IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


කසිප්පු තිප්පොළේ සිටියාට අමුතුම තාලේ දඬුවමක්

කසිප්පු තිප්පොළක සිටි පිරිසකට අමුතුම තාලේ දඬුවමක් විඳින්නට සිදුවීමේ පුවතක් ගලේවෙල තලකිරියාගම ගම්මානයෙන් වාර්තා විය. මෙම ගම්මානයේ වැව් බැම්මක පවත්වාගෙන යන කසිප්පු තිප්පොළක් පිළිබඳව තොරතුරු පොලිසියට ලබා දුන් පිරිසක් එය වටලන ආකාරය රහසිගතව බලා සිටියහ. වටින් ගොඩින් අඳුර වැටීගෙන එද්දී ඔත්තුවේ සඳහන් ආකාරයට පොලිසිය වැව් බැම්මේ තිප්පොළ දෙතුන් පැත්තකින්ම වට කළහ. එහි සිටි පිරිසට ගැලවීමට ඇති එකම මග වැවට පැන එගොඩට පීනා යාම පමණි. මුලින්ම කසිප්පු මුදලාලි වැවට පැන පිහිනා යන්නට විය. කසිප්පු බීමට පැමිණි අට දෙනෙකුගෙන් සමන්විත පිරිස ද මුදලාලි අනුගමනය කළහ. එය සැබැවින්ම පිහිනුම් තරගයක් විය. විනාඩි දහයක් පමණ ගතවෙද්දී පිරිස එගොඩට ළඟා වූහ. ඒ වන විට බැම්මේ සිටි පොලිසියේ පිරිස ද එම ඉසව්වට ළඟා වී හමාරය. පොලිසිය දුටු පිරිස වඩාත් බියට පත්වී ආපසු මෙගොඩට පීනන්නට වූහ. පිරිස වැව් බැම්මට ළඟා වන විට පොලිසියේ පිරිස ද වැව් බැම්මට ළඟා වී සිටියහ. පොලිස් පිරිස දුටු පිහිනුම් කරුවෝ ආපසු දියඹට පිහිනා ගියහ. ඔවුන් එගොඩට ළඟා වන විට පොලිස් පිරිස ද එගොඩට ළඟා වී සිටියහ. මේ අයුරින් පැය දෙකක් පමණ ගත වන විට පිහිනන පිරිස හොඳටම හෙම්බත් වී හමාරය. පොලිසිය ගොඩින් යයි. පිරිස දියඹින් පිහිනා යයි. පැය දෙකක් පමණ ගත වන විට අඳුරු පැතුරුණි. වැව තුළ සිටිනා පිරිස හඳුනා ගැනීමට අපහසු තරමටම අඳුර වැඩි විය. මෙහෙයුම අතහැර දැමූ පොලිසියේ පිරිස ගිය පසු පිහිනුම්කරුවෝ ගොඩට පැමිණියහ. ”උසාවි ගිහිල්ලා දඩ නැතිවුණාට මොකද මේ දඬුවම හොඳටම ඇති” සීතලේ ගැහෙමින් ගොඩට පැමිණි එක් අයකු පැවසූ අයුරු සැඟවී බලා සිටි පිරිසට ද ඇසිණි.



අදහස් (0)

කසිප්පු තිප්පොළේ සිටියාට අමුතුම තාලේ දඬුවමක්

සොනික් Thursday, 21 June 2012 12:03 PM

‍පොලිස් මාමලට පුළුවං පොඩි අය අල්ලන්න විතරයි නේද???

:       0       0

ගාමිණී Tuesday, 19 June 2012 01:42 PM

කසිප්පු නරකම නෑ . නමුත් ඒක බොන විදියෙත් පිළිවලක් තියෙනවා.

:       0       0

වසන්ත රත්නායක Tuesday, 19 June 2012 02:12 PM

"මෙහෙයුම අතහැර දැමූ පොලිසියේ පිරිස ගියේ කසිප්පු මුදලාලිගේ ඉතුරු බඩුත් සමඟය." කියා අවසන් කලානම් කතාව තවත් තාත්වික වෙනන තිබුනා.

:       0       0

රැවන් Tuesday, 19 June 2012 03:06 PM

පොරමොලගෙ කතාව සහතික ඇත්ත.. අපේ පොලිසිය ඕත්තුව දීපු නිසා එන්න ඇති කුට්ටිය ලැබුණු නිසා යන්න ඇති..

:       0       0

රැවන් Tuesday, 19 June 2012 03:45 PM

පෙරමොලාගෙ කතාව සහතික ඇත්ත.. අපේ පොලිසිය ඔත්තුව ලැබුණ නිසා එන්න ඇති...

:       0       0

හසි Thursday, 21 June 2012 07:23 PM

මේ කතාවනම් ඇත්ත එකක් වගේ....

:       0       0

පොතේගුරා Tuesday, 19 June 2012 03:47 PM

පොලීසියේ ස්ථානෝචිත ප්‍රඥාවනම් හරි ඉහලයි ව‍ගේ...

