බළපිටියේ - එස්.ඒ. වයි ද සිල්වා
කාන්තාවකගේ කකුලක තිබූ ආබාධයකට බෙහෙත් තෙල් ගෑමට පැමිණි වෙදා අනවශ්‍ය තැන් අත ගෑමට ගොස් බඩ කට පිරෙන්න ගුටි බැට සංග්‍රහයක් ලැබීමේ පුවතක් ගාලු දිසාවේ ගමකින් වාර්තා වෙයි.
මෙම කාන්තාවගේ කකුලේ අමාරුව කාලයක් තිස්සේ තිබුණු එකකි. නොයෙකුත් වෙද හෙදකම් කළත් කිසිදු සුවයක් නො ලැබිණි. එන්න එන්නම අසනීපය වැඩි වුණා මිස අඩුවීමක් නම් නොවීය.
දිනක් බෙහෙත් තෙල් විකිණීමට යන වෙදෙක් අහම්බෙන් මෙන් මෙම කාන්තාවගේ නිවෙසට ද පැමිණියේය. තමා ගෙනා බෙහෙත් තෙල්වල වර්ණනාව මහ ඉහළින් කළේ තෙල් ගා අත ගෑ සැණින්ම සුව වෙන ආකාරයට ය.
‘අනේ වෙද මහත්තයෝ , මගේ කකුලේ අමාරුවක් තියෙනවා. දැන් අවුරුදු ගානක් වෙනවා. කිසිම සුවයක් නැහැ. දන්න කියන හැම තැනකට ම ගියත් කිසිම සනීපයක් නම් ලැබුණේ නැහැ.
‘හරි නෝනා... කිසි දේකට බය වෙන්න එපා. මේ තෙල් බෙහෙත් සත් දවසක් ගාලා බලන්න. වැඩි ගාණක් අය කරන්නේ නැහැ. නෝනා කැමැතිනම් මම අද බෙහෙත් තෙල් ටිකක් ගාල යන්නම්. නෝනා කියනවනම් මම ම ඇවිල්ලා බෙහෙත් තෙල් ගාල යන්නම්.
වෙදා කියූ දේ මහ ඉහළින් පිළිගත් ඇය බෙහෙත් තෙල් ගා ගැනීමට කැමැති වූවාය.
වෙදා නිසි ලෙස තෙල් බෙහෙත් ගා යනවිට ඒ සඳහා වූ ගාස්තුව ද ගෙවමින් හෙටත් ඇවිත් බෙහෙත් තෙල් ගාන ලෙස ඉල්ලීමක් ද කළාය.
පසු දින නියමිත වෙලාවට පැමිණි වෙදා තෙල් ගෑවේය. ගෙදර වෙනත් කිසිවකු නැති බව දැනගත් වෙදා කකුලේ තෙල් ගාමින් සිටිය දී කාන්තාවගේ රහස් තැන්වලත් අත ගෑමට පටන් ගත්තේය. මේ ගැන කිපුණු කාන්තාව මහා හයියෙන් කෑ ගසන විට දී අහල පහළ උදවියත් ක්ෂණිකව දිව ආහ. ඒ වන විට වෙදා දිව යන්න උත්සාහ කරද්දී සිද්ධිය දැනගත් ගැහැනු හා තරුණ පිරිස හොඳ හැටි ගුටි පූජාවක් දෙමින් වෙදාට අමතක නොවන පාඩමක් කියා දුන්හ. ඉන් පසු වෙදා ඒ ප්‍රදේශයේ පැත්ත පළාතක ආවේ නම් නැතිලු.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගෑනු කකුලක තෙල් ගාන්න ගිය වෙදාට පත්තු බදින්න සබ්බුවක්