(මෝදර සී. ඉග්නේෂස් ඇන්තනි)
ලොකු තුවාලයක් ඇති යාචකයකු සේ හැසිරුණ පුද්ගලයකු තමන් කළ බොරුව අසුවී ගුටිබැට කද්දී සෙනඟ ඉදිරිපිට වැඳ වැටී සමාව ඉල්ලා පලාගිය පුවතක් නගරයේ ජනාකීර්ණ ප්‍රදේශයකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
ඔහු ගම්බද තිදරු පියෙකි. විවාහකයෙකු වුවත් රස්සාවක් නොකර ඔහු දරු පවුල ජීවත්කර ඇත්තේ මෙලෙස රඟපා හිඟා කෑමෙනි. රස්සාවක් කරනවා කියා කරේ බෑගයක් එල්ලාගෙන ඔහු ගමේ සිට නගරයට දිනපතා බස්රථයෙන් එන්නේ හොඳට හැඳ පැළඳගෙනය. නගරයේ පාළු තැනකට හෝ වෙනත් ස්ථානයකට ගොස් ඇඳ සිටි ඇඳුම් ගලවා කිලිටි සරමක් ඇඳ කකුලේ තුවාලයක් තිබෙන බව පෙන්වීම සඳහා වෙලුම් පටියකින් බැඳ ගැනීම ඔහු පුරුද්දක් ලෙස කරගෙන ගියේය.
රට ඉඳි ස්වල්පයක් ගෙන පොඩිකර ඊට උඩින් අයිස් කැටයක් තියා ඕජස් ගලන විදියට පෙන්වා කකුලේ තබා ඔහු වෙලුම් පටියකින් බැඳ ගන්නේ විශාල තුවාලයක් තිබෙන විදියටය.
ගැලවූ ඇඳුම් බෑගයේ දමා ඔහු ඊට පස්සේ එන්නේ ප්‍රසිද්ධ ස්ථානයක් අසලටය. දවසකට පල්ලියක් අසලට ද තවත් දවසකට පන්සලක් අසලට ද තවත් දවසකට කෝවිලක් අසලට ද ඔහු යන්නේ පුරුද්දටය.
එදා අඟහරුවාදා දවසකි. කෝවිලේ ද උත්සවයකි. විශාල සෙනඟක් රැස්වී සිටියහ. මඟ දෙපස හිඟමන් යදිමින් සිටි යාචකයින් අතර ඔහු ද විය. උත්සවය බලන්න ආ තරුණ පිරිසක් එහා මෙහා ඇවිද්දහ. ඔවුහු තුවාලයක් තිබෙන මේ යාචකයා ද දුටුවෝය. මීට පෙර දැක ඇති බැවින් ටිකක් විපරමින් ඉඳිමුයි කියා ඔවුන් පැත්තකට ගියහ. බොහෝ දෙනා ඔහුට සල්ලි දෙන හැටිත් ඔවුහු බලාගෙන සිටියහ.
උත්සවය අවසන් විණි. පැමිණි පිරිස් යන්නට වූහ. සිටි යාචකයෝද එකා දෙන්නා එතැනින් පිටවී යන්නට පටන් ගත්හ. ලැබුණු සල්ලි එකතු කරගත් තුවාලයක් ඇති යාචකයා ද බෑගය කරේ දමාගෙන බොහෝ අසීරුවෙන් ගාටමින් යන්නට විය. මෙලෙස ගමන් කරන ඔහු දැක තරුණයෝ ඔහුට ළඟාවී උදව්කරන්නට උත්සාහ ගත්ත ද ඔහු ඊට අකමැති වී මම තනියම යන්නම් කියා ඉදිරියට ගියේය. ඔහු ගමන් කළේ කැලෑවක් සහිත ස්ථානයකටය.
ටික වෙලාවකින් කැලයෙන් එළියට ආවේ හොඳට ඇඳ පැළඳගෙන සපත්තු දමා සිටි පුද්ගලයෙකි. මේ සියල්ලක්ම විපරමින් සිටි තරුණයෝ මොහු වෙත ගොස් කෝවිල ළඟ හිඟාකෑවේ? කෝ දැන් තුවාලේ යැයි ඇසුවේ මහා හඬිනි. මේ හඬට අහළ පහළ සිටි කිහිප දෙනෙක් ද එතැනට ආහ.
යාචකයාට තරු පෙනිණි. එක්කෙනකු දෙදෙනකුගේ අත් පා ඔහුගේ සිරුර හරහා ගියේ විදුලි වේගයෙනි. යාචකයාගේ බෑගය පරීක්ෂා කර බැලූ තරුණයන්ට එහි දැකගන්නට හැකි වූයේ කිලිටි සරමක් වෙලුම් පටියක් සහ මුදල් පමණි. තවත් පහරවල් කීපයකට මුහුණ දුන් ඔහු අනේ මහත්තයෝ මට ගහන්න එපා ඇත්ත කියන්නම් කියා ඔහු කළ සියලු දේවල් වැමෑරුවේය.
අතපය හොඳට තියෙනවනේ රස්සාවක් කරන්න බැරිද? ඇයි මේ බොරු කරන්නේ. මීට පස්සේ මේ පැත්තට එන්න එපා කියමින් තරුණයන් තව තවත් සලකත්ම ඔහු ඔවුන්ට වැඳ වැඳ එතැනින් නික්ම ගියේ පසුපස නොබලාමය.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගමෙන් එන මහත්තයා ටවුමෙ හිඟා කා මාට්ටුවෙලා
sana Thursday, 18 March 2021 11:01 AM
දුප්පත් මිනිහෙක් බොරු කියලා හිඟා කන එකේ ඇත්ත හොයන්න කියලා ඒ පුද්ගලයාට ගුටි බැට දෙනවා. මහ ලොකු සමාජ ශෝධකයින් නම් ගිහිල්ලා සිල්වත්තු විදිහට ඉන්න පාතාල චණ්ඩින්ට ගිහින් ගහන්නේ නෑ...