එදා සිකුරාදා දිනයකි. කාර්යාලයට පැමිණි කළමනාකාර මහතා සේවකයකු අමතා ”ප‍්‍රියන්ත” (අන්වර්ථ නාමයකි) හෙට කාවහරි දාලා ඔෆිස් එක වටේ ශුද්ධ කරලා දාන්න. ඩෙංගුවලට චෙක් කරන්න ආවොත් ප‍්‍රශ්න ඇතිවෙයි” යැයි පැවසීය.
මිදුලට පැමිණි සේවකයා උභතෝකෝටික ප‍්‍රශ්නයකට මැදිවිය. හේතුව සෙනසුරාදා චිත‍්‍රපටයක් නැරඹීමට තම පෙම්වතියට පොරොන්දු වීමය. අයෙක් යොදවා කාර්යාලය අවට පිරිසුදු කිරීමට සිදුවුවහොත් චිත‍්‍රපටය බැලීමට නොහැකි වන බව ඔහුට සක්සුදක් සේ පැහැදිලිය. සේවය නිමාවී මිතුරන් හමුවූ හෙතෙම තම ගැටලූව ඔවුනට ඉදිරිපත් කළේය. මිතුරෝ ඔහුගේ ගැටලූවට මැදිහත් වී පසුදා උදේ කාර්යාලයට ගොස් වරුවෙන් වැඩ හමාර කළහ. පෙම්වතිය මුණගැසුණු සේවකයා ඇය සමග සිනමා ශාලාවට ගොස්, ප‍්‍රවේශපත‍්‍ර මිලදී ගැනීම සඳහා පෝලිමේ සිටින්නට විය. මේ අතර කාර්යාලයේ කළමනාකාර මහතා තම වාහනයෙන් සුපිරි වෙළෙඳසලකට පැමිණ භාණ්ඩ මිලදී ගෙන යන අතර සිනමා ශාලාවේ පෝලිම දෙස බැල්මක් හෙළීය. තම සේවකයා තරුණියක් සමග පෝලිමේ සිටිනු දුටු ඔහු මවිතයට පත්විය. තම වාහනය සේවක මහතා හඳුනන බැවින් එය ඉදිරියට ධාවනය කරවූ කළමනාකරු, සේවකයාට නොපෙනෙන තැනක එය නවත්වා දුරකතන ඇමතුමක් දී ”ආ ප‍්‍රියන්ත කොහෙද ඉන්නේ” යැයි ඇසීය. ”සර් මම ඔෆිස් එකට ඇවිත් කෙනෙක්ව දම්මලා ශුද්ධ කරවනවා” ඔහු පැවසීය. වැඩ ටික හොඳට කෙරෙනවා ද?” කළමනාකරු විමසීය.
”ඔව් ඔව් සර් වැඬේ නියමෙට කෙරෙනවා” ඔහු කීය. කීය. සඳුදා පැමිණි කළමනාකරු, කාර්යාල මිදුලේ තණකොළ උදළු ගා කාණු ද පිරිසිදු කොට තිබෙනු දැක විශ්මයට පත්විය. තමා පෙර දින සිනමා ශාලාව අසල දුටුවේ කවුදැයි තවම ඔහුට අබිරහසකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මයානි ගන්න පුළුවන් කිව්වට ගත්තේ නැහැ. හයර් එකට ගන්ඩවත් වටින්නේ නැහැ. හැකර කටවල්. (ස)
නුඹේ පෙමට අකුල් හෙලා නෑ අපි නුඹ රිදවන්නේ...... නුඹේ සිතට ගිනි දීලා නෑ අපි නුඹ රිදවන්නේ හඬවන්නේ නැගනියනේ සමදරා නැගනියනේ..... (නි)
එල්ලුම් ගහේ කොළ මලවන්න බෑ පනේ... කටු ඉබුලෙත් කටුලු... මේ දවස්වල පෝලිමලු... (දී)
ටක් ගානවා ,ටික ගානවා ,ටිකක් කනවා ,දොර අරිනවා ,පෙත්තා හරි හිමින් ලොකු අක්කට කිට්ටු වෙනවා // (නි)
ඉහත 13:44:58 මගේ නොවේ (නි)
නිතර අදහස් දමන අයගේ නමින් වෙන අය අදහස් දැමීමෙන් වළකින ලෙස ගෞරවයෙන් ඉල්ලමි (නි)
ටක් ගානවා ටීක් ගානවා,පෙත්ත අනේ..... බුලත් කනවා,කෙලගහනවා.... ශාන්තියේ කතන්දරේ කියන්නෙපෝ.. (නි)
මරු වැඩේ (අ)
සමදරට පුදුම ඉල්ලුමක්නේ තියෙන්නේ . (අ)
තිස්ස අයියේ ඒ අයයට කොහොමත් ගැනුම් කරුවෝ ඉන්නවා නේද (අ)
යහපත් ගතිගුණ තියන සුන්දර කාන්තාවක් කරකාර ගන්න කව්ද අකමැති නන්ගියේ (ස)
මේවගේ අයව ස්ථිරව මිලදී ගන්න වෙනවා අර ලිඳ ලඟ සංගමේ අයනම් හයර් එකට ගන්න පුළුවන් (අ)
මෙයාත් මාර වැඩ තමයි කරන්නේ (අ)
කටා මාමේ, කට තිබුනට වක්කඩක් වගේ කට හැකර කතා කියන්න එපා. (නි)
යම් පිරිසක් ඉලක්ක කර ගෙන තිස්ස මහතා කර ඇති ප්‍රකාශය තරයේ හෙලා දකිමු. (ස)
මොකද මේ ලංකාදීප පාඨකයන්ට දිසා, චන්ඩි, නිලූ පෙන්නන්ඩ බැරි. මොකද්ද ඒගොල්ලෝ ඕගොල්ලන්ට කරපු වැරැද්ද ? (ස)
දෙයියෝ සාක්කි...මොකක් ද වරද? හොඳට නරකට දෙකට කටමය මස්සිනේ.. (ස)
තිස්ස කියන පුද්ගලයාගේ අදහස හෙළ දකින අතර ..දිනිති ඒකට හේතුව නුගත්කම සහ ඉරිසියාව. (ස)
ගැහැනුන්ට අපහස කරන ඔහෙලා වගේ පිරිමි නියම පිරිමි නෙමෙයි තිස්ස මහත්තයෝ. තමන්ගේ අම්මට, බිරිඳට, දූවරුන්ට කරන්නෙත් අපහාසයක්. එයාලව මතක් වෙන්නේ නැද්ද? එතකොට එයාලත් ඔහේ කියන පන්තියටද වැටෙන්නේ. (ස)
තිස්ස යනු වෙනත් කෙනෙක් මගේ නමින් දමා ඇති අදහසක්ය. (ස)
මෙන්න දිසානායකත් හෙලා දැකලා. මගේ බඩ රිදෙනවා හිනා වෙලා. (ස)
ලංකාදීප පාඨක පිරිස අතර මේ කට්ටිය අප්‍රසාදයට පත් වීමට ප්‍රධාන හේතු.ව වෙන අයගේ නම් වලින් අදහස් දැමීම හා කාන්තාවන්ට අපහස කිරීමයි. (ස)
දිනිති., ගොඩක් දෙනා දැන් මෙතන අදහස් ලියන්නේ අපහාසෙට, එයාලගේ වැරදි වහ ගන්න අනෙක් අයට දොස් කියනවා. කවුරු මට අපහාසෙට මොන දේ කිවත් කමක් නැහැ. මම දන්නවා මම කවුද කියල ඉතින් ඔය හයර් වලට ගනිපු කට්ටිය හිතන් ඇති හරි කෙරුමෝ කියා, අර අහවලා වගේ නෙවෙයි මම, විහිළුව නම් විහිළුව නේද නංගෝ, කුමටද අපහාස මෙතන ලියන ගැහැනුත් (සමහරක් දෙනෙක් ) නිකම් නෙලුම් මලින් ඉපදිලා වගේනෙ කතාව හනේ හනිච්චන් ..., (ස)
අනේ මන්දා.. (ස)
අනේ! මේ කවුද ලෙඩෙක් මගේ නමින් අදහසක් දාල දැනුයි දැක්කේ. මේ කොන්දක් හිමි නැති මානසික රෝගියාට ඉක්මන් සුවය පාර්ථනා කරමි! (අ)
කුසුම් පිපි තුරුමතේ ....කුසුම නටයි දස අතේ .....කෝකිල කූජනය ඇසෙයි ලියගොමු අතරේ....කුසුම නටන්නේ.... (දී)
මැඩම්ගේ සපත්තුවේ සද්දෙන්ම දන්නවා මේ මොන වයසේ මැඩම් ද කියලා.ආච්චි මැඩම්, අක්ක මැඩම්, නංගි මැඩම්. ටකස්.ටුක් ටුක්..ටුකුස්.ටුකුස්.කුස්.කුස් ... (ස)
මෙතන සමදරා සහ කටා කියන අය ඉවත් වුණා නම් මොන තරම් ලස්සනද අනේ? (නි)
කිත්සිරි,තාරක,ඔයාලා කියන දේ හරි වෙන්න ඇති.මට ඊයේ වැඩ අඩු වුණා. ඉතින් මං ලිවුවා.ඇයි ඉතින් ඒක වරදක්ද? ඔයාලට ඕනෑ දෙයක් ලියන්න. ඒත් අපේ දරුවෝ මේවට ගාවගන්න එපා. මං මගේ දරුවන්ගේ වගකීම් තනිවම කරට අරන් ලොකු ජිවිත සටනක් කරන නිර්භීත මවක්.ලියන අයට ලියන්න දෙන්න මැසිවිලි නගන්න එපා බොරුවට. හොදද තාරක, කිත්සිරි සොයුරනේ ...!!! (නි)
මේ කට්ටිය ඇයි මේ මා එක්ක ඔච්චර තරහ. ලියපු වාර ගණනට වඩා වටින්නේ ලියන දෙයින් කෙනෙකුගේ හිත සතුටු වෙනවද..? හිත රිදෙනවද...?කියන එකයි ,අනේ මන්ද, ඇදකුදමයි හොයන්නේ (ලෝකය විෂමයි-විවිදයි..) (ස)
පෙත්තා, පෙටි, සමදරා, මට පෙන විදියට තුන් දෙනාම ලියන්නේ එකම පෑනකින්. (ස)
කටා මාමා 2013-11-12 03:47:45 , කටා ,මම කාගෙවත් අත කොලුවක් නොවෙයි මම මමම තමයි! මම එදත් වැරදී අයට බනිනවා අදත් බනිනවා! කටා වගේ නම් 2 -3කින් අදහස් දානෙත් නෑ. (ස)
ඔබේ "සිතුවිලි" හොඳින් තබා ගන්න. මන්ද සිතුවිලි "වචන" බවට පත්වේ, .......ඔබේ වචන හොඳින් තබා ගන්න, මන්ද වචන "හැසිරීම" බවට පත්වේ......ඔබේ හැසිරීම හොඳින් තබා ගන්න, මන්ද හැසිරීම "පුරුදු" බවට පත්වේ......ඔබේ පුරුදු හොඳින් තබා ගන්න, මන්ද පුරුදු "ගුණාංග" බවට පත්වේ..... ඔබේ ගුණාංග හොඳින් තබා ගන්න, මන්ද ගුණාංග "දෛවය" බවට පත්වේ...... (ස)
සමදරා පල කරන්න තරම් වැදගත්කමක් තියෙන දෙයක් ලියන්න! එවිට එය එසේම පළ කරයි! මෙහි තාරක මහතා සදහන් කර ඇති පරිදි කාන්තාවක් වශයෙන් ඔය මහත්මියට කරන්න වෙන කිසිම වැඩක් නැතිද? කරන්න වෙන කිසිම වැඩක් නැති නම් එන්න අපේ ගෙදර. මගේ පොඩි දරුවෝ දෙන්නෙක් ඉන්නවා බලාගන්න! මාසයකට 15.000/= දෙන්නම්! ලැප්ටොප් 1ක් දෙන්නම්! හැබැයි පාවිච්චිය රාත්‍රියට පමණයි! (ස)
බල්ලෝ බිරුවට කදු පහත වෙන්නේ නැහෙනේ. කවුරු මොනා කීවත් මෙතැන රස සාගරයක්. තව ලියන්ඩ අපව දාල යන්නෙපා හොඳඳ? අපි එතකොට තනි වෙනවා. (ස)
ප්‍රමාණය එක වගේ වුනාට මුදලේ වටිනාකම එකිනෙක වෙනස්. රට රටවල කාසි අතට ගත්තාම මොන රටේද කියන්න පුළුවන් සලකුණු තියෙනවා හදුනා ගන්න. හරි සරලයි.. එක වගේ කාසි එකවිට උඩ දාන්නේ කවුද බලන්න... වැටෙන කොට හඩින්ම කියන්න පුළුවන් රටේ සද්දේ ... (ස)
09:06:45 නියම අර්ථයක් ඇති වටිනා අදහසක් . ස්තුතියි,නිවාඩුවක් ලැබෙන හැම විනාඩියේම,එසැනට ගොඩවීම දැන් මගේ ප්‍රියතම විනොදාන්ශයයි,හැකි හැම වෙලාවකම ලියන්නම් හචිකෝ....!!(නදී)
කටා මාමා කියන දේ හරි චන්දි 2013-11-12 08:56:41;නුගේගොඩ 2013-11-12 08:58:47;නාමල් 2013-11-12 09:09:17;හචිකෝ 2013-11-12 09:09:34 ඔක්කොම විනාඩි දෙකෙන් දෙකට දාල තියෙන්නේ ඒ කියන්න මේ වෙන නම් වලින් දාන කෙනා චන්ඩි. එයාම ලියා ගන්නවා එයා ලියන එක හොදයි කියලා (නදී)
පෙත්තා, පෙටි, සමදරා, මට පෙන විදියට තුන් දෙනාම ලියන්නේ එකම පෑනකින්.හැබෑව නේන්නම්..මේ මාමායි අක්කයි නංගියි නේ...පෑන (ස)
ඔය තාරක කියන පුද්ගලයට කියන්න ඕනෑ නිකමෙක් නෙමෙයි මම කියලා. මම රටට කරන්න ඕනෑ සේවය කරලා ඉවරයි. දැනුත් යමක් කරනවා.හොදට අතපය වෙහෙසලා වැඩ කරන්න පුරුදු වෙන්න.නිකමෙක් වගේ ඉදලා අනුන්ට ඊර්ෂ්‍යා කරන්නේ නැතුව. අපි මේ තැන් වලට ඇවිල්ල තියෙන්නේ අවුරුදු ගානක් කරපු මහන්සියේ ප්‍රතිපලයක් ලෙස (නි)
