IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


කෙසෙල් කොටුවේ අයිතිකරු සතුටු කරන්න කඩෙන් කෙසෙල් ඇවරියක් ගෙනත්

පුලතිසිපුරය අසල ග‍්‍රාමීය ප‍්‍රදේශයක සිටින මේ වෙදමහතා වඩාත් ප‍්‍රසිද්ධ වූයේ ඇදුම රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමටය. රෝගීන්ගෙන් කිසිදු මුදලක් අය නොකරන කාරුණික වෙදමහතකු වූ ඔහු හමුවීමට පසුගිය දා දකුණේ මවක් ගියේ තම පුතා ද සමගය. පුතා සුව නොවන ඇදුම රෝගයකින් පෙළිණි. එහි යන අතරතුර ආසන්න උප නගරයේ වූ වෙළඳ සලක රත්නමාලූ වර්ගයේ විශාල කෙසෙල් කැනක් එල්ලා තිබිණි. මුදල් නොගන්නා වෙද මහතාට මෙය තෑගි කිරීම සුදුසුයැයි සිතූ මේ මව ඉන් ලොකු ඇවරියක් කපා පාර්සල් කර ගත්තාය. වෙද මහතා රෝගියා පරීක්‍ෂා කොට ප‍්‍රතිකාර ලබාදුන් පසුව එහි පැමිණ සිටි අයට තේ පැන් සංග‍්‍රහයක් පැවැත්වීය. මේ සංග‍්‍රහයට රත්නමාලූ වර්ගයේ කෙසෙල් ඇවරියක් ද තිබෙනු දුටු මේ මව පුදුමයට පත් වූයේ තමා ගෙනා පාර්සලය තවමත් මේසය මත වූ හෙයිනි. ළඟ සිටි කාන්තාවකගෙන් මේ ගැන විමසූ විට මේ වෙදමහතා විශාල කෙසෙල් වගාවකද නිරතවන බවත් ඒවායේ අස්වැන්න අවට කඩවලට අඩුමිලට ලබා දෙන බවත් ඇය පැවසීම නිසා මේ මවට දෙවියන් සිහිවුණාලූ.



අදහස් (0)

කෙසෙල් කොටුවේ අයිතිකරු සතුටු කරන්න කඩෙන් කෙසෙල් ඇවරියක් ගෙනත්

මදූ Wednesday, 25 July 2012 12:34 PM

හිනා වෙන්න පුළුවන් කතාවක් දාන්නකෝ.....(ස)

:       0       0

තරුෂ Wednesday, 25 July 2012 12:36 PM

මේ කතාව ඇත්ත නම් මේ වෙද මහත්මාට මල් තබා පූජා පැවැත්විය යුතුයි.. මෙවැනි අය ඉන්නවා යැයි ඇසීමත් පිනක්. මොන කෙසෙල්ද ? (ස)

:       0       0

ගයාන් Wednesday, 25 July 2012 12:37 PM

අයියෝ සල්ලී............(ස)

:       0       0

රුවන් Wednesday, 25 July 2012 12:37 PM

හොරකම් කරල නෙවෙයිනේ....(ස)

:       0       0

හර්ෂ මධුසංක Thursday, 26 July 2012 10:06 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

ගයාන් Wednesday, 25 July 2012 12:39 PM

අයියෝ සල්ලී‍‍......(ස)

:       0       0

ප්‍රසිදිනී Friday, 03 August 2012 10:17 AM

මෙතන හිනා වෙන්න දෙයක් නැහැ. මුදල් අයකරන්නේ නැති නිසා තෑග්ගක් වශයෙන් කෙසෙල් ඇවරියක් ගෙනත් දීලා තියෙනවා. තෑග්ග මොකක් වුනත් ඒ අම්මා කලේ හොද දෙයක්.(ස)

:       0       0

තුෂාර Saturday, 28 July 2012 08:37 PM

කඩේ තිබුණෙ කෙසෙල් විතරමද දන්නෙ නැහැනෙ...?(නු)

:       0       0

ලාල් පෙරේරා Thursday, 26 July 2012 11:37 AM

ඒක හොරකම් කරල ගෙනාපු එකක් නෙමෙයිනේ.ඉතින් මොකෝ...(ස)

:       0       0

සරත් Wednesday, 25 July 2012 08:35 PM

ඔය කාටවත් පුදුම වෙන්න කිසිම දෙයක් නෑ...(ස)

:       0       0

සමන් Wednesday, 25 July 2012 08:35 PM

ඒකට කමක් නැහැ. මොකද එයා ඒක ගත්තේ පිරිසිදු සිතින්නේ. (නි)

:       0       0

හේමන්ත Wednesday, 25 July 2012 09:11 PM

ඉතිං මොකද? ඇයි කෙසෙල් වවන අය කෙසෙල් කන්නේ නැද්ද? (නි)

:       0       0

අමිල Wednesday, 25 July 2012 09:26 PM

අනේ මගේ හිනාව නතර කර ගන්න පොඩ්ඩක් උදවු කරන්නකෝ...... (නි)

:       0       0

රිස්වාන් Wednesday, 25 July 2012 09:41 PM

මට නම් මේක මතක් වෙන හැම පාරටම හිනා යනවා. (නි)

:       0       0

රුවන් Wednesday, 25 July 2012 09:25 AM

මේක කඩෙන් සල්ලි දීලා ගත්ත කෙසෙල් ඇවරියක් නේ.....ඉතින් මොකටද දෙවියන් සිහිවෙන්නේ .?????????(ස)

