පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පසුගියදා සජීවීව විකාශනය වූ අවුරුදු උත්සවයක වසර දෙකකට පෙර තම නිවෙසින් පැනගිය දියණිය දරුවකු වඩාගෙන සිටිනු දැකීමෙන් මවිතයට පත්ව එම උත්සවය පැවැත්වූ ස්ථානය බලා ගිය මවුපියන් පිළිබඳ අපූරු පුවතක් ඇඹිලිපිටිය ප‍්‍රදේශයෙන් පසුගියදා අසන්නට ලැබිණ.
මේ දියණිය තරුණයකු හා පැන ගිය පුවත මෙයට වසර දෙකකට පෙර ප‍්‍රදේශය පුරා පැතිරී ගියත් ඇය සොයා ගැනීමට කිසිවකු සමත්වූයේ නැත.
මේ පිළිබඳව විමසූවිට නක්‍ෂත‍්‍රකරුවකු කියා තිබුණේ අවුරුදු කාලයක මේ පිළිබඳ හරි ආරංචියක් ලද හැකි බවකි.
පසුගියදා රූපවාහිනි සජීවී අවුරුදු උත්සවයක් නරඹද්දී මව දුටුවේ තම නැතිවූ දියණිය කුඩා දරුවකු වඩාගෙන සිටින බවයි. තම සැමියාට ද ඒ බව පෙන්වූ ඇය පසුවදාම උත්සවය පැවැති ඇඹිලිපිටිය ප‍්‍රදේශයට ගියත් ඒ වනවිට උත්සවය අවසන්ව පැවැති නිසා හරි ආරංචියක් ලබාගැනීමට අපහසුව ආපසු ආවාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර වැරදි කළත් අම්මලාට දරුවෝ අතහරින්න බැහැ. දරුවෝ ලැබිලත් මේ දුව අම්මලා අමතක කරලා ඉන්න හැටි? (නි)
ළමයා දෙයියෝ දෙන්න ඇති. (නි)
දස මාසයක් කුස තුල හැදු අම්මා සහ ආදරණිය පියා අමතක කරලා ඉන්න දරුවෙකුට පුලුවන්ද ? (නදී)
නිලුට කවුරුහරි ආදරෙයි කිවුවොත් දෙමාපියන් අකමැති කෙනෙක්? ඔයා බැහැ කියනවද දෙමවුපියෝ ගැන හිතලා? (නි)
අවුරුදු උත්සවය විකාශනය වූ රුපවාහිනී නාලිකාවෙන් ඒ වීඩියෝ පටය ලබාගෙන අදාල ප්‍රදේශයේ පොලිසියේ නිලධාරීන් හමුවී සොයන පුද්ගලයාව ඔවුන්ට පෙන්නුවානම් ඇය පිළිබදව ආරංචියක් දැනගන්න තිබුනා..(නදී)
කගෙ ආදරයද උසස් ?දුව බලන්නද මුණුපුර බලන්නද ගියේ ? (අ)
අනේ අනිච්චං (ස)
මේක ලංකාවනේ (අ)
සෝනා, ආදරය කරන එක වැරැද්දක් නෙවෙයි. ආදරය කරල ගොඩ දෙනෙක් රැවටෙනවා, රවට්ටනවා. මේක අපේ සමාජයට අලුත් දෙයක් නෙවෙයි. ඔබ කැමතිද ඔබේ දරුවත් මේ වගේ වෙනවට. (ස)
දරුවාටම දොස් කියන්න එපා.තාමත් අපේ රටේ කෙල්ලෙක් කොල්ලෙක් ආදරය කළොත් උන්ට සලකන්නේ ලෝකේ ලොකුම වැරැද්ද කළා වගේ.තරුණ ආදරේ තමයි ලෝකේ තියෙන සුන්දරම දේ. කෙල්ලෝ කොල්ලෝ ආදරේ කරන එක හොඳ නෑ කියන සංකල්පය අපේ රටට කාගෙන් ආවද මන්දා .අපේ රටේ තරුණ තරුණියන්ට නිදහසක් නැහැ. ඒ නිසයි මේ අයට දෙමව්පියෝ තිත්ත වෙලාම යන්නේ. මේ වගේ පුහු ආකල්ප ඉක්මනින්ම අපේ සමාජයෙන් ඈත් විය යුතුයි. (ස)
අඩුම තරමේ වදාපු දෙමාපියන්ව මතක් උනේ නැද්ද මෙයාට මෙච්චර කාලයක් ගෙවිලත්.අනික හේතු කාරණා නොදැන මොකුත් කියන්න බැහැ ඕවට. (දී)
කොච්චර කිවුවත් අන්තිමට අංජනම හරි ගියානේ, අවුරුදු කාලෙක හමුවෙනවා කියලා. සමහරවිට කනා ෂොට් එකක්ද දන්නෙත් නැහැ. මොකද අවුරුදු කාලේ ඔහොම අයට දෙමවුපියන් මතක් වෙන නිසා. (නි)
"වරෙන් දුවේ ගෙදර" මේ පණිවුඩය පැනගිය හැමෝටම දෙමාපියන් විසින් දිය යුතුයි (නි)