බලනා විටදී කීම එළියක් අද මේ තීරුවට. පෙනුනා චන්දි නම පෙර සේ ලේල දෙනවා ලස්සනට. දැනුන සතුට එය අකුරින් ලිය නොහැකි මට. සැමදා පුන් සදයි නුබ ඒ සැන පිටු අතරට. (2) සිතුවත් යමෙක් රිදවන්න අප සිත් පටු ලෙසට.නොහැකිය බිදෙන්නට හස්තියනේ බල දුදනන්ට.තබනා අඩිය ඉදිරියට මිස නොතබමි ආපසු අතට.මිතු දම අපේ දැඩියි බැහැ අයෙකුට එය වනසන්න. (ස)
පෙනුනනම නිලූ නංගිගේ නම එසැන තුලින්.,මුහුණට මගේ ආව නොව සිනහවක් සැනින්..,ස්තුතියි නගෝ , පිට විය මගේ මුවින්..,එසැනට නැවත ලියනව මතු නොයන ලෙසින්..,2) ගල් මුල් එනවා නංගියේ මට හෝ ගාලා. එනමුත් සිටිමි ඒ සැම දේ ඉවසාලා., ලස්සන වදන් කවියක් ලෙස ගලපාලා.., ලියලා නිවා ගමි වෙහෙස දුක් සිත සනසාලා...!!! (ස)
කිසිම ආතල් එකක් නෑ.පරණ සුප් එකම තමා...බීපන් අයියේ.. (ස)
බෝයින් ගුවන් යානා හැම තැනින් පෙනේ - ගෑරුප්පුවෙන් පොඩි පුතු බත් කනවා පෙනේ- සමහරු පුරුදු හණමිටි කර තබා ගෙනේ - පාරේ ගොනුන් බරබාගය අදිනු පෙනේ (ස)
ගල් මුල් ආවට නැහැ අපි බය වෙන්නේ......දුදනන් බසට නැහැ අපි රැවටෙන්නේ ....අපේ කෙල්ලෝ ටික හොඳටම හිනැහෙන්නේ ....ඔබත් සමඟ මම එසැනින් බබළන්නේ. (ස)
සමදරා පෙත්තගේ නම්, පෙත්ත සමදරාගේ නම්, කාටවත් ඇයි වේදනා...! කාටවත් ඇයි වේදනා...! (නදී)
කසාද හත අටක් එක එක පලාත්වල කරගෙන දරු මල්ලොත් දුසිම් ගානක් හදකොට හොර තක්කඩින්ට යසට අහුවෙන මෝඩ ගෑනුත් ඉන්න මේ සිරිලක අපිනම් වෙයි පුදුම.(නදී)
සමදරා දැනුයි තිරිහන් වෙන්න හදන්නේ (නි)
රන් කූඩුවේ දමලා රස ආහාර කවලා- ඇති කරන්න ගත්ත සමදරා ගිරවී... අතාරින්න කියලා ඇයි කියන්න ඔහෙලා ,හිතුවද ඇය දාල යයි කියාලා... (නි)
පෙම් කළ වරදට මට වද දෙන්නේ ...පෙම් කළ සිතකින් නොවන නිසා.... කටා මාමේ මට සමාව දෙනු මැන , ආදරයේ සුව දැනුන දිනේ....!!! (නි)
තිස්ස පුතා එල්ලුම් ගහේ කොළ හොයනවා මැල්ලුම් කන්න (නි)
අයියෝ ඕක මොකක්ද සර්ගේ වැඩෙත් කෙරිලා, ප්‍රියන්තගේ වැඩෙත් හරි. (ස)
ඔබෙත් මගෙත් දරුවන්ගෙත් ජීවිතය....ඩෙංගු නිසා සැනෙකින් නැවතිය හැකිය....බෝවෙන තැන් සොයා අප වට පරිසරය.....පිරිසිදු කරමු නැසුමට මේ මාරකය.. (ස)
ඩෙංගු ගැන මතක් කරන විට මම බොරැල්ල කනත්තේදී මගේ හිතවතකුගේ අවසාන මොහොතට සහබාගි වී සිටියා .ඒ දිනම එම මොහෙතම පුංචි දියණිකගේ අවමංගල කටයුත්තකුත් තිබුණා. ඇය මිය ගොස් තිබුනේ ඩෙංගු නිසා ...එදින මවගේ සහ පියාගේ වේදනාබර අදහස් දැනටත් මගේ දෙසවන් වලට ඇහෙනවා වගේ දැනෙනවා...දේහය මිහිදන් කරන විට මව අනිත් අයගෙන් මිදී දරුවාගේ වලට පැන්නා .මහත් පරිශ්‍රමයකින් නැවත මව ගොඩගනු ලැබුවා ..මේ මතකය නිසා ඩෙංගු රෝගය මැඩපවත් වන්න මට පුළුවන් උපරිමය ලංකාවේ ඉන්නකොට මම කලා. (ස)
හැමදාම වැඩ කරන්න පුළුවන් ද ? අඩු ගානේ සෙනසුරාදට වත් පොඩි සොමියක් තියෙන්න එපාය. වැඩ දෙකම කෙරුණා නේ. ඩෙංගු වලිනිත් චෙක් නොවී බේරුනා. (ස)
චිත්‍රපටයේ අතරමැද විරාමයේදී අයිස් ක්‍රීම්, සිසිල් බීම රැගෙන එන වෙළෙන්ඳන් පෙන්වමින් පෙම්වතිය මොනවහරි ගමු යයි පෙම්වතාට ඇවිටිලි කලාය. මඟ වියදම් හැරුණු කොට යාන්තම් ප්ලේන්ටියක රස බැලීමට පමණක් මුදල් තමන් සතු බව දත් පෙම්වතා සෙමින් මෙසේ කීය. 'අද මට ටිකක් හිසරදේ වගේ..අපි යන ගමන් උණු මොනවහරි බොමු'. ......ආපසු එන අතර කුඩා හෝටලයකට ගොඩ වැදුණු දෙන්නා, පෙම්වතියගේ ඉල්ලීම මත එක ප්ලේන්ටියක් ගෙන රස වින්දෝය..'ඔයා දන්නවද, මේ ලෝකේ තියෙන රසම කෑමටත් වඩා, අපි දෙන්න එකට බොන මේ ප්ලේන්ටිය මට ගොඩක් රසයි' පෙම්වතාගේ සිත වටහා ගත් පෙම්වතිය ඔහුගේ අත සෙමින් අල්ලමින් කීවාය.. (ස)
මල්ලි ඔයා තව අවුරුදු 10 කින් ගොඩ යනවා සිකුරුයි. (ස)
ඔන්න එක දවසක් අපේ දිසා වැවේ නා නා ඉන්නවලු. ඔන්න ඔය වෙලාවේම රූපවතී අක්කත් කාට හරි කියල පිටත් අතුල්ලගෙන දියබුන් පාරක් එහෙම ගහල නාගන්න ඕනේ කියල වැවට ගියාලු. ඒ දවස්වල රූපවතී අක්ක ගම පුරාම හරිම ප්‍රසිද්දයිලු "පරචිත්ත විජාණන ඣාණය" ගැන කියන්න . ඈතින් රූපවතී අක්ක එනවා දැක්ක දිසා අදනම් මම රූපට කියන්න අමාරු දෙයක් හිතාගෙන හොදට බයිට් කරනවා කියල සරමත් ඇදගෙන ගොඩට ගිහින් දෙන්නම් වැඩක් කියල හිතලා,සරම ගන්න බලද්දි සරම නෑලු.මලා. ඉතින් මොකක්ද කරන්නෙ. රූපත් දැන් ලග ලගම එනවලු. ඉතින් සරම දිය යටවත් තියනවද කියල අත ගාල බලනකොට නිකම් බේසමක් වගෙ 1ක් අහු උනාලු. දිසා ඉක්මනට බේසමත් අරගෙන අහවල් ස්ථානෙත් වහගෙන ගොඩට ඇවිත්රූපක්කගෙන් මෙන්න මෙහෙම ඇහුවලු."ඇත්තටම රූපෝ.., අනුන්ගෙ හිත් කියවන්නපුලුවන් නම්, හා කියමු බලන්න දැන් මගෙ හිතේ මොනවද දැන් තියෙන්නෙ කියල...කියල ඇහුවලු නිකන් කින්ඩියට වගේ ."ඉතින් රූපක්කත් හොද හිනාවක් එහෙම දාල කිව්වලු මෙහෙම " මේ දිසා ගොයියෝ දැන් ඔහේ හිතාගෙන, ඉන්නෙ ඔය බේසමට අඩියක් තියනව කියල නේද? ..දිසා ආපහු වැවට පැන්නලු.(නදී)
කමක් නෑ ඉතින් දෙපැත්තම සමානයිනෙ.ඕව මහා දේවලුත් නෙමෙයි ඉතින්.මට කියන්න දෙයක් නෑ මේ ගැන. (ස)
නියම සේවකයෙක්. තමාගේ රාජකාරිය අකුරටම ඉටුකර ඇත..!! දෙදෙනාටම (කළමනා කරුටත්-පෙම්වතියටත්) බොරු කර නැත. රැකියාවත්,පෙම්වතියත් ඔහු රැක ගත්තේය .., ඔබට සුබ අනාගතයක් වේවා.......!!!!! (ස)
සහන් බණ්ඩාර, ඔයිට සමාන සත්‍ය කතාවක් තියනවා මගේ ලග. දවසක් යාළුවත් එයාගේ පෙම්වතියත් සමඟ චිත්‍රපටයක් බලල එලියට අවලු. අතේ සල්ලි තියෙන්නේ ගෙදර යන්න විතරමලු. ඒත් නිකමට වගේ පෙම්වතියගෙන් ඇහුවලු මොනවද බොන්නේ කියලා. පෙම්වතිය කිවුවලු " ඔය කැමති දෙයක්" කියලා. එහෙනම් වතුර එකක් බිල යමු කියලා ලගම තිබුණු හොටෙලේ පයිප්පෙන් ඇල්වතුර දෙක බිල ගෙදර ගියාලු. මෙය සිදුවුයේ 90 දසකයේ මුල. අදටත් ඔහු මෙය මතක් කරන්නේ "ඒ කාලේ හරිම ජොලි මචෝ' කියලා. (ස)
මට අපේ කාලේ මතක් වුනා.අපේ අම්මල අපිව මල් වගේ බලාගතේ.අපිත් හරිම ලැජ්ජා බයට හැදුනේ.කොහොම වුනත් කොල්ලො කාලේ ඕව කලට කමක් නැහැ.දැන් කාලේ වෙනස් නිසා. (ස)
ඔය කතාව ටිකක වෙනස්ය. ඔන්න ප්‍රියන්ත පෙම්වතිය සමග චිත්‍රපටය බලන්න ගියේය. විවේකයේදී පෙම්වතියට අයිස්ක්‍රීම් එකක් අරන් දෙන්නට යන්නට නැගිට්ට විට කළමනා කරු ඔෆිස් එකේ සමන්ති සමඟ පිටුපස පේලියේ වාදී වී සිටිනු දුටුවේය. කළමනාකරුට ප්‍රියන්තගේ නෙත් මගහැරීමට නොහැකි විය. සමන්ති ලජ්ජාවෙන් ඇඹරෙන්නට විය. " ආ තමුසෙත් මෙහෙද? ...අර වැඩේ කොහොමද?" "හරි සර් එක්ව ඔක්කොම හරි. යාළුවො කරගෙන යනවා මම මේ දැන් කෝල් එකක් දීලත් බැලුව". "තමුසේ යකෙක්නේ ඔයි! කමක් නෑ.. කමක් නෑ ..මේක කාටවත් කියන්න හෙම එපා... ආ මේ අපටත් එක්ක අයිස් චෝක් දෙකක් අරන් එනවා. තමුසෙත් ඕනේ දෙයක් ගන්නවා කියා මොණර කොලයක්ම දුන්නේය. (ස)
කේ.එච්.ආර්.කේ. දිසානායක ඔබේ ප්‍රතිචාරය නියමයි. පුළුවන් විදිහට අපිත් ඩෙංගු වලින් වැළකෙන්න උත්සහ කරනවා.(නදී)
වන්නි තිලක් කළමණාකරුගෙ නමත් සවුත්තු කරලා ප්‍රියන්තගෙ පෙම්වතීට අයිස් චොක් අරන් දෙන්න... ඒ වුණත් හරිම නිර්මාණශීලියි.... (ස)
මෙතන සේවකයාට ඇත්තම කියන්න තිබුනේ. මතක තියාගන්න පැටවුනේ, එක බොරුවක් වහන්න බොරු දහයක් කියන්න වෙනවා. (ස)
සරත් මල්ලි මම ඒ හොරකම් කරපු සේරම සරම් ටික කොට්ට උර දැම්මා ..පහු වෙනකොට ඒවා පරණ නිසා ..අපේ අම්මා වලං අල්ලන්න කුස්සියට ගත්තා ...?.. දිසාගේ බතික් සරමක් තාමත් ..පරිස්සමට තිබුනා ... ඒ කාලේ පොඩි වැස්සටත් අපේ වෑ කණ්ඩිය මඩ ගොහුරක් උනා ..ඒ අපේ දිසා .අහුලාපු ගල්කැට ටික මාළු ටැංකියට දමාගෙන ...? (ස)
ඔය සේරම ..අපේ සරත් මල්ලි ..කොහිල වලේ ඉඳන් බලාගෙන කියලා ..දිසා මාමා අද වෙනකම් වත් දන්නේ නැහැ ...? (ස)
දිසාගේ කවිය (මම ලිව්වට කමක් නෑනේ??? ) රූපවතිව ආයෙ දිනක හම්බවුණාවේ.... සරතා යනු අනුන්ගේ කුණු හොයන එකානේ... ලැජ්ජාවට ආයෙ නාල මං ගොඩ ආවේ... බයිට් කරල බයිට් වුණත් නෑ පසු බැස්සේ...!! (ස)
සහන් බණ්ඩාර, බොහොම නිර්මාණශීලී දක්ෂයෙක්. මම දැක්කා පසුගිය ලිපි කීපයකින්ම. හරි සතුටුයි මේ වගේ දක්ෂයෝ මෙතනට එකතු වීම ගැන.. (ස)
අයියෝ ඉන්දු, ඔයා දිසා වෙනුවෙන් කුලියට කවි ලියනවද ? (ස)
සහන්ගේ අදහස ඉතා හොඳයි. ඩෙංගු මර්දනය රජයට හෝ ආයතනයකට හෝ කරන්න බෑ. ඒ උන් බෝ වෙන්නේ අපේ පෞද්ගලික දේපල තුල නිසා. අපි තමයි මුලින්ම ක්‍රියාත්මක විය යුත්තේ. අපේ සීමාව ඉක්මවා ගිය කොටස වගකීම පමණයි රජයට බාර දිය යුත්තේ. අපි රටක් ජනතාවක් හැටියට එකතු වෙලා මුළු වැර යොදා සටන් කලොත් මාස තුන හතරකින් ඩෙංගු අවදානම අවම කර ගන්න පුළුවන්. ඊට පස්සේ නිසි පරිදි කුණු බැහැර කිරීම සතියකට පැයක් ගෙදර වට පිටාව පරීක්ෂා කිරීම මගින් ඒ තත්වය පවත්වාගෙන යන්න පුළුවන්. නොවැරදීම දරුවනුත් සහභාගී කරවා ගැනීමෙන් ඔවුන්ගේ හැදියාව තුලම මේ පුරුදු ස්ථාපිත වෙනවා. (නදී)
