IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


ගමට ගිය රන්බඩු වෙළෙන්දෝ තරුණියකට කොකා පෙන්වා පැනයති

රත්තරං මාල වළලූ භාණ්ඩ මිලට ගැනීමට වයඹ ප‍්‍රදේශයේ පිටිසර ගම් ප‍්‍රදේශයකට ගිය තරුණ වෙළෙන්ඳන් දෙදෙනකු ගම පුරා රන් භාණ්ඩ සොයා ඇවිද යද්දී විදේශ රටකට ගොස් ආපසු පැමිණි තරුණියක් ළඟ තිබූ රන්මාලයක වටිනාකම දැන ගැනීමේ අදහසින් ඇය එය වෙළෙන්දන්ට පෙන්වා ඇත.

වෙළෙන්දන් රන්මාලය අතට ගෙන ඔවුන් ළඟ තබාගෙන සිටි රන් ආලේපිත බාල වර්ගයේ මාලයක් කොළයක අකුලාදී මෙය දින තුනක් යනතුරු අකුලා තබන මෙන් පවසා තරුණිය ගේ රන්මාලය රැුගෙන යතුරු පැදියේ නැගී වේගයෙන් ගොස් ඇති බව පැවැසේ.

රුපියල් අසූ දාහක් (80,000) පමණ වටිනා රන්මාලය අහිමි කරගත් තරුණිය කරකියා ගතහැකි දෙයක් නොමැතිව කණස්සල්ලෙන් පසුවෙයි.
සිද්ධිය පිළිබඳව රිදීගම පොලිසියට පැමිණිලිකොට ඇතත් මේ දක්වා මාල හොරු සම්බන්ධව කිසිම හෝඩුවාවක් නැතැයි කියති.



අදහස් (0)

ගමට ගිය රන්බඩු වෙළෙන්දෝ තරුණියකට කොකා පෙන්වා පැනයති

බිමල් Saturday, 14 June 2014 11:44 AM

ජෙහාන් ගේ කවියට මට හිනා යනවා. (අ)

:       0       0

චාන්දනී Friday, 13 June 2014 12:29 PM

කොහොමද මෙහෙම හුවමාරුවක් කළේ තරුණිය බලා ඉන්දෙද්දීම ? එහෙම නම් ඒ තරුණිය මාලය තරුණයන් අතේ තියෙද්දී එතනින් ටික වෙලාවකට හරි බැහැර වෙන්න ඇති. මාලය අතේ තියාගෙන තරුණියගෙන් බොන්න වතුර ඉල්ලුවාද දන්නේ නැහැ. (දිල්)

:       0       0

අජිත් Friday, 13 June 2014 11:35 PM

පුදුම දේවල්නේ දැන් අහන්න තියෙන්නේ (නි)

:       0       0

නිල්මිණි Friday, 13 June 2014 01:12 PM

අපේ අක්කලත් ඉතින් රට ගිහින් ආවහම තියන බඩු ටික අනිත් අයට පෙන්වනකම් ඉවසිල්ලක් නැහැ. මම දන්නා ගැහැනු කෙනෙක් ඉන්නවා ලංකාවේ හරි දුප්පත්. දැන් රට ගිහින් අවුරුදු 25ක් විතර වෙනවා. ලගදී ගෙදර ආවා. ඇවිත් කියනවා අම්මෝ රස්නේ මට නම් මෙහෙ ඉන්න බැහැ ඉක්මනටම නැවත යන්න ඕනෙලු, මට කියන්න හිතුනා (නදී)

:       0       0

ලක්ෂපාන Friday, 13 June 2014 01:31 PM

කොච්චර ආභරණ පලන්දාගෙන සැරසිලා හිටියත් මෝඩකම වහන්කරන්න බැ .කොහොම නමුත් ඔයදේ කරපු අය රන් ආභරණ සම්බන්ද විශේෂ හොරු ජාතියක්. ඔවුන් නැවත නැවතත් කුමන හෝ මේ ආකාරයේ හොරකමක් කරනු ඇති ..කල්පනාවෙන් .....(නදී)

:       0       0

පිටිගල Saturday, 14 June 2014 12:50 AM

ගැහැණියගේ නුවණ හැඳි මිටේ කිවුවලුනේ (නි)

:       0       0

ශාන්ති Friday, 13 June 2014 01:42 PM

මේ සිද්දිය වගේම දෙයක් අපේ ගෙවල් ලග නැන්දා කෙනෙකුටත් උනා හොරාව නම් තවම ඇල්ලුවේ නැහැ (දී)

