හොරට අඹ කඩන්නට පැමිණි පිරිසකට ගණිත පාඩමක් කියා දුන් වයෝවෘද්ධ මාතාවක් පිළිබඳ පුවතක් මෙසේ වාර්තා විය.
සිද්ධිය මෙසේය
ඔවුන් පිටස්තර ගමකින් අඹ මිලදී ගන්නට පැමිණි පිරිසකි. ගමේ ඒ මේ අත ඇවිද්දේ ඵලදාව ඇති අඹ ගස් සොයමිනි. මෙසේ යන පිරිසට ගෙවත්තක වූ සරුවට ඵල දැරූ කර්තකොලොම්බන් අඹ ගස් කීපයක් දැක ගන්නට ලැබුණි. ඔවුන් ගෙවත්තට ගොඩ වූයේ ලොරිය පිරෙන්නටම මෙතනින් අඹ කඩාගත හැකි යැයි එකිනෙකාට කියා ගනිමිනි.
ගෙවත්තේ හිමිකාරිය වයෝවෘද්ධ මාතාවකි. අඹ ගෙඩියක් සඳහා රුපියල් දහයක් ලබා දිය හැකි බවට ගිවිස ගත් ඔවුන් වරුවක් පමණ වෙහෙස වී ගෙවත්තේ වූ අඹ ගෙඩි සියල්ල කඩා ගොඩ ගැසුවේ එදින කලින්ම සිය නිවෙස් බලා යා හැකියැයි එකිනෙකාට පවසමිනි.
ඔවුන් ගිවිස ගත් පරිදිම අඹවල වටිනාකම වයෝවෘද්ධ මාතාව වෙත ගෙවා දැම්මේ කිසිදු ලෝභකමක් නොපෙන්වමිනි.
එහෙත් විශ්‍රාමික ගුරුවරියක් වූ ඇයට මේ කොලු_ ගැටවුන්ගේ ගණන් හැදිල්ල ඇල්ලුවේ නැත. පිරිස පැමිණි මොහොතේ සිටම තම කනෙන් රිංගන්නට උත්සාහ කරන බව ඇය ඉවෙන් මෙන් දැන සිටියාය. “පුතේ ගෙඩි කීය ද?” ඇය ඇසුවාය. “හාරදාස් හත්සිය තිහයි.” පිරිස උත්තර දුන්හ. “එතකොට පුතේ ඔය ගානේ අගට බිංදුවක් දැම්මම මට දෙන්න ඕනි ගාන එනව නේද?” ඇය ඇඟට පතට නොදැනී කීවාය.
තරුණයෙක් ගණක යන්ත්‍රය ඔබා බැලුවේය. “හරි නේන්නම්” ඔහු විශ්මය පළ කළේය.ඔවුන් නිවෙසට කැඳවූ ඇය පිරිසට තේ පැන් සංග්‍රහයක් පවත්වා පවසා ඇත්තේ තමුන් කලකට පෙර ගමේ පාසලේ සිටි ගණිත විද්‍යා ගුරුවරියක් බවයි.
(වියලුව වාර්තාකරු)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කියන කණ්ඩායමට ගස් නගිනවා හැර වෙනත් වෘත්තියයක් කරන්න දැනුමක් නැති බව මේකෙන් තේරෙනවා .(බ)
සෑම් කියනවා වගේ ගස් යායුතු සමහර අය දැන් පාර්ලිමේන්තුවේත් ඉන්න බව පේනවා. (නි)
දැන් ගස් නඟින්න සුදුසු අය පාර්ලිමේන්තුවට ගිහින් පාර්ලිමේන්තු යන්න සුදුසු අය ගස් නඟින තැනුත් තියෙනවා. රත්න හරි. (නි)
"තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා-උගතමනා සිල්පයමයි මතු රැකෙනා". (නි)
නුවණක්කාර කාන්තාවක් (නි)
ඉතින් ඒ මුළු මුදලම ලැබුනද ගණිත- විද්‍යා ගුරුවරියට? හොඳ පාඩමක් තමයි උගන්වලා තියෙන්නේ. (නි)
අද කාලේ මිනිස්සු රටවනවා බොරු (නි)
අනේ කාලේ 10 වරක් චක්කරේ , දැන් ඒකටත් ගණක යන්ත්‍ර ඕනෑද ?, ගණිත- විද්‍යා ගුරුවරියක් කියන්නේ 10වරක් චක්කර විශේෂඥයෙක්ද ? අපොයි රටකට ගිය කලක්!! (බ)