තිලක්, මම හිතුවා දිසා මාම ලිව්වා නම් ලියන්නේ මෙහෙම නෙවෙයි නිසා එයා ලියන්න කලින් මඩක් ගහන්න... (නදී)
ඉතින් ඉන්දු ඔයා මඩ ගහපුවම දිසාට ආයෙත් වැවට බැහැල නාන්න වෙනවනේ. මෙදා පාර නම් සරම ලණු කෑල්ලකින් වත් ගැට ගහගෙන බහියි නේද.(නදී)
බලමු මොකද වෙන්නේ කියලා.... (ස)
සමදරා ආච්චියෙ අපි බොරු කියන්න ඉගෙන ගන්නේ එක වසරට ඉස්කෝලෙට දාන්න ඉල්ලුම් කරන කාලෙමනේ. (නදී)
ටික දුරක් යනකම් කට්ටිය හොඳට යනවා ඊට පස්සේ වලි. (ස)
අයියෝ මේ තවත් මේකේ අදහස් දාන අයට බැරිද ඔයාලගේ නම විතරක් දාන්න. අපි දන්නවා ඔයාල ඉන්නේ සෞදි, ඕස්ට්‍රේලියා,ලන්දෝ,මිලාන් කුවෙට් වන්නි කියලා අපිට දැන ගන්න ඕනේ නැහැ. ඔයාලගේ නම් ගම (නදී)
ගෙදරට බොරු කියාලා පිච්චර් බලන්න ගිය හැටි මතක් උනා (නදී)
දබ්බන මහත්තයා, ඒ අය නම සමඟ ගම දාන්නේ...සමහර එකම නමකින් පෙනී සිටින අය ඉන්න නිසා කන්න ඕනේ උනහම තලගොයා කබර ගොය කරනවා වගේ බනින්න ඕනේ උනහම අපහාසයට දක්ෂ අය..මොනවා හරි වරදක් හදල හරි බනිනවා ....අතින් වියදම් කරගෙන කිලෝමීටර් 100 ..200.. වියදම් කරගෙන ගිහින් පවුල් කඩන උදවිය ඉන්නවා ...ඒ තැනට වැටෙන්න එපා ..මේවා රස විදින්න ..බැරිනම් කට පියාගෙන ඉන්න එක නම්බුයි නේද? (ස)
වන්නි තිලක්, පත්මේ, ඉන්දු, රුපා මාව මතක් උනාට ස්තුති ..... (ස)
බන්ඩි ගොයම් මැද නියර දිගේ දිය කඩිත්ත පැන ආ සපුමලී.... වන මැද්දේ සරන අයියණ්ඩිගේ හිත ගෙන දුටුවෙමි පානා හසරැලි....... ඒ සිතුවම්පට දකිමින් විදගමි ගම අසිරිය සරමින් බෝ දුර සිතුවිලි........ දුරු රටක ඉන්න සොහොයුරු සොයුරියනේ කුමටද නගමින් මැසිවිලි....... (නි)
ඔන්න ඔන්න දිසා කොලුවා නිකන් රණ්ඩුවටමනේ යන්නේ. (නි)
වන්නි තිලක් අයියේ, මගේ ලේ රත්වෙනවා.ඉක්මනට මම වැරදිද කියන්න (නි)
අම්මෝ ඉස්සර ඉස්කෝලේ යන කාලේ හින්දි පිච්චර් පෙන්නන්න බැහැ මට. සච්චා ජුතා ඕගොල්ල බලල තියෙනවද? එතකොට හාති මෙරේ සාති (නදී)
සමදරා, ඔයා ""ආවාරා" එක්ක " මැඩ්රාස් කැෆේ " එකේදී කොල්ලට අහුවෙලා "ඒක් ෆූල් දෝ මාලි " වුණා නේද ? (නි)
මේවගේ සැම සේවකයෙක්ම තමාට පැවරු කාර්ය තමාට කල නොහැකි උනත් ,වෙන කෙනෙක් ලවා හරි පැහැර නොහැර ඉටු කිරීම ගැන සතුටට කරුණක්.අපේ වට පිටාව පිරිසිදුවට තබා ගැනීම හැමෝගේම වගකීමක්.මාරාන්තික ඩෙංගු නිසා අහිංසක ජීවිත අපට අහිමි වෙනවාද. (අ)
නිලූ නංගි, ඩෙංගුවලටත් වඩා භයානක දේවල්නේ එසැණ අදහස් වලට බෝවුණේ.. (නි)
චන්දි අක්කේ,ඒ කුරිරු අදහස් වලින් මගේ සිතත් ගොඩක් රිදුනා.මගේම සහෝදරියකට වගේ හදවතින්ම ළග නිසා ඔයාට.මං හිතනවා ඒ අදහස් දාපු අමනුස්සයන්ට දෙවියන්ගෙන් සමාවක් නොලැබෙයි.අනික ඔයාගේ දරුවන් බුද්ධිමත් නිසා මනුස්සයෝ,අමුනුස්සයෝ තේරුම් ගන්න පුලුවන් ඒ දරුවන්ට.වෙනදා වගේ අපි සතුටින් ලියමු අක්කේ.එහෙම නේද රූපා අක්කේ,ඉන්දු,දිසා,සරත් අයියලා. (නි)
ඔව් නිලූ, අර චන්දි අක්කායි, රූපා අක්කයි කලින් දිනයක ලියලා තිබුණා වගේ, එවැනි අදහස් දැක්කම ඒවට ප්‍රතිචාර නොදා ඉඳිමු. හොඳ සිත් ඇති සියළු දෙනා සමග ප්‍රීතිමත් කාලයක් ගතකරමු වෙනදා වගේම.. (නි)
මම හිතන්නේ මෙතන ලොක්ක කරපු දේ හරි නැහැ කියලා. එයාටත් ලොකු වගකීමක් මේ ගැන බලන එක. මෙයා කොහෙද ගියේ අනිත් ඔක්කොටම මේවා කරන්න කියලා? (නි)
සමදර අක්කි, සිනමා ශාලා වල හවුස් ෆුල්... (නි)
ඇයි දිසා මාමේ,ඔයා හිතුවද අපිට ඔයාව අමතක වෙනවා කියලා.ඔය සමහරක් දෙනා පන්න පන්නා ඔයාගේ අමුඩ ලේන්සුවෙන් ඇද්දට අපි ඔයාව නියර පල්ලේ වැටෙන්න දෙන්නේ නැහැ (නි)
රූපවතී අක්කේ,චන්දි,නිලූ පහන්, දිසා, මට හිතෙන්නේ මෑතක සිට මම තිරයට අදහස් දමන හිතවතුන් සියලුදෙනාම අයාලේ යන තත්වයට පත්වෙලා කියලා. දමන අදහස් වලින් ඒ බව හොදටම පැහැදිලි වෙනවා.ඇයි සියලුම දෙනාටම සහෝදරයෝ සහෝදරියෝ වගේ කාගේත් හිත නොරිදෙන පරිදි කාටත් ප්‍රයෝජනවත් සහ රසවිදිය හැකි හරවත් අදහසකින්, අහිංසක විහිළුවකින්,කවියකින් මෙම පිටුව සරසන්න බැරි? (නි)
ලංකාදීප නැමති අවන්හලේ රස බොජුන් හරවත් අදහස් අප සැමට බෙදා දෙන්නේ කලාකාමී ඔබ සැමයි.ඔබ අපට දෙන සියුම් උපහාසාත්මක රසවත් වදන් අප දිවියට මහත් සතුටක් ගෙනදෙයි.රූපා, සරත්,පහන්, ඉන්දු, දිසා, තිලක්, නිලූ... තව ගොඩක් ඉන්නවා. හරිම ආඩම්බරයි ඔබගේ භාෂාව හැසිරවීම ගැන. ඔබ සැමට සුබ දවසක්! (නි)
හොර අදහස් (අනුන්ගේ නම් වලින්) දාලා මේ සමගිය කැඩුවේ දිසා. එයාගේ නමින් වෙනඅ ය දාන්න පටන් ගත්තහම මැන් අඬන්න පටන් ගත්තා (නි)
සොර දෙටුවෙක් කස තැලුම් කකා.... දං ගෙඩියට ගෙන යන ගමනේ....// වදක බෙරේ දැක සොරා ගන්ට එය.... කදිමයි ලොබ සිතුවාලූ..../ අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්. මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්.. සුරා සොඩෙක් ගිරි කුලකින් විසිවී.. මහපොළවට පාවී එද්දී .. ගත දැවටෙන මේ සීත පවන් රැලි.. අහෝ සැපයි කීවාලු //.අහෝ සැපයි කීවාලු.//(නදී)
වන්නි තිලක් සහ කටා මාමා යන දෙදෙනා මේ සභාවේ ඉන්න වැඩිමහල්ම දෙදෙනා. අප ඉතාමත් ඔවුන්ට ගෞරව කළ යුතුයි (නි)
මගේ අදහසට තව යමක් එකතු කළ යුතුයි! හැකිනම් යම් කෙනෙකුගේ නමක් සදහන් කරමින් අදහස් නොදමන්න. කෙනෙකුට දමන අදහස්වලට පිළිතුරු අදහස් නොදමා ඉන්න. මා මුලින් සදහන් කළ පරිදි සියලුම දෙනාම සහෝදරයෝ සහෝදරියෝ වගේ කාගේත් හිත නොරිදෙන පරිදි කාටත් ප්‍රයෝජනවත් සහ රසවිදිය හැකි හරවත් අදහසකින්, අහිංසක විහිළුවකින්,කවියකින් පමණක් අදහස් දමා මෙම පිටුව ලස්සන කිරීමට උත්සාහ කරන්න. (කාරුණික ආයාචනයක් පමණයි!) (නි)
බුදු පුතෙකුන් පිඩුසිඟා වැඩියහොත්, දෙන්නට වේ යයි සැක සිතලා... / මහා සිටුවෙක් උඩු මාලේ සැගවී පැණි ගොමු පිස කෑවේලු...// අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්. මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්..!!! (නි)
එසැණ සියළුම හිතවතුනි. මෙහි තමාගේ නම වැඩි වාර ගණනක් වැඩි ස්ථානවල මාරුවෙන් මාරුවට සදහන් වෙමින් අදහස් දැමීමට උත්සහ නොකරන්න! තේරුම් ගන්න මුළු ලෝකෙම දන්නවා ඒ අය මේ ලෝකෙටම වැඩක් නැති අය බව !( සියලු දෙනමටම අදාළ නැත) වඩා වැදගත් වන්නේ අදහස්වල ගුනාත්මක බාවයයි!(නදී)
අපි නම් කොළඹ යන්නේ නැහැ (නි)
සිනහා වෙනු මැන වේදනා පිසදා .../ වේදනා පිසදා .../ වෙරළ රළ හා තරහා වී නැත. මියුරු සර වෙණ හා බිදී නැත.// අහස සඳු හා උරණ වී නැත ,අතීතය මගේ හදවතේ නැත.... ! සිනහා වෙනු මැන වේදනා පිසදා .../ වේදනා පිසදා .../ කඳුල දොම් නස නසන්නට නම්...බම්මර ගුම් නද අසන්නට නම්...// මියුරු ගී කවි ගයන්නට නම්.. වසන්තය ගැන සිතන්නට නම්.. සිනහා වෙනු මැන වේදනා පිසදා ... වේදනා පිසදා ...//(නදී)
මගෙත් මය වගේම කතා ගොඩක් තියෙනවා.(නදී)
රූපවතී 2013-11-09 00:06:44 කෝ අපේ සත්‍යපාල? ඇයි මට බැනලා මොකවත් ලියන්නේ නැත්තේ? (නි) රූපවතී 2013-11-09 00:14:35 සත්‍යපාල මාමේ,ඔයා කොහෙද? අනේ මොනවා හරි බැනලා ලියන්නකෝ (නි ..... රූපවතී අක්කේ සදහන්වන පරිදි මේ ඔයා එසැණ පුවත් තිරයේ "උපන්දා චාල්ස් කුමරයා ලංකාවේ" යටතේ ස්ථාන දෙකකම දමා ඇති ඉල්ලීමක්! මෙම අදහස ඔබ නොදමා වෙනත් අයෙක් ඔබගේ නමින් දැම්මනම් එයත් වරදක්!එසේම එය ඔබම දැමුවානම් එයත් වරදක්! මොකද ඔයාලම මෙවැනි අදහස් දමමින් කට්ටිය කුලප්පුකරලා ඊටපස්සේ බනිනකොට ඒවා විවේචනය කරනවබනිනවා කියල! ඒ කොහොමනමුත් මෙයට වඩා දෙයක් අප සැම රූපවතී අක්කා වගේ අයගෙන් මෙම පිටුවට බලාපොරොත්තු වෙනවා.(නදී)
මමත් වාර්තා කාරයෙක් දසක කීපයකට පෙර. ඒ වුනාට කුකුල් කෙටවීම කලේ නෑ. පක්ෂග්‍රාහී උනෙත් නෑ. කොළ කඩ කඩ බොරුවට දෙනවා...අපට බොරු චාටු මොටෝ ඔය බඹරුන්ගේ..(නදී)
සඳ වට රන්තරු කැකුළු පිපේවා.....(නදී)
අනේ සරත් මල්ලි මම ලීවේ අපේ සත්‍ය පාල මාමාව ටිකක් හොයාගන්නවත් නැහැ? ඒ කයි සොරි ..! ඇත්ත තමයි මම ආයේ එහෙම ලියන්නේ නැහැ සත්‍ය පාල මාමේ ..සමා වෙන්න.රජ පවුල දැක්කම මට සත්‍යපාල මමාවයි මතක්වෙන්නේ ...?චුටි කාලේ මට අද වගේ මතකයි ..කිරි අත්තලගේ හැරමිටියෙන් ඇදල දීවා...ඒ බනිනවා දන්නා නිසාමයි ..ඒ ගතිය චුට්ටක් මට මතක් උනා ..දැන් මම එහෙම නැහැ ..?ඒ චුටිකාලේ මම හරිම දග කෙල්ලක් ...? (නදී)