:       0       0

අසිත් Saturday, 14 June 2014 01:15 AM

ඇයි කාන්තාවන් මෙච්චර මෝඩ වැඩ කරන්නේ? (නි)

:       0       0

ගයාත්‍රි Sunday, 15 June 2014 08:24 AM

අපේ ගමෙත් රට ගිහින් ආ කෙනෙකුට ඔයදේම වුණා (නි)

:       0       0

ප්‍රශීන් Saturday, 14 June 2014 02:41 PM

නුවණ හැඳි මිටේ දිගලුනේ ඉතින්. හැබැයි ගයානිගේ කවිය නම් මරු. (නදී)

:       0       0

ශාන්ති Saturday, 14 June 2014 03:10 AM

සුදුම සුදු සමදරා නැන්දේ දැන් එන්න කල් හරි නේද? (දී)

:       0       0

ස බණ්ඩාර Sunday, 15 June 2014 06:12 PM

'වන්නි තිලක්' දැන් නොම එයි මේ පැත්තේ. එනමුත් 'බන්දුලගේ' සලකුණු මෙහි ඇත්තේ. තැබුවට වෙන කෙනෙක් හයියක් නැති අත්තේ. තම සතු වටින දෙය තමනුයි රැක යුත්තේ (නදී)

:       0       0

රූපවතී Saturday, 14 June 2014 03:15 AM

ලංකා තිලක් ඉස්සර ආවේ වන්නි තිලක් කියලා. මෑන් ඉන්නේ කැනඩාවේ මයේ හිතේ. ඔවු ටිකක් වයසක මෑන් (දී)

:       0       0

රංගන Friday, 13 June 2014 03:15 PM

රුපියල් අසූ දාහක් (80,000) පමණ වටිනා මාලයක් (දී)

:       0       0

මහේල Friday, 13 June 2014 03:57 PM

රත්තරන් ගැන කාන්තාවන් දන්නේ නැහැ කියුවහම පුදුමයිනේ (දී)

:       0       0

ලංකා තිලක් Friday, 13 June 2014 03:58 PM

ගමේ ගොඩේ ගෙයි මුල්ලේ ලජ්ජා බයට හැදුනු ගැණු ළමයි ඔහොම්මම තමයි.නිකම්ම රැවටෙනවා..ඉතින් කවුද මේ ගනු ළමය..??? කුසුම්ද අනුශ්කද නෙලුම්ද පහින්දිදීද එහෙම නැත්නං නීලුද..සමහර විට චම්පිකා වෙන්නත් ඇති.. (දී)

:       0       0

රංජිත් සිල්වා Tuesday, 17 June 2014 10:48 AM

මලෙන් ගියා ඇති. (අ)

:       0       0

කෙවින් Friday, 13 June 2014 04:32 PM

විදේශගත වෙලා ලෝකය ගැන දැන ගෙන ආපු උදවියත් ලංකාවේදී මෙහෙම රැවටෙනවාද ?මේ දේ කොහොම වුනාද කියලා අපැහැදිලියි . මොනවා වුනත් නන්නාදුනන මිනිස්සුන්ට තමන්ගේ රන් අභරණ පෙන්නන්න යන මෝඩ පහේ බවලත් උදවිය තවමත් ඉන්නවාද ? උදේහවා මාධ්‍ය වලින් ඇහෙන්නේ පලවෙන්නේ මාල කඩා ගෙන යන සිද්ධි නේ ! (දී)

:       0       0

හර්ෂ Friday, 27 June 2014 01:06 PM

ඕකනේ කියන්නේ ගෑනුන්ගේ මොලේ හැඳිමිටේ කියල. (අ)

:       0       0

සෑම් Friday, 13 June 2014 04:52 PM

මට සමාවෙන්න මෙහෙම කියනවට ."" මෝඩකමට බෙහෙත් නැහැ ."" (දී)

:       0       0

සෑම් Saturday, 14 June 2014 06:58 AM

මෙහෙම අයට රත්තරන් නැතිවෙන තරමට හොඳයි (නි)

:       0       0

රොකී Saturday, 14 June 2014 07:12 AM

මෙච්චර දැනුවත් කරලත් තවත් මේවට අහුවෙනවනේ (නි)

