බදුරලිය ලත්පඳුර ප‍්‍රදේශයේ නිවෙස්වලට රාති‍්‍ර කාලයේ දොර ජනෙල් කඩා ඇතුළු වී කාන්තාවන් අතපත ගාන ග‍්‍රීස් යකකු ගම්වැසියන් ලූහුබැඳ බදුරලිය පොලිසියට භාර දී ඇත.
ලත්පඳුරේ නිවෙසකට ඇතුළුවී නිදා සිටි කාන්තාවන්ගේ අඟපසඟ අතගාද්දී ඇය අවදි වී කෑ කෝ ගසන විට ජනේලයෙන් පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.
නිවෙස්වල අය කෑ කෝ ගසන විට අවට පදිංචිකරුවන් ප‍්‍රදේශය වටලා ග‍්‍රීස් තවරා ගෙන සිටි පුද්ගලයා වටකර අල්ලාගෙන ඇත.
මෙම පුද්ගලයා වයස අවුරුදු හැටක් පමණ වන විවාහකයකු බව පොලිසිය කියයි. බදුරලිය පොලිස් ස්ථානාධිපති එම්.ඒ. උඩවත්ත, පොලිස් පරීක්ෂක එච්. ගුණසේකර, සැරයන් සුමනවීර යන මහත්වරු පරීක්ෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටබැද්දර ජයා, යනවා එහෙම නොවේ ඔන්න. අතේ තියෙන මුදල් නාස්ති කරගෙන. ඔය තියෙන විදියකට ලංකාවේ ඉන්න ග්‍රීස් යකෙක් බලාගන්න. (නි)
අනේ අම්මපා වයසේ හැටියටද වැඩ? (නි)
ඉනොකලගේ ගෙදරටත් ග්‍රීස යකා බැල්ම හෙලලා වගෙයි ! (අ)
පිටබැද්දර ජයාට කාරුණික අරාධනයක් කරන්න කැමත්යි.එංගලන්තයේ මගේ ගෙදරට ඇවිල්ලා බලන්න කියලා ග්‍රීස් යකා බැල්ම හෙලලාද නැද්ද කියලා.....! (අ)
පිටබැද්දර ජයාට කියන්න කැමතියි,මම ඉන්නේ බැද්දේ නොවෙයි. පිටරටක. මෙහෙ ඔය කියන ග්‍රීස් යක්කු නැහැ. (අ)
අම්මේ !ඉනෝකාට තරහා ගිහිල්ලා වාගෙයි. (අ)
ඔය නම් දන්නා කියන යකෙක් මයි. නැත්නම් කොහොමද අප්පා කාන්තාවගේ කාමරේ හොයාගත්තේ. (අ)
අනේ පූජිත, මේ සබාවේ ඉන්න අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වාගේ. කා එක්කවත් තරහා නැහැ (නි)
ඉනෝකා, ඔයා ඉන්නේ කොහේද හැබෑටම? (නි)
හොඳම ප්‍රතිචාරය දුල්මිගේ ප්‍රතිචාරයයි...!! (නි)
රූපවති මොනවා කියනවද කියලා මට තේරෙන්නේ නැහැ. ග්‍රීස් යකෙක් අට්ටාලයක බැඳලා තිබ්බට වැඩක් වෙනවද? (නි)
දැන් ඉතින් ලංකාවේ කාන්තාවන්ට අඳින්න වෙන්නේ යකඩ ඇඳුමක් තමයි. අර ඉස්සර රෝම සොල්දාදුවන්ගේ ඇඳුම වගේ එකක් (නි)