සුපිරි වෙළද සලකට රැකියාවට පැමිණි තරුණයාව උණුසුම් ලෙස පිළිගත් කළමනාකරු පලවෙනි රාජකාරියලෙස පොලව අතු ගෑම සදහා කොස්ස අතට දුනි .ඇයි මේ මම උපාධි ධාරියෙක් තරුණය අමනාපයෙන් පිළිතුරු දුනි .ආ සමාවෙන්න මම දැනගෙන හිටියේ නැහැ දෙන්න කොස්ස මම කරලා පෙන්නන්නම් .(අ)
කොල්ලා මොළකාරය රැවුලඊ කැදඊ දෙකම බේරා ගත්තා. (අ)
ගීයක් මුමුනන්න අවසර සබයෙන් .. නොකියා ඉන්නම බැරි.. මේ වෙලාවේ..ඇය වෙනුවෙන්..සෙනහසින්. චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ.. මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ... පාන නිවුණු සේ පාලුයි ලැයින් කාමරේ.. මන්ද කියාපන් නුබ ගියේ පුංචි සාවියේ. ලාබ රත්තරන් දිලිසෙන පාලු විදියේ ගෑනු ළමයි පියාබලා ඉස්සරත් ගියේ උන්ට සේලමේ මගතොට පාර වැරදුනේ අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ. මාල බැදන් සුදු යකඩෙන් රෝස මල් වනේ.. මාල ගිරව් දොරකඩ ලග සින්දු කිව් වෙලේ. හීනෙනුත් සිතුනේ නැහැ මට මොකද කාරණේ.. පාර මතක නම් තාමත් ගේ ලගයි දුවේ..!!! (නදී)
සබද අපි කදු නොවෙමු......../ උනුන් පරයා නැගෙන.......සුනිල දිය දහර වෙමු....... එකම ගගකට වැටේන...../. (අ)
ප්‍රේමවතී අක්කේ, ඔයාගේ කතාත් අහන්න ආසයි. ඉතින් ඉක්මණින් ලියන්නකෝ..(නදී)
දෑත් එක්කොට කරමි බුහුමන් නිබද අමිල ඔවදන් නගන ලාල් සබද .(නදී)
මෙතන නරක සින්දු කියා කියා ඉන්නේ නැතුව සමදරා අක්කිට තියෙන්නේ කාගේ අලි මාමියෙක්ගේ කරේ එල්ලිලා ජම්බු ..කඩන එකයි (නදී)
මේ තරන් සියුමැලිද කළුගල් සිතන් නටවත් බැරි නිශා...මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා..... මම මේ පදවැල් මිමිණුවේ කෙතරම් ගොරහැඩි උවත් කළු ගලක් උවත් සියුමැලි ලෙස ඔප දමා සිත දමනය කිරීමට හැකි නිර්මාණයන් බිහි කිරීමට හැකි බව හගවන්නයි. නමුත් සමහර මිනිස් සිත් සිතන්න ඔබ මදක් නතරවී අයාලේ ගොස් මන් මත්වී කිලිටි වී නොවීද. හැරෙන්න ධර්ම මාවතට ගලක් මෙන් සියුමලිව මොහොතින් මොහොත ඔපවත් වී ඔබේ සිත කෙලෙස් දුරුවී විශේෂයන් සමදරා අක්කා ආදරෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ ..නොකළ වැරදි වලට ..අපේ නම් ලියන්න ..එපා ...ගැහැණියකගේ සිත මීට වඩා කෙතරම් සියුමැලි විය යුතුද ...නොකළ වැරදි වලට යමෙකුට ප්‍රහාර එල්ල කිරීම තරම් ආමානුසික නොවී....ඔබ වෙත පාන ආදරයේ සහෝදර දෑත් පිළිගන්න ....අවසාන වතාවට මා ඔබේ නම සදහන් කරමින් ..සිදුකරන ...සටහන මෙය නොවේවි යයි මම පාර්ථනා කරමි.(නදී)
හිතවත් කතු තුමනි, "සති අන්තයේ" දිනවල "දෙයියෝ සාක්කි පළ නොවන නිසා" සහ "වැඩිදෙනෙක් විවේකය ගෙවීමට මෙතැනට" එන නිසා රණ්ඩු සහ සිත් රිදවීම් බහුලව සිදුවේ. එකිනෙකාගේ සිතුම් පැතුම් විවිධ වීමද මෙයට බලපායි. බොහෝ විට සිකුරාදා පළවූ දෙයියෝ සාක්කියේ තිබෙන අදහස් වලට දිගින් දිගට එල්ලි එල්ලී රණ්ඩු කිරීමටම සමහරු පැමිණෙති. එයට හේතුව එම දිනවල පමණක් එන අයට අලුතෙන් ලිවීමට කිසිවක් ඉතිරිවී නොතිබීමයි. මෙය වැළකීමට අලුත් දෙයියෝ සාක්කි දෙකක් සෙනසුරාදා සහ ඉරිදාට දැමීමට හැකිනම් ඉතා මැනවි. එවිට එම අදහස ඔස්සේ අලුතෙන් ලිවීම හැකිවන නිසා මෙම ප්‍රශ්ණ අඩුවේ යැයි මට සිතේ. මෙය ඹබතුමන්ලාට අමතර කරදරයක් වන බව වැටහේ. එනමුත් මෙසේ නරක සිත් ඇති අයගේ ග්‍රහණයට දෙයියෝ සාක්කිය පත් වුවහොත් මෙතැන රසවත් කරන පිරිස කළකිරී ඉවත්වනු ඇත. එවිට නරක අදහස් ඇති අයත් ඉවත්ව ගොස් (රණ්ඩු වීමට ක්‍රමයක් නැති නිසා) මෙතැන පාලුවට යාමට හෝ නීරස වීමට ඉඩ ඇත. ඹබතුමන්ලා අපේ අදහස් දැක්වීමට දී ඇති අනගි අවස්ථාව ලොවපුරා විශාල පිරිසකගේ පැසසුමට ලක්වී ඇත. එමනිසා අනෙකුත් ඔන්ලයින් පුවත් පත් වලට වඩා වැඩි ප්‍රෙක්ෂක පිරිසක් ඔබ සතුය. ඔබලාගේ රෑන්ක් එකෙන් එය පැහැදිලි වේ. ඔබ සැමට ස්තුතියි. ජයෙන් ජය...(නදී)
මගේ හෘදයාන්ගම ස්තුතිය හිතවත් ඉන්දු නංගියාට. මට සුබාසිතයේ කවියක කොටසක් මතක් උනා නංගි. නපුරු දුදනන්ගේ සියෝලගෙහිම විසය. තව දෙයක් කියන්න ඕනේ හස්ති රාජයෙක් වලක වැටුනහම ගොඩගන්න ඒ වගේම බලසම්පන්න ශක්තිමත් හස්ති රාජයෙකු අවශ්‍යයි. සුභාසිතයේ මේ විදිහට විස්තර කරනවා. තුමුල බලති ගිජිධෙකු මිෂ අන් කෙලෙස. (නදී)
රිංගුව මදුරු ඩෙංගු ත් මැනෙජර් ගෙ කනෙන්......අරයා දුරු කලේ ඩෙංගුව බැඳලා කඹෙන්........බොරුවෙන් මදුරුවා වනසනු බැහැනෙ ඉතින්.......අපි ට්‍රයි කරමු ඩෙංගුව එලවන්න රටෙන්......(නදී).
අපිට ගොඩක් වැඩ තියෙනවා.ඔය ගොල්ලෝ හොද අදහස් ඉදිරිපත් කරන්න. කුණු කතා එපා හොදේ.(නදී)
ඉස්තුතියි දිසා අයියේ,ඉන්දු,අදහස් වලට.ඒ වගේම සරත් අයියාට අපේ.චන්දි අක්කේ,රුපවති අක්කේ කවියක් ලියමුද ...? දෙන්නාත් එක්ක. (අ)
මගේ පෙත්ත කවදාවත් මා දාල යන්නේ නැහැ (අ)
දරුවනේ හොඳට ලියන්න. ඇත දිගහැර ලියන්න, බය වෙන්න එපා මෙතන හැමෝම එකයි .(නදී)
සබ්බුව දෙන්න ඩෙංගුට කැරකෙන්න තරම්... අප සැම එක වගේ සිතුවොත් ලෙහෙසි කෙරුම්... 'එසැණි'න් දකින සැමටම දුන්නට පාඩම්.. තුති මල් මිටක් පිළිගන්වමි ඔබට 'කුසුම්'.......... (නි)
අපේ ජන සාහිත්‍යය ගී සීපද වලින් ඉතා පොහොසත්. නමුත් මේවා අපේ නූතන පරපුරෙන් ක්‍රමයෙන් ගිලිහී යමින් තියෙනවා. මම අපේ හැමෝටම ආරාධනා කරන්න කැමතියි තමන් දන්නා ගී සීපද මෙම තීරුවෙන් ලියා එකිනෙකාගේ දැනුමත් සතුටත් වැඩි කරන්න කියල. (අ)
දිසානායක කියලා හොද අදහස් ගොන්නක් කියලා තියෙන්නේ කවදත් රට ජාතිය වෙනුවෙන් පෙනීසිටින කෙනෙක් වෙන්න ඕනෑ. (නි)
මේ මඩුවේ ඉන්න ඕනෑ නම් මේ කාරණා 3 පිළිපදින්න. 1. කවදාවත් මෙතන ලියන වෙන අයකුගේ නමින් අදහස් දාන්න එපා. සැම ප්‍රශ්නයකටම මුල එයයි. 2. මඩුව ඇතුලේ මඩු හදන්න යන්න එපා 3. සත්‍ය පමණක් (තිත්ත විය හැකයි) ලියන්න ස්තුතියි. (නි)
හොද සේවකයෙක්.ඒ වගේම හොදම හොද යාලුවෝ ටිකක් ඉන්නවා. එයාට මමත් ආදරය කරන කාලේ අතේ සතයක්වත් නැතුව ගිය දවස් තිබුනා. එදාට මගේ ගැහැණු ළමයාගෙන් බස් වියදම ඉල්ලාගෙන ගෙදර ගියේ. අද එයා මගේ බිරිද. අද මට සල්ලි තිබුනට මගේ අතීතය හරිම සුන්දරයි. මොනදෙයටත් වඩා ආදරය කරනකොට ආදරය ලොකු නමුත් ඒ සේවකයා සේරම බේරාගෙන. ඔබට සුබම සුබ අනාගතයක් යාළුවා (නි)
මීට හුග කාලෙකට පෙර මගෙත් යාලුවෙක් චිත්‍රපටියක් එකක් බලන්න ගිහින් පහුවෙනිදා මගෙන් අහනවා මචන් ලිප්ස්ටික් ගිලුනොත් මිනිස්සු මැරෙනවද කියලා.මං කිවුවා නැහැ බන්, නමුත් බඩ නම් බුරුල් වෙනවා කියලා. (නි)
වන්නි තිලක්, ඔයා හොඳ අදහසින් ඕවා ලිවුවත් මෙතැන ඉන්නා අයට ඕනෑ රණ්ඩුමයි (නි)
පෙත්තෝ, ජම්බු ඉදිලා.කන්න එන්න (නි)
වන්නි තිලක්, පැහුණු රා තියෙනවා, ටිකක් බොමු (නි)
සමදර නැන්දේ, රා මුට්ටියේ රා දැන් තෙලිජ්ජ වෙලා ළගදීම කැටිගැහෙයිද කියලා පොඩි බයකුත් හිතෙනවා (නි)
බඩ බුරුල් වෙන එක පටිය තද කර ගත්හම හරියනවානේ කිව්වලු. (නි)
මම දැන් ප්‍රවෘත්ති වලට වඩා කියවන්නේ අදහස්. මොකද ඒවා රසවත් මේ හැම එකකටම වඩා. (නි)
සමදරා රා ටිකනම් කැටි උනත් කමක් නැහැ පිරිත් ටිකනම් කැටි කරගන්න එපා!(නදී)
වන්නි තිලක්ගේ අදහසට මුල පිරීමක් ලෙස උසස් පෙළ කරන දවස් වල ඉගනගත් සුන්ගාර රශය දනවන කවියක් මතක් උනා. ජන කවි පස්සට දාලා මේක කියන්න හිතුනා සීතල යන්නත් එක්ක 1)සමන්මලිගේ පියයුරු දැක නැවත හැරී..... තබන්නෙමි අලුත් උපමා කොහොම හරි......පැලෙන්නට සිතා ලන්වෙනු හුලන් පිරි .....ජපන් බැලුන් යුගලක් මෙන් නොවේද සරි.(නදී)
අබාවයට යන අපේ පැරණි ජන කවි යලි එසැන තුලින් ලියන්න මුල පුරපු වන්නි සහෝදරයට ප්‍රනාමය පුදකරමින් මම ආරම්බ කරන්නම් ...1)පාට හොදයි පලවෙන ගොම නිල්ල ......එට උඩින් ගැසුව වැනි මඩ රිල්ල ......දෑල දෙගොඩ හදන මැඩියන් ගොල්ල ......දෙඉයනි බුදුනි පාලුයි තන්ගලු මුල්ල ...(.කමත් බාෂාව ...1)දැකත්ත..ලියනවා 2)කැත්ත ,,,අත්බරුව 3)උදැල්ල ,,,,බින්ලියනවා 4)වී,, බැත5)හාල් ,,,පැහිය6)පිදුරු ,,මඩුහත්7)පිහිය ,,,කපෙන්නවා 8) හරක ,,,අන්බරුව 9)වී කොටනවා ...මොඔල් හම්බනවා යන ආදී වසයෙන් බාවිතා කරනු ලබයි.(නදී)
