(තිහගොඩ - උපසේන ලියනගම)
දකුණු පළාතේ ප‍්‍රධාන නගරයක ජනාකීර්ණ වීථියකි. ප‍්‍රධාන මාර්ගයේ කහ ඉරෙන් හැර වෙනත් තැන්වලින් පාර පනින මගීන් ගැන පසුගියදා සෝදිසියෙන් සිටි පොලිස් නිලධාරියකු එසේ නුසුදුසු තැනකින් පාර හරහා දිවගිය කෙනකු ‘‘විසිල්’’ ගසා තමා ළඟට කැඳවීය.
පොලිස් නිලධාරියා ළඟට ආ මගියා දුටුවේ මේ තම ඥාති අයියා කෙනකු බවය. ‘‘ ආ අයියෙ මම දැක්කේ නෑ. දැං මෙහේ පොලිසියෙද වැඩ කරන්නේ.’’ කියා ඇසුවේ සුහද ලෙස සිනාසී ගෙනය.
‘‘ඔව් මල්ලි’’ කී පොලිස් නිලධාරියා ඔහුට පසෙකට වන්නට සංඥා කොට මාර්ගයේ වූ බාධක ද පරීක්ෂා කර බලා යළි ඔහු වෙතට ආවේ සාක්කුවෙන් කුඩා නෝට් පොතක්ද රැගෙනය. ‘‘මල්ලි නෑකම වෙනයි රාජකාරිය වෙනයි. පාරේ තහනම් තැනකින් පැන්නට දඩ කොළයක් ලියන්න වෙනවා’’. කීමෙන් මල්ලිට තරු පෙනිණි. කිසිදු හිනාවක් නැති පොලිස් අයියාගෙන් දඩ කොළය ගත් මල්ලි ඉවතට ගියේ තමන්ටම මොනවාදෝ කොඳුරමින්ලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක පොලිස් නිලධාරියෙක් රියදුරු බලපත්‍රය පරික්ෂා කිරීම සදහා කාන්තාවක් පැදවූ මෝටර් රථයක් නතර කරනු ලැබුවා. කාන්තාව ඔහුට රියදුරු බලපත්‍රය පෙන්වූවා. පොලිස් නිලධාරියා "' මේකේ තියනවා ඔබ ඇස් කන්නාඩි පළදින බව ඔබ පැලද නැහැ "'කාන්තාව ඉංගිරිසියෙන් පිළිතුරු දෙමින් අයි හැව් අ කන්ටැක්(කන්ටැක් ලෙන්ස් )කියල කිව්වලු. මෙන්න පොලිස් නිලධාරියා කියනවලු මොන ඇමතිගේ කන්ටැක් තිබුනත් මම ගණන් ගන්නේ නැහැ මෙන්න දඩ කොලේ කියලා (නදී)
අපේ රටේ කහ ඉරි ඇඳලා තියෙන අවිධිමත් ක්‍රමවේදය දිහා බැලුවම නම් දඩය ගෙවලා කහ ඉරි නැති තැනකින් පාර මාරු වීම පහසුයි. (නදී)
මල්ලිගෙන් සල්ලි ගන්න බැරි නිසාද? (නදී)
පොලිසියේ මහතුන් අතර ඉතා අවංක හර්දය සක්ෂියට එකඟව රජකාරි කරන මහත්වරුද අපමනයි. සුළු පිරිසක් නිසා සම්පුර්ණ දෙපාර්තුමේන්තුවට දොස් කියන්න එපා. (අ)
ඕකනේ කියන්නෙ පොලිසියෙ නම් අම්මා තාත්තා වුණත් ශත 5කට විශ්වාස කරන්න එපා කියලා (නි)
නෑ කම සහ රාජකාරිය තේරුම් ගත් නිලධාරියෙක්. මෙතැනදී කුමාරිගේ අදහස් වලට මමත් එකඟ වෙමි....කව්රු කෙලෙස සිතුවත් තැනේ හැටියට ඇණේ ගැසූ දකුණේ පොලිස් නිලධාරියාට නීතිය ගරු කරන්නන්ගේ ප්‍රණාමය. (ස)
