(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
මරණය පෙනි පෙනී ඉතා අසාධ්‍ය තත්ත්වයේම සිටි සිය පුතු වාහනයක දමාගෙන ගොස් මිල මුදල්ද වියදම් කොට බෙහෙත් හේත් මිලදී ගෙන පුතුගේ ජීවිතය යළි ලබා දුන් තැනැත්තාගේ නිවස ඊළඟ දිනයේදී බිඳ ඔහු සතු වටිනා කැසට් රෙකෝඩරය සොරකම් කළ කම්බ හොරකු පිළිබඳව පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.
ඔහු රැකියාවක් නොකර කාගේ හෝ දෙයක් කඩා වඩාගෙන ජීවත්වන්නෙකි. සිය දරු පවුලද නඩත්තු කරන්නේ එසේය. ඔහුගේ යාබද නිවසේ සිටියේ යමක් කමක් ඇති අයෙකි. ඔහුට යාන වාහන මෙන්ම වතුපිටිද තිබේ. ඒ නිසා ඔහු කාටවත් අතනොපා නැති බැරි අයටද උදව් උපකාර කරගෙන ජීවත් වූවේය. යමක් කමක් ඇති ඔහු යාබදව වෙසෙන මේ අයටද නිතර නිතර උදව්පදව් කළේය. ඔහුගේ දරුවන්ට කෑම බීමද දුන්නේය. පාසල් යාමට අවශ්‍ය අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණද දරුවන්ට රැගෙන දුන්නේ වරක් දෙවරක් නොව කිහිප වරක්මය.
එදා නැති බැරි ඔහුගේ එක පුතෙකුට හොඳටම අසනීප වී සිහිසුන්ව සිටියේය. ඔහු කෑගැසුවේ ආධාර උපකාර ඉල්ලා සිය පුතා බේරදෙන ලෙසය. මේ ශබ්දය ඇසුණු අසල්වාසී යමක් කමක් ඇති තැනැත්තා සිය වාහනය රැගෙන විත් දරුවා එයට දමාගෙන විත් නගරයේ පෞද්ගලික රෝහලකට පෙන්නුවේ රජයේ රෝහලට යාමට තව බොහෝ දුරක් යාමට ඇති නිසාත් දරුවාගේ තත්ත්වය එන්න එන්නම නරක අතට හැරෙමින් තිබූ නිසාත්ය.
එම පෞද්ගලික රෝහලෙන් ලැබුණු ප්‍රතිකාර හා බෙහෙත්හේත් වලින් ඔහුගේ පුතාට පැය කිහිපයක් යන්නට මත්තෙන් සිහියවිත් යළි යථා තත්ත්වයට පත්වූවේය. රෝහල් බිල ගෙවා ගැනීමට අසල්වැසියාට වත්කමක් නැති බව දැනගත් ඔහු රුපියල් දහස් ගණනක බිලක් ගෙවා සිය වාහනයෙන් දරුවා යළි නිවසට ඇරලවා අසල්වාසියට ලොකු උපකාරයක් කළා යැයි කියන පින් සිතුවිල්ලෙන්ය.
සිය දරුවා වාහනයෙන් නැති බැරි කෙනා බස්සාගෙන ගියේ ඇති හැකි අසල්වැසියාට මුව නොසෑහෙන සේ ස්තූති කරමින්ය. ඔහු බොහෝ පින්පත් දෙමින්ය.
මේ සිදුවීමට පසුදා ඇති හැකි අසල්වැසියා නිවසේ දොරගුළු දමා නිවසින් එළියට ගියේ අවශ්‍යතාවකටය. ඔහු යළි නිවසට එන විට නිවසේ සාලයේ තිබූ වටිනා කැසට් රෙකෝඩරය අතුරුදන් වී තිබිණ. නිවසේ ජනේලයක් කඩා නිවසට ඇතුලු වූ සොරකු මේ කැසට් රොකෝඩරය රැගෙන ගොස් තිබුණි. සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිළි කළේය.
පොලිසිය අසල්වාසී කම්බ හොරා මේ සොරකම කරන්නට ඇතැයි එම නිවැසියාට කී විට ඔහු එය කොහෙත්ම පිළිගත්තේ නැහැ. පිස්සුද මම නිතරම මිනිහට උදව් කරනවානේ. ඊයේත් මිනිහගේ පුතාගේ ජීවිතය ගොඩ දැම්මේ මමනේ. කීයටවත් මිනිහ නම් මේ හොරකම කරන්නේ නැහැ යැයි ඔහු පොලිසියට කීවේය.
