(හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්)
හෙරොයින් මත්ද්‍රව්‍යවලට අධික ලෙස ඇබ්බැහි වූ 35 හැවිරිදි පුද්ගලයකු සිය බිරිඳ සහ දරුවන් බිරිඳගේ මවුපියන්ගේ නිවසට යවා තම කුඩුකාර මිතුරන් නිවසට කැඳවා නිවසේ දී ඔවුන් සමඟ මත්පැන් සාදයක් පවත්වමින් සිටියදී කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
කටුගස්තොට පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සේනාරත්න මහතාගේ උපදෙස් මත එම අංශයේ නිලධාරීන් විසින් පසුගියදා මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලදී. එහිදී හෙරොයින් ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගනු ලැබ තිබිණි. ඉන් වයස අවුරුදු 35ක් පමණ සැකකරු අත්අඩංගුවට පත්ව ඇත්තේ හෙරොයින් මිලිග්‍රෑම් 220 ක් සන්තකයේ තබාගෙන නිවසේ සිටියදීය. ඔහු සම්බන්ධයෙන් සහ ඔහුගේ දරු පවුල සම්බන්ධයෙන් පොලිසිය කළ විමර්ශනයේද අනාවරණයවී ඇත්තේ අපූරු කතාවකි.
හෙරොයින් මත්ද්‍රව්‍ය පානයට අධික ලෙස ඇබ්බැහිව ඇති මෙම සැකකරු තම මිතුරන් සමඟ නිවසේ සිට මත්ද්‍රව්‍ය භාවිත කිරීමට තම බිරිඳ අකමැතිවීම හේතුවෙන් දරුවන් ද සමඟ බිරිඳ තම මවුපියන්ගේ නිවසට යවා මිතුරන් නිවසට කැඳවාගෙන ඔවුන් සමඟ මත්ද්‍රව්‍ය භාවිතයට හුරුව සිටින පුද්ගලයකු බව හෙළිවී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කටුගස්තොට පොලීසියේ දූෂණ මර්දන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවෙන් පොඩ්ඩාට අවමඟුලක් උදාවූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගෙදර ඇත්තො ගමේ යැව්වත් වැඩේ මාට්ටු
Pradeep Saturday, 20 June 2020 09:06 AM
දවසින් දවස අපේ මිනිසුන් කොහෙද මේ යන්නේ..? වෙනත් ජාතීන්ට වඩා සින්හල මිනිසුන් මෙතරම්ම මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ඇත්තේ ඇයි දැයි නොතේරේ..