:       0       0

කින් බානට් Wednesday, 20 June 2012 11:25 PM

අපරාදේ මට දුක ජීප් එකේ පෙට්රෝල් ටික නිකම්ම පිච්චිලා ගිය එක ගැනයි .......

:       0       0

චූටී Tuesday, 19 June 2012 10:51 AM

එල ..එල..

:       0       0

සල්ස් Tuesday, 19 June 2012 04:28 PM

මෙලෝ රහක් නැති වැඩක් කරල තියෙන්නේ....ලැජ්ජාවේ බෑ...

:       0       0

තරු ඩුබායි Tuesday, 19 June 2012 10:13 AM

කොහොම හරි පොලිසියත් දඬුවමින් භාගයක් විඳලා වගේ

:       0       0

පවිත්‍රා Tuesday, 19 June 2012 10:30 AM

මේකෙදි කරන්න තිබුණේ පොලිසියේ කට්ටිය දෙකට බෙදිලා ඉන්න එකනේ

:       0       0

අමිල කටුනායක Tuesday, 19 June 2012 11:11 AM

මම හිතුවෙ කරැවලේ ඔත්තු දුන්න අයියල මාට්ටු කියලා..

:       0       0

විජේබන්ඩාර Tuesday, 19 June 2012 10:32 AM

මගේ වෙරි හිදුනා..

:       0       0

අමිල කටුනායත Tuesday, 19 June 2012 10:47 AM

විජේ බණ්ඩියො හොද වැඩේ මාව එක්ක නොගියට..

:       0       0

තරු ඩුබායි Tuesday, 19 June 2012 05:36 PM

වැඩේ කියන්නේ මෙතන හිටපු ඔක්කොම පීනන්න දන්නවා, පොලිස් මාමලා ඇරෙන්න.

:       0       0

චන්ද්‍ර Tuesday, 19 June 2012 10:58 AM

දීපු දඩුවම කොයි තරම් සුන්දරද ..හොද හිත් තියෙන පොළිසියෙ මහත්තුරු ටිකක්... දැන් කාලෙ අහන්න තියෙන එව්වගේ හැටියට..

:       0       0

කිරි පණුවා Wednesday, 20 June 2012 09:16 AM

තව ටික දවසක් කෝල් එක එනකල් ඉන්න දුන්නා.කෝල් එක ආවා.බඩු ටික ගත්තා.මාරුවුණා.වැඩේ ක්ලෝස්

:       0       0

චන්ද්‍ර Tuesday, 19 June 2012 11:40 AM

දීපු දඩුවම කොයි තරම් සුන්දරද ..හොද හිත් තියෙන පොළිසියෙ මහත්තුරු ටිකක්... දැන් කාලෙ අහන්න තියෙන ඒවගේ හැටියට..

:       0       0

කරනේරිස් ගොයියා Wednesday, 20 June 2012 08:42 AM

දියේ ගිලිලා එක කසිප්පු කාරයෙක්වත් මැරුණා නම් බලා ගන්න තිබුණා.ආදාහනය දවසේ පෙළපාලි, ජනරැලි

:       0       0

සක්කරවට්ටම Tuesday, 19 June 2012 06:11 PM

වතුරෙ යන මාමලට නාවික හමුදාව නෙ.. ‍පොලිසියෙ මමල ගොඩ යන මමල නෙ..

:       0       0

වරුණ Tuesday, 19 June 2012 11:18 AM

ආණ්ඩුවේ ලයිසන් අරක්කු බොන්න සල්ලි නැති නිසා සිය රට දේ සිරි සැප දේ කියලා මේවා බොන්න යන්න ඇති

:       0       0

සකලබුජං Tuesday, 19 June 2012 06:14 PM

පෙරිය දොරේ එපා... පීනනවා.. පුදුමයි දුර්ඝණ්ධය ඇවිස්සෙන එකත්..

:       0       0

මුදියන්සේ Tuesday, 19 June 2012 12:05 PM

අනේ පව් සීතල වැඩිනිසා රත්වෙනජාතියක් ගේන්න රාළහාමිලා යන්න ඇත්තෙ හෙට අනිද්දට පත්තරේ දාලා තියෙයි ඔත්තුකරුවන්ට මුදලාලිගෙ උන් තර්ජනය කරනවා කියලා

:       0       0

හොඳ ළමයා Tuesday, 19 June 2012 06:34 PM

අපරාදේ මේ කට්ටිය ඔලිම්පික් යවන්න තිබ්බා, පැය දෙකක් එක දිකට පීනන්න ලංකාවේ පිහිනුම් කණ්ඩායමටවත් බැරුව ඇති. සමහරවිට කසිප්පු බිව්වහම හොඳ හොඳට පීනන්න පුලුවන්ද දන්නේ න. අර සූර පප්පල මොකක්ද එක බිව්වහම වගේ. හික් හික්

