මීරිගම විශේෂ-පුෂ්පකුමාර මල්ලවආරච්චි
ගෙදර ඇති දැඩිකළ බල්ලා බුරනවා වැඩියි පවසා දරුවා ඉගෙනුම ලබන පාසලට ගෙනවිත් දැමූ පියකු පිළිබඳව ගම්පහ දිසාවේ ගමකින් වර්තා විය.
ප්‍රදේශයේ ජනප්‍රිය පාසලකි. පාසල් බිමේ ගැවසෙන බල්ලන්ගේ ප්‍රමාණය ද එන්න එන්නම වැඩි විය. බලු කරදරේ නිසා දරුවන් පීඩාවට පත්වීම වළක්වා ගැනීමට පාසල් විදුහල්පති ඇතුළු ගුරුවරුන් ගන්නේ මහත් වෙහෙසකි.
පාසලේ සිසු රැස්වීමක දී විදුහල්පතිවරයා බල්ලන්ගේ ප්‍රශ්නය විසඳාගැනීමට සියලු දෙනාගේ සහාය අවශ්‍ය බව පැවැසීය. දෙකේ පන්තියේ දරුවෙක් මෙහිදී අමුතු කතාවක් කීය.
සර් අර පොහොර පාට බල්ලා අපේ ගෙදර හිටපු එකා. රෑට බුරනවා වැඩියි කියලා තාත්තා ඉස්කෝලේ ගෙනත් දැම්මා...., දරුවා රහසක් අනාවරණය කළේය.
ටික දිනකට පසු ගුරු දෙගුරු රැස්වීමකි. එහිදීද විදුහල්පතිවරයා මේ බලු කරදරය ගැන මවුපියන් දැනුවත් කළේය. දෙකේ පන්තියේ දරුවා ප්‍රකාශ කළ පරිදි එම පියා ද මෙම රැස්වීමේ මුල් පෙළේ සිටියේය.
එම අවස්ථාව ප්‍රයෝජනයට ගත් විදුහල්පතිවරයා ‘‘මේ බල්ලන්ගේ අයිතිකාරයන් මෙතන ඉන්නව නම් කරුණාකර අරගෙන යන්න’’ කියා ආයාචනයක් කළේය.
දරුවන් තමන්ගේ කෑම පෙට්ටියෙන් කොටසක් බල්ලන්ට ආහාරයට දෙන බව පෙන්වා දුන් විදුහල්පතිවරයා ඒ හේතුවෙන් බල්ලන්ගේ කරදරය උග්‍රව පවතින බවද පැවසීය. එහෙත් සතෙකුට ආහාර ටිකක් දෙන්නට එපා යැයි දරුවන් දැනුවත් කිරීම ගුරුවරයකු ලෙස කළ නො හැකි හෙයින් මේ ගැන වැඩිහිටියන් සුදුසු පියවරක් ගත යුතු බවද විදුහල්පතිවරයා පෙන්වා දුන්නේය.
බල්ලා ගෙනැවිත් දැමු පියා කිසිත් නොඇසුණා සේ කාලය ගත කළත් දරුවාගෙ ප්‍රකාශය හේතුවෙන් සියල්ල දන්නා සෙසු මව්පියන් ඔහු දෙස බලා සිටිය දී නිහඬවම ආපසු ගිය බව ද දැන ගන්නට ලැබිණි
ඔහු යන දෙස බලා සිටි කටකාර මවක, ‘‘මහත්තයා බල්ලා පන්තියකට ඇතුළත් කරලාම ගියානම් හොඳයි නේද?’’ කියා පැවසීමත් සමග ඔහු මහත් ලජ්ජාවට පත් වූ බවක් දක්නට ලැබිණි.
එසේ වුවත් බල්ලා තවමත් පාසල් බිමේ සැරිසරන බවද දැනගන්නට ලැබේ.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගෙදර බල්ලත් පුතාගෙ ඉස්කෝලෙටම යවලා