දියණියගේ ෆොටෝ එකක් අරන් ගිහින් උත්සව පැවති ප්‍රදේශය ආසන්නයේම පොලීසියට දුන්නා නම් පහසුවෙන් සොයා ගන්න තිබුණා. (ස)
අද කාලේ ගොඩක් දරුවන් දෙමවුපියන්ට සළකන්නේ අම්මලා තාත්තාලා ගානට හිතලා නෙමෙයි (නි)
දෙමවුපියෝ දැඩි තීරණ අරගෙන දරුවන්ට නීති පනවනවා. ගොඩක් දුරට අාදර සම්බන්ධතා වලදී. එහෙම කරන්නේ දරුවන්ට තියෙන ආදරයට කියා තේරුම් ගන්න දරුවන්ට බැහැ, එයාල ඉන්න සිහින ලෝකෙත් එක්ක. මෙතනත් මේ දුවව හොයාගෙන දෙමවුපියෝ ගියාට දුවට දෙමවුපියෝ උන්නද මළාද මතකයක් නැහැ වසර දෙකක් ගෙවිලත්. (නි)
ළමයි ලොකු වෙන්නේ නැතිව අර හුරතල් චූටි කාලේම ඉන්නවා නම් කියලා මටත් හිතුන වාර අනන්තයි. එත් එහෙම වෙන්නේ නැහැ නෙව? දරුවන් ඇඳුම් ඇඟලුම් ගෙන සිටින්නෙමි .............මනසින් එදා කෙලි සෙල්ලම් දකින්නෙමී.........මරණයේ දොරකඩට සපැමිණ සිටින්නෙමී......ලේ කිරි පොවමි දරුවන් දැක මියෙන්නෙමී.......... (දී)
දුව පැනලා ගියාම විමසලා තියෙන්නේ ග්‍රාම සේවකගෙන් හෝ පොලීසියෙන් නොවෙයි, නක්‍ෂත‍්‍රකරුවකුගෙන්. අංජනම් බල බල ඉන්නේ නැතිව දැන්වත් අදාළ ආයතන දැනුවත් කරන්න දුව සොයා ගන්න ඕනෑ නම්. (දී)
සාමාන්‍ය සිද්දියක් රටේ (දී)
චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සවියෙ... ...... ....... අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ... (දී)
'කොරවක්කට ඇවිදින්න උගන්වන්න ඕනේ නැහැ' කියල කතාවක් සිංහල වහරේ තියෙන්නේ බොරුවට නෙවෙයි. (ස)
කුසට අහරක් නොගත්තෙමු අප නුඹව ඇති දැඩි කර හදන්නට.....දුකම විඳ සෙවූ 'සත්‍ය' යෙදුවෙත් නුඹේ ලෝකය ගොඩනගන්නට.....අපව හැරගොස් ලොවක් තැනුවත් දෑස පොපියයි නුඹ දකින්නට....දරුවගේ සුරතල් තුළින් වත් එන්නේ නැතිදෝ අපව මතකෙට....... (ස)
දැන් කාලේ දරුවෝ නොසෑහෙන්න දෙමාපියන්ගෙ සිත් රිද්දනවා. (ස)
පද්මේ, ගොඩක් දෙමවුපියොත් දරුවෙකුගේ ප්‍රේම සම්බන්දයක් දැන ගත්තම විවිධ නීති දමනවා. සමහර අය අපරාද කරුවෙකුට වගේ දරුවන්ට සලකන්නේ. මේ දරුවා වසර 2ක් නොඑන්නම දෙමවුපියන්ගෙන් කොච්චර ඇත් වෙලාද කියල මට හිතෙනවා.[ඉගිලිලා ගිහින් තනපු කුඩුවත් අරන් නැවත එන්න මගේ සුදු දුවේ....] (දී)
මීට වසර ගණනකට පෙර පෙම්වතියක් සුපුරුදු පරිදි වැඩට යන බව ගෙදරට පවසා පෙම්වතා සමග මෝටර් සයිකලෙන් නුවර ගිහින් එදා තිබුන ජාත්‍යන්තර ක්‍රිකට් මැච් එකක් නරඹලා තිබුනා. ටී වී කැමරා කරුවෙකුගේ කැමරාවට අහම්බෙන් මේ ජෝඩුව අහුවෙලා, ඒක ප්‍රවෘත්ති වලින් කෙල්ලගේ දෙමව්පියන් දැකලා (දී)
පුදුම ළමයිනේ. දෙමවුපියන් දුක් මහන්සියෙන් දරුවෝ හදනවා. ගෙදරින් ගිහින් අවුරුදු දෙකකින් වත් ඒ මිනිස්සුන්ට ජීවත්වෙලා ඉන්නවා කියලවත් දන්වන්නේ නැහැ. හිතුමතේට දීග ගිය දුවේ... නුඹේ දුවත් හිතු මතේට දීග ගිය දිනේ.. පියාණනුත් මමත් එදා වින්ඳ දුක දැනේ.... (ස)