ගංජා බී පොල් වෙළෙඳාමේ ගිය පුද්ගලයකුට තම රැකියාව අහිමි වූ සිදුවීමක් වාර්තාවේ. සිද්ධිය මෙසේය. ඔහු රැුකියාව වශයෙන් කළේ පොල් මුදලාලි කෙනකු ළඟ ගෝලයකු වශයෙන් සේවය කිරීමය. දිනපතා විවිධ ප‍්‍රදේශවලට මොහුත් මුදලාලිත් පොල් රැගෙන යති.
මොහු දිනපතා ගංජා බොන පුද්ගලයකු වුවද රැුකියා අවස්ථාවේදී පාවිච්චි නොකළේ වැරදීම් සිදුවන නිසාය. කෙසේ හෝ සිද්ධිය වූ දිනයේ තම මිතුරන්ගේ පෙරත්තය නිසා මොහු ගංජා බී ඇත. පානය කර ලොරියට වී මුදලාලි සමඟ වෙළෙඳාමේ ගිය මොහු එක්තරා කඩයක් අසල පොල් දැමීමට නතර කළ අතර එම කඬේ මුදලාලි පවසා ඇත්තේ පොල් තිබෙන නිසා දැනට පොල් ගෙඩි 25ක් දමා යන ලෙසය.
මුදලාලි කඬේ මුදලාලි සමඟ කතා කරමින් සිටියදී මොහු පොල් ගණන් කිරීම ආරම්භ කර ඇති අතර 25ස් වතාවක් ගණන් කළද මොහුට එක් පොල් ගෙඩියක් වැඩිපුර ඒම නිසා තව තවත් ගණන් කිරීමට පටන්ගෙන තිබේ. පසුව කඬේ ගෝලයා විසින් මුදලාලි දැනුවත් කිරීමෙන් පසු පොල් මුදලාලි මොහුට බැන වැදී රැකියාවෙන් අස්කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිහා මුදලාලිට තිබෙන භක්තියට තමයි ඔච්චර වාරයක් ගණන් කරලා තියෙන්නේ. මුදලාලි වැරදියට අවබෝධ කරගත්තා. (නි)
රැකියාව නැතිවෙනකොට තමයි සේවකයාට එලොව පොල් පෙනෙන්නට ගන්න ඇත්තේ. (නි)
මේ කතාව ගැන පුදුම වෙන්න දෙයක් නැහැ , වික්‍රම දන්නවා දවසක් අපිට උන දේ නැද්ද ? (කෞ)
ඒකනේ ගංජා බොන්න එපා කියන්නේ. (ර)
අනේ අපොයි.(හේ)
මුදලාලි මේ වෙලාවේ ගත් තීරණය හොඳ මදි. සේවකයෙකුට පළමුව අවවාද කළයුතුයි (නි)
විසිපහ පනහ වෙච්ච දවසුත් තිබුනා ජයාටයි මටයි. (නි)
මිනිහට පොල් ගණන් කරලම අන්තිමට "එලොව පොල් "පෙනෙන්න ඇති. (නි)
ලංකාවේ කම්කරු නීතිවල තියෙන දුර්වල කම තමයි.නෝර්වේ වගෙ රටවල් වල කම්කරු නීති හරිම තදයි.ඕන වෙලාවට ගන්නයි එපා වුනාම එලවන්නයි බෑ එ් රටවල. (බ)
නෝර්වේ වල කම්කරු නීති තදවුණාට ලංකාවේ බහුතරයක් අහිංසක මිනිසුන් වැඩකරන්නේ දවස් පඩියට, නැත්නම් සුලු මාස් පඩියකට. ඒ අය රැකියාවෙන් ඉවත්කරන්න ඒතරම් අපහසු නැහැ. අනික ඔය මිනිස්සු කීයෙන් කීදෙනාද අවංකව කටයුතු කරන්නේ? (නි)
දැන් ගංජා බොන්නත් සල්ලි නැතුව ඇති (නි)