ලංකාවට නිවාඩුවට ගිය කාලයකදී (මීට අවුරුදු 5 විතර කලින්) අනුරපුරයේ නව නගරයේදී අපි ග්‍රීස් යකෙක් ඇල්ලුවා. නමුත් මේ කියවපු කතා ඇහුවම මට පුදුම හිතුනේ මෙහෙම් අයත් ඉන්නවා නේද කියලයි (නි)
ඔය ග්‍රීස් කියන්නේ රථවාහන හෝ යන්ත්‍ර වලට බාවිතා කරන ඒවාද?නැතිනම් වෙන ග්‍රීස් වර්ගයක්ද?කව්රුන් හෝ මට පැහැදිලි කර දෙනවාද? (බ)
මිනිසුන්ට තමන්ගේ අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමට හැකිවෙන පරිදි යම් සීමාවකට යටත්ව තිබෙන්න ඕනෑ. එහෙම නැති නිසා තමයි මෙහෙම අසහනකාරයෝ බිහිවෙන්නේ.කොරියාවේ නම් මේ සඳහා වෙනම ප්‍රදේශයන් තියෙනවා.වයසට ගියා කියලා හැමෝම බණ භාවනා කරගෙන ඉන්නෙ නැහැ. මේවා නවත්තන්න ඕනෑ නම් යම් කතිකාවතක නියැළෙන්න කාලයයි මේ.මේ අදහස වැරදියට අරගෙන මට මඩ ගහන්න නම් එපා කියලා ඉල්ලනවා (නි)
රෙජී සිඩ්නි..මම අහල තියෙන විදියට ඔය ග්‍රීස් යක්කු පොල්තෙල් ඇග පුරාවට හිසේ සිට දෙපතුල දක්වාම ගාගේනලු දුවන්නේ..? ඒ කවුරු හෝ හතුරෙකුට අහු උනොත් අල්ල ගන්න ඇති අපහසුව නිසා බේරී යාහැකි ලිස්සා යන ග්‍රීස් ගතියට..එය ප්‍රචලිතව ඇත්තේ, ලේසියටත් දැනගැනීමේ පහසුවටත් ,පොල්තෙල් යකා නොව, ග්‍රීස් යකා යනුවෙනුයි..? (බ)
මෙහෙම අයට දෙන දඩුවම මොකක්ද කියලා හිතා ගන්න බෑ.(හේ)
අබුද්දස්ස කාලේ (බ)
දැන් ආයෙත් ග්‍රීස් යක්කු ඇවිල්ලද? (නි)
රූපවතී, මැරුවත් යනවද ඉතින් නගා එපා කිවුවට පස්සේ ? (නි)
නැහැ නැහැ සිරිවර්ධන, දැන් ඉන්නේ පොල්තෙල් යක්කු (නි)
අපේ ගමෙත් ඔහොම එකෙක් ඉඳලා ඇල්ලුවා (නි)
ඕනම අසභ්‍ය වැඩක් කරැලා තමන් මානසික ලෙඩෙක් කිලා පෙන්වලා නිදහස් වෙනවා. මෙහෙම ගියොත් ස්ත්‍රී දූෂකයන්ටත් ළමා අපචාර කරන අයටත් අනුකම්පා කරන කාලය වැඩි ඈතක නැහැ වගේ (බ)
අවුරුදු හැටක පුද්ගලයෙක් මෙහෙම හැසිරෙනවා කියන්නේ ඔහු යකෙක්ම තමයි. (නි)
දැන් ඉතින් ඔය ග්‍රීස් යකා ආයෙත් එයි ඇප ලැබුනහම. (නි)
ලංකාවේ මිනිසුන්ට මොකද්ද මේ හැදිලා තියෙන ග්‍රීස් පිස්සුව..? මම හිටියනම් ලංකාවේ කරන්නේ හික්කඩුව වෙරල දිහායින් අට්ටාලයක් ගහල මේ යකාව ඒ අට්ටාලේ උඩ බැදලා තියනවා ඇති වෙනකම් වෙරල දිහා බලාගෙන ඉන්න ..කියල.? මෝඩ මිනිස්සු.. මොනවට මේ නරුමයෝ අවුරුදු 60 ක් නාකිවුනාද..? මිනිහෙක් වගේ ඉපදිලා නරියෙක් වගේ මැරිලා යන තැනට වැඩ කරනවා නම් ආත්මෙටත් නිගාවක්..? (බ)