:       0       0

හිරු Wednesday, 25 July 2012 09:26 AM

අවරියක් මොකටද මලක් වත් දෙන්න තිබුණා(දී)

:       0       0

වරුණ Wednesday, 25 July 2012 09:28 AM

මොනවද අප්පා මේ වැඩ විහිලු කරනවා කියා මෙහෙමත් (දී)

:       0       0

සිසිර Wednesday, 25 July 2012 09:31 AM

මටනම් වරදක් පේන්නේ නෑ......(ස)

:       0       0

මහී Wednesday, 25 July 2012 11:16 PM

වෙද මහත්මයා කෙසෙල් හොරකම් කරලාද? එයාගේ වත්තේ කෙසෙල්මනේ කඩෙන් සල්ලි දීලා ගත්ත කෙසෙල් ඇවරියත්. ඒක දෙවියන් එයාටම ආයෙත් ගෙනත් දීලා නේද? අයියෝ සල්ලී‍‍....අයියෝ දෙවියන්‍‍....අයියෝ වෙද මහත්මයා... කෙසෙල් ඇවරියත් හිනා වෙනවා ඇති මේවා දැකලා. (නි)

:       0       0

ශ්‍රියා Wednesday, 25 July 2012 09:42 AM

දැන් ශ්‍රී ලංකාවම සර්කස් මඩුවක් වෙලා (දී)

:       0       0

ගමගේ Wednesday, 25 July 2012 09:42 AM

මටනම් පිස්සු වගේ (දී)

:       0       0

ප්‍රසාද් Wednesday, 25 July 2012 02:59 PM

පිස්සුනේ.....(ස)

:       0       0

සමීර Thursday, 26 July 2012 12:22 AM

මට හරි හිනා.......... (නි)

:       0       0

ප්‍රවීන් Wednesday, 25 July 2012 10:05 AM

මේ කතාව රස මදි......(ස)

:       0       0

ලලිත් Wednesday, 25 July 2012 03:28 PM

ප්‍රශ්නයක් නෑනේ ඉතිං. (නි)

:       0       0

ගාමිණි Friday, 27 July 2012 08:39 AM

ඉතිං කාටවත් හානියක් නැහැනේ...... (නි)

:       0       0

භාතිය Wednesday, 25 July 2012 10:59 AM

අනේ රසවත් කතාවක් දාන්නකෝ.....(ස)

:       0       0

රිෆ්ඩි Friday, 27 July 2012 09:28 AM

හෑමෝම කෙසෙල් කතා කියනවා. මේ ළමයා සනීප වුනාද ඉතිං? (නි)

:       0       0

මෙන්ඩිස් Sunday, 29 July 2012 08:12 AM

අනේ මට කිචි කවන්නකෝ පොඩ්ඩක් හිනා වෙන්න. (නි)

:       0       0

අශානි Wednesday, 25 July 2012 11:16 AM

අයියෝ ....ඒකවත් තේරෙන්නේ නැද්ද මේ මිනිස්සුන්ට..එයාගේ වත්තේ කෙසෙල්මනේ ආයේ එයාටම ගෙනත් දීලා තියෙන්නේ..........(ස)

:       0       0

ප්‍රදීප් Wednesday, 25 July 2012 04:43 PM

පිස්සු කතා. (නි)

:       0       0

ආශා Wednesday, 25 July 2012 11:44 AM

අනේ මන්දා.......(ස)

:       0       0

රුවන් Wednesday, 25 July 2012 11:47 AM

නොමිලේ බෙහෙත් දෙනවට සහ එන හැමෝටම සංග්‍රහ කරනවට මේ වෙද මහතාට ගොඩාක් පින්සිදු වේවා.....(ස)

:       0       0

ඩී.ඩී. හේමචන්ද්‍ර Saturday, 04 August 2012 07:16 PM

ලාබය වෙද මහත්තයාටයි.. ඒ කෙසෙල් ඇවරියෙන් තවත් කට්ටියකට සංග්‍රහ කරන්න හැකියිනේ..!!(නු)

:       0       0

ධර්මේ Monday, 30 July 2012 09:14 AM

තිහෙගාඩ උපසේන මහත්තයා බිස්කට් කොම්පැණියක හරි ලොකු බේකරියක හරි රස්සාවක්වත් කරනවද? (නි)

:       0       0

තුෂාන් Wednesday, 25 July 2012 12:19 PM

මේවා ඒ තරම් වටිනා දේවල්ද ? ඒ කාන්තාව ඒක කළේ සද්භාවයෙන් වෙන්න ඇති. වෙද මහත්මයා කෙසෙල් වවන බව කලින් දැනගෙන හිටියනම් වෙන මොනවා හරි අරගෙන යයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 376 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 970 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 677 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


අවංකකම පෙන්වන්න ගිහින් අම්බානට ගුටි කාලා
2025 අප්‍රේල් මස 07 879 2

විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.


ගිනි පෙට්ටියට ඩිස්කවුන්ට් ඉල්ලලා
2025 අප්‍රේල් මස 05 292 0

දකුණු ලක අග නගරයට සමීප ප්‍රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතාන


බේබදු සැමියාට බිරිදගෙන් තරු පෙනෙන පාඩමක්
2025 අප්‍රේල් මස 05 163 0

මෙය සබරගමුව පළාතේ බලංගොඩට නොදුරු එක්තරා ගම්මානයක සිදුවූ අපූරු සිදුවීමකි. හෙතෙම මේ එදිනෙදා කුලී රැකියාවේ සිටි අයෙකි. විවාහකව සිටි අතර දරුවෝ කිහිප දෙනෙ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 71 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 396 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 912 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site