එසැන බලන, අදහස් දක්වන දයාබර යහළු යෙහෙලියනේ, අපි කව්රුවත් මේ ලෝකෙට එනකොට අපේ ජාතිය, ආගම කුලය වගේ දේවල් අපි විසින් තීරණය කරලා නෙවෙයිනේ එන්නේ. ඒ වගේම, අපි ජීවත්වන සමාජ ක්‍රමය, වටපිටාව වගේම අපේ දැන උගත්කම් සහ අපේ අවශ්‍යතා මත අපි අපේ රැකියා වල නිරතවෙනවා. ඒත්, අපි හැමෝම මනුෂ්‍යයෝ කියන හැගීමෙන්, අනිත් අයගේ ජාති, ආගම්, කුල, රැකියා වගේ දේවල් විවේචනය නොකර, එසැන බලන හැමෝටම දැනුමට යමක් හෝ සතුටුවෙන යමක් අපේ අදහස් විදියට දැම්මොත් හොඳයි නේද? අපේ අනාගත පරපුර මේ හැම දෙයක්ම විමසිල්ලෙන් බලන බව අප අමතක කරන්න හොඳ නෑ කියලයි මට හිතෙන්නේ.(නදී)
ඇයි කැන්දේ නුඹ ලන්දේ වැනෙන්නේ / මං මෙතනේ අම්බලමේ තැවෙන්නේ/ බත නැතිදා තමයි සැම දුක් දැනෙන්නේ/ බත් ඇතිදා කැන්දඥ්ඥා වරෙන්නේ/(නදී)
මීරා හොඳයි හකුරට පැණියට ගන්ට- ලපටි රා හොඳයි තිබභට ගෑනුන්ට - මෝරපු රා හොඳයි කයියට කඩපොලට- තිත්ත රා හොඳයි අපි වැනි නාකින්ට .( මෙටික ලිව්වේ සමදරාගේ රා වලට)(නදී)
වන්නි අයියේ ඔයාට දැන් හොඳට පපඩම් කරෝල කෑල්ලක් එක්ක, ලපටි රා වැඩක් නැහැ කියාලා හිතෙයි.(නදී)
දිසාගෙයි, තිලක් ගෙයි ජන කවි දැක්කම මට අපේ පුංචි කාලේ, රෑට ඈත හේන් වලින් රාවදී ඇසෙන පැල්කවි මතක් උනා. ඒ කාලේ ගොවියෝ, තමන්ගේ අඹු සිගිත්තවයි, දරුවන්වයි ගමේ පැල් කොටේ තියල, මහා රෑ පුරාම බව බෝග ටික වන සත්තුන්ගෙන් බේරගන්න, හේනේ තියන පැල්කොටේ තනියම, පාලුවෙන් සීතලෙන් නොනිදා රැය පහන් කරනවා. බිරිදගේ සෙනෙහස ලබාන ඕන වෙලාවේ, තනියම කාන්සියෙන් ඉන්නකොට දැනෙන හිත හිරකරන හැඟුම්, එදා ගොවියා පිටකලේ මුළු ගමටම ඇහෙන සීපද වලින්. එසැන බලන අපිත් ඒ වගේමයි, අපේ යැපෙන්නන් වෙනුවෙන් යමක් ඉතුරු කරන්න ඒ අයව ලංකාවේ තනිකරලා විදෙස් ගතවෙලා ඉන්න අතරේ අපට දැනෙන පාළුව, එසැන හරහා අදහස්, කවි විදියට මතු වෙනවයි කියලයි මට හිතෙන්නේ.(නදී)
හිනාව..දකින්න අගය කරන්න පුළුවන් කඳුල හඳුනන හදකට පමණයි..ලංකාවේ තිරිසන් සතුන් පවා කඳුල හඳුනන සිද්දියක් "සමාවෙන්න මගෙ අතින් වැරැද්දක් උනා නම් අනේ දෙවියනේ මාව මරන්න නම් එපා. මට දරුවො තුන් දෙනෙක් ඉන්නවා. දරු පැටව් ඉස්‌කෝලෙ ඇරිලා එනකොට මං මැරිලා හිටියොත් උන් තුන්දෙනාත් මැරෙයි දෙවියනේ කියලා මම කෑගහලා කියන්න මහන්සි උනා. ඒත් මගේ කටින් එක වචනයක් පිට උනේ නැහැ. මං ඒ ටික හිතෙන් හිතනකොට අලියා මගෙ ඇඟට උඩින් තියාගෙන හිටිය කුකුල පැත්තකට ගත්තා. විනාඩියක් විතර බලා හිටියා. එහෙම ඉඳලා ආයෙත් ඇඟට කකුල තියනකොට මං අමාරුවෙන් අත්දෙක එකතු කරල අලියට වැන්දා. ඊට පස්‌සේ එයා කකුල පැත්තකට අරං පොළාවට පයින් ගහලා මගෙ ඇඟ උඩින් මාව පාගන්නේ නැතුව යන්න ගියා." වාර්තා වෙලා තිබුන කතාව කියන කොට මොකද මිනිස් අපි තිරිසන් වෙන්න හදන්නේ කියල මටම දුක හිතුන...(නදී)
පින්වත් සමදරා මහත්මිය! ඔබ තුමියට පුලුවනි නම් අනිකුත් පාටක සියලුම දෙන වෙනුවෙන් මෙම පිටුවෙන් කරුණාකර අයින්වෙන්න පුලුවනිද?කාලයක් ඔබතුමිය අයින්වෙනවා කියලා තිබුනා නේද? ඔබතුමිය වගේම මෙලොරහක් නෙති අදහස් නොදම ,හැකිනම් අනිකුත් අදහස් කියවා පමණක් රසවිදින්න! ඒ හොදටම ඇති!(නදී)
ඔන්න දැන්ම පටන් ගත්ත පුරුදු හටන. ලියන කෙනෙක් ලියන්න. කියවන කෙනක් කියවන්න. තරහ කෙනක් බනින්න. පලවෙලා තියෙනව නම් කියවන්න. නීති රෙගුලාසි පනවන්ට එපා. මේක කතුවැකිය නෙවෙයි. ඉවසන්න පුරුදුවෙන්න. කඳුල හඳුනන හදවතක් හදාගන්න. මම සම්පුර්ණයෙන්ම කෙනෙකුට ලියන්ට එපා කියනවට තරහයි. ඒක එයාගේ අයිතිය. මෙතන උපදෙස් පන්ති දාන ඒක අසදාරණයි අහේතුකයි.අසොබනයි.අසික්කිතයි.(නදී)
මේ නාමල්, මම නරක ගෑණියි කියන්න එපා ඔන්න. (නි)
එතකොට මමයි මෙතන වැරදිකාරයා! ඕගොල්ලෝ වගේ අය හදන්න හදන අපයි වැරදි කාරයෝ (නදී)
ලජ්ජා නැතිකම මහා මුදලි කමටත් වඩා ලොකුයි. අලුතෙන් ආපු අය කිහිප දෙනෙක් නරකයි ඔං බලන්න තව ටික දවසකින් මොකද වෙන්නේ කියලා කියමින් ඇලඩින් මේ තීරුවේ හොල්මන් ගොන්මන් වෙලාවට හරියටම එලියට දැම්මා ගරා යක් ක්‍රමේට. නාමල්, එම්. බට්ටා.පෙටි. නම් වලින් මාට්ටු නොවයි හිතමින් දවල් මිගෙල් රෑ දනියෙල්, කටේ බුදු රැස් බොක්කේ දඩමස්, මහා සෝනාවගේ වගේ ඩබල් ඇක්ටින්. කීර්ති ප්‍රශංසා අධිකව අපේක්ෂා වෙමින් මානය ඔලුවට වැද්ද ගෙන නැලවෙන්න පුළුවන් වටපිටාව රුකඩ නුල් හෙන්චයියන් මගින් සුද්ද කිරීම දිගටම ටක්කෙට සෙට් කරමින් සමදරාට ගස්වමින් කැත වැඩේ පුරුද්ද පාසල් සමයේ පොතම තමා මොලේ..(නදී)
චන්දි මොනවහරි ලියන්න (නදී)
අපේ ජනස්රුතිය අපිට රසවිදිය හැකි සංස් කෘතියක් දායාද කර තිබෙනවා . වන්නි අයියේ ..යල මහා දෙක දහදිය හෙලලා ගොයම් කපන දවසට මුළු ප්‍රදේශයම සිසාරා ඇහෙන ගොයම් කවි .අපේ ගත සිත ප්‍රමෝදමත් කරනවා .1)වරන් ගතිමි දුර සද දෙවි අතින් වරම් ....වරන් ගතිමි මිහිකත දෙවි අතින් වරම් .......වරම් ගතිමි සක්වල දෙවි අතින් වරම් ......වරම් ගොයම් කැපුමට දෙවිදුගෙන් වරම්.....යනුවෙන් ගොයම් කැපීම ආරම්බ කරන ...ගොවි ජනතාව ගොයම් කැපීම අවසන් කරන්නේ මේ ආකාරයටයි ...2)ගොයම් කපා ඉවර උනා....ගෙදර යන්න හවස් උනා .....ගොවිරාලට සෙතක් උනා ......අපේ සිතත් සතුටු උනා.(නදී) ..
ඉනේ බලපන් ඉනවට සේලේ බලාපන් ......අතේ බලපන් අතවට ගිගිරි බලපාන් .....කරේ බලා පන් කරවට මාලේ බලාපන් ....දැදුරු ඔයෙන් එන එතනගේ ඔමරි බලාපන් ...කියල අපේ තරුණ ගොවි මහත්තුරු මැද්දට පැනල කාන්තාවන්ගේ රුව වර්ණනා කරනවා .....ගත සිත ...සැහැල්ලුවෙන් ඉතින් ...යන්තර සුත්තර කුමටද ? (නදී)
ඉනේ බලාපන් ඉනවට සේලේ බලාපන් ......අතේ බලාපන් අතවට ගිගිරි බලපාන් .....කරේ බලා පන් කරවට මාලේ බලාපන් ....දැදුරු ඔයෙන් එන එතනගේ ඔමෙර්යි බලාපන් ...කියල අපේ තරුණ ගොවි මහත්තුරු මැද්දට පැනල කාන්තාවන්ගේ රුව වර්ණනා කරනවා .....ගත සිත ...සැහැල්ලුවෙන් ඉතින් ...යන්තර සුත්තර කුමටද ?(නදී)
බලවත් කනගාටුව ප්‍රකාශ කරමි... අසික්කිතයි. රූකඩ නූල් සූත්තර මෙහෙයවීම බන පොත් අතේ තියන්. (නදී)
ෂාහ් !නියමයි වන්නි තිලක්ගේ යෝජනාව. බොරු දොඩවන්නේ නැතුව අන්න එහෙම වැදගත් අදහසක් ප්‍රකාශ කිරීම ගැන. තරුණ පරම්පරාවට ඉතාම වැදගත් එම අදහස්. (නි)
වන්නි තිලක් අයියාගේ ආරාධනාව හොඳයි. දැන් ජන කවි ගොඩක් ඒවා මතක නැහැ. මතක් වුණාම ලියන්නම්. දිසා අයියාගේ ජන කවිය සහ කමත් බස පැහැදිලි කිරීම අගෙයි. කමත් බස දන්නා අය දැන් ගොඩක් අඩුයි. ට්‍රැක්ටර් වලින් කුඹුර හානකොට මොන ජනකවිද? ජන කවියක් මතක් වෙනතුරු මෙන්න මගේ නිර්මාණයක්. “ නිල්ල නගන යාය සොඳට දිලෙන විට... බිස්ස පුරා රන් අස්වනු මැවෙයි සිත... දෙයියො දුන්න අඹුදරුවන් රකින්නට... අම්බරුවෝ නුඔ සවියකි සැම කලට....!!“ (නි)
දෙන්නව හොදයි ගොන්බානක බන්දන්න ..... රූකඩවලට බැහැ හැමදා පුප්පන්න .... නගර සොබනිය ගැන කැක්කුම ගන්න ..... සලෙලුන් කඩේ යති සොබනිය රවටන්න ... (නි)
දෙන්නව හොදයි ගොන් බානක බන්දන්න ........රූකඩවලට බැහැ..හැමදා පුප්පන්න .... නගර සොබනිය ගැන කැක්කුම ගන්න .....සලෙලුන් කඩේ යති සොබනිය රවටන්න ...(නදී)
දවලට බණ පොත් නිතරම කියවන පින්වත් කුමාරයෙක් රෑට රෑට වල් කමේ ගිහින් දෙගොඩ යාමේ පිටිපස්සේ දොරෙන් ගෙට ඇතුල් වෙනකොටම අම්මා අතටම අහුවෙලා. තෝ කොහෙද බොල ගියේ අහන කොට වත්තට ආ හරකෙක් එලවන්න ගියා කියමින් කෙවිටක් අතින් අරන් කරත්ත කවියක් මුමුනලා.(නදී)
චන්දි නැගනිය සිත් රිදවා ගන්න එපා මයිනලා, නාමල්ලා ඉතා සමීප පුරුදු කාරයින් වගේ කවදා එකපාරට ප්‍රතිභුත වී කාගේ අභිලාසයන්ද සපුරමින් ඉන්නේ දැන්වත් තේරුම් ගන්න, ඔබ නැති පාළුව අපිට නම් තදින් දැනේ..(නදී)
වන්නි තිලක් හොඳට පාඩම් වෙච්ච රා තියෙනවා, එන්න දෙන්නම් (නදී)
ජන කවි අභාවයට යන කාලයක ඒවා නැවත ප්‍රචලිත කිරීමට උත්සහ ගන්නා වන්නි තිලක් සහ දිසා අයියලාට ස්තුතියි.. ඔබ දැමූ කවි දැක මට දැනුන සිතිවිල්ල මෙසේ ලියමි... !! නිල්ල නගන යාය සොඳට දිලෙන විට... කමත පුරා රන් අස්වනු මැවෙයි සිත... දෙයියො දුන්න අඹුදරුවන් රකින්නට... අම්බරුවෝ නුඔ සවියකි සැම දිනට....!!(නදී)
හරවත් පද පෙළින් ගත සිත පිබිදුවා......ඩෙංගු නසන එක කවියෙන් ඇරඹුවා.......අදිටන් කලොත් එක්සිත් එක්වන් සැවොමා......අපිට "සහන්" ජයමයි ඩෙංගුව වනසා......(නදී)
උණු පුරුකේ බලු වලිගෙ දාල තිබුනත් නැහැ ඇදෙ ඇරෙන්නේ ...ප්‍රීති ප්‍රීති වන්නි..දිශා ...ඔබ දෙපලට අපේ ස්තුතිය ,,,(නදී)
කොතරම් ඉහලට ගියත් දුදනෝ නොවෙති නොවෙති යහපත් ..කටා මාමාව මේ කවිය උපහාරයක් වේවා (නදී)