වයස් ගත වුනාට වයසට නොගිය කෙනෙක්. අවශ්‍යතා පිරිමැහෙන තැනක රැදෙව්වොත් අතපත ගැන ආශාව නැතිවෙලා යාවි. (බ)
රුපවතී හිතල බලල අදහස් දාන්න. අවුරුදු 60ක විවාහක මිනිහෙක් මෙහෙම වෙලා කියන්නේ ඒ මනුස්සයට මානසික ලෙඩක් කියන එකයි. හික්කඩුවේ අට්ටාල ගහන්න නෙමෙයි තියෙන්නේ ප්‍රතිකාර කරන එකයි කරන්න ඕනේ. හොඳ සිහියක් තියන කෙනෙක් කවදාවත් ඔයවගේ වැඩ කරන්නේ නෑ. (බ)
හැට පැන්නත් බිමින් යන්නේ නැති වඳුරෙක්. (බ)
අවරුදු හැටක මහල්ලෙකුට දොර ජනෙල් කඩාගෙන ගෙට ඇතුල් වෙන්න තරම් හයියක් කොහෙන් ආවාද...? මානසික ලෙඩෙක් වෙන්න ඕනේ.(ම)
මහේෂ් මුතුකුඩ මනස අවුල් උණු තැනේ තමයි වරද එකට තමයි හොදම බෙහෙත හම්බවෙලා නැත්තේ ..? ඒ කණි ඔහොම වෙලා තියෙන්නේ ..? (අ)
රුපවති ඔය හරි මෙයා තිරිසනෙක් ඔය වගේ වනචර නාකි (අ)
අනේ මේ නිකන් යන්න රුපෝ, ළඟට එනකොටම අද උන, අද ඔලුවේ කැක්කුම, අම්ම තවම නිදි නැහැ , හෙට උදෙන්ම නැගිටින්න තියෙනවා, සහ තව දාහක් දේවල් ඔයා කියන එකේ එයා එහෙමෙ ගිය එකේ වරදක් මම දකින්නේ නැහැ (බ)
අනේ අම්මපා මෙහෙමත් මිනිස්සු! (නි)
තවමත් මේ වගේ වැඩවලට අනේ පව් කියන උදවිය ඉන්නවානේ. අද රටේ ඉන්න විකෘති මානසික තත්ත්ව තියෙන මිනිසුන්ගෙන් වයස 80ක ආච්චි කෙනකුට තියා වයස 4ක දැරිවියකටවත් බේරිල්ලක් නැහැ (බ)
අපේ රටේ අවුරුදු 60 නොවෙයි 70 පහුවෙලත් හොඳ ජව සම්පන්න මහල්ලෝ ඉන්නවා. (නි)
ඒක තමයි ඉනෝකා, ගෙවල් වල දොර ජනෙල් කඩනතුරු ගෙයි ඉන්න අයට ඇහැරුනේ නැද්ද...? (නි)
මෙච්චර වයසට ගිහිල්ලත් මෙහෙමත් වැඩ! (නි)
මේ මිනිසුන්ට මානසික ලෙඩ්ඩු කියලා අනුකම්පා කරන්න යන්න අවශ්‍ය නැහැ මට නම් (නි)
දැන් බලාගෙන යනකොට තරුණයින් හොඳයිනේ (නි)
චන්දි, අපිට නම් පොඩි සද්දයක් ඇහුනත් ඇහැරෙනවා (නි)
මොකක්ද අප්පේ මේ ලංකාවේ සමහර පිරිමින්ට වෙලා තියෙන්නේ? (නි)
ඒක නෙමෙයි මට තිබෙන ප්‍රශ්නය. ග්‍රීස් යකාව කොහොමද දන්නෙ නැහැ ලිස්සනකොට ඇල්ලුවේ? හැට පිරුණත් 'ෆිට් පොරක්' වෙන්න ඇති. (නි)