:       0       0

බිමල් Saturday, 14 June 2014 07:23 AM

එතකොට ලංකා තිලක් පිටරට ඉන්න අයට සමච්චල් කරන්නේ එයත් පිටරට ඉන්න ගමන්ද? ඒක තමයි පිටරට ඉන්න උදවිය මෙතන අදහස් ලියනකොට ලංකාවේ ඉන්න කාටවත් නැති අමාරුවක් එයාට තියන්නේ. (නි)

:       0       0

සේනක Friday, 13 June 2014 05:24 PM

ආ මෙන්න අපේ බන්දුල තුමා අයෙත් ලංකා තිලක් නාමයෙන් ගොඩ බැහැලා. අරෙහෙ නාය යනවා, කුඩු ගේනවා, පාලම් කැඩෙනවා , මොනවත් දන්නේ නැහැ. හැබැයි බවලතියකට අලකලංචියක් වුනොත් අහල පහල අයටත් කලින් කුලප්පු වෙනවා. අනේ හොඳයි ! (දී)

:       0       0

දයා අලහාකොන් Friday, 13 June 2014 05:27 PM

මේ ඉන්නේ තරුණියෝනේ ඒ නිසා ඔමරි පපා උන්නා මිසක් වෙන දෙයක් හිතන්න නැතුව ඇති (දී)

:       0       0

ගීතා Friday, 13 June 2014 05:35 PM

අද කාලේ මෙහෙම ගෙවල් වලට එන අයව විශ්වාස කරන්න පුලුවන්ද? (නි)

:       0       0

චම්පික Friday, 13 June 2014 05:37 PM

ලංකා තිලක්,මගේ නම චම්පික.එදා මගේ නම චම්පිකා කියලා පළවෙද්දී ඔබතුමා කුලප්පු වුණ එක මතක් වෙලා මට දැනුත් හිනායනවා. මීට පස්සේ පාඨක සභාවේ බවලත් උදවියගේ ලැජ්ජා බය මනින්න යන්න එපා. (නි)

:       0       0

මධුෂානි හේවදේව Saturday, 14 June 2014 08:10 AM

ලංකා තිලක් අද නම් හොඳටම නානවා (නි)

:       0       0

හසන්ත Friday, 13 June 2014 05:42 PM

අපොයි තිලක් කවදා ඉඳලාද මේ ලජ්ජා බය ඇති මහිලාවක් හොයන්නේ? දැන් වයස කීයද (නදී)

:       0       0

නෙළුම් Friday, 13 June 2014 05:51 PM

අනේ හසන්ත, කියලාවත් කරගන්න බැරි වැඩක්. ලංකා තිලක්ගේ කන් කරච්චලය එතකොටවත් නවතීවි. නැතිනම් මේ පුවතේ දැක්වෙන තරුණියගේ රත්තරන් බඩු හොයලා දෙන මුවාවෙන් එහෙට යන්න බැරිකමකුත් නැහැ. (නි)

:       0       0

නෙලුම් Friday, 13 June 2014 05:58 PM

අනේ ලංකා තිලක් එහෙනම් බවලතියක් කියලා චම්පික ගේ ලජ්ජා බය මනින්න ගිහින් වැඩේ වැරැද්ද ගත්තා. ඔය ටික කවදා හරි වෙන බව අපි දැනගෙන හිටියා. (දී)

:       0       0

ජෙහාන් Saturday, 14 June 2014 08:44 AM

මඟුල් ගෙදරක යන්න බිරිඳ පැය ගණනක් තිස්සේ සැරසෙනවාලු. සැමියාට තරහා ගිහින් මෙහෙම කිව්වාලු. සුරිය මුදුන් වෙනතුරු රෙදි තේරිල්ල... සාරිය හොඳ මදිය කියමින් දෙඩවිල්ල... කාරිය ඉවර නැත තවමත් හැඩවිල්ල... බාරිය නැතුව මම යමි අම්මාපල්ල...... (නි)

:       0       0

හසන්ත Friday, 13 June 2014 06:03 PM

මම ලංකා තිලක්ටඔ හුගේ වයසට ගැලපෙන සුන්දර මනාලියක් තමා මම යෝජනා කලේ . ඒකට වෙන්න ඇති නෙලුම් ඔය ප්‍රතිචාර දක්වා තියෙන්නේ . (දී)

:       0       0

කවිඳු Friday, 13 June 2014 06:09 PM

මොකද්ද ලංකා තිලක් මේ කරගත්තේ? චම්පිකව චම්පිකා කරගෙන... අපොයි අපොයි සභාවේ පිරිමි අපිටත් ලැජ්ජයි. (නි)