:       0       0

ගිරිගෝරිස් Tuesday, 19 June 2012 11:49 AM

තාමත් අත් දෙකට තෙල් ගානවා ඇති

:       0       0

පොරමොලා Tuesday, 19 June 2012 12:00 PM

එක්කො මේක සදහටම නැති කරල දාන්න ඕන.නැත්නම් මේක නීත්ය්‍යනුකූල කරල රාජ්ය්‍ය අනුග්‍රහය ලබා දෙන්න ඕන නිසි ප්‍රමිතියකට අනුව නිශ්පාදනය කරන්න. පොලීසියට ඉතින් අල්ල ගන්න බැරි උන එක කියන් නෑ. වැව වටේ දුව දුව හිටියට වැඩක් උන් නෑනෙ.ඔය වැව වටේ දුව දුව ඉදපු වෙලාවෙ එක තැනකට වෙලා වැවට බිලී පිත්තක් දාගෙන හිටියානම් අඩු ගානෙ තිත්ත පැටියෙක් හරි අල්ල ගන්න තිබුනා පොලිස් මාමලාට.

:       0       0

සජී Tuesday, 19 June 2012 12:02 PM

මට යංතං වගේ මතකයි පොඩි කාලේ මේ වගේ කාටුන් එකක් බැලුවා...

:       0       0

සෞදි කොල්ලා Tuesday, 19 June 2012 07:35 PM

හොද වෙලාවට මම ඔකන හිටියෙ නැත්තෙ.. හිටියනම් එහෙම මම අහුවෙනවා.. මොකද මට පීනන්න බැහැනෙ...

:       0       0

රජික මංජුල Tuesday, 19 June 2012 07:15 PM

ශ්‍රී ලංකාවෙ අල්ලන සෙල්ලම් කරන පොලිසිය....

:       0       0

රුවන් Tuesday, 19 June 2012 12:31 PM

පොලිස් බාප්පලාම තමයි නීති විරෝධී ක්‍රියා වලට අනුබල දෙන්නේ.නීතිය රකින්න ඉන්න අය ඒක හරියට කරනවා නම් මෙවැනි දේ පහසුවෙන් නතර කර ගත හැකියි

:       0       0

ලලිත් සමරකෝන් Tuesday, 19 June 2012 01:48 PM

මේ මොනවගේ පොලිසියක්ද?? ශ්‍රී ලංකාවෙ...??

:       0       0

සංජීව Tuesday, 19 June 2012 08:28 PM

මේක හොද දඩුවමක් ඔවුන්ට...

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

මිතුරා මළැයි කියා සිතා බූරුවා ගහන්න ගෙදර ඇවිත්
2024 ඔක්තෝබර් මස 22 326 0

ගාල්ල නගරාසන්නයේ ගමක විසූ මිතුරන් දෙදෙනෙකි. දෙදෙනාම සුරාවට ලොල්ය. පසුගිය දිනක සවස දෙදෙනා හොඳටම රත්වූහ.


බිරින්දෑවරුන් මාරුකරගෙන මඟු‍ලත් කැඩිලා
2024 ඔක්තෝබර් මස 21 926 0

සිය බිරින්දෑවරුන් දෙදෙනා වෙනසකට වගේ මාරුකරගත් යහළුවන් දෙදෙනෙකු ඔවුන් දිගටම ඇසුර පවත්වාගෙන යෑම හේතුවෙන් එය විසඳා ගැනීමට එක් බිරියක රුහුණේ පොලිසියක


මං ගොනා බිලට පොලු තියා අමාරුවේ වැටිලා
2024 ඔක්තෝබර් මස 19 620 0

පිටේ දවටා තිබුණු යමක් සමච්චලයට ලක් කිරීමෙන් මිතුරා උරණ වීම හේතුවෙන් හෝටලයක කෑම බිල ගෙවා ගත නොහැකිව තවත් මිතුරන් පිරිසක් දැඩි අපහසුතාවකට පත්වූ පුවතක්


කප්පාදු කරන්න කීවාම තේ ගස් පිටින්ම කපලා
2024 ඔක්තෝබර් මස 19 620 0

කළයුතු දේ හරිහැටි සොයා නොබලා කටයුතු කිරීමෙන් තම බිරියගේ පවුලේ අයගේ දෝෂ දර්ශනයට ලක් වූ පුද්ගලයකු පිළිබඳ පුවතක් මාතර මොරවක්කෝරළය පෙදෙසින් වාර්තා වෙයි.


සංගීතයේ පුටු ගෙවල්වලට පියාබලා
2024 ඔක්තෝබර් මස 19 196 0

වැස්සට පිං සිද්ධ වෙන්න පුටු තොගයක් සිය නිවෙස්වලට රැගෙන ගිය පිරිසක් පිළිබඳව කතාවක් ඇල්පිටියෙන් අසන්නට ලැබේ.


ගුලි දෙක මාරුවී ඉහ මොළ රත් වෙලා
2024 ඔක්තෝබර් මස 19 229 0

මෙය බලංගොඩ ප්‍රදේශයේ එක්තරා ගමක සිදුවූ අපූරු සිදුවීමකි. නිවසක පෙර දින රාත්‍රියේ ආහාරයට ගෘහණිය විසින් කුරක්කන් තලප සූදානම් කර තිබිණි නිවසේ සිටින්නේ ව


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 95 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 545 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site