කරත්ත රස්සාවේ නිරත අයෙකි. ගොනුන් කිහිපදෙනකු ද සිටි ඔහුගේ කරත්තය අබලන්විය.
අලූතින් කරත්තයක් මිලට ගන්නා අදහසක් ඔහුට ඇතිවිය. වාහන බ්‍රෝකර් කෙනකු හමුවූ හෙතෙම මගේ ට‍්‍රැක්ටරයක් තියෙනවා ටේලරයක් හොයා දෙන්නැයි කීවේ විහිළුවක ස්වරූපයෙනි.
දින කිහිපයකට පසු බ්‍රෝකර්කරු කරත්තකරු හමුවීමට ආයේය. හොඳ ටේලරයක් තියෙනවා බලන්න යමුයි කියා කැඳවාගෙන ගියේය. වාහන අංගනයකට ගිය ඔහු ට‍්‍රැක්ටර් ටේලරයක් පෙන්වා මිල ගණන් ද කීය.
මහත්තයෝ මේක මගේ ට‍්‍රැක්ටරයට අමුණන්න බැහැයි කියද්දී බ්‍රෝකර්වරු විපිළිසර වූයේය. මම කීවේ මගේ ගොන් නාම්බා බදින්න කරත්තයක් හොයා දෙන්නනේයි ඔහු කී විට මෙයා කරත්ත රස්සාව කරන බව මට අමතක වුණානේයි කී තැරැව්කරු හීන් සීරුවේ එතැනින් මඟ හැර ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නංගි පෙන්නලා අක්කා දුන්නා වගේ වැඩක්නේ මේක (නි)
තමාගේ ජීවනෝපාය පිළිබඳ අවශ්‍යතා සපුරාගැනීමේදී අනවශ්‍ය විහිලු වලින් පාඩුවෙන්නේ තමන්ටමයි කියන පාඩම කතාවෙන් කියවෙනවා. (නි)
මෙය විහිළුවට ගතයුත්තක් නොවෙයි. නව අදහසක්. අප්‍රිකානු සහ සමහර ආසියානු රටවල පැරණි වාහන බර සැහැල්ලු කර ගොනුන් ලවා ඇදගෙන යන අයුරු ඡායාරූප වලින් ඔබත් අන්තර්ජාලය හරහා දැක ඇති. (නි)
පුරාණයේ කරත්ත නිශ්පාදනය කළේ ගමේ කම්හල්කරුවා.අද කරත්ත හදනවා තියා පිහියක් ,ගල් ඉන්නක් පණ පොවාගන්න ගම් හතරක් ,පහක් පසුකර යා යුතුයි. ඒ ගියත් කම්මල්කාරයා උදේ ඉඳලම කසිප්පු බීලයි වැඩට බහින්නේ ! (නි)
ඔය වාගේ විහිළු කරලා ඇස් රතු කරගන්න තමා සිදු වන්නේ. (ස)
කියන්නා හරියට කියන්නත් ඕනෑ. අසන්නා හරියට අසන්නත් ඕනෑ (අ)
මේවට පත්තරේ පිටුවක් නාස්ති කරනන් එකත් අපරාදේ. වැඩකට නැති විකාර කතා නේ. (ස)