මොකටද ? ඕන තරම් සුපිරි වෙළඳසැල් තියෙද්දි (ස)

:       0       0

චන්ද්‍රසිරි Friday, 05 October 2012 03:07 PM

මෝඩ ගෑනුන්ගේ කයිවාරුව නිසා පල් වෙන්නේ ගෙදර ඉන්න අනික් අය (ස)

:       0       0

නිරන් සෞදි Saturday, 06 October 2012 09:04 AM

ඔය බොරු කියන එක නවත්වන්නම බැරිද?(නු)

:       0       0

රෝහිත Friday, 05 October 2012 03:17 PM

අශෝක ඔයා හරි.. මෙතන උපදේශකවරියගේ රාජකාරිය අනිත්යට කරලා පෙන්නන එක නෙමෙයි අනිත් අයව ඒකට යොමු කිරන එකයි.. ඒක එයා හරියට කරලා තියෙනවා කියල තමයි මට නම් හිතෙන්නේ.. අපේ දාන ප්‍රබුද්ධ පාථකයෝ ඉතිං වැරදි පැත්තම අල්ලාගෙන බනින එකනේ කරන්නේ.. (නු)

:       0       0

සරත් Friday, 05 October 2012 09:44 AM

අද කාලේ බොහෝදෙනෙක්ගේ වැඩ කටින් තමයි (ස)

:       0       0

පූජි Saturday, 06 October 2012 09:57 AM

ඉස්සර අපේ ගෙවතුවල තිබුන කියල මිස දැන් තියනවා කියල නැනේ. ඉතින් නිලධාරිනියගේ කතාව හරි. එය වැරදියට තේරුම් ගත්ත එකයි ප්‍රශ්නේ (ස)

:       0       0

වරුණ Friday, 05 October 2012 10:05 AM

ඔය නිලධාරීන් කොයි කවුරුත් එකයි. කට විතරයි. වැඩක් කරන්නේ නෑ. හරියට අමධ්‍යප සංවිධාන වගේ. අනිත් අයට බොන්න එපා කියලා ඒ ගොල්ලෝ හොරෙන් බොනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 770 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 749 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2161 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 759 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


අවංකකම පෙන්වන්න ගිහින් අම්බානට ගුටි කාලා
2025 අප්‍රේල් මස 07 976 2

විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.


ගිනි පෙට්ටියට ඩිස්කවුන්ට් ඉල්ලලා
2025 අප්‍රේල් මස 05 362 0

දකුණු ලක අග නගරයට සමීප ප්‍රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතාන


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 120 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 270 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 882 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site