කසිප්පු තිප්පොළක සිටි පිරිසකට අමුතුම තාලේ දඬුවමක් විඳින්නට සිදුවීමේ පුවතක් ගලේවෙල තලකිරියාගම ගම්මානයෙන් වාර්තා විය. මෙම ගම්මානයේ වැව් බැම්මක පවත්වාගෙන යන කසිප්පු තිප්පොළක් පිළිබඳව තොරතුරු පොලිසියට ලබා දුන් පිරිසක් එය වටලන ආකාරය රහසිගතව බලා සිටියහ. වටින් ගොඩින් අඳුර වැටීගෙන එද්දී ඔත්තුවේ සඳහන් ආකාරයට පොලිසිය වැව් බැම්මේ තිප්පොළ දෙතුන් පැත්තකින්ම වට කළහ. එහි සිටි පිරිසට ගැලවීමට ඇති එකම මග වැවට පැන එගොඩට පීනා යාම පමණි. මුලින්ම කසිප්පු මුදලාලි වැවට පැන පිහිනා යන්නට විය. කසිප්පු බීමට පැමිණි අට දෙනෙකුගෙන් සමන්විත පිරිස ද මුදලාලි අනුගමනය කළහ. එය සැබැවින්ම පිහිනුම් තරගයක් විය. විනාඩි දහයක් පමණ ගතවෙද්දී පිරිස එගොඩට ළඟා වූහ. ඒ වන විට බැම්මේ සිටි පොලිසියේ පිරිස ද එම ඉසව්වට ළඟා වී හමාරය. පොලිසිය දුටු පිරිස වඩාත් බියට පත්වී ආපසු මෙගොඩට පීනන්නට වූහ. පිරිස වැව් බැම්මට ළඟා වන විට පොලිසියේ පිරිස ද වැව් බැම්මට ළඟා වී සිටියහ. පොලිස් පිරිස දුටු පිහිනුම් කරුවෝ ආපසු දියඹට පිහිනා ගියහ. ඔවුන් එගොඩට ළඟා වන විට පොලිස් පිරිස ද එගොඩට ළඟා වී සිටියහ. මේ අයුරින් පැය දෙකක් පමණ ගත වන විට පිහිනන පිරිස හොඳටම හෙම්බත් වී හමාරය. පොලිසිය ගොඩින් යයි. පිරිස දියඹින් පිහිනා යයි. පැය දෙකක් පමණ ගත වන විට අඳුරු පැතුරුණි. වැව තුළ සිටිනා පිරිස හඳුනා ගැනීමට අපහසු තරමටම අඳුර වැඩි විය. මෙහෙයුම අතහැර දැමූ පොලිසියේ පිරිස ගිය පසු පිහිනුම්කරුවෝ ගොඩට පැමිණියහ. ”උසාවි ගිහිල්ලා දඩ නැතිවුණාට මොකද මේ දඬුවම හොඳටම ඇති” සීතලේ ගැහෙමින් ගොඩට පැමිණි එක් අයකු පැවසූ අයුරු සැඟවී බලා සිටි පිරිසට ද ඇසිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වෙලාවට මම ඔකන හිටියෙ නැත්තෙ.. හිටියනම් එහෙම මම අහුවෙනවා.. මොකද මට පීනන්න බැහැනෙ...
පොරමොලගෙ කතාව සහතික ඇත්ත.. අපේ පොලිසිය ඕත්තුව දීපු නිසා එන්න ඇති කුට්ටිය ලැබුණු නිසා යන්න ඇති..
පෙරමොලාගෙ කතාව සහතික ඇත්ත.. අපේ පොලිසිය ඔත්තුව ලැබුණ නිසා එන්න ඇති...
පොලීසියේ ස්ථානෝචිත ප්‍රඥාවනම් හරි ඉහලයි වගේ...
මෙලෝ රහක් නැති වැඩක් කරල තියෙන්නේ....ලැජ්ජාවේ බෑ...
වැඩේ කියන්නේ මෙතන හිටපු ඔක්කොම පීනන්න දන්නවා, පොලිස් මාමලා ඇරෙන්න.
වතුරෙ යන මාමලට නාවික හමුදාව නෙ.. පොලිසියෙ මමල ගොඩ යන මමල නෙ..
පෙරිය දොරේ එපා... පීනනවා.. පුදුමයි දුර්ඝණ්ධය ඇවිස්සෙන එකත්..