පොලිසිය ඔහුගේ නිවසට සොරා ඇතුළු වූ ජනේලය වෙතට පිය නැගුවේය. ඒ අවට පොලිසියට හුරුපුරුදු අඩි පහරවල් බිම දක්නට ලැබුණේය. ඒ ඔහුගේ යාබද නිවසේ වෙසෙන කම්බ හොරාගේය. ඔහු ගෙනවිත් අඩි පහරවල් සැසඳුවේ එය සැකහැර දැනගන්නටය. පොලිසියේ සැකය හරි ගියේ කම්බ හොරාට වැදුණු කණේ පාරවල් දෙක තුනක් සමගම ඔහු ඇත්ත ඇති සැටියෙන් වැමෑරු නිසාය.
අනේ අනේ මමත් මෙතෙක් කලක් උදව් කරලා තියෙන්නේ අවජාතකයෙකුටනේ. ඔහු මුමුණන විට කම්බ හොරා බිම බලාගෙන සිටියේ ඔහු පොලිසිය කුදලාගෙන යන තෙක්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන බොහොම දෙනෙකුට නම් තමන්ගේ ජාන ප්‍රශ්නය සාධාරණීකරනය කරගන්න පුළුවන්වෙලා තියෙනවා. එතකොට උදව් කරපු මහත්තයට අැයි ඔය ජානම නැත්තේ? මේකට කියන්නේ ජාන නෙමෙයි මොළේ නැතිකම. භද්‍රානි නම් ජිවිතේට මිනිසෙකුට උදව්වක් කරන කෙනෙක් නොවන බව පේනවා. (නි)
ඔය පැත්තේ අයගේ හැටි ඔහොම තමයි (නි)
මිනිස් ලොව සිටින්නේ සත්පුරුෂ හා අසත්පුරුෂ නමින් මිනිස් කොටස් දෙකකි. උතුරේද දකුණේද කියා හෝ දේශීයද විදේශීයද කියා නොවේ. (නි)
රොෂාන්, ඔබට වැටහුනා කාරණය. සමහරවිට "අජිත්" කියා ලිවුවේ මගෙන් සල්ලි ගත් කෙනා වෙන්නත් පුලුවන්. මම ඒක පෙන්වා දුන්නේ අපේ අනික් අයට බේරෙන්න ඕනෑ නිසා. මට වුණ දේ වුණා. නමුත් තව කෙනෙක් ආරක්‍ෂා වෙනවා නම් මා සතුටු වෙනවා. (නි)
අජිත්ට ඇත්ත ඇහෙද්දී ලැජ්ජයි නේද? ලැජ්ජා බය වැඩිකමටම කරන්නෙම ඔය වගේ වැඩ කියලා මුළු රටම දන්නවා. (නි)
රෝහිනී, ගාල්ලේද කොළොඹද උතුරේද කියන එක නෙමේ ප්‍රස්නේ. මොකද කොහෙත් ඉන්නවා හොද නරක මිනිස්සු. අන්න එක තේරුම් ගන්න ඔයා පළමුව ඔය වගේ අදහස් දමන්නේ නැතිව. (ර)
මමත් ඔය වගේම දෙකට මුහුණ දුන්නා මෙහෙ හිටියා රියදුරු මහතෙක් පිළියන්දල පැත්තේ ඔහුට විසා ඉවර වෙලා මෙහෙ ඉන්න බැරුව ලංකාවට යවන්න ඉන්න වෙලාවේ ලිපි ලේඛන හදාගන්න ආ කාලය තුල ඉන්න මුදලින් එහෙම උදව්කලා අපරාදේ කියන්න බෑ එය ලංකාවට ගිහින් ආපසු මට කතා කරලා ස්තුති කලා ටික දවසකට පස්සේ අයෙත් රට යන්න කියා මගෙන් මුදල් ඉල්ලුවා ආපසු දෙන පොරොන්දුව පිට මම ඒ උදව්වත් කලා දැන් ඉන්නවද දන්නෙවත් නෑ නිහඬයි. (ර)
මෙහෙත් ඉන්නවා ඔය වගේ කට්ටියක්. (ර)