:       0       0

කාන්ති Saturday, 14 June 2014 08:53 AM

අනේ බලන්නකෝ ලංකා තිලක් උන්නැහේ අපේ පාඨක කාන්තාවන් ගැන මෙතරම් සද්භාවයෙන් කටයුතු කරද්දී ඔහුටමනේ මෙහෙම බාල්දි පෙරලෙන්නේ. (නි)

:       0       0

ගයානි Friday, 13 June 2014 06:21 PM

ලැජ්ජා බයෙන් යුතු බවලතියක් පතලා. .. ලංකා තිලක් රන් බඩු සෙව්වේ පැනලා ... හෙළ ඇඳුමකින් සැරසී වටපිට නොබලා ... යනකොට චම්පිකා මෙහෙ චම්පික වීලා... (නි)

:       0       0

සිරිමෙවන් Friday, 13 June 2014 06:28 PM

පුවතින් දැක්වෙන තරුණියගේගේ නුවණ හැඳි මිටේ කියන්න ගිහින් මම එහෙමම ඒ වචන ටික ගිලගත්තා. අපේ ලංකා තිලක් උන්නැහේ චම්පිකව චම්පිකා කරගත්ත එක දැනගෙන මට කට උත්තරත් නැතුව ගියා. (නි)

:       0       0

ටෙනිසන් Friday, 13 June 2014 06:33 PM

කොහොමද ලංකා තිලක් හිතුවේ මේ පුවතින් දැක් වූ තරුණිය අපේ පාඨක සභාවේ කාන්තාවක් කියලා. ඔබ ඒ කාටවත් තෑගි කළ රන් මාලයවද්ද මේ උස්සාගෙන ගිහින් තියෙන්නේ? (නි)

:       0       0

තිලකසිරි Saturday, 14 June 2014 09:30 PM

මෙහෙම වංචා කරලා සල්ලි හොයන්නේ කාට කන්න දෙන්නද (දී)

:       0       0

සුජානි Saturday, 14 June 2014 10:45 AM

ඔබ දන්නවද සමහර කාන්තාවන් මැදපෙරදිග ගියාම අඩු වැටුපට වැඩ කරන්නේ. එත් සිකුරාදාට ඉන්දින්, පකිස්ටන්, බංගලි, අය එක්ක අතිකාල වැඩට යනවා. ඒ ගියාම රත්තරන් බඩු, අහාර, ඇඳුම් පැළදුම් ඉල්ලා ගන්නවා. සමාජය අනුමත නොකරන අතිකාල වැඩ කරලා උපයන රත්තරන් බඩු මේ විදියට නැතිවෙනවා. මහන්සියෙන් උපයන දේ හොරු ගන්නේ නැහැ. (දී)

:       0       0

ප්‍රසාද් Saturday, 14 June 2014 10:48 AM

අපේ අම්මගේ මුද්දකුත් ඔය වගේ අරගෙන ගියා. (දී)

:       0       0

පිටිගල Saturday, 14 June 2014 11:01 AM

සුජානි එහෙම නැද්ද? (දී)

:       0       0

අනුෂ්කා Saturday, 14 June 2014 11:47 PM

ඔය ගැහැණුන්ගේ නුවන හැඳිමිටේ දිගයි කියන අය මේ කාලේ සිදුවෙන දේවල් දැක්ක නම් ලියයි, "පිරිමින්ගේ නුවන තේ හැඳි මිටක් තරම් වත් දිග නැහැ " කියල. නැත්නම් ඉතින් ගැහැණුන්ගේ කරේ තියන මාල හොරකම් කරන්න පිරිමින්ට ලජ්ජා නැද්ද. තිලක් අයිය ගැහැණු හිතක් හොරකම් කරන්න මොනතරම් වෙහෙසෙනවද කියලයි මම මේ කල්පනා කළේ. (දී)

:       0       0

පැන්චා Saturday, 14 June 2014 11:48 PM

දරුවන්ට කන්න දෙන්න තිලක සිරි (දී)

:       0       0

සජිත් වික්‍රමසිංහ Friday, 27 June 2014 04:26 PM

වටිනාකම නොදන්නා රන් මාලයට රුපියල් 80000 ක වටිනාකමක් දුන්නේ කව්ද? (නදී)

:       0       0

නිලංකා කුමුදිනි Friday, 27 June 2014 04:36 PM

අද කාලෙ කිසිම කෙනෙක් විශ්වාස කරන්න හොද නැහැ,(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 487 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 601 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1065 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 895 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2350 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 820 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 320 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site