අපරාදේ මේ කට්ටිය ඔලිම්පික් යවන්න තිබ්බා, පැය දෙකක් එක දිකට පීනන්න ලංකාවේ පිහිනුම් කණ්ඩායමටවත් බැරුව ඇති. සමහරවිට කසිප්පු බිව්වහම හොඳ හොඳට පීනන්න පුලුවන්ද දන්නේ න. අර සූර පප්පල මොකක්ද එක බිව්වහම වගේ. හික් හික්
"මෙහෙයුම අතහැර දැමූ පොලිසියේ පිරිස ගියේ කසිප්පු මුදලාලිගේ ඉතුරු බඩුත් සමඟය." කියා අවසන් කලානම් කතාව තවත් තාත්වික වෙනන තිබුනා.
ශ්රී ලංකාවෙ අල්ලන සෙල්ලම් කරන පොලිසිය....
මේක හොද දඩුවමක් ඔවුන්ට...
තව ටික දවසක් කෝල් එක එනකල් ඉන්න දුන්නා.කෝල් එක ආවා.බඩු ටික ගත්තා.මාරුවුණා.වැඩේ ක්ලෝස්
දියේ ගිලිලා එක කසිප්පු කාරයෙක්වත් මැරුණා නම් බලා ගන්න තිබුණා.ආදාහනය දවසේ පෙළපාලි, ජනරැලි
අපරාදේ මට දුක ජීප් එකේ පෙට්රෝල් ටික නිකම්ම පිච්චිලා ගිය එක ගැනයි .......
පොලිස් මාමලට පුළුවං පොඩි අය අල්ලන්න විතරයි නේද???
මේ කතාවනම් ඇත්ත එකක් වගේ....
එල ..එල..
කසිප්පු නරකම නෑ . නමුත් ඒක බොන විදියෙත් පිළිවලක් තියෙනවා.
මේ මොනවගේ පොලිසියක්ද?? ශ්‍රී ලංකාවෙ...??
පොලිස් බාප්පලාම තමයි නීති විරෝධී ක්‍රියා වලට අනුබල දෙන්නේ.නීතිය රකින්න ඉන්න අය ඒක හරියට කරනවා නම් මෙවැනි දේ පහසුවෙන් නතර කර ගත හැකියි
මට යංතං වගේ මතකයි පොඩි කාලේ මේ වගේ කාටුන් එකක් බැලුවා...
එක්කො මේක සදහටම නැති කරල දාන්න ඕන.නැත්නම් මේක නීත්ය්‍යනුකූල කරල රාජ්ය්‍ය අනුග්‍රහය ලබා දෙන්න ඕන නිසි ප්‍රමිතියකට අනුව නිශ්පාදනය කරන්න. පොලීසියට ඉතින් අල්ල ගන්න බැරි උන එක කියන් නෑ. වැව වටේ දුව දුව හිටියට වැඩක් උන් නෑනෙ.ඔය වැව වටේ දුව දුව ඉදපු වෙලාවෙ එක තැනකට වෙලා වැවට බිලී පිත්තක් දාගෙන හිටියානම් අඩු ගානෙ තිත්ත පැටියෙක් හරි අල්ල ගන්න තිබුනා පොලිස් මාමලාට.
තාමත් අත් දෙකට තෙල් ගානවා ඇති
අනේ පව් සීතල වැඩිනිසා රත්වෙනජාතියක් ගේන්න රාළහාමිලා යන්න ඇත්තෙ හෙට අනිද්දට පත්තරේ දාලා තියෙයි ඔත්තුකරුවන්ට මුදලාලිගෙ උන් තර්ජනය කරනවා කියලා
ආණ්ඩුවේ ලයිසන් අරක්කු බොන්න සල්ලි නැති නිසා සිය රට දේ සිරි සැප දේ කියලා මේවා බොන්න යන්න ඇති
දීපු දඩුවම කොයි තරම් සුන්දරද ..හොද හිත් තියෙන පොළිසියෙ මහත්තුරු ටිකක්... දැන් කාලෙ අහන්න තියෙන ඒවගේ හැටියට..
දීපු දඩුවම කොයි තරම් සුන්දරද ..හොද හිත් තියෙන පොළිසියෙ මහත්තුරු ටිකක්... දැන් කාලෙ අහන්න තියෙන එව්වගේ හැටියට..
විජේ බණ්ඩියො හොද වැඩේ මාව එක්ක නොගියට..
මගේ වෙරි හිදුනා..
මම හිතුවෙ කරැවලේ ඔත්තු දුන්න අයියල මාට්ටු කියලා..
මේකෙදි කරන්න තිබුණේ පොලිසියේ කට්ටිය දෙකට බෙදිලා ඉන්න එකනේ
කොහොම හරි පොලිසියත් දඬුවමින් භාගයක් විඳලා වගේ