රාජකාරිය කරනකොට නෑකම් යාළුකම් බලන්න හොඳ නැහැ. ඔය වාගේ රාළහාමිලා තමා අපේ රටට ඕනෑ. (නි)
හිතට එකඟව දඩකොලය දුන්නා නම් අවංක නිලධාරියෙක් (නි)
පළාත් සභා මන්ත්‍රීවරයෙකුට මේ දේ කළා නම් ... (නි)
කලින් මල්ලි කියලා නොදැන වෙන්න ඇති මෙහෙම වුණේ (නි)
පොලිසියේ සමහරකගේ වැඩ නිසා හැමෝටම දොස් කියන්න එපා.හරි ේට හරි කියන්න පුරුදු වුණොත් හොඳයි කියලයි මට නම් හිතෙන්නේ. (නි)
අද ලංකාවේ ඔය විදිහට සාදාරනව වැඩ උනොත් වාස්ට වගේ හිර ගෙදර ලගින්න වෙනවා. නඩු දාපු කට්ටිය එකතු වෙලා තවත් තද කරාවී. (නදී)
පොලිසිය කරොත් කරන්නේ ඔයවගේ තුට්ටුදෙකේ වැඩ. (නදී)
බොහොම හොද වැඩක්. ගෙන්වපු පොලිස් බයිසිකල් වල ගාන හොයල දෙන්න ඕන නේ. (නදී)
පාර මාරු උන කෙනා " ලොකු මෝරෙක් නම්" කතාව ගොඩක් වෙනස් වෙන්න තිබුනා (නදී)
මෙහෙම නිලධාරීන් ඉන්න එක සතුටුයි (නදී)
ජන්තු ඉන්ස්පෙක්ටර් සහ මනුතාපයේ චරිත . (ස)
පොලිස් මහතාගේ වැඩේ හොඳයි, අපිට දුක වැරදි කරන පොලිටික්කන්ව අල්ලනේ නැති එක ගැනයි. (නදී)
ඇත්තම කිව්වොත් මම පොලිසියේ අයිය නම් මල්ලිට දඩ කොලයක් දෙන්නේ නෑ. මොකද මෙය ලොක්කෙක් හරි දේශපාලුවෙක්ට හරි දඩ කොළ දෙන්න යන්නේ නෑ. (නදී)
එ්ක කොහොම උනත් එළකිරි නිළධාරියෙක් (නදී)
පවුලේ ඥාතියෙක් හින්දා නේන්නම් භය නැතිව දඩ කොලය දුන්නේ. එහෙම නැතිව දඩ කොළ දීල බේරෙන්න පුළුවන් යුගයක්ද මේක ? (නදී)
නිලදාරියා රාජකාරිය අකුරට කිරීම ගැන සතුටුයි (නදී)
වරෙන්තු පිට ඉන්න කට්ටිය ප්‍රසිද්දියේ ඉඳිද්දී අල්ලන්න බැරි එකේ ඔහොම කට්ටියවත් අල්ලන්න ඕනනේ. (ස)
බොහොම හොඳයි. නෑකමට වඩා ලොකුයි ඕනෑකම. මල්ලි දැන් පාඩමක් ඉගන ගනියි, ඒක එයාට යහපතක්. අයියට ජය වේවා! මෙවැනි නිලදාරීන් රට තුල බිහි වේවා! (ස)
වැඩේ හොඳයි. හැමෝටම එහෙම කරන්න ඕනා. එ්ත් ලොක්කෝ හිටගෙන කරනකොට ඕවගෙන් වැඩක් තියෙයිද? (නදී)
මොකක් හරි පරණ තරහක් පිරි මහන්න ඇති. අපි නොදන්නා පොලිසියේ අවංකකම. අනේ මගේ කට (නදී)
නිතිය ක්‍රියාත්මක කරපු නිලදාරියා ගැන ආඩම්බරයි. ඇයි මේ දයා එක වරදවා හිතන්නේ? (නදී)
හැම අයියටම මෙහෙම අකුරටම රාජකාරි කරන්නේ බලාගෙන , ප්‍රසිද්ධ කොමිසමකින් නඩුව ක් වැටෙයි . (ස)
අයියගේ ලොකුකම මල්ලිට පෙන්නුවද (නදී)