ඔය ගාල්ල පැත්තේ හිටපු අධ්‍යාපන ඇමතිතුමාගේ ගෙදරට යනපාරේ (රිචඩ් පතිරණ) ඉන්නවා ඉතාලියේ ඉඳන් ආපු කෙනෙක්.ඔහුට ඉතාලියේම ඉන්න කෙනෙක් විශාල උපකාරයක් කළා මුදලින් ඔහුගේ බෝට්ටුවට දැල් ගන්න. ඒක ඒ මනුස්සයා දුන්නේ ඉතාලි බැංකුවකින් ණයක් අරන්.අද ඒ උපකාරයට ඒ මනුස්සයා ණය ටික ගෙවන්නේ නැහැ. එය හුඟල් කාලයකට කලින් අනතුරක් වුනා කතරගම ගිහින් එන විට.ඒ ගැන සලකලාත් තමයි මේ මනුස්සයාට උපකාර කළේ. ඔය පැතිවල අයට කිසි උපකාරයක් නොකළ යුතුයි. (බ)
දැන් මේ වගේ දේවල් වෙද්දි කොහොමද කාට හරි උදව් කරන්නේ.(හේ)
ඇත්තෙන්ම මම දකුණේ. මිනිස්සු ඔහොම තමයි. හරිම පුදුම මිනිස්සු, මම ජපානේ ඉන්න කාලේ දකුණේ කියන පුද්ගලයෝ ගණනාවකට ගොඩක් උදවු කළා. අවසානෙදි ඔවුන් මට කළේ ඔය ටිකමයි. (නි)
අනුන්ගේ ජාන ගැන ලතැවෙමින් ලියා තිබෙන අශෝකා, තමන්ගේ ජාන කොයිවගේද කියලා ඔය යසඅගේට පැහැදිලි කරලා තියෙන්නේ (නි)
මෙහෙමත් මිනිස්සු නේද? මුලින්ම කරන්නේ කන්න දීපු අත හපාකන එකනේ. මම හිතන්නේ අපේ ජාන වලම තියෙන දෝෂයක් මේක (නි)
තමන් කරන හොඳ දේවල් වල හරි නරක දේවල් වල හරි ප්‍රතිඵල තමන්ටම තමා. (නි)
මේ කතාවත් දකුණු පළාතේම නේද? හුරතලයට නැටුවාට මොවුන් කොයි මොහොතක හරි දෂ්ඨ කරනවා. (නි)
මේවා මොනවද? රටේම ලක්ෂ 62 ටක් පසුගිය රජය කළේ ඔයටික තමයි. (නි)
ඔබ නිවැරදියි පිටබැද්දර ජයා. ඕක ජාන වලින්ම එන දෙයක් තමයි. "අනුකම්පාව, භූමිකම්පාවට හැරෙන්නේ" ඔය වගේ අමනුස්සයින්ට උදව් කරන්න ගියාම තමයි. මම නම් "අහක යන නයි ඔඩොක්කුවේ දා ගන්නේ" නැහැ කවදාවත්. (නි)
ලංකාවේ මිනිසුන්ගේ ක්‍රියාවන් දැන් නම් බින්දුවෙනුත් පහළට වැටිලා තියෙන්නේ. සෝමාලියාවේ මිනිසුන් වගේ. හොඳ මිනිසුනුත් නරක ගොඩට බලෙන්ම තල්ලු කරන සුළු පහත් මානසිකත්වයකින්, අද ගැන පමණක්ම සිතා බඩ ගැන පමණක් වෙහෙන මිනිසුන් වෙසෙනවා යැයි සිතෙනකොට මගේ මවුබිමේ මිනිසුන් ගැන හරිම කළකිරීමක් ඇතිවෙන්නේ (නි)
කාටත් මේ වගේ දේවල් හොද පාඩම්.(හේ)
මිනිස්සුන්ට උදව් කරන්න බැරි ඔය වගේ දේවල් කරන නිසයි.(හේ)
මේ වගේ මිනිස්සු ඉන්නවා දැන් හැම තැනම.(හේ)
සිංහල ජාතියේම හැටි ඔහොම තමයි. කන්න දීපු අත හපාකනවා (නි)
අපේ හිටපු ජනාධිපතිටත් වුණේ මේ වගේ දෙයක් තමයි. විපතින් ගළවා, රටත් සංවර්ධනය කළපසු ඒ මිනිස්සුම ඔහුව පන්නා දමා වෙන අය වැළඳ ගත්තා. (නි)