"කුඩමසු පිලී ගදමය - හොඳට නරකට දෙකට කටමය." (නි)
යමෙකුට ආසාකරන පිරිසක් සතුටු කර තමා වටා ගොනු කරගන්නත් එපා. පිරිසක් කැත කතා කියා ඈත් කරන්නත්, සිත් දෙන්නෙත් දැඩිව එල්බ ගත් ඉසි-කෝ-මන් නිසාමය.ඉතින් පුපුර පුපුරා ලේ රත් කරගෙන තැවෙනවා (නි)
වැව කණ්ඩියේ ඉඳ මට අත වැනුවාට -නාඩන් මස්සිනේ පෙර පින් නැතුවාට .... දුක තමයි පෙත්ත මල්ලියේ (නි)
දිනේ පටන් මා උපන්න.... මව විදි දුක් බැහැ කියන්න... දොහොත් මුදුන් තබා මෙන්න... වදිමි මව්නි පින් ලබන්න.... දිනේ පටන් මා උපන්න.... පිය විදි දුක් බැහැ කියන්න... දොහොත් මුදුන් තබා මෙන්න... වදිමි පියෙණි පින් ලබන්න.... (නි)
සිංහරාජයෙක් සේ ඉදිරියටම ගියොත් ජයයි 'කටා මාමේ'... ගල් මුල් හැපුනට සිංහයෝ කිසිදා හපා නොකයි ඒවා මාමේ........ අන් හද තුටුවන රස බස් දොඩන්න කාගෙන්වත් තහනම් නෑනේ...... පුරුදු දයාවෙන් අදහස් එවන්න 'පහන්' 'දිසානායක' මාමේ...... (නි)
අම්බරුවට තැනක් දුන්නු අලුත් කවක්.හොද උත්සාහයක්. මෙන්න 'ඉන්දු'ට මල් මිටක්.. (නි)
ස්තුතියි සහන් (නි)
පෙම්බර චන්ඩි මගේ... මා නැතේ ඔබෙන් මිදුනේ... සුරූපි දේහ විලාශේ මැවේ මැවේ නයනේ... පෙම්බර චන්ඩි මගේ // ලොවේහි ඈත අනන්තේ.. පැලක් තුලේ නොපෙනී... ඇතත් හොරෙන් හැංගීලා.... මගේ දුකත් නොදැනී... අරන් එමි ඔබ කැන්දා ...ඇසිල්ලකින් පැමිනී... සුරූපි දේහ විලාශේ මැවේ මැවේ නයනේ පෙම්බර චන්ඩි මගේ //(නදී)
සහන් මල්ලි බලන්නකෝ වී ගොවිතැනට උපකාර කරන අම්බරුවන්ගෙයි ..මෙතන ඉන්න අම්බරුවන්ගෙයි වෙනස .....සත්තු මොන තරන් වටිනවද (අ)
ගොයම් කපන්නට යන්තර දැන් එනවා... ඔමරිපාන්නට ලිය කොළඹට යනවා.... වෙල් ඉපනැල්ල මැද ගොවියා තනිවෙනවා ...... සීපද මොටද දැන් සි.ඩී තැටි එනවා.(අ)
අපි ඉගෙන ගත්තේ මෙහෙමයි.... දිනේ පටන් මා උපන්න.... මව විදි දුක් බැහැ කියන්න... දොහොත් මුදුන් තබා මෙන්න... වදිමි අම්මේ පව් ගෙවන්න. අඬන කලට මා නලවා ආදරයෙන් නිදි කෙරුවා කැතකුනු මගේ අත ගෑවා..අම්මේ ඔබ බුදුවේවා... දිනේ පටන් මා උපන්න.... පිය විදි දුක් බැහැ කියන්න... දොහොත් මුදුන් තබා මෙන්න... වදිමි තාත්තේ පව් ගෙවන්න. අඬන කලට මා නලවා ආදරයෙන් නිදි කෙරුවා කැතකුනු මගේ අත ගෑවා..තාත්තේ ඔබ බුදුවේවා. අම්මට තාත්තට වඳින්නේ පව් ගෙවන්නද? පින් ලබන්නද? මොකක්ද මේ වෙනස? (අ)
උන්ට අන් ඇත...මුන්ට අන් නැත...අන් නැති උන් ඇන ගත්තත් කන් නොතැලෙයි.උන් ඇන ගත් කල කුඹුරේ තන මැරී පොළොවට පොහොර වේ.මුන් ගෙන් කුඹුරට වත් රටට වත් ජාතියටවත් උන්ටවත් වැඩක් නැත. (අ)
කටා මාමේ, ගොඩක් ස්තුතියි මාව මතක් වුනාට, හිත රිදුනට වඩා මට නාමල්ගේ කතාවට ගොඩක් ලජ්ජා හිතුනා,විනෝදෙට කැමති මට ඕවා පුරුදු නැහැ ඔයාල සතුටින් ලියන්න, මං කියවනවා මං මගේ යාලුවන්ට හැමදාම සෙනෙහෙවන්තයි , මං වයසට ගියත් අමතක නොවන ලෙස ඔබලාගේ කවි ලියා තබා ගනිමි (අ)
නගර සොබනි යැයි කිව්වේ කවට සිතින් ... රූප නගේ සිත රිදුනොත් සමාවෙයන්.. විහිළු නොදන්නා අය වෙත නොලියා සිටින්... අපි ලියමුකො නොසැලී මෙහි එකම සිතින් ... (නි)
දිසා කොච්චර වුණත් ආ එක හොඳයි. එයා පැරැන්නෙක් (නි)
හොද්දට ලුණු ඇඹුල් දාන පදම ඉගෙන ගනින් දුවේ...මැද්දට පැන වැඩිහිටියන් සමග විහිළු කතා කැතයි දුවේ...හොඳමයි අම්මේ කියන්න...(නදී)
මාත් පැරැන්නෙක්. මම මෙතනට අදහස් දාන්නේ අවුරුදු ගානක ඉඳලා, මාව නවත්වන්න කාටවත් බැහැ (නි)
05 .33.35 මෙම අදහස මගේ අදහසක් නොවන බව මගේ යහළුවන් කරුණාවෙන් සලකන්න (නදී)
දිසා නගර සොබනිය කියල හදුන්නල තියෙන්නේ සමදරාව ..මොකද කතාව ...ඒ විලාසය නිශා වෙන්න ඇති (නදී)
නාඩන් සමදරෝ නාඩන් ඉකි ගසන දෙසවන් ...සොබනිය..මාගේ ...නැතුවට කම් නැහැ ...සලලෙකි මෙමත් .... (නදී)
සල්ලි හම්බු වෙනව නම් ජම්බු විකුනුවට කොස් විකුනුවට කමක් නැහැ දිසා අසරණ අපි වෙන මොනවා කරන්නද ..තාත්ත ලෙඩෙක් ..අම්ම ලෙඩෙක්......(නදී)
මොකටද සොබනියෙ කදුළු සලන්නේ හේතුව මම නොදනිම් ...ගිරි හෙළ මුදුනේ ඇති මගේ ...ගෙදරට මම ඔබ ගෙනියන්නම් ...එහිදී හොද සැප මම දෙන්නනම් (නදී)
දිසානායක මහතා රුපවති සොහොයුරියට කල ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙලා දකිමු (නදී)
මෙතන සමදරා කියන වැඩකට නැති අදහස් දමන .කාන්තාව ඉවත් උනා නම් මේ පිටුව ලස්සනට තියේවි.(නදී)
රුප අක්ක අසනීපෙන් ඉන්න කෙනෙක්. දිසානායක මහතාගේ ප්‍රකාශය පිළිකුලෙන් හුතුව හෙලා දකිමු (නදී)
පත්මිණි 2013-11-11 07:47:03 ප්‍රකාශය මගේ ප්‍රකාශයක් නොවේ. (නදී)
තිලක් 2013-11-11 08:02:01 ප්‍රකාශය මගේ ප්‍රකාශයක් නොවේ. සැමදා යහපත් දේ කතා කරන සමදරා අපිට සම්පතක්. මෙතන හැමෝටම ලියන්න අයිතිය තිබෙනවා. රූපා අක්කට කළ ප්‍රකාශය පිළිකුලෙන් හෙලා දකිමු (නි)
මෙතන අදහස් මම කියවනවා සමදරා කියන්නේ කවදාවත් කාගෙවත් හිත රිදෙන දේවල් ලියපු කෙනෙක් නෙමෙයි ඔබ දිගටම ලියන්න. දිසාසනයක මහතා රුපවති නම් කාන්තාවට කරන ලද ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා (නදී)
කේ.එච්.ආර්.කේ.දිසානායක මහතාණනි. ලංකාදීප පුවත්පත යනු ලක්ෂ සංඛාත ජනකායක් කියවන පුවත්පතක්. මෙවන් පුවත් පතක අදහස් දමන විට වගකීමකින් යුතුව ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිනවා. (නි)
රූපා අක්කා ලෙඩින් ඉන්න කෙනෙක්. මෙතන පොඩ්ඩක් හරි මනුස්සකම තිබෙන අය ඉන්නවා නම් එයාට අපොස වන දේ ලිවීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිනවා (නි)
රූපවති අක්කා ඕවා ගණන් ගන්නේ නැහැ. එයා ගණන් ගන්නේ නැත්තම් ඕගොල්ලන්ට මොකද? (නි)
මට මතකයි මන් ඉස්සර කොල්ලා කාලේ තරුණ නමකින් ,, දිසා ටිකක් එන්නකෝ ඇවිදින් ඉදගන්නකෝ පුංචි කතාවක් තියෙනවා. චන්දී හරිම දගකාරයි කියන කිසිත් දේ නාසයි කියලා දාද්දි ඉතුරු ටික ඔ ..ඔ.. ඉදින්න අම්ම එනතුරු කරවන්නම් හොද වැඩක් ගෙදර දොරේ වැඩ හින්දා මට නැහැ ඕවට ඉඩක් කියලා දැම්මා චන්දී... කොහොම හරි ඉතිරි පද ටිකත් කවුදෝ දැම්මා.. (නදී)
තිලක්, දිසා, සහන්, ඉන්දු, හැමෝම හරවත් යමක් ලියු සැමට මගේ ප්‍රණාමය. (නදී)
07.59.23 මම දිසා මහතා වෙනුවෙන් අදහසක් ප්‍රකාශ කර නැත. කවුරුන් හෝ මා නමින් අදහස් ප්‍රකාශ කිරීම අනවශ්‍යයි (නි)
පුදුම මඩුවක් මේක.කෝ අර මෝඩ යහළුවෝ ටික? ඒ අතර අලුත්ම කතාව සමදරාගේ අගර දගර සහ මාමා ගේ සල්ලාලකම් ගැන.හික්...හික්...කෝ අර කට හැකර චන්දි,රූපා ? (නි)
මාමා ඔයාට මටත් වඩා නිර්මාණ ශක්තියක් තියනවා ...ඒ නිර්මාන ශක්තිය තුලින් කෙනෙකුගේ ඔළුවට පහර දෙනවට වඩා ..හදවතට යමක් ලබාදුන්නා නම් මොන තරන් වටිනවද? (නදී)
මම හිතන්නේ මේ සමදරා නමින් පෙනී සිටින්නේ පිරිමියෙක් වෙන්න බැරිද? මොකද ගැහැනියකුට තියන තැන්පත් බව වෙනුවට දිසා සදහන් කළ අයෙකුගේ අංග ලක්ෂණ දිස්වෙනවා කියලා හිතුනා (නි)
08.09.27 මෙවැනි අදහසක් මට ප්‍ර්‍රකාශ කළ යුතු නැත.මගේ අදහස 08 .02. 01.අදහසයි. (නි)
මම නටපු අනඟ රැගුම් දිසාලට නටන්න බැහැ...දෙන්නෙකුට එක පාර ආදරය නොකරපු මම ...තුන් දෙනෙකුට ආදරය කල හැටි මොනවට කියන්නද පැන්චෝ ...දැන් ඉතින් නහින දෙහින කාලේ ...වල පයි ගොඩ පයයි..මට හරියි ඉරිසියාවක් තියනවා කවුරු හරි කාලබීල ජොලියෙන් ඉන්න කොට ...අනේ....දැන් හිටියත් එකයි මලත් එකයි..යන යකා කොරහත් බිදගෙන එපැයැ යන්න .. නැද්ද කටෝ (ස)
වන්නි තිලක්, එන්න ඔය අපේ ගෙදර. මැම්බර්ලගේ ගෙදර යවන්නේ නැහැ. ඔයයි මමයි ලිබ්බොක්කේ හරි ඉමු. (නි)
මාලක පුතේ, සමදර පිරිමියෙක් වගේ එඩිතර බව ඇත්ත. හැබැයි මලක් වගේ අහිංසකයි (නි)
වල් මත් වී අයාලේ ගොස් බොරු අපහාස කරන සිත් නිවා සැනසේවා! ඔවුන්ට සත්‍යය වැටහී, දුර්වර්ණ වූ සිත් පිරිසිදු වේවා! බඩගිනි වුණත් සිංහයන් තණ කොළ බුදින්නේ නැහැ වගේම කෙතරම් ඇනුම් බැණුම් කිවුවත් මගේ සිතින් එකම එක අපහාසයක් කිසි වෙකුට නොකියවෙන බව මම දනිමි (නි)
දිසානායක මහත්තයා දැන් කී දෙනෙක් ගෙන් සමාව ගත්තද .එක පාරක් දිල්රුක්ෂිගෙන් දැන් රුපවතිගෙන් සමාව ගන්නවට වඩා නොකිය හිටිය නම් නේද හොඳ ? (ස)
කොරහත් බිදගෙන යන්න එපා අක්කේ..ඔයත් ඕනේ..කොරහත් ඕනේ..මගේ කටේ වැලි දාන්නද කොරහ බිදින්න හදන්නේ..අනේ..අක්කේ..එපා..යන්ටෙපා.. (ස)
දිසෝ දැන් හොදටම පැහැදිලි දෙයක් තියෙනවා, අපිට විරුද්දව, අපහාසෙට ,අදහස් ලියන්නේ (එක එක නම්වලින්) එකම එක්කෙනෙක්. ඔය සමහර නම් වලින් යන්නේ අපිට රිදවන්න විතරයි.දැන් එසැනට අදහස් ලියන අය හරිය කන්නාඩිය ලැබුණු වදුරෝ වගේ (ටික දෙනෙක් ගැනයි) ඔහේ ලියනවා කුණුහරුප ලියනවා. අපි මොනතරම් නිහතමානිව සරසපු මේ පිටුව දැන්, වෛරය ක්‍රෝධයෙන් පිරිලා. මේ අපිට අපහස වෙන්න ලියන අයට නම්බුනාම,සමග,තෑගී බෝග ලැබෙනවා ඇති නේද...? (ස)
ඒ මහත්තයා දෙයියෝ හදනවා. සමාව ඉල්ලලා කනවා. සමාව දෙන කෙනා දෙයිය වෙනවා. මගේ දෙයියෝ.. (ස)
''මලක්' 'නම් පිපෙති පරවෙති පෙති හැලෙති..- ''ගගක් '' නම් පිරෙති උතුරති ගලා යති..- ''ගලක්'' පැලෙති පුපුරති ඉරිතලති..- ''වලක් '' වන්ට බැහැ මුන්ගේ කුහක ගති....!! (ස)
පවක් නම් පවකි. ගෙවලාම ගෙවිලා යතී... (ස)
මා නිහඩව හිටියත් ඔයාල මට අපහාසෙට ලියන්නේ ඇයි....? මං කාටවත් කට හැකර කතා කියන්නේ නැහැ , මාලක මහත්තයෝ.....ඔයාට මගෙන් වුන වැරැද්ද කියන්න පුලුවන්ද....?අනේ ඇයි මේ ...!! රණ්ඩු වෙලා අපේ හිත බිදින්නේ..? (ස)
"මගේ සිතින් එකම එක අපහාසයක් කිසිවෙකුට නොකියවෙන බව මම දනිමි." අනපේක්ෂිතව නමුදු ලියන දේ වලින් යමෙකු හිත් රිදී අවමානය විද දරාගත නොහි නලියන්නටද පුළුවන. (නි)
ඔව්. පවක් කරන කෙනාම තමයි ගෙවන්නේ. ණයට පව් ගෙවන්න බැහැනේ නේද? (නි)
පවක් නම් පවකි. ගෙවලාම ගෙවිලා යතී. දුකක් නම් දුකකි දුක් විද ගෙවිලා යති.. (ස)
හොරා අම්මගෙන් පේන අහන එක මොන පුදුමයක්ද. හොරාගෙන්ම පේන අහන ගෑනුත් අම්ම පා ඉන්නවනේ.. (ස)
දිසානායක මහතාගේ ප්‍රකාශය හෙළා දකිමු. කීවේ කාට උනත්. (ස)
චන්දි අක්කේ .....!!!!! කුහකයාගේ සැනසීම තියෙන්නේ අනුන්ව රිදවිමයි,බේද කිරීමයි,ලැජ්ජාවට පත් කිරීම සමගයි කුහකයා සැනසෙන්නේ.ඉතින් අපි ලියනදේ එයාට ගැලපෙන්නේ නෑ.අපේ අදහස් වල ඒවා නැති නිසා තමයි එයාම වෙන වෙන නම් වලින් ලියා සිත් රිදවා සැනසෙන්නේ.අපි ලියන්නේ ඒවගේ අයට නෙමේ නිසා වෙනදාමෙන් සතුටින් ලියමු සැමදෙනා එකතුව.( සිනාසෙන්න මෙදිහා බලා...!! හදේ සෝක යයි මුවාවෙලා) (ස)
අපේ පැත්තෙ පුංචි පාම් එකක් තියෙනවා. ඕකෙන් අපේ පැත්තෙ හුඟක් අය දැන් උදේට එලකිරි ගන්නවා .......මේකේ ඉන්නවා කිරි බෙදන ටිකක් කුකුල් කේන්තිකාර අංකල් කෙනෙක්. දවසක් ගමේ කොල්ලෙක් අංකල්ව බයිට් කරන්න හිතන් කොල් එකක් දුන්නා. ආ........ ආ කිරි අංකල්ද........ඔව් කතාකරනවා...........ආ...... අංකල් අද උදේ ගෙනිච්ච කිරි නිකන් වතුර වගේනෙ....ඒ පාර අංකල් කියාපි..........ඇ.... බොල....... කිරි වතුර වගේ හින්ද තමයි බෝතල් වලට දාල දෙන්නෙ නැත්තම් මම තොපිට කෑලි කපල කන්න උර වලට දාල දෙනවනෙ....කියල කොල්ලට කට උත්තර නතිව ගිහිල්ල,,,,කිරියගේ උත්තරේට... (ස)
දරුවනේ 07: 53:00 දරන කමෙන්ට් එක මගේ නොවේ. කවුද මගේ නමින් දාලා. තවද සමදර නමින් දාල තියෙන කොමන්ට්ද මම දාපුවා නෙවෙයි. ඔයාලට බුදු සරණයි. (ස)
පෙත්ත පැටියෝ චිත්‍රපටියක් බලපු කාලයක් මතක නැහැ. එක්ක යන්නකෝ. හැබැයි බැල්කනි හොඳේ. (ස)
සරත් ගේ කතාව හරිම අර්ථවත්...,ස්තුතියි, (ස)
එක්ක යන්න නම් බැරියේ .ඉතින් ඕක මහා ලොකු දෙයක්ද? ප්‍රශ්නය තියෙන්නේ ඔය වගේ කීයකට නම් කියල ඔහොම එක්ක ගියාද?ගියාට පස්සේ ඔයා බලන්නෙත් නෑ, අන්තිමට මට බලන්න දෙන්නෙත් නෑ! ඊට පස්සේ කෑගහනවා බලපු කාලයක් මතක නෑ කියලා! (ස)
නම කොපි කර ලියැව්වාට 'හොඳ ගුණ' කොපි වෙන්නෑ..........වලාකුලෙන් සඳ වැසුනට එලිය වෙනස් වනු නෑ.....කෙතරම් පවසක් දැනුනත් මුහුදු ජලය බොන් නෑ......අට ලෝ දම ගැන සිතුවොත් අපේ හිතට දුක නෑ....... (ස)
නහය තියෙන්නේ ගඳ සුවඳ අඳුනා ගන්න. ඇස තිබෙන්නේ දිග පළල දැනගන්න. තේරුම් නොගන්නා, මොලෙන් දමා ගැසුවත් තේරුම් නොගනී..... (ස)
චන්දි නංගි‍්, ඔය මාලක කියන කෙනයි අපිට මෙතන චෝදනා මුකයෙන් වචන පරිහරණය කරන 2 කගේ වැඩ ..මේවා බැලුවහම තේරෙනවා නේද කවුද අපිට බනින්නේ කියලා. (ස)
දැන් බලන්න මේකට තමයි කියන්න ලංකාවේ අපේ කට්ටියට එකතු වෙලා ඉන්න බෑ කියලා. කට්ටියක් සෙට් වෙලා වැඩක් කරගෙන යනකොට ඒක බලන් ඉන්න බැරි අපේම සෙට් එකක් ඒකට කචල් දානවා.අපායෙත් ලංකාවේ කට්ටිය ඉන්න තැන මුරකාරයෝ නෑ කියලා කතාවක් තියනවනේ. ඇයි ඉතින් අපේ උන් පැනලා යනකොට, අපේ උන් ම ගිහින් කියල අල්ලලා දෙනවානෙ. මමත් හොඳ සිංහල කොල්ලෙක්.ඒත් ඇත්ත කියන්න ලැජ්ජයී මේ වගේ ඊර්සියව තියෙන්න අපේ සිංහල මිනිස්සු ගව තමයි වැඩියනම. දැන් බලන්න මේ පිටුව කට්ටියක් සෙට් වෙලා ලස්සනට හිටියා. ඒක බලන් ඉන්න බැරි ඊර්සියා කරයෝ ටිකක් වින කරනවා. (ස)
මට කියන්න ඕන දෙය සහන් මල්ලි සහ චන්දි කවියකින් ලියල තියනවා ..මේකෙන් වෙන්නේ හොඳ නිර්මාණයක් ඉදිරිපත් කරන මිනිස්සු ලියන්නේ නැති එකයි. දැන් වන්නි අයියා එන්නේ වත් නැහැ ..ඇයි මේ නාඩගම් බලන්න ඒ මිනිස්සු මේ තැනට වැටෙන්න සුදානම් නැහැ. (ස)
ඇත්ත නුවන් මල්ලි. බලන්න මෙතන කටා මාමා කියල අදහස් දල තියෙන පුද්ගලයා ගැන .බර වචන ..කැත හිත (ස)
උදේ පාන්දරම දෙයියෝ සාක්කිය බලන්න ආවත් සතුටු වෙන්න පුලුවන් අදහස් කීපයයි තියෙන්නේ. නිලූ කිවා වගේ නරක අදහස් අමතක කරලා සතුටෙන් ලියමු. සරත්ගේ කතාවෙන් හා සහන්ගේ කවියෙන් සිනහව සහ සතුට නැවත සිතේ ඇති වුණා. ස්තුතියි.... (ස)
ඔන්න දවසක් දිසා වැව ළඟ කොපි කඩයට වෙලා විටක් එහෙම හපමින් ලංකාදීපේ දෙවියෝ සාක්කිත් බල බල ඉන්නවලු කල්පනා කර කර " මම කවදා හරි කරකාරෙට ගන්නේ රූපද,චන්දිද, සමදරාද කියලා..එතකොටම ටවුම පැත්තෙ ඉදලා ආපු පොලිස් ජීප් එකක් කෝපි කඩේ ඉස්සරහ නැවැත්තුවා.ඒකෙන් හැඩි දැඩි පොලිස් මහත්තුරු හතර දෙනෙක් බැස්සා.බැහැලා කඩේ මුදලාලිගෙන් මෙහෙම ඈහුවා බොහොම සැර පරුෂව."කවුද ටකාර් මාමා කියන්නේ?" දිසා කල්පනා කරා,දෙවියෝ සාක්කි බලන උන් මට ලනු දෙන එකේ මමත් දෙන්න ඕන ලනුවක් කියලා.මුදලාලි උත්තර දෙන්නත් කලින් පැනලා"මම තමයි ටකාර් මාමා " කියලා කිව්වා.දිසාට එහෙම කියලා ඉවර කරන්න හම්බ උනේ නැහැ පොලිස් මහත්තුරු හතර දෙනාම පැනලා දිසාට හොඳටම ගහන්න ගත්තා.කොච්චර දරුණු විදියට ගහලද කියනවනම් දිසාගේ නාහෙන් කටෙන් ලේ දාගෙන ඇදලා හිටපු ෂර්ට් එකත් ඉරිලා.කොහොම හරි දිසා දඳලලා දඳලලා මේ පොලිස් මහත්තුරුන්ගෙන් බේරිලා වැව කන්ඩිය දිගේ දුවන්න පටන් ගත්තා.දුවන ගමන් දිසා හැරිලා තමන්ගෙ පස්සේ එලවන පොලිස් මහතුරුන්ට මෙහෙම කියනවලු ."හූ හූ... රැවටුනා නේ.. මම ටකාර් මාම නෙමෙයි මම දිසා .. හූ හූ.." (ස)
එක මිනිහෙක් එයගේ බිරිඳගේ දික්කසාද වෙලා තනියම ඉන්නේ.ඒ වුනාට මෙයට බිරිඳට හැම මාසෙකම රුපියල් 5000ක් දෙන්න ඕනී.මොකද එයාට පුතෙක් ඉන්නවා.එයා ඉන්නේ බිරිඳ ලඟ.මේ මසේ අන්තිමට පුතාට වයස 18යි.ඒක නිසා මිනිහට තියෙන්නේ අන්තිම දීමනාව මේ මාසේ අන්තිමට දෙන්න.පුතා ආවා සල්ලි අරන් යන්න.මෙයා පුතාට කීවා "පුතේ මේ මම උඹලාගේ අම්මට දෙන අන්තිම දීමනාව.උඹට හෙට ඉඳන් 18 ක් නිසා මට ආපහු ගෙවන්න ඕනී නෑ.උඹ මේක අම්මට කියලා, අම්මගේ මූන වෙනස් වෙන හැටි විගහට ඇවිල්ලා මට කියපන්"පුතා ටික වේලාවකින් ආපහු ඇවිල්ලා කියනවා " තාත්තේ අම්මා මට ලොකු රහසක් කීවා දැන්"තාත්තා අහනවා මොකක්ද කියලා.පුතා පිළිතුරු දෙනවා " මගේ නියම තාත්ත ඔයා නෙවෙයිලු" (ස)
චන්දි අක්කේ,,,,,!! සඳුන් ගස මඩේ වැවුණත් සුවඳ දෙතී...... හිලක් කලේ ඇතිනම් දිය නොරැඳ වෙතී..... දෙයක් ලොවේ ඇත්නම් “හොඳ” “හොඳම වෙතී”....... පෙලක් අයට හොඳ දේ වුව නරක වෙතී.....!!! (ස)
සැඩ බොර දියේ කනයන් නිති බුදින දිය බලු පිලි කුන් බඩ පුරවා ගිම් නිවන අටියෙන් ගල් ගුහා නිවහන වැද විඩා නිම්න නෙත් සගල පිය සැනින් විලස් උල් නිය දත් කිඹුල් පහරින් සිහිනය ඇදවී දිවි පමණක් රෑක ගති පැන හනිකට ගුලෙන් එලියට හලමින් හති. හනි හනික ගොස් ඉහල කොරටුවේ වැසි හොරි පිරි නරි සුමිතුරු වැඳ පායුරු අයැද සිටියෙන් ලඳින් ඔසුවන් කදිම නුවනක් සදා පණ නළ රැකෙනයුරින් මෙසේ.. සැබෑවට වන්නාට සබද අදිටන් කර සිහි තබා ගනු වතුරෙන් ගොඩවී ඇදෙන විට බෙනය තුලට නොතබන්ට තා සිව් පා සලකුණු ගං මුදු වැල්ලේ කිසිවිට......! ඇරත් කිමද සබඳ දැනුදු සිදුවෙනු මනා ලෙසට සිතා නොසිතා වලිගෙ කදිමට පසු පස පැද්දෙන බැවින් ගං වැලි තලයේ නිරතුරු යන එන වර, වර නොපෙනේ මටවත් සැකයකි එකවර මගේමදෝ මා ආ මග. බැලු කල .පිළිවදන් දුනි දිය බලු හනිකට. එම්බල සකි සඳ එසේනම් බලා අවසැර පලා යනු තබා මැකු පා සලකුණු වෙනින් අහකට යන කැලැ දෙසට, එකත් එකට නැට්ට උස්සා ගෙන පල තා පා අඩි සලකුණු තබා නියම ලෙසට යන මග අඩියෙන් අඩිය පැහැදිලිව .. ඉදින් බලා සිටුව ඇන තබා සුපුරුදු තොප සිත් ගත් මනරම් මාලිගා තුබසේ සිට කිබුල් කටා යන දෙස මැකු සලකුණු අතරින් තොප සොයමින් නැසුමට සොයා වනයට අන් මගක හලමින් කෙල ..තැන තැන . . ... (ස)
එක්තරා මහාචාර්ය වරයෙක් දේසනයකට සහබාගි වී එය කරගෙන යන අතරතුරේ එකා දෙන්න නැගිට ගිය හෙයින් එකම එක පුද්ගලයෙක් පමණක් ඉති රිවිය .මහාචාර්ය වරයා ඔහු අමතා .මට සන්තෝෂයි ඔබ විතරයි මෙතන මගේ දේසනයට සවන් දෙන්න ඉන්නේ..පෙරලා පිළිතුරු ලැබුණි ..පිස්සුද සර් ..මම මේ හෝල් එක වහල යතුරු අරන් යන්න ඉන්නේ .සර්ගේ කතාව ඉවර වෙනකම් ...ඒ වගේ බාෂාව තුල සැවොටම තේරුම් ගැනීමට පහසු නිර්මාණශීලි සරල භාෂා ශෛලියක් ..එලි දැක් විය යුතුයි. නැත්තම් සවන් දෙන්නන්ට අන්ඩර දෙමළයක් නොවී.. (ස)
ඒ මහාචාර්ය වරයා දැන් එසැනට ලියනවා දිසෝ ..., මේ ලෝක රහක් නැහැ. (ස)
ඉන්දු, අපේ ගෙවල් වල බත් උයන්න කලින් හාල් ගරනවා නේද . මෙතනත් එහෙමයි. ටිකක් මහන්සි උනහම ගොඩක් හොඳ දේවල් හොයා ගන්න පුළුවන්. (ස)
සිනහ වෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා..,සිතේ ඇති දේ කවුද දන්නේ..// කියන්නට විමසා..... (ස)
මාරු කාසි තිබේ නම් සීනි බෝල පහක් අරගෙන සමගියෙන් බෙදාගෙන කන්න සත පනහට තුනයි (නි)
සිනි බෝල තුනක් සත පනහයි. (නි)
නිලූ නංගි, කියන්නකෝ කවියක්, හරි පාලුයි අනේ! කෝ මේ රූපා අක්කා? ලියන්නකෝ මොනවා හරි. මං නිහඩ වෙලා ඉන්නයි හැදුවේ. ඒත්, එහෙම ඉන්න දෙන්නෙත් නැහැනේ.ඒ නිසා තීරණය කරා නැවත ලියන්න. ගල්,මුල්, මල්, සියල්ලම විද ගන්නවා. සතුටුද ඔයාලට .....? (නි)
චන්දි අක්කේ, අන්න එහෙම තමයි ඉන්න ඕනෑ (නි)
කටට සුකිරි ටිකක් හරි හකුරු කෑල්ලක් හරි දා ගත්තා නම් හරි යාවි. පප්පගේ පොතේ තිබුනේ වැල්මී කෑල්ලක් කන්න කියලලු. (නි)
පාඨකයන්ගේ බලවත් ඉල්ලීම මත සීනි බෝල අතේ තියාගෙන පද්දමින් මම නැවත ලියමි. මම නැතුව කට්ටිය හරි දුකෙන්. එයාලා දුකින් මුදා ගැනීමට මා නැවත කැසිකිළියටද කිහිප වර ගියේ ගඳ කිළිය දුර නිසයි.නිවන තව දුර බව තේරුම් ගතිමි. (නි)
ඒකටත් ස්තුතියි...!!! (නි)
චන්දි නංගියේ, මම ඒ කිවුවේ ඒ මහාචාර්යවරයා ගැන තමයි. (නි)
සරත් මල්ලියා මාව හිනාගස්සන්න කතාවක් ගොතලා (නි)
කොළ මඩින විට එම කටයුත්ත කරන හරක නැතහොත් කමත් බාෂාවෙන් හදුන්වන අම්බරුව අමතක නොකරන ගොවි ජනතාව උටද කවියකින් සංග්‍රහ කරයි මේ කොතනින් ගෙනා ගොනා ....කැකුනදුරින් ගෙනා ගොනා ....මේ මොනවට ගෙනා ගොනා ....කොලමදින්න ගෙනා ගොනා .. (දී)
දිසෝ ඒ නමවත්, ගමවත් නැතුව අපි ලියමු, තමන් හිසට තම අතමය සෙවනැල්ල'' කියනවනේ...!! අනේ කෝ මේ රූපඅක්කා., අක්කේ මං ආවෝ ඔයා කොහේදෝ.....? නිලූ නගෝ චන්දි අක්ක ආවෝ, මොනවා හරි ලියන්නේ නැද්දෝ.....? දිසාට කරේ කාරුණික ඉල්ලීමක් විතරයි හොදේ.., (හොද හොදම දේය-ලොව කිසිම තැනක නැහැ -නොහොද නරක දිනුවේ-සිත ඉර්ෂමාන ගති - නැති නිසාම අපි එසැන නිව්ස් බැලුවේ ) (දී)
අයියෝ සුලු දෙයක් නේ (දී)
මාමේ අපි ඒ දවස්වල මොන තරම් විනෝද වුනාද , හරිම ලස්සන කාලයක්,අපි ආයෙත් ඒ විදියට ලියමු, හොද දේට විතරක් පිළිතුරු දෙමු, මේක කාටත් අයිති තැනක්නේ. අපිට මඩ ගහන්න කවුරු හරි ලීවොත් පිළිතුරු නොදී ඉදිමු,(දිල්)
නිසලව දිලෙන සුන්දරවූ විලක් තිබුනේය. ඉතා ස්වල්ප වූ හංස, තාරා, පිලිහුඩු පක්ෂීන් මෙන්ම, නෙක වර්ග මසුන්ගෙන් විල පිරී තිබිණි. උනුන් සතුටින් ගී ගැයුවෝය. නැටුම් පෑහ. අන් අයගේ අංගයන්ගෙන් සතුටු වුහ. සතුට සිනහව පිරී පැවතිනි.කල් යත්ම නානා වර්ග සත්වයෝ විලේ අසිරියෙන් සතුටුව ඒ කරා ඇදී ආවෝය.එයින් කොටසක් විල බොර කලෝය. අන් සතුනට හිංසා වන ලෙස හැසිරුණහ.සමහරු සටන් කලෝය.සමහරු විල හැර ගියහ. විලේ තිබු සන්සුන් බව මැකී ගියේය.සතුටු ගී වෙනුවට ගාලගෝට්ටි හඩ ඇසුනේය. විලෙහි අයිතිය මේ හැමෝටම බව සැබැය. එහෙත් විල නසනු වෙනුවට හෙට හෝ මේ සියලු සතුන් එක්වී විල තව තවත් සුන්දර කිරීමට මේ සියල්ලෝම සමගියෙන් එක්වනු ඇතැයිද , යලිත් සුපුරුදු ගී හඬ විලෙන් නික්මෙනු ඇතැයිද, විල හැරගියෝ....ඈත සිටන් බලා හිඳිති. (දිල්)
පිස්සුව මෝරන සඳ කිව්වලු..50 ට තුනයි. අවදි වන්න...අවදි වන්න...ප්‍රීති තියෙන තව දවසක් උදාවෙලයි තියෙන්නේ!(දිල්)
නමවත්, ගමවත් නැතුව ලියමු. අත කැපුනම වාසගමත් ඉවරයි පුතෝ...(දිල්)
මොනරවිල ...හෙට කාවහරි දාලා විල වටේ සුද්ධ කරලා දාන්න.(දිල්)
පෙත්තා,ඔයා කවුද මං දන්නේ නැහැ.ලියන හැම දෙයක්ම කාගේ හෝ සිත් සතුටු වෙන්න ලියන්න ඒක එලොව, මෙලොව දෙකටම හොදයි, ඉද හිටවත් බන දහම් අහනවා ඇතිනේ, අපි දැන් රබර් බෝල වගේ ඔයාල කොච්චර අපිව වතුරේ ගිල්ලුවත් අපි උඩට එනවා , හැමදාම ලියනවා..., නතර කරන්නේ නැහැ, ස්තුතියි (දිල්)
දිසා මාමේ ..මම දන්නවා ..ඔයා..වෙනුවට ..කෙනෙක් කරපු වැඩක් කියල ..ගණන් ගන්න එපා ..? (දිල්)
හා..හා..නම,ගම,නීති පොත අමතක වුණාද නගෝ? (නි)
අක්කේ ඔයා ආව නිසා සතුටුයි, ලියන්න රස කතාවක්,( හිත ගිනි ගනී ඇති විට මට විවේකය.-ගහ බැන ගනී සමහරු වෙලා කෝපය.-මුව තුල මගේ ඇත්තේ නිතරම ගීතය..- එසැනට ලැබේවා හිත සතුටු සාමය )(දිල්)
සතුටුයි රුප නංගි ඔබගේ පුනරාගමනය අප සිත් සතුටු කළා. හැමෝම මෙහි රැඳී ඉන්න. කවුරුත් යන්න එපා. (දිල්)
වල්මත් උන මන මෝහිනී වෙතටයි! මේ පහන් කොතරම් රසවත් ලෙස අලංකාරවත් ලෙස ඔබලාවැනි අයට තේරුම්ගන්න හැකි බෂාවෙන් සදහන් කරලා තියෙනවද? එකවත් තේරුම්ගන්න බේරී ඔයාලා ගැන කවර කතාද?(දිල්)
නිමාලි සොයුරිය, වැඩක් නැහැ කොච්චර කිව්වත් එකයි. අනුන් ලියන දේකට මොකක් හරි ඇදයක් අල්ලගෙන ලියනවා මිසක්, කෙනෙකුට අලුත් අදහසක් දෙන්න දන්නේ නැහැ.පහන් කියන්නේ රසවත් දෙයක් ලියන කෙනෙක්. ඒ වගේ රසවත්,අර්ථවත් දේටත් මැසිවිලි නගන්නේ කියවා තේරුම් ගැනීමේ ශක්තිය මදි නිසානේ. ඔන්න ඔහේ ඕනෑ දෙයක් ලියපුදෙන.අපි තරහ නැහැ නේද ''පහන්'' (නි)
කුල්මත් වුණු මනාමාලියේ,පහන් අයියා ලියපු දේට බෑන්ඩ් ගැහුවට වැඩක් නැහැ. (නි)
සුළං කුරුල්ලෝ... හිමින් ඉගිල්ලේ..... මල් සුවදකි අරගෙන එන්නේ... ආදර උයනේ දොරටුව ඇරගෙන ඔච්චම් කරමින් පියඹන්නේ.. සුළං කුරුල්ලෝ... හිමින් ඉගිල්ලේ.....// සිහින පොතේ පිටුවක් පෙරළී යයි.. මොනවද එහි ලියවී ඇත්තේ.. ආදරේ... ආදරේ.. හ්ම්.. ආදරේ..ආදරේ..ආදරේ.. ම තක ලොවේ දොර අගුලු හැරේ අද මොනවද එහි සිරවී ඇත්තේ // ආදරේ... ආදරේ.. හ්ම්.. ආදරේ..ආදරේ..ආදරේ.. (නි)
පලාතක් ඇවිලෙන මහා කැළෑ ලැව් ගින්නක් නිවාදාන්න යොදන එක් සාර්ථක ක්‍රමයක් තමයි ලොකු ගින්නට හා වෙන්න තවත් පැත්තකින් පොඩි ගින්නක් අවුළුවා දැමීම. ගින්නකට අත්‍යාවශ්‍ය ඔක්සිජන් යම් ප්‍රතිශතයක් වටපිටාවේ අඩු කර ලොකු ගින්නට අවශ්‍ය වාතය දුර්වල කර දාන්න. ලේ රත් වී ලොකු හිතේ ගින්න හටගෙන දැවෙන මිනිස්සුත් මේ වැඩේ කරනවා අපුරුවට. වැඩේ තියෙන්නේ ලස්සනට වවාගත්ත ආදරය කරන හුරුබුහුටි පැලත් පුච්චනවා, අත කටත් පුච්ච ගන්නවා, දනවෝ කියමින් ඉදහිට සිසිල් වතුර වීදුරුවක් බොමින්. මේ නාමල් ලවා කරවා ගන්නෙත් ඒ වැඩේ. නාමල් 2013-11-11 08:41:47 ප්‍රකාශය එකපාරට පැනලා කියන්නේ නිකම් නොවේ. බලපුවාම තේරෙයි අත, කට, බඩ, එකාගෙමයි. (නි)
මම ගණන් කරලා බැලුවේ චන්දි කියන කෙනා දාලා තියන ප්‍රතිචාර ගණන. 10 කට වඩා ඊයේ විතරක් දාලා. කොහොමද මේ වගේ 100 දෙනෙක් පත්තරේ බැලුවා නම්. (නි)
මම එසැණත් සමග තරහා නැහැ (නි)
කිත්සිරි, චන්දි විතරක් නෙමෙයි දිසානායක කියන කෙනත් ඒ වගේ තමා. මේ ගොල්ලන්ගේ ළමයින්ට කන්න බොන්නවත් හරියට දෙනවද මන්දා. අපිට ගෙදර වැඩ කරලා රස්සාවට ගිහිල්ලා ආවහම පත්තරේවත් හරියට බලන්න වෙලාවක් නැහැ. නිකන් වැඩක් නැත්තම් මේ මහත්තරු නෝනලා ගහක් කොලක් වැව්වොත් නරකද. රටට කරන්න පුළුවන් ලොකුම සේවයක් (නි)
මම ලියන ඒවා පළ වෙන්නේ නැහැ, නැත්නම් වෙනස් කර පළ කරනවා. ලියලා වැඩක් නැහැ කියලා හිතෙනවා. නිකන් කාලය මහන්සිය අපතේ (නදී)
දැනට මේ වාර්තාව බැලූවෝ (13313)යි. පළ වුණ ප්‍රතිචාර අදහස්(219)යි. ඉතින් නැන්දේ දහතුන් දාහම දැම්මා නම් ලංකාදීපේ කියවන්න බැහැනේ. සතුටින් ඉන්න (නි)
කට්ටෝ, මෝඩ තර්ක දාන්න එපා (නි)
චන්දි මෙතන පැරැන්නෙක්. එයාට ඕනෑ විදියට ලියන්න ඉඩ